උදාරි වර්ණකුලසූරිය යනු බොහෝ දෙනා ආදරය කරන චරිතයකි. මේ දිනවල විවිධ ටෙලිනාට්‍යවලින් දැකගැනීමට හැකියාව ඇති අතර, ඉදිරියේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිතය. ඒ පිළිබඳව අපත් සමග ඇය මෙසේ පැවසීය.
"මම රංගනෙයන් දායක වූ "ආදරණීය කතාවක්" චිත්‍රපටය එළිදැක්වීමට මාසයක කාලයක් වගේ තමයි තියෙන්නේ. ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නේ ඒකට ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ප්‍රතිචාර ලැබෙයි, ඒ සඳහා ගොඩක් අය ආදරය කරයි කියලා. ආදරණීය කතාවක් කියන්නෙ සංගීතමය චිත්‍රපටයක්. එකේ මම සහ හේමාල් රණසිංහ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. එකේ කතාව කිව්වොත් අගේ නැතිවෙනවා. එකේ අවසානයට ඉතුරු වෙන්නේ දුක. ගොඩක් අය විරහව කියන දේට ආස වෙන නිසා, මේ සඳහා ගොඩක් අය ආදරය කරයි."
"මේ දවස්වල අලුතින් ටෙලිනාට්‍ය දෙකක වැඩ පටන් ගත්තා. තව ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා. සුපුන් රත්නායක මහත්මයාගේ, "මගේ ආදර අවනඩුව" රූපගත කිරීමේ පළමු එක ඉවර කළා. තව ළමා ටෙලිනාට්‍යයක් කරනවා. එකේ වැඩකටයුතුත් කරගෙන යනවා. එක රිදී කියන කතාවක්. තව ඉතිං මම මොන තරම් කාර්යය බහුල වුණත්, මගේ පළමු වැනි අවධානය තියෙන්නෙ මගේ පවුල සහ දරුවා කියන තැනටයි. මගේ පවුලේ කටයුතුවලට බාධාවක් නොවෙන්න තමයි රංගන කටයුතු කරගෙන යන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - උදාරිගේ ෆේස්බුක් ගිණුමෙන්
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උදාරිගේ 'ආදරණීය කතාවක්' ළඟදීම