IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


උපාධිධාරිනිය ගව ගාලේ

ගලහ බෙල්වුඩ් ජනපදයේ අංක 80 ලිපිනයේ පදිංචි එල්.ජී.ශාලිකා නවෝදනී  (31)   2013 වසරේදි පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලබා ගත්තද මේ දක්වා රැකියාවක් නොමැතිව තම ස්වාමියාගේ ගව ගාලට උදවු කරමින් ගව ගාලේම කොටසක තම සැමියා හා  පුතුන් දෙදෙනා සමග දුෂ්කර ජීවිතයක් ගෙවන්නීය.

තම පුතුන්ගේ අනාගතය වෙනුවෙන් ජීවිතය ගවයින් සමග පොර බදන්නට ඇය ධෛර්යය ගෙන ඇති අතර ඇගේ දෙමාපියෝ ද තේ දළු නෙළන්නන් වූහ. පියා අසනීපයකින් මියගොස් ඇති ඇගේ මව ඇයට වැඩිදුර අධ්‍යාපනය ලබාදී ඇති අතර උසස් පෙළින් පසු ඇගළුම් කම්හලක, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ඇය සේවය කර ඇත.

සිය සැමියා ද වසර 16ක් පුරා ගව පාලනය සිදු කරන බවත් මෙතෙක් තමා ඉල්ලුම් කළ කිසිදු රැකියාවක් සඳහා අවස්ථාවක් නොලැබුණු බවත් ඇය කියන්නීය.

‘ අපි පදිංචි වෙලා හිටපු මහත්තයගෙ අක්ක රට ඉඳන් ආවා. එයාට අපි ඒ ගෙදර දිල මහත්තයගෙ තාත්තගේ පැත්තේ තිබුණු හිස් ඉඩමකට පදිංචියට ඇවිත් දැන් වසරක් පමණ වෙනවා. මගෙ මහත්තයත් උසස් පෙළ දක්වා ඉගෙන ගෙන තියෙනවා. නමුත් එයා තම කරන්නෙ ගව පාලනය අක්කගෙ වාහනයකුත් එළවනවා .තවත් වාහන වල වැඩ කරනවා. අපි ඉන්නෙ අනුන්ගෙ ඉඩමක අපිට එයාල ගෙයක් හදාගන්න ඉඩක් දෙන්නෙ නෑ. අපි ගව ගාල හදාගෙන ඒ පැත්තක පුංචි සාලෙ අපි 4 දෙනාම ජීවත් වෙන්නේ. කොයි වෙලේ මේ ඉඩමෙන් යන්න වෙයිද දන්නෙ නෑ. අපිට හරක් දෙන්න ආධාර දෙන්න හදනව ගලහ පශුවෛද්‍ය එකෙන් නමුත් අපිට ඒ සත්තු අරන් අපි විදින දුක සතුන්ටත් දෙන්න බැරි නිසා මේ ඉන්න සත්තු 4 දෙනා නඩත්තු කරගෙන ජීවත් වෙනවා‘ යැයි ඇය කීවාය.

1 3 7 14 22

ඡායාරූප - චමිල් රූපසිංහ



අදහස් (0)

උපාධිධාරිනිය ගව ගාලේ

නාත් රණසිංහ Thursday, 01 December 2016 07:47 PM

ඒක තමයි කියන්නේ මතු රැකෙනා ශිල්පයමයි උගතමනා කියලා! (ර)

:       0       0

පාලිත Thursday, 01 December 2016 10:26 AM

අනේ පව්, ඔන්න දේශපාලන බලදාරීන්ට කරනවානං උතුම් වැඩ, මේ වගේ මිනිස්සුන්ට පිහිට වන එක. නිකන් අනිත් ඇමතිගේ මන්ත්‍රීගේ කුණු හොයා හොයා ඉන්නවට වඩා. (ර)

:       0       0

කැලුම් Thursday, 01 December 2016 10:36 AM

ධර්මය රැකෙන්න නම් , ඒ ධර්මය සුරකින අයව රැකගන්න ඕනේ . (ර)

:       0       0

පිටිගල Thursday, 01 December 2016 10:36 AM

පාලි සහ බෞද්ධ උපාධියක් අරගන්න යනකොටම මයට තේරුමක් තිබුනේ නැද්ද මෙවන් උපාධියකින් රැකියාවක් සොයා ගන්න අමාරු බව. නමුත් කිරි ව්‍යාපාරය දියුණු කර ගනිමින් වෙළඳපොලේ නොමැති රස සහ පලතුරු යොදමින් යෝගට් සහ අනෙක් රසකැවිලි නිෂ්පාදනයක් කරා යොමුවෙමින් දියුණු වෙන්න උත්සාහ කළ යුතුයි. ඇමරිකාවේ වැඩිපුරම විකිනෙන යෝගට් වර්ගයේ උපතත් මෙසේම විරැකියාවෙන් පෙළුන කෙනෙක් අතින් ආරම්භ වුවක්.(හේ)

:       0       0

දිනේෂ් පෙරේරා Thursday, 01 December 2016 10:39 AM

කොහොමද සම්බන්ධ කර ගන්න පුළුවන්? දුරකථන අංකයක් දන්නවා නම් මෙහි පල කරන්න. අනිවර්යෙන්ම උදව් කරන්න පුළුවන්. (හේ)

:       0       0

චම්පිකා විජේවික්‍රම Thursday, 01 December 2016 10:46 AM

අමාරුවෙන් උගත් කී දාහක් මේ විදියට මේ පොළොවේ දුක් විදිනවා ඇතිද? (ර)

:       0       0

උපසේන Thursday, 01 December 2016 10:58 PM

ලංකාවේ රස්සා නැහැ කියන්නේ බොරු කතාවක්. හුඟක් උපාධිකාරයෝ බලන්නේ උපාධියෙන් පස්සේ පැන්ෂන් ගන්න පුළුවන් රජයේ රැකියාවක් හොයාගන්න. පෙනෙන්නේ නැද්ද රැකියාවිරහිත උපාධිධාරී සංගමයකුත් තියෙනවා. නමුත් ඇඟලුම් කර්මාන්ත ශාලාවල තියෙනවා මාසකට රුපියල් තිස්දාහක් විතර හොයාගන්න පුළුවන් රස්සා. හැබැයි ඉතින් වැඩ කරන්න ඕනෑ. (නි)

:       0       0

සෝමේ Thursday, 01 December 2016 10:52 AM

අනේ දෙවියනේ මෙයාට පිහිටවෙන්න !!! (බ)

:       0       0

ජයලක්ෂිමා Thursday, 01 December 2016 11:23 PM

පිටිගල විතරයි ප්‍රයෝජනයකට ඇති දෙයක් ලියලා තියෙන්නේ එත් හැමෝම බනින්නෙත් එයාටමයි. (ර)

:       0       0

තුසිත Thursday, 01 December 2016 11:03 AM

අයියෝ මෙහෙමත් රටක්. කාට කියන්නද (බ)

:       0       0

විජේසුන්දර Thursday, 01 December 2016 11:29 PM

හැකිනම් මේ උපාධිධාරිනියට රැකියාවක් සොයල දෙන්න, එහෙම නැත්නම් මේ කරගෙන යන ඉතා උතුම් රැකියාව වඩාත් දියුණු කර ගැනීමට නිවසක් සඳහා ඉඩමක් හා අවශ්‍ය දේ ලබා දෙන්න. (ර)

:       0       0

වල්පොල Thursday, 01 December 2016 11:04 AM

ලෝකයේ විවිධ රටවල මිනිසුන් උසස් අධ්‍යාපනයෙන් පසුව තමන් ඉපදී හැඩුවැඩුණ ගොවිපලට ගොස් සුපුරුදු පරිදි ජිවත් වෙති.ගොවිතැන යනු පහත් රැකියාවක්නොවේ.මෙහි ගස්කොළන් සහ සතුන් ධර්මානුකූලව සැදීමට ඇයට හැකියාව ඇත. (බ)

:       0       0

අබේරත්න Thursday, 01 December 2016 11:05 AM

අපේ රටේ ලොකු ලොක්කෝ වැඩි දෙනෙක් කරන්නේ ඔය ගව පාලනේ හින්දා එතරම් අවුලක් නැහැ....(බ)

:       0       0

රූපවතී Friday, 02 December 2016 07:45 AM

පව් දෙවියනේ ..! මගේ ජීවිතේම කකුල්දෙක ළඟ කඩාවැටුනා වගේ හැඟීමක් දැනුනා. මම ගොඩාක් සංවේදී පුද්ගලයෙක්. මේ අපේ රටේ ඉන්නේ මිනිස් ගති නැති යමපල්ලෝද කියලා වෙලාවකට දුක හිතෙනවා. පව් ඇයට සාධාරණය ඉෂ්ටවේවා..!!!!! (නි)

:       0       0

රජින්ද Thursday, 01 December 2016 11:14 AM

දුෂිත දේශපාලනික යාන්ත්‍රණයක් ඇති රටක මීට වඩා දෙයක් බලාපොරොත්තුවිය හැකිද? (බ)

:       0       0

රුවන් Thursday, 01 December 2016 11:18 AM

රජයේ නැත්නම් පෞද්ගලික ආයතනයකින්වත් රැකියාවක් ලෑබුනේ නැහැ කියන එක පිළිගන්නත් බැහැ (බ)

:       0       0

මංජුල Thursday, 01 December 2016 11:25 AM

පාර්ලිමේන්තු ඉන්න නර සත්තු ටික කෝටි ගණන් මුදල් වෙන් කරගෙන වාහන ගෙනාව නම් ..රටේ මේ වගේ මිනිස්සුන්ගේ මුලික ප්‍රශ්න ටික විසඳෙයි.....(බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 01 December 2016 11:30 AM

අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා, කල්ගිය රෙදි වැරලි ඇඟ දැලි කුණෙන් වකා, වල්කොළ බිම අතුර නිදි නැතිව දුක්තකා, ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා. (බ)

:       0       0

නුවන් Thursday, 01 December 2016 11:40 AM

ගවයෝ වගේ මිනිස්සු රට පාලනය කරනකොට මේ වගේ දේවල් නොවී තියේවිද? (බ)

:       0       0

රකිත් Friday, 02 December 2016 01:57 AM

දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි.. (ර)

:       0       0

සේන Friday, 02 December 2016 02:18 AM

ඡන්ද කාලේදී පෝස්ටර් ගහල නැතුව ඇති (ර)

:       0       0

නයනා Thursday, 01 December 2016 12:18 PM

පාසල් වල බුද්ධ ධර්මය ඉගන්වීමට ඉතා සුදුසු උගැතියක්. සමාජයට වටින සේවයක් ලබාගත හැකි මෙවන් උතුම් උගතුන්ගෙන් පල ප්‍රයෝගන ගැනීමට නොහැකි දේශ පාලුවන් ගෙන් සුපිරි දේශයකි අපේ රට. (ර)

:       0       0

ආනන්ද Thursday, 01 December 2016 12:26 PM

මට කියන්න තියෙන්නෙත් නුවන් කියපු දේම තමයි. (ර)

:       0       0

පද්මිණි Thursday, 01 December 2016 01:21 PM

මේ උගත් තරුණියට ඇගේ උපාධියට සරිලන රැකියාවක් ලැබේවි මේ පුවත අධ්‍යාපන ඇමතිවරයාට දැනගන්ට සලසුවොත්.ගවගාලේ වුනත් ඔබ දෙපොළ සතුටින් ඉන්න බව පේනවා. (ර)

:       0       0

අමල් Friday, 02 December 2016 08:26 AM

ඔබට රැකියාවක් ලැබෙන්න කියලා මා ප්‍රර්ථනා කරනවා. (ර)

:       0       0

සංගීත් Thursday, 01 December 2016 01:49 PM

උපාධිධාරිනිය ගව ගාලේ ....අට පාස් අය මන්ත්‍රීලා වෙලා රජ ගෙදර. (ර)

:       0       0

බණ්ඩාර Thursday, 01 December 2016 02:02 PM

උසස් පෙලවත් සමත් නොවූ ඇමතිලා ඉන්න රටක උපාධි ධාරීන්ට සලකන්නේ ගවයින්ට වගේ තමයි, ,මේව දැක්කම අපිටත් දුකයි. අපේම සහෝදරියකට අත්වූ ඉරණම පිලිබදව .එත් ඔබ සැලෙන්න එපා කවදාහරි දවසක ඔබේ දැනුමට වටිනාකමක් ලැබේවි. (හේ)

:       0       0

ජයරත්න Thursday, 01 December 2016 02:10 PM

විසඳුම උපාධිධාරී හැමෝටම රජයේ රැකියා දීම නෙමෙයි. රැකියා ලබන්න පුළුවන් උපාධි හැමෝටම දෙන එක. (ර)

:       0       0

ඩී.උපුල් Thursday, 01 December 2016 02:49 PM

උපාධියක් ගත්ත පලියට රැකියාවක් කරන්නම ඕනෙද? ඔය ස්වයං රැකියාව දියුණු කරගෙන අභිමානයෙන් ජීවත් වුනානම් තමයි හොඳ.(හේ)

:       0       0

පතිරණ කපිල Thursday, 01 December 2016 02:51 PM

ඔබගේ අසරණකමට තෙරුවන් සරණින් ජිවිතය ගැට ගහ ගන්නට රැකියාවක් ලැබේවා.(හේ)

:       0       0

නිල් පෙරේරා Thursday, 01 December 2016 03:14 PM

මෙයාට හැමදේමට ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

මහේෂ් Thursday, 01 December 2016 05:16 PM

පිටිගල වගේ අයට මේ වගේ උපාධි වැඩගත්කමක් නැතිවුණත් ඒ මිනිසුන්ට වැදගත් (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 01 December 2016 06:03 PM

අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)

:       0       0

සිල්වි Thursday, 01 December 2016 06:18 PM

අර පාර්ලිමේන්තුවේ ඉන්න අයට නම් එන්න එන්න පඩි වැඩි කරනවා. පහසුකම් දෙන්න යෝජනා සම්මත වෙනවා. වැඩි හරියක් දහයේ පන්තිය සමත් නැහැ. මේ මිනිසුන්ට අත දෙන්න කිසි කෙනෙක් නැහැ (නි)

:       0       0

මිනිපෙ Thursday, 01 December 2016 06:31 PM

එක අතකින් හිතනකොට මේකත් රැකියාවක් තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 141 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5577 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1183 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2125 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2064 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site