IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘උදේ සවස බණ ඇසුවත් සමාජය පිරිහිලා‘

‘උදේ හවස බණ ඇසුවත් උදේ හවස පන්සල් ගොස් බුදුන් දැක්කත් බොහෝ වෙලාවට ඒ ලබා ගන්නා දේ හිතට එන දේ  භාවිතයක් නොමැති කමින් සමාජයේ  පිරිහීමක් ඇති වී තිබෙනවා‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවැසිය.

‘සැම දෙනෙක්ම බෞද්ධයන් හැටියට උදේට මල් පූජා කළාට හවසට බුදුන් වැන්දට බෞද්ධයෙක් කියල සමාජයට පෙන්නුවත් වගකිම හා යුතුකමක් වන්නේ බෞද්ධකම චරිතයෙන් පෙන්වීමයි. අපේ චරිතයේ බෞද්ධ දර්ශනය හා භාවිතය නැතිකමින්  අපි අපිටම බොරුවක් කරගන්නවා. ඒ නිසා බෞද්ධයන් සිටින අපි වගේ රටකත් බොහෝ පිරිහීම් පසුබෑම් ඇති වී තිබෙනවා.‘ යැයි ද ජනපති කීය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ගේ ආරාධනයෙන් යටිනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමා ශීර්ෂයේ වැඩසිටි අභිනීල අක්ඛමර සර්වඥ කේෂ ධාතු හා සම්බුද්ධ ශරීරය පුරා වැඩ සිටි අස්ථි ධාතුන් වහන්සේලා හා මහ රහතුන් වහන්සේලාගේ ධාතුන් වැඩ සිටින ශ්‍රී ශාඛ්‍යසිංහ සුගන්ධ කුටිය ජනපති හා වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් අතින් විවෘත කැරිණි.

4 9 11 23



අදහස් (0)

‘උදේ සවස බණ ඇසුවත් සමාජය පිරිහිලා‘

දිනේෂ් Wednesday, 14 December 2016 06:09 AM

සමාජය පිරිහිලා තියෙන්නේ ජරාජීර්ණ දේශපාලනය නිසා. පාර්ලිමේන්තුව ගැන ඔබතුමා බලාගන්න. සමාජය ගැන අපි බලාගන්නම්. (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 14 December 2016 05:11 PM

ඉතා හොඳ කතාවක් (නි)

:       0       0

වීරසේන Wednesday, 14 December 2016 05:11 PM

කළයුතු හොඳම දේ මේ කතාවේ ලෙසටම අපි වෙනස්වීමයි (නි)

:       0       0

රෂීඩ් Wednesday, 14 December 2016 06:27 AM

ක්‍රියාවෙන් සහ වචනයෙන් බුද්ධ ගුණ පෙන්වන හාමුදුරුවරුවෝ ඉන්න්නවානම් කොච්චර හොඳද?(ම)

:       0       0

සෞම්‍ය Wednesday, 14 December 2016 06:33 AM

ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට, දුසිරිත් දනන් දෙන ඔවා වැද්දන් දෙසන බන වැනි.....!!! (ම)

:       0       0

නිහාල් Wednesday, 14 December 2016 07:20 AM

මහ කකුළුවෝ යන විදියට තමයි අනිත් කකුළු පැටවුනුත් යන්නේ. (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 14 December 2016 07:35 AM

මේ කතා අහලා අපිට ඇතිවෙලා (නි)

:       0       0

සුසන්ත Wednesday, 14 December 2016 07:53 AM

කියන අයත් එහෙම තමයි (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 14 December 2016 07:57 AM

සමාජය පිරිහෙන්න ප්‍රධානතම හේතුව හරිහමන් නායකත්වයක් යටතේ නිවැරදි මගපෙන්වීමක් නැති කමයි. පළාත් දිස්ත්‍රික් හා ග්‍රාමීයව බැලුවොත් හැම අංශයකින්ම පිරිහීමක් මිස දියුණුවක් නැති තරම්.මොන ආගමිකයෙක් වුවත් තම සිතුවිලි කිලිටිනම් එතැනදී මොනයම් ක්‍රමයකින් හෝ පැවැත්මට බාධාවක් එල්ලවිය හැක. (බ)

:       0       0

ජයන්ත Wednesday, 14 December 2016 08:01 AM

රස කතා ඇමති මෙන්න තවත් රස කතාවක් කියය්. මේක අපි දැන ගෙන හිටියේ නැහැ මෙතුමා කියන කල්. අනික අපිනේ මේ සමාජය කාලා තියෙන්නේ. එ්කත් එක අතකින් ඇත්ත බැලුවහම. මොකද අපිනේ මේ උදේට පත්තරේ බලලා රටේ වෙන දේවල් දැන ගන්න අය පත් කළේ (බ)

:       0       0

රෝහණ Saturday, 17 December 2016 04:23 PM

ඉලංගරත්න කියන්නේ අහවලාට කඩේ යන කෙනෙක් වගෙයි. (නි)

:       0       0

බමුණුසේන Wednesday, 14 December 2016 08:13 AM

රෂීඩ්, ක්‍රියාවෙන් සහ වචනයෙන් බුද්ධ ගුණ පෙන්වන හාමුදුරුවෝ ඉන්නවා නම් කාගෙ කාගේත් වැඩටික ලෙහෙසියි නේද (නි)

:       0       0

සිසිර පැරිස් Wednesday, 14 December 2016 08:15 AM

බණ අහලා ඔබතුමන්ලා ඒ අනුව හැඩගැහිලා අනිත් අයට බණ කියන්න (නි)

:       0       0

චින්තක Wednesday, 14 December 2016 08:17 AM

වැදිබණ කියන දේශපාලකයින් තවත් නම් අපිට එපා (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 14 December 2016 08:30 AM

උදේ හවස බණ ඇසුවත් උදේ හවස පන්සල් ගොස් බුදුන් දැක්කත් බුදුන් පෙන්වාදුන් දෙය තේරුම් ගන්න බැරි නම් මොනවා කරන්නද? (නි)

:       0       0

සවනත් Wednesday, 14 December 2016 08:41 AM

ඉලංගරත්න හරියටම හරි. (නි)

:       0       0

අජිත් Wednesday, 14 December 2016 08:47 AM

බොරු බණ කිය කියා රට පාවාදෙන කෛරාටිකයන්ගේ සැබෑ මුහුණ ජනතාව හඳුනාගෙන ඉවරයි. (නි)

:       0       0

මලික් Wednesday, 14 December 2016 09:04 AM

අපිත් මේ කතාව සමඟ එකඟයි (නි)

:       0       0

අජිත් Wednesday, 14 December 2016 09:31 AM

රට දියුණු කරන්නේ නැතුව බෞද්ධකම රකින්න බෑ. ජනතාවගේ අවශ්‍යතා සපිරිරෙන්නේ නැතුව දහමට යොමු වෙන්නේ නෑ. ගොඩක් දියුණු රටවල අය බෞද්ධ නොවුනත් ලංකාවේ අයට වැඩිය හොදය්. (බ)

:       0       0

නිශ්ශංක Wednesday, 14 December 2016 10:52 AM

සමාජය පිරිහෙන්න ප්‍රධානතම හේතුව නායකත්වය. රටේ ප්‍රධාන නිලයන් දෙක (අගමැති / ජනාධිපති) නායකයා පිස්සු කෙලිනකොට සමාජය ගැන කවර කතාද? උදේ හවස බණ ඇසුවත් උදේ හවස පන්සල් ගොස් බුදුන් දැක්කත් බොහෝ වෙලාවට ඒ ලබා ගන්නා දේ හිතට එන දේ භාවිතයක් නොමැති කමින් සමාජයේ පිරිහීමක් ඇති වී තිබෙනවා‘ ඒ වගේ දෙයක් මම ආප්ප කාලත් සිදු කළේ යැයි කව්දෝ කියනවා මට ඇහුන නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි. (බ)

:       0       0

අනිල් Wednesday, 14 December 2016 01:02 PM

සිංහල බෞද්ධ ලේබල් ගහගෙන සුදු රෙදි ඇඳගෙන සුරංගනා කතා කියමින් මෝඩ සිංහල ජනය ගොනාට අන්දමින් රට හූරන් කන පල් හොර දේශපාලක නායකයින් නිසයි රට පරිහානියට යන්නේ. තමන් උපමා කරගෙන වෙන්නැති ඔය කතා කියන්නේ (බ)

:       0       0

සුසන්ත Wednesday, 14 December 2016 01:04 PM

සමාජය පිරිහීමට ප්‍රධානම හේතුව මිනිසුන් රවට්ටා මිනිස්සුන්ගේ සල්ලි හොරාකන පල් හොර දේශපාලකයින්ට දිට්ටධම්මවේදනිය කර්මය පල නොදීමයි. එහෙම පල දෙනවනම් මිනිස්සුනුත් පාඩමක් ඉගෙන ගනියි. කෙබර ඇදබානකොටම ඔලුවට හෙණ පාත් උනානම් හරි රටේ නායකයාගේ පටන්. (බ)

:       0       0

සරණපාල Wednesday, 14 December 2016 01:17 PM

ලොක්කට දැන් නේ මේක තේරිලා තියෙන්නේ. දැන් වත් ඔබතුමාගේ කල්ලියත් එක්ක එකතුවෙලා අපිට ආදර්ශයක් වෙන විදිහට වැඩ කළොත් නරකද. (බ)

:       0       0

රත්නසිරි Wednesday, 14 December 2016 02:22 PM

ඉතිහාසයේ වැඩිම හාමුදුරුවරු ගණනක් හිරේ යවපු ආණ්ඩුව නායකයාට දැන්ද තේරුණේ (බ)

:       0       0

අනුර Wednesday, 14 December 2016 02:55 PM

9 ශ්‍රේණියෙන් ඉහළ විතරක් නැතුව ප්‍රාථමික පන්තිවල ඉඳන්ම හරීන් මහත්තයට කියල ටැබ් දෙන්නකෝ. එතකොට සදාචාරය දියුණු වෙයි. (බ)

:       0       0

පී. ඉලංගරත්න Wednesday, 14 December 2016 05:51 AM

සමාජය පිරිහෙලා තියෙන්නේ ඔහේල වාගේ දේශපාලුවෝ නිසා.රෑට එකට ආප්ප කාල උදේට ඌ අතහැරලා අනිත් පැත්තට පනිනවා.වැදි බණ නොකියා ඉන්න. (බ)

:       0       0

බමුණු Wednesday, 14 December 2016 05:51 AM

උදේ සවස බණ ඇසුවත් සමාජය පිරිහිලාලු අහන්න දෙයක් ද අහන්නේ ඕගොල්ලෝ කියන බණ නේ (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 14 December 2016 05:55 AM

අද ලංකාවේ කියන්නේ වැදිබණ, අහන්නේ වැදිබණ, ක්‍රියා කරන්නේ වැදිබණ ආකාරයට. මේක තමා ඇත්ත.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 352 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 867 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site