(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාලව උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම එළඹෙන දෙසැම්බර් 4 වැනිදා තෙක් ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා අද (05) නියෝග කළේය.
එසේම අදාළ නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා වසර 7 ක කාලයක් ගතවී ඇති බැවින් නැවත වරක් සිහි කැඳවීමේ ලිපියක් යොමු කරන බවද කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා ප්‍රකාශ කළේය.
එහිදී සැකකරුවන් ලෙස නම් කර ඇති ලී සහ කිම් යන සිංගප්පූරු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ තම සේවාදායකයන් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත ලබාදී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවයි.
කැමැත්ත ලබාදී තිබියදීත් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා නොගෙන අපරාධමය වරදක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි පවසමින් ඔවුන්ට විරුද්ධව නිල් නිවේදන නිකුත් කර ඇතිබවද ජනාධිපති නීතිඥවරයා පැවැසුවේය.නමුත් කළ යුත්තේ අදාළ ගනුදෙනුවේ මුල් ගිවිසුම අස්ථානගත වූයේ කෙසේදැයි විමර්ශනය කිරීම බවද ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.
එහිදී අදාළ ගනුදෙනුවේ මුල් ගිවිසුම අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිපතිවරයාට උද්දෘත ගොනු කර ඇති බවත් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා දන්වා තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ඒ පිළිබඳ මීටපෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට දැනුම් දුන්නේය.
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාල නඩුකරය දෙසැම්බර් 4 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උදයංගට කෙටි කලකට රට යන්න අවසර
පිටිගල මිලානෝ Wednesday, 05 June 2024 04:54 PM
මේ හාදයා ඇතුළු රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක්ට රට යන්න දෙන්න එපා. ඡන්දෙත් ළඟ නිදා යන රටක ගල්වෙයි.
රංබොඩ Wednesday, 05 June 2024 04:56 PM
මෙව්වා යට යන නඩු... මොකද පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් හොරකම් කළා වගේ දරුණු හොරකම් නෙවෙයිනේ... කාලයත් සමග භූගත වෙලා යයි...
පිටරටවැසියා Wednesday, 05 June 2024 05:38 PM
මිග්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාලව නඩුකරයා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා වසර 7 ක කාලයක් ගතවී ඇතත්, තාමත් නෑ.. දැන් මේ නීතිපතිටම නේද පාස්කු ප්‍රහාර පරීක්ෂණ වලට අදාලව ඉදිරි කටයුතු රදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ හේතුව මත සේවා දිගුවක් දුන්නේ. අනේ අපොයි.!!!
fairoos Wednesday, 05 June 2024 05:53 PM
අර්ජුන් මහේන්ද්‍රන් වගේ මෙයාවත් හොයාගන්න බැරිවෙයි.
Lalith Wednesday, 05 June 2024 06:12 PM
අන්න එහෙම යන්න ඕනෑ. වෙලාවට යන්න දුන්නාම හොඳටම ඇති. ලංකාවේ ඉන්න කාලෙට රට යන්න තහනම් කළාට පාඩුවක් නැහැනේ...
විපරමා Wednesday, 05 June 2024 06:46 PM
මෙයත් හොර දූෂිතයෙක් තමා රාජපක්ෂ පව්ලේ ...කාලයක් කට්ටි පැන පැන හැන්ගිලා හිටියා. ගෝඨා ජනාධිපති වෙචිචි ගමන් ආවා.
Ruwan De Silva Wednesday, 05 June 2024 07:23 PM
ඉස්සර අපි ටීචර්ට ටොයිලට් යනවා කියලා කැන්ටිමට යනවා වගේ ටික කාලෙකට යනවා කියලා රටම පනිනවා... මරු නීති ලංකාවේ...
de silva Thursday, 06 June 2024 02:10 AM
මෙයා දන්නවා ඉදිරි මාස 3-4 ඇතුලත ආණ්ඩුව වෙනස් වෙනවා එහෙම වුනොත් , අලුත් නීතිපති කෙනෙක් ඇවිත් නිවැරදි කරුණු කරන ඉදිරිපත් වුනොත් නඩුව ඔප්පුවෙලා හිරේ යන්න වෙන්න පුළුවන් කියල , අනිවාර්යයෙන් මොහු රටින් පනිනවා එහෙම නොමැතිනම් මේ යන්නේ එම වැඩේට පිඹුරුපත් හදන්න , අර්ජුන මහේන්ද්‍රන් ගැන අද කවුරුවත් කතා කරන්නේ නැහැ .
Perera Thursday, 06 June 2024 07:05 AM
හැමෝම කීය කීය හරි හොයාගන්න කාලේ මේ අසරණයටත් මිග් ගනුදෙනුවෙන් පනම් හතරක් හොයාගත්තා කියලා මොකද මෙච්චර කරදර කරන්නේද?
Nawimanage Thursday, 06 June 2024 07:44 AM
නඩුකරය පිළිබද නීති උපදෙස් විමසා අවුරුදු හතක් ගතවී ඇතත් .....මේවා දකිනකොට නම් හිතන්නේ අපිට මාලිමා පැටවුන්ගෙන් (ජෙප්පන්ගෙන්) කොතරම් අලාභහානි වෙලා තිබුණත් උන්ලා මේවා නවත්වනවා කියලා පොරොන්දු වුනොත් මාලිමාවට ඡන්දය දෙන්නම හිතෙනවා දැන් සිටින වෙන එකෙක් වත් මේවා ගැන සොයා බලන්නේ නැහැ කියලා හිතෙනවා තවත් එකක් ඔය මිනිහා පාර්ලිමේන්තුව අහවල් දවසේ විසුරුවා පාර්ලිමේන්තුව මැතිවරණය පවත්වා රාජපක්ෂ පරපුරේ එවුන්ට තැනක් හදන්න දැගලුවේ ඕකට කියලා හිතෙනවා
Ruwan De Silva Thursday, 06 June 2024 08:39 AM
දැන් එයා ටික කාලෙකින් රට ගිහිල්ලා ආයෙත් ලංකාවට එයි, මෙන් කියලා. ලංකාවේ නීතිය නම් බල්ලට ගිහින්
de silva Thursday, 06 June 2024 02:41 PM
ජෙප්පන්ගේ ආර්ථික ප්‍රතිපතිය නම් අවුල් නමුත් ජෙප්පෝ මොනදේ කලත් ජෙප්පොන්ට දුන්නොත් සමහරවිට මෙවැනි හොරුන්ව හිරේ අරිවී , සජිත් ගැනත් මේවා නවතාවි කියල විශාල බලාපොරොත්තුවක් තියාගන්න බැහැ , ඔහු පරණ පොහොට්ටු හොරු පක්ෂෙට ගන්නවා