IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


උදව්වක් නම්? ‘මධූ නිත්‍යානි’ තමයි ඉතිං

මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන ”පුරකලනි” ටෙලි මාලාවේ ප‍්‍රධාන චරිතයක් සමග ආලින්දයට පැමිණෙන ඇය මධූ නිත්‍යානිය. නාලන් මෙන්දිස්ගේ ‘‘අංගනා’’ නාට්‍යයේ ‘‘ශානි’’ චරිතය නිසා බොහෝදෙනා අතර කතා බහට ලක්වූ ”මධූ” පුරකලනිට මැදිවූ මොහොතක සඳැල්ල සමග ඇය පිළිසඳරකට එක්වුණේ මෙලෙසිනි.


 මධූ බොහෝදෙනා කතා වෙනවා, ඔබ සමාජ සේවයට ගිහින් කියලා. මොකක්ද ඒකට විශේෂ හේතුව? දේශපාලනයට ඒමටවත් අදහසක් තියෙනවද?
ඇත්තටම සමාජ සේවය කියන්නෙ මගෙ ජීවිතයේ කුඩා කාලයේ ඉඳලාම කරගෙන ආ දෙයක්. 
මොන හේතුවක්ද කියලා මම දන්නෙ නැහැ. සමාජ සේවයට මම පුදුම ආසයි.

 

 රංගනයට ඒමට පෙර ඔබ ගුරුවරියක ලෙස කටයුතු කළා නේද?
ඔව් ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක ලෙස කටයුතු කළා. ඊට ප‍්‍රධානම හේතුව මගේ අම්මත් ගුරුවරියක ලෙස කටයුතු කිරීම නිසයි. ඒ නිසාම මටත් ආසාවක් තිබුණා.

 

 ඔබ දාන දෙන්න රටපුරා සංචාරය කරනවා කියලත් ආරංචියි?
අපේ සීයා, ආච්චිගෙ සිට දෙමාපියන් නිසා ආව ආභාසයක් ඒක. ලංකාවේ බොහෝ පළාත්වලට ගිහින් අපි ඒ කටයුතු කරනවා. එයින් පුදුම සහනයක් මනසට ලැබෙන්නෙ.

 

 පවුලේ එකම දරුවා ලෙස ඔබ රංගන ක්ෂේත‍්‍රයට පිවිසීම ගැන දෙමාපියන්ගෙ බලපෑමක් තිබුණෙ නැද්ද?
මුල් අවස්ථාවලදී අකමැති වුණා. ඒත් අම්මා රූගත කෙරෙන පරිසරයට මාත් එක්ක ඇවිත් එහි සිදුවන දේ සොයා බැලූවා. ඒ පරිසරය සැබැවින්ම හැකියාව ඇති අයට යහපත් පරිසරයක්. ඉතින් දැන් දෙමාපියන් දන්නවා මෙය හොඳ ක්ෂේත‍්‍රයක් කියලා.

 

 ගුරුවරියක වූ ඔබ රඟපෑමට අවස්ථාව ලබාගත්තෙ කොහොමද?
ගිගල්ස් ජාත්‍යන්තර පාසලේ උගන්වන කාලයේදී ”සිරස පුංචි පහේ මං” වැඩසටහනකට සහභාගීවීමට ළමුන් පිරිසක් එක්ක සිරසට ආවා. සිරස ආයතනයේ නිර්මාණකරුවන් මාව දැකලා ”සිහින වසන්තයට” ආරාධනා කලා. ඒ හරහා තමයි රංගනයට ආවේ. ඊට පස්සෙ නාලන් මහතාගේ ”ඔබ කවුද” නාට්‍යයේ රඟපෑම නිසා බොහෝ ප‍්‍රතිචාර ලැබුණා.

 

 හරි, ඔබ කවුද? කියලා අපි ඇහුවොත්?
ගොඩක් සංවේදී කෙනෙක්. කාටහරි උදව්වක්  ඕනෑ වුණාම කවදාවත් පැහැර හරින්න හිතෙන්නෙ නැහැ. කාට හරි උදව්වක්  ඕනෑ වුණොත් මම එතැන ඇති.

 

 ඒකද වාහනය පදවාගෙන යනකොට තැනින් තැන නවත්වමින් යන්නෙ?
අසරණ මිනිස්සු මග දෙපසදී දුටුවොත්, නවත්වලා කීයක් හරි දීලා යනවා. ඒ නිසයි එහෙම කරන්නෙ.

 

 ඇයි ඔය තරමට ඔයාගෙ හිත උණුවෙන්නෙ?
මම හිතන්නෙ ගිය ආත්මයේ ඉඳලා ගෙනෙන දෙයක් වෙන්න ඇති. මගේ ගෙවීගිය සෑම උපන්දිනයකටම වාගේ උත්සව ගැනීම වෙනුවට දානය දීම තමයි කරලා තියෙන්නෙ.

 

 මේ ජීවන ගමන යන්න ඔබේ ජීවිතයට බැඳුනු චරිතයක් සිටිනවද?
බොරු කියන්නෙ මොකටද, ඉන්නවා.

 

 අපි දන්නා විදියට එය ලොකු පේ‍්‍රම කතාවක්. එහෙම නේද?
ඔව් අපේ බැඳීම ඇතිවුණේ කුඩා කාලයේදීම වාගෙයි. දැන් අවුරුදු දහයකටත් වැඩියි.

 

 ඒ ගෙවීගිය දිගු කාලය ගැන ඔබට හැෙඟන්නෙ කොහොමද?
මම හිතන්නෙ එය ආත්මීය බැඳීමක් වෙන්න ඇති. ඒත් ඉතින් ඉදිරිය ගැන අපට පේන කියන්න බැහැනෙ.

 

 විවාහයත් අත ළඟමද?
නැහැ, තවම වයස 24 නෙ.

 

 රංගනය හැර තවත් දක්ෂතා මොනවද?
නැටුමට දක්ෂයි. යාන්තමට සිංදුවක් එහෙමත් මුමුණන්න පුළුවනි.

 

 ඒ විදියට හොඳට මුමුණන්න පුළුවන් ගීතයක් සඳහන් කළොත්?
”ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්”

 



අදහස් (0)

උදව්වක් නම්? ‘මධූ නිත්‍යානි’ තමයි ඉතිං

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 801 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1443 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 408 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 912 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2236 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 343 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35644 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site