උදාරි වර්ණකුලසූරිය යනු බොහෝ දෙනා ආදරය කරන චරිතයකි. මේ දිනවල විවිධ ටෙලිනාට්‍යවලින් දැකගැනීමට හැකියාව ඇති අතර, ඉදිරියේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිතය. ඒ පිළිබඳව අපත් සමග ඇය මෙසේ පැවසීය.
"මේ දවස්වල අලුතින් ටෙලිනාට්‍ය දෙකක වැඩ පටන් ගත්තා. තව ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා. සුපුන් රත්නායක මහත්මයාගේ, "මගේ ආදර අවනඩුව" රූපගත කිරීමේ පළමු එක ඉවර කළා. තව ළමා ටෙලිනාට්‍යයක් කරනවා. එකේ වැඩකටයුතුත් කරගෙන යනවා. එක රිදී කියන කතාවක්. තව "ආදරණීය කතාවක්" චිත්‍රපටය එළිදැක්වීමට මාසයක කාලයක් වගේ තමයි තියෙන්නේ. ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නේ ඒකට ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ප්‍රතිචාර ලැබෙයි, ඒ සඳහා ගොඩක් අය ආදරය කරයි කියලා. ආදරණීය කතාවක් කියන්නෙ සංගීතමය චිත්‍රපටයක්. එකේ මම සහ හේමාල් රණසිංහ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. එකේ කතාව කිව්වොත් අගේ නැතිවෙනවා. එකේ අවසානයට ඉතුරු වෙන්නේ දුක. ගොඩක් අය විරහව කියන දේට ආස වෙන නිසා, මේ සඳහා ගොඩක් අය ආදරය කරයි.
"ඉතිං මම මොන තරම් කාර්යය බහුල වුණත්, මගේ පළමු වැනි අවධානය තියෙන්නෙ මගේ පවුල සහ දරුවා කියන තැනටයි. මගේ පවුලේ කටයුතුවලට බාධාවක් නොවෙන්න තමයි රංගන කටයුතු කරගෙන යන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - උදාරිගේ ෆේස්බුක් ගිණුමෙන්
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උදාරිගේ 'ආදරණීය කතාවක්' ළඟදීම