IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උපේක්ෂා අද දවස ගෙවන හැටි..

ජීවිතය යනු සියලු රසයන්ගෙන් යුතු දෙයක් නම්ල ඒ සියලු රසයන්ගේ මිහිරි මෙන්ම අමිහිරි බවද ඇය සම - සමව විඳින්නට ඇතග ඒ නිරූපණල නර්තන හා රංගන ශිල්පිනියක මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනයේ තවත් එක් චරිතයක් හැටියටය. එලෙසින් ගෙවන ජීවිතයේ වත්මන් හැඩය - රිද්මය ඇයට දැනෙන්නේ කෙලෙස විය හැකිද? උපේක්ෂා ස්වර්ණමාලිගෙන් අද අපි ඒ ගැන අහමු. උපේක්ෂා අද දවසේ කටයුතු කොහොම ද? කලා කටයුතු ගැන කතා කළොත් ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලට දායක වුණා. ඒ නාට්‍ය දෙකම මේ දිනවල විකාශය වෙනවා. ඉදිරියට තවත් නාට්‍යයක් විකාශයට නියමිතයි. ‍"සින්ඩරෙල්ලා" සහ තවත් චිත්‍රපටයක රඟපෑවා. තවත් අලුත් චිත්‍රපටයක රඟපාන්න ගිවිසුම් අත්සන් කළා. ඊට අමතරව දේශපාලන කටයුතු සහ නීති උපාධිය සඳහා "යුනිවර්සිටි ඔෆ් ලන්ඩන්" අධ්‍යාපන කටයුතු කරනවා.   මන්ත්‍රීවරියක වීම අද ඔබට දැනෙන්නේ කොහොමද ? එදා ගත්ත ඒ තීරණය අද හරි කියලා හිතෙනවාද ? නැතිනම් වැරදි කියලා හිතෙනවාද? මම කවදත් සමාජසේවයට කැමතියි. නමුත් එදා මට වඩා දේශපාලනයට එන්න ලොකු වුවමනාවක් තිබුණේ ස්වාමිපුරුෂයාටයි. බොහෝ දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය අහනවා තමයි. එක පාරටම දේශපාලනයට කඩා වැටුණද කියල ? ඒත් එහෙම වුණා කියා කනගාටුවක් නැහැ. ජනතාව ඉල්ලන තරමට අපට සේවය කරන්න බැහැ. ඒත් තරමක් දුරට හෝ සේවයක් කරන්න ලැබුණාම පුදුමාකාර සතුටක් ලබන්නේ. ඒත් එක්කම මන්ත්‍රීකම කියන වගකීම සහ එයින් අදට වඩා හෙටට යමක් කිරීම තමයි අරමුණ. අහම්බයෙන් වෙච්ච දේ හොඳ පැත්තට හරවා ගැනීම තමයි අභිප්‍රාය.   දේශපාලඥයකුගේ වගකීම් වෙන්නෙ නිතරම තමුන්ගේ ඡන්දදායක කොට්ඨාසයට ගිහින් ඔවුන්ගේ ප්‍රශ්න සමග ජීවත් වීම. මේ කලා කටයුතු සමග ඒ වෙනුවෙන්  වෙලාවක් තිබෙනවාද  ? ඒ සියලු සම්බන්ධීකරණ කටයුතු සඳහා කාර්යාලය විවෘතයි. එහි සිට මට කළ හැකි දේ උපරිමයෙන් කරන්න උත්සාහ ගන්නවා. කලාවේ කටයුතු සහ ඒ සියල්ල සමබරව කරගෙන යාමට බාධාවක් නැහැ. හොඳ කළමනාකාරීත්වයක් සහ කාල සටහනකට අනුව සියල්ල කරන්න උත්සාහ ගන්නවා.   ජනතාවගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ කලාවේ චරිතයක් ලෙසද ? නැතිනම් දේශපාලන චරිතයක් ලෙසද? පබා නාට්‍යය හරහා ජනප්‍රියත්වය ලබද්දී ඒක මහා පුදුමාකාර ජනප්‍රියත්වයක් ලෙස දැණුනා. දේශපාලන වේදිකාවට ආවාමත් එය දැනෙන්න පටන් ගත්තා. නමුත් අද සිටින දේශපාලන ගමනත් එක්ක සමහර වෙලාවට ජනතාවගේ හිතේ ප්‍රසාදයක් තිබුණත් එය ධනාත්මකව ප්‍රකාශ වෙනවද කියන ප්‍රශ්නය මට තියෙනවා. නමුත් එදා වගේම අදත් මට ජනතාව ළෙංගතු බව නම් දැනෙනවා. ප්‍රතිචාරවලින් එය මට කියන්න පුළුවන්. ජනතාව බලාපොරොත්තු වන සියල්ල සියයට සීයයක්ම ඉටු කරන්න මොනම දේශපාලඥයකුටත් බැහැ. මොකද අපි දියුණුවෙමින් පවතින රටක්. ඒත් යම්තාක් දුරට සාධාරණය ඉෂ්ට වෙනවා. අපේ රටවල ජනතා අවශ්‍යතා අසීමිතයි. දියුණු වෙමින් පවතින රටක ස්වභාවය ඒ විදියයි. ඒත් මේ සමස්ත ආකල්ප දෙපාර්ශවයෙන්ම මීට වඩා යහපත් විය යුතුයි කියලයි මට හිතෙන්නෙ.   ඔබ රඟපෑමටල දේශපාලනයට අමතරව රූපවාහිනී වැඩ සටහන් මෙහෙයවීමත් කරනවා. ඒ වගේම ඔබ කිව්වා නිතිඥ වෘත්තිය සඳහා ඉගෙන ගන්නවා කියලත්. ඇත්තටම මේ ඔක්කෝම බදා ගන්නෙ, ඔබට එක අරමුණක් නැද්ද  ? තරමක් දුරට ඔබ හරි. මට නිශ්චිත අරමුණක් කියලා දෙයක් සමහර විට තිබුණෙ නැහැ. මම කුවේටයේ ඉඳලා ලංකාවට ආවේ මානව සම්පත් කළමනාකරණය ගැන  ඉගෙන ගන්න වෙනත් රටකට යාමේ අරමුණ ඇතිවයි. නමුත් අහම්බයෙන් රඟපාන්න ලැබීමත් සමග තමයි මේ අවුරුදු හය රඟපෑම වෙනුවෙන් ගෙවී ගියේ. කාලය නිකරුණේ නොගෙවා යම් යම් අංශවලට දායක විය හැකි බොහෝ දේ කරන්න ලැබීම සතුටට කරුණක්. මම මෙතැනට ආවේ පව්කාරකමක් කරලා නෙවෙයි කියන අදහස  තියෙනවා. සමාජයට සේවයක් කරන අතරේල මේ ලැබිලා තිබෙන සියල්ලට වඩා සාධාරණයක් කිරීම තමයි අද මගේ අරමුණ. ඒ අතරේ මගේ අම්මව හොඳට බලා ගන්න ඕනෑ. ඒ නිසා ආර්ථික වශයෙන් යම් කිසි දියුණුවක් ලබන්නත් ඕනෑ. ඉදිරියේ බොහෝ විට නීතිඥ වෘත්තිය වෙතිනුත් මම සේවය කරාවි.   කලාවෙන් ඈත්වෙන්නේ නැද්ද ? නැහැ. කවදාහරි අපේ දෙනවක හාමිනේ මහත්මිය වගේ දීර්ඝ කාලයක් දක්වා වුණත් රඟපෑමේ  කටයුතුවල නිරත වේවි.   එදා පබා චරිතය තරමටම අද රඟපාන චරිතවලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවාද? පබා චරිතය එක්තරාල ලොකු වාසනාවක් හැටියට දක්වන්න පුළුවනි. නමුත් ඊට පසුව රඟපෑ චරිතත් ප්‍රේක්ෂකයන් අතරට එක් වුණා කියලා මට හිතෙනවා. මේ දිනවල රාත්‍රී 9ට ස්වර්ණවාහිනියේ විකාශනය වන ‍"සත්කුළු පව්ව"  සහ ‍"උත්පලා" යන නාට්‍ය දෙකට ලබන ප්‍රතිචාර ගැනත් අද මට සතුටුයි.   ඔබ අවංකවම අදහස්  ඉදිරිපත් කරන කෙනෙක් කියලා හිතෙනවද ? ඔව්, සත්තකින්ම මම කතා කරන්නේ හිතට එකඟවයි. මම කවදාවත් මගේ වාසි තකා චරිත තෝරා ගත්තේවත් රඟපෑවේවත් නැහැ. ගැමිකමට කවදත් මම ආදරෙයි. පළවෙනියට ලැබුණ චරිතය වෙනුවෙන් තෝරාගෙන ඊට පස්සෙ මම කළේ එහි වෙනත් චරිතයක්.  ඒ ගැමිකම සමග ආ චරිතයට මම ගරුකරනවා. ඒත් කලාකාරිනියක ලෙස මට තවමත් ලැබුණු චරිත ගැන තෘප්තිමත් නැහැ. උපරිම දක්ෂතා තවම පෙන්වා නැහැ කියා හිතෙනවා. මම රංගනයේදී කිසිදාක ආර්ථික වාසි තකා රඟපාලත් නැහැ.

සටහන ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

උපේක්ෂා අද දවස ගෙවන හැටි..

භාග්‍යා Monday, 15 October 2012 03:23 PM

උපේක්ෂා අක්කි, මම ඔයාගේ රගපෑම් වලට කැමතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4668 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මෙණරාගලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


කැළණිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 11 0


බිංගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 22 0


ගල්ගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 28 0


නිකවැරටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 33 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15045 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 247 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site