IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


උනන්දුව තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ

2016-08-09-ent-63

නිරූපණ පිලිබඳව හදාරමින් සිටින ඇය නිෂී විජේසිංහ වෙයි. කුඩාකාලයේ සිට ඉතාලියේ පදිංචිව සිටින ඇය බොහෝ සේ නිරූපණයට ප්‍රිය කරයි. ඇයගේ නිරූපණ දිවිය පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග මෙලෙස එක්විය.

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

2016-08-09-ent-62මම නිෂී විජේසිංහ. වයස අවුරුදු 19යි. මම දැනට ජීවත් වෙන්නේ ඉතාලියේ.

 

ඔබ තාම ඉගෙන ගන්නවාද?

ඔව්, තාම අධ්‍යාපනය ලබනවා.

 

අධ්‍යාපනය ගැන කිව්වොත්?

මම මේ රටේ විදිහට මගේ අධ්‍යාපනය ඉවර කරලා තියෙනවා. නමුත් නිරූපණයට කැමති නිසා ඒ ක්ෂේත්‍රය ගැන හදාරමින් සිටිනවා.

 

ඒ කියන්නේ ඉදිරියේදී වෘත්තීමය නිරූපිකාවක් වෙන්නද හිතන් ඉන්නේ?

එහෙමත් කියන්න බෑ. මම ඒ ක්ෂේත්‍රය ගැන හදාරමින් සිටින නිසා, එය මට ගැළපෙනවා කියා සිතුණොත් වෘත්තීමය නිරූපිකාවක් වෙන අදහසක් තියෙනවා.

 

පොඩි කාලේ ඉඳන් ආස කළේ නිරූපිකාවක් වෙන්නද?

ඔව්. පොඩිකාලේ ඉඳන්ම ආස වුණේ නිරූපණයට.

 

හීනේ හැබෑ කරගන්න පුළුවන් කියලා හිතනවාද?

උනන්දුවයි, කැපවීමයි, ආසාවයි තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතනවා.

 

වෘත්තීමය නිරූපිකාවක් වුණොත් නැවත ලංකාවට එනවද?

අනිවාර්යයෙන්ම ලංකාවට එනවා.

 

ලංකාවෙන් යන්නේ ඇයි?

මගේ දෙමව්පියන් ජීවත්වෙන්නේ ඉතාලිවල. පුංචි කාලෙ ඉඳන්ම හැදුණෙ වැඩුණේ ඉතාලියේ. ඇත්තටම ගොඩක් හොඳයි.

 

ලංකාවෙ නම් නිරූපිකාවක් කිව්වාහම බලන ක්‍රමය තුළ වැරැද්දක් තියෙනවා. ඉතාලියේදී එවැනි ප්‍රශ්න නැද්ද?

නැහැ එහෙම කිසිම ප්‍රශ්නයක්. මං හිතන්නෙ ඒක රටින් රටට වෙනස් වෙනවා සංස්කෘතියත් එක්ක.

 

නිරූපණයට එන්න කවුරු හරි උදව් කරපු පිරිසක් ඉන්නවද?

මාව ගොඩක් අය හඳුනගත්තෙ ලංකාවේ ප්‍රවීණ ගායකයෙක් වන විජය බණ්ඩාර වැලිතුඩුව මහත්මයාගේ "හැම මොහොතක් පාසා" කියන මියුසික් වීඩියෝවෙන්. මතක් කරන්න ඕනේ ඒ වීඩියෝ එක කරපු හිමේෂ් ප්‍රමුඛ youth-cinematic team එක. ඒවගේම chithu creation එකේ ඉරේෂ් අයියවත් ඒ ටීම් එකත්. ඒවගේම මගේ අම්මි, තාත්තී, ලොකු සහයෝගයක් දෙනවා.

 

ඒ කියන්නේ රංගනයටත් කැමැත්තක් තියෙනවාද?

මම තාම හැමදෙයක් ගැනම හදාරමින් සිටින්නේ. නමුත් රංගනයටත් මගේ කැමැත්තක් තියෙනවා.

 

දැනට දායක වෙලා තියෙන වැඩ මොනවාද?

දැනට මියුසික් වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒක එළිදැක්වුණා. අනිත් එකත් ළඟදීම එළිදක්වයි කියලා හිතෙනවා. තව මියුසික් වීඩියෝ එකක් සඳහා ආරධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව chithu creation එක්ක වැඩකරගෙන යනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-08-09-ent-60
2016-08-09-ent-59
2016-08-09-ent-58
2016-08-09-ent-57
2016-08-09-ent-56
2016-08-09-ent-55
2016-08-09-ent-54
2016-08-09-ent-61
 



අදහස් (0)

උනන්දුව තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 21 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 54 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 86 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 636 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 545 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 740 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site