IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


උදයංග වීරතුංගට රතු නිවේදන

තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක
 
 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොපැමිණි රුසියාවේ හිටපු තානාපති   උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
 
උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කළ පසු එය ජාත්‍යන්තර පොලිසිය මගින් ක්‍රියාත්මක කිරීමට ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය මුලින්ම නිල් නේවදනයක් නිකුත් කර පසුව රතු නිවේදනයක් නිකුත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
2006 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයේ යුක්රේන්මාෂි නැමැති සමාගම වෙතින් මිග් ගුවන් යානා හතරක් මිලදී ගැනීම සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතුව තිබූ මිග් ගුවන් යානා හතරක් ඕවර්හෝල් කිරීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට 2015 මාර්තු 10 වැනි දා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කීවේය.
 
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ ගනුදෙනුවට මැදිහත්ව කටයුතු කර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වීයැයි ද, ඔහුගේ බැංකු ගිනුම් වෙත විදේශ රටවල් වලින් සැකකටයුතු ලෙස විශාල වශයෙන් මුදල් බැරවී ඇතැයි ද ඒ සම්බන්ධයෙන් වීරතුංග මහතාගෙන් ප්‍රශ්න කිරීමට කැඳවූවත් නොපැමිණි බැවින් 2016 ඔක්තෝබර් 20 වැනි දා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කළේයැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
උසාවි නියෝගයක් අනුව උදයංග වීරතුංග මහතාගේ බැංකු  ගිනුම් 16ක ඉදිරි ගනුදෙනු අත්හිටුවූ බවත් ඒ වන විට බැංකු ගිණුම්වල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7ක ශේෂයක් තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
රුසියාවේ තානාපති ලෙස උදයංග වීරතුංග මහතාගේ සේවය 2015 පෙබරවාරි දෙවැනිදායින් අවසන්  කර ඇතැයි කී රුවන් ගුණසේකර මහතා ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය භාර නොදී 2015 මාර්තු තුන් වැනි දා ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකගෙන් සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් ගෙන 2016 ඔක්තෝබර හතර වැනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යට ගොස් ඇතැයි ආනවරණය වූ බව ද සඳහන් කළේය.
 
මෙම පරීක්ෂණ සඳහා විමර්ශන කණ්ඩායමක් යුක්රේනයට ගිය ද වීරතුංග මහතා එහි නොසිටි බව ද, තමාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියත් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රකාශ නොගත් බවට වීරතුංග මහතා කරන ප්‍රකාශ අසත්‍ය බව ද, ඔහු කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් ලබා දීමට අවස්ථාවක් ඉල්ලා නොසිටි බව ද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
 
ශ්‍රී ලංකා පුරවැසියකු වන වීරංතුංග මහතා ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට යටත්ව ක්‍රියා කළ යුතු බවත්, ලංකාවේ අධිකරණ නියෝග වලට අවනතව කටයුතු කළ යුතු බවත්, තමන්ගේ නිර්දේෂීභාව ගැන සමාජ ජාලා වෙබ් අඩවි මගින් ප්‍රකාශ කරනු වෙනුවට ලංකාවේ අධිකරණයට ඉදිරිපත් වී නිර්දේශී භාවය ඔප්පු කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කළේය.



අදහස් (19)

උදයංග වීරතුංගට රතු නිවේදන

Raawana Thursday, 22 February 2018 05:42 PM

මුගේ ගිණුමේ තිබුන ගාන බලනකොට, අනෙක් එවුන්ගේ කොහොමට ඇතිද?ඩේසි ආච්චිලා හැම එකාටම හිටියද දන්නේ නැහැ,

:       0       0

Chanak Los angeles Thursday, 22 February 2018 07:22 PM

ගිණුම් 16 ක් ඔහුට?මිලියන ගණනක් එම ගිණුම් වල? කව්ද මොහුට මේවාට අත හිත දුන්නේ?පරාජය වුනු අයද දැන් පාලනය කරන අයද ? මට අහන්න තිබෙන්නේ රටේ සම්පත් හොරාගෙන කාපු ,හොරාකන්න අතහිත දීපු එවුන් නැවත බලයට ගෙනෙන්න වලිකන පුද්ගලයෝ කන්නේ මැටිද කියලයි ?

:       0       0

sirimal Thursday, 22 February 2018 07:49 PM

උදයංග වීරතුංග නැවත වතාවක් ආගිය අතක් නැත. මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසිය හරහා ලබා ගත් රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව උදයංග වීරතුංග ඩුබායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට උත්සාහ කර තිබේ. නමුත් ඒ වන විටත් ඔහු පොලීසිය ඉදිරියේ පෙනී සිටීම මගහැර නිවසෙන් පැන ගොස් ඇත. ඒ අනුව ඩුබායි පොලීසිය ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කර තිබේ. ඩුබායි පොලිසිය දැනුම්දීමට පෙර තමාට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය රතුවරෙන්තුවක් නිකුත් කර ඇතිබව උදයංග වීරතුංග දැනගෙන ඇත. මෙහිදී පැනනඟින ප්‍රධාන ප්‍රශ්නය වන්නේ රතු වරෙන්තුවක් නිකුත් කල බවක් ඔහුට කල් තියා දැනගන්නට ලැබුනේ කෙසේද යන්නයි.ශ්‍රී ලංකාවේ පොලිසියේ කටයුතු සිද්ධ වෙන්නේ මේ ආකාරයටනම් " හොරුන් සහ දුෂිතයින්" හට දඬුවම් දීමට ගන්නා උත්සාහය ප්‍රමාද වෙන්නේ මන්ද යන්නත් තේරුම් ගත හැකිය. හමුදාවේ හිටිය කෙනෙක් හෝ මොන ජගතෙක් හෝ පත් කලද රාජ්‍ය රහස් මෙලෙස ඉතා ලෙහෙසියෙන් පිටතට ලබාදෙන කවුරුන් හෝ කොතැනක හෝ ක්‍රියාත්මකව ඉන්නාතුරාවට හොරුන්ට දඬුවම් දීම කෙරෙන දෙයක් නෙවන බවනම් කිව යුතුය. වගකිවයුත්තන්ට මේගැන රුදාවක් නැත්නම් අපට කල හැකි බම්බුවක්ද නැත.

:       0       0

ජගත් ලියනගේ Thursday, 22 February 2018 09:34 PM

ඕව ඔක්කෝම බොරු වැඩ . අපි දැක්කනේ පත්තර වලින් ගිය පාර වෙච්ච දේ.

:       0       0

Sathyayaa Thursday, 22 February 2018 10:27 PM

පොහොට්ටුවෙන් මෙයා ජන්දය ඉල්ලුවනම් උඩින්ම දිනනවා. මෛත්‍රීපාල සිරිසේන _රනිල් ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේදී ජනතාව හොඳ පාඩමක් ඉගැන්වුයේ උදයංග වීරතුංග ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය දඩයම් කරන්න ගිය නිසයි. එජාපයේ අයටත් මේකේ රස දැනුන නිසා තමයි දුෂණ අතින් රාජපක්ෂලා පරාජය කරමින් වාර්තාවක් තියන්න ඕනේ කියල වැඩේට අත ගැහැව්වේ. ඉදිරියේදී ජන්දය පාවිච්චි කිරීමේදී ජනතාවට තෝරා ගන්න වෙන්නේ හොඳම හොරා කවුද කියන එකයි. මුළු රටේම මහා එකාගේ ඉඳන් පොඩි එකා දක්වා ගැහිලි නියාමය ව්‍යාප්ත වුනේ සියලුම සොරකම් වලට හා සොරකම් යට ගැහීමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම නිසයි. ඉස්සර නම් කීවේ මඩ සෝදා ගත් කළ ගොවියා රජකමට වුනත් හොඳයි කියල. දැන් නම් ඉතින් ඇඟේ "මඩ" තියෙන තරමට රජකමට ඇති සුදුසු කම වැඩිවෙනවා.

:       0       0

බන්ඩා Thursday, 22 February 2018 10:28 PM

බැඳුන්කරේ අමතක කොරමු. කෝ අර ඩුබාය් බැංකුවක තිබුන කිව්ව මහින්දගෙ ඩොලර් බිලියන 18ට (මිලියන 18,000 හෙවත් ලක්ෂ 180,000) ඒ මහින්දගෙ මුදල් සම්බාරය අපහු අරන් අාව නම් මුලු රටම ගොඩනෙ. අැයි පරක්කු.

:       0       0

සෙනෙවි Thursday, 22 February 2018 11:08 PM

පොහොට්ටවට චන්දය දුන් නෝනා වරුනි මහත්වරුනි මේව බොරුද ? පලිගැනීම්ද ඇයි ඔබ 30 වසරක යුද්ධය පෙන්නපෙන්න හැමදාම චන්දය හොරකම් කරන මේ අයට රැවටෙන්නෙ? යූ ඇන් පී හොඳයයි නොකියමු. වෙනත් පක්ෂ නැතිද? මේ ඔබගේ මුදල් නොවේද?

:       0       0

පිටිගල මිලානෝ Friday, 23 February 2018 12:00 AM

යුද්ධයේ මුවාවෙන් ගසාකාපු මුදල් වහාම සොයා රටට ගෙන්වාගන්න. මෙයා හිටපු මහරජාගේ ඥාති සහෝදරයා. ඉස්සර ආවේ ගියේ මෝටර් සයිකල් කට්ටකින්. අයියා රජ වුන ගමන් කවුරු කවුරුත් රටට ආවේ ඇයි කියලා තේරෙනවද දැන්?

:       0       0

රංග Friday, 23 February 2018 02:24 AM

මේ ප්‍රකාශ තනිකරම මිනිස්සුන්ව නොමග යවන්න කරපු එකක්. උදයංග වීරතුංගට කවදාවත් රතු නිවේදනයක් එල්ල වෙලා නැහැ. ඒ කියන්නේ මෙච්චරකල් අධිකරණය ඉදිරියේ විභාග වුන කරුණු වලට අදාලව රතු නිවේදනයක් නිකුත් කිරීමේ හැකියාවක් ජාත්‍යන්තර පොලිසියට තිබිල නෑ.

:       10       147

රංග Friday, 23 February 2018 02:29 AM

ඉන්ටර්පෝල් රෙඩ් නෝටිස් ලිස්ට් එක ලංකාවෙන් ඉන්නෙ 16 දෙනානෙ... කෝ ඉතුරු මිනීමරු එල්.ටී.ටී.ඊ. නායකයෝ?

:       101       190

sam Friday, 23 February 2018 02:45 AM

තාම ඉන්ටර්පෝල් අඩවියේ නම නැහැ. ගිහිල්ල ම බලන්න.

:       57       83

Indhika Friday, 23 February 2018 03:28 AM

වරදක සැකකරුවෙකුට "මහතා" කියල ආමන්ත්‍රණය කරන්න කිසිම උවමනාවක් නෑ. ඔහු වරදක සැක කරුවෙක්. උසාවි නියෝග කඩ කරලා පැනල ඉන්න කෙනෙක්. ඉතින් කොහොමද මහත්මයෙක් වෙන්නේ? "සැක කාර උදයංග වීරතුංග අත්අඩංගුවට..." කියල ලිපිය වෙනස් වෙන්න ඕනේ කියලයි මගේ අදහස.

:       125       330

pawan Friday, 23 February 2018 03:40 AM

රාජිත අමතිතුමාම කියන විදියට ගිය ආණ්ඩුව හොරකම් කලත් යුද්ධය ඉවර කරලා ජනතාවට දැනෙන සංවර්ධනයක් කළා. මිග් යානා වලින් කාගේ සාක්කු පිරුනද අපිට වැඩක් නැහැ ඒවා අරගෙන හරි ප්‍රයෝයනය ගත්ත. තමිල් සෙල්වම්ගෙ සිට සියලුම එල්ටීටීඊ නායකයන්ගේ මර්මස්ඨාන විනාශ කලේ ඒවායෙන්.

:       502       590

Pradeep Friday, 23 February 2018 09:21 AM

පවන්, මෝඩ කතා කියන්න එපා. මිග් යානා තිබුණු ඒවා දීලා අලුත් ඒවා ගනිද්දී වුණු හොරකමක් ගැන මේ කියන්නේ. මේ අය හොරු වෙන්න බෑ කියලද ඔයාලගේ මතය..

:       28       13

silva Friday, 23 February 2018 04:13 AM

මෙයාව මේ පහුගිය ඡන්දෙට ඉස්සෙල්ල ඩුබායි වලදී අල්ල ගත්ත කියල ලොකු සද්දයක් දැම්ම නේද... මොකෝ උනේ පැනල ගිහිල්ලද ඩුබායි පොලිසියෙනුත්.

:       45       107

Asanka Friday, 23 February 2018 04:18 AM

අපට නාට්‍ය පෙන්වනවා , අශ්වයා අරාබියෙන් පැනල ගියාම ඉස්තාලේ වහන්න හදනවා . මේවා මෙගා නාට්‍ය

:       34       105

sirimal Friday, 23 February 2018 07:13 AM

උදයංග වීරතුංග නැවත වතාවක් ආගිය අතක් නැත. ජාත්‍යන්තර පොලීසිය හරහා ලබා ගත් රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව උදයංග වීරතුංග ඩුබායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට උත්සාහ කර තිබේ. නමුත් ඒ වන විටත් පොලීසිය ඉදිරියේ පෙනී සිටීම මගහැර ඔහු නිවසෙන් පැන ගොස් ඇත. ඒ අනුව ඩුබායි පොලීසිය ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කර තිබේ. ඩුබායි පොලිසිය දැනුම්දීමට පෙර තමාට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය රතුවරෙන්තුවක් නිකුත් කර ඇතිබව උදයංග වීරතුංග දැනගෙන ඇත. මෙහිදී පැනනඟින ප්‍රධාන ප්‍රශ්නය වන්නේ රතු වරෙන්තුවක් නිකුත් කල බවක් ඔහුට කල් තියා දැනගන්නට ලැබුනේ කෙසේද යන්නයි.ශ්‍රී ලංකාවේ පොලිසියේ කටයුතු සිද්ධ වෙන්නේ මේ ආකාරයටනම් " හොරුන් සහ දුෂිතයින්" හට දඬුවම් දීමට ගන්නා උත්සාහය ප්‍රමාද වෙන්නේ මන්ද යන්නත් තේරුම් ගත හැකිය. හමුදාවේ හිටිය කෙනෙක් හෝ මොන ජගතෙක් හෝ පත් කලද රාජ්‍ය රහස් මෙලෙස ඉතා ලෙහෙසියෙන් පිටතට ලබාදෙන කවුරුන් හෝ කොතැනක හෝ ක්‍රියාත්මකව ඉන්නාතුරාවට හොරුන්ට දඬුවම් දීම කෙරෙන දෙයක් නෙවන බවනම් කිව යුතුය. වගකිවයුත්තන්ට මේගැන රුදාවක් නැත්නම් අපට කල හැකි දෙයක්ද නැත.

:       0       0

Pradeep Friday, 23 February 2018 09:17 AM

රංග, ඔයාලා වගේ මිනිස්සු හින්ද තාම මේ රටේ දේශ පාලුවෝ ඒ අයගේ හෙන්චයියොයි ඇතිවෙන්න හොරකන් කරකර ඉන්නේ...

:       55       37

KANDEPOLA Friday, 23 February 2018 09:38 AM

පෙබරවාරි 4 වැනිදා උදේ හොට් නිවුස් එක වුනේ... උදයංග වීරතුංගව ඩුබායි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත්තා කියලානේ. පසුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න නියෝජිත පිරිසකුත් එරටට ගියානේ. දැන් මොනවද මේ කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 734 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2514 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 5131 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1300 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 2020 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1335 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site