IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


උපාධිධාරීන් 4000කට පත්වීම් දෙන්න කැබිනට් අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

රජයේ රැකියා සඳහා උපාධිධාරීන් 4000කට ළගදීම පත්වීම් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවති කැබිනට් රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබා දී තිබේ.

සම්මුඛ පරීක්ෂණවලට කැඳවා ඉහළ ලකුණු ලබා ගත් උපාධිධාරීන් 4000 ක් මේ යටතේ බඳවා ගැනීමට නියමිතය. එම පිරිස සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.



අදහස් (25)

උපාධිධාරීන් 4000කට පත්වීම් දෙන්න කැබිනට් අනුමැතිය

sirimal Tuesday, 24 July 2018 12:42 PM

පවුල් ගණන එකතු කලහම ඡන්ද කීයක්ද? රස්සාවල් දෙන්න ඕනෑ ඇබෑර්තු තියෙනවානන්නේ. එහෙම නැතුව දෙනවා වෙනුවට දුන්නා වගේ නෙවේ පඩි ගෙවන්න ගියහම තමයි තරු පෙනෙන්නේ.

:       6       148

rasika Tuesday, 24 July 2018 02:17 PM

20000 8000 වුණා. 8000 5000 වුණා. 5000 4800 වුණා. 4800 4000 වුනා. තවත් බේගල් නොකියා වැඩ කරන්න.

:       126       91

ප්‍රීති Tuesday, 24 July 2018 03:58 PM

ඔව් ඉතින් අනුමැතිය දෙන එකනම් සුළු දෙයක්, රාජකාරියක් තබා, මනුෂ්‍යයෙකුට ගෞරවයෙන් සලකන්න වත් නොදන්නා, කැම්පස් වල මොළ සේදීම් වලට ලක්වුන, විශාල සමාජ වෛරයකින් සිත් පුරවා ගෙන ඉන්න මේ අයට රජයේ පත්වීම් දුන්නාම, රාජ්‍ය සේවය පමණක් නොවේ, රටත් විනාශයි. හැඳුනුම් පතේ ලියලා තියන නම හෝ ලිපිනය කොලයක ලියා ගන්න බැරි අය, රාජකාරී කරන රාජ්‍ය සේවයක් තියන රටක් මේක.

:       1118       837

සනාWednesday, 25 July 2018 12:26 AM

ප්‍රිතී කැම්පස් යන්න බැරි වෙලා වගේ.මොනා කරන්නද බනිනවා හැරෙන්න.කැම්පස් ගිය අයට ලියන්නත් බැරිලු.එයාටලු ඔක්කොම පුලුවන් ලූ.අනුකම්පා කරමු

:       51       108

MohanWednesday, 25 July 2018 01:52 AM

ප්‍රීති, ඔබේ අදහස කියැවීමෙන්ම මට තේරුණා ඔබ කුමණ කාණ්ඩයකට අයත්ද යන වග. තමා විසින් සපයන සාක්ෂි තරම් වැදගත් සාක්ෂි තවත් නැත. ලංකාවේ රාජ්‍ය සේවය කඩාවැටෙන්න හේතුව විශ්වවිද්‍යාල උපාධිධාරීන් බඳවාගැනීම නොවේ. එය දඩමීමා කරගෙන වෙනත් දේශපාලන ආධාරකරුවන් සේවයේ යෙදවීමයි. තවත් වැදගත් කාරණාව නම් විශ්වවිද්‍යාල යන්න ඉංග්‍රීසි භාශාවෙන් යුනිවර්සිටීස් යන්නයි. කැම්පස් යන්න මණ්ඩපය ලෙස යොදයි. මණ්ඩප දැනට භාවිතයේ නැත.

:       0       185

ShanakaWednesday, 25 July 2018 06:54 AM

ඔයාගේ කතාව හරියට හරි....

:       12       0

emerson Tuesday, 24 July 2018 04:36 PM

පරීක්ෂණ වලට ගියාට වැඩක් නැ ගන්න අයව තීරණය කරලා ඉවරයි

:       73       50

nayani Tuesday, 24 July 2018 05:33 PM

නොමිලේ උගන්වල අනේ ඉතින් රස්සවලුත් දෙන්න ඕනි. අැබැර්තු තියෙන ඒවාට දාන්න බෑනේ ..අපේ රටේ උපාධිය රටේ නිෂ්පාදනය වන වෘත්තීන්ට ගැලපෙන්නේ නෑ. ඒ දෙක හරියට හදන්නේ නැතිව කැම්පස් ගන්න ගාන වැඩි කරලවත් උපාධි දාරින්ට රස්සා දීලාවත් ඕක කෙලවරක් වෙන්නේ නෑ.

:       0       2

Sanath Tuesday, 24 July 2018 05:39 PM

අපේ රජයේ සේවකයින්ගෙන් 90%ක් විතර කිසිම වගකීමක් නොගෙන කරන්නං වාලේ වැඩ කරන අය කියලයි මට හිතෙන්නේ... ඒකට ප්‍රධාන හේතුව දුර්වල කළමනාකරණය සහ සේවකයන්ගේ කම්මැලිකම සහ හිතුවක්කාර කමයි.

:       0       1

Hasith Tuesday, 24 July 2018 07:25 PM

මේ උදවියට අත්‍යාවශ්‍ය රැකියා කුසලතා තිබේද? නියමිත වෙලාවට වැඩට පැමිණේවිද? රාජකාරි කාලයේ නියමිත වැඩ කරාවිද? ඒ වැඩේ කාර්යක්ෂමව ඉටු කරාවිද? සේවාලාභීන්ට මහජනයාට විනීතව කතා කරන්න දන්නවාද? රාජ්‍ය සම්පත් අවභාවිතා නොකර කටයුතු කරයිද? කරුණාකර මේ ප්‍රශ්න වලට යහපත් උත්තර නැති නම් මේ පත්වීම්වලින් රටට පලක් නැත.

:       0       2

මංජුල Tuesday, 24 July 2018 08:33 PM

අහෝ! අසරණ ජනතාවට තවත් දඩයක්! සේවය කෙසේ වෙතත් අසරණ ජනතාවගෙන් පළි ගන්න එක නම් කරයි නියමෙට. කොහොමත් ඉතින් පිං පඩියකුත් අරගෙන මාෆියා සංගම් කල්ලියකටත් බැඳිලා මැයි පළවෙනිදාට අතීතය සමරන්න හැකිවෙන්නෙත් ඔය කියන රාජ්‍ය සේවයෙන්ම පමණයි.

:       0       2

Chaandani Tuesday, 24 July 2018 08:34 PM

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අන්තිමයි. මේ දිනවල රාජකාරි වෙලාවේ නිදා ගන්න රජයේ නිලධාරිනියන් දෙන්නෙකුගේ ඡායරුපය සමාජ ජාල වල මිනිස්සුන්ගේ උපහාසයට ලක්වෙලා. දැනට යන්තම් අවදියෙන් සිටින ඉතිරි උදවියටත් බුදියා ගන්න සැපපහසුකම් සපයන්න වෙන්න ඇති මේ හාරදාහත් ගන්න යන්නේ. අනේ රටකට ගිය කලක්. අපි මෙහෙ පුද්ගලික අංශයේ මහන්සියෙන් හම්බ කරන මුදලින් රාජ්‍ය සේවකයන්ට රාජකාරි වෙලාවේ නිදා ගන්න පඩි ගෙවන්න බදු ගෙවනවා.

:       0       4

Nandalal DE SILVA - France Tuesday, 24 July 2018 09:06 PM

ළඟම ළඟම මැතිවරණ ඒන ළකුණු... පේනවා.... කඩදාසියක උපාධිදාරියෙක් කියලා තිබ්බට ඒ අයට උපාධියට සමාන මානසික තත්ත්වයක් තියෙනවා නම්.. ඒ වගේ අයට මේ පත්වීම් තිබ්බොත් රටටත් සේවයක් වෙයි......

:       0       0

wimal Wednesday, 25 July 2018 12:12 AM

උපාධිධාරීන්ගේ පැත්තෙන් බලද්දී මොකක් හරි පඩියක් ලැබෙන එක හොඳයි,එත් මේ අරගෙන ඉන්න අය මොනවද කරන්නේ? වැඩ මවනවා.සංවර්දන නිලධාරී ගමකට විසි පහක් විතර ඉන්නවා.හැබැයි සිද්ධ වෙන්නේ සං මර්ධනය මයි.අපේ පාරට කුණු දමන අල්ලලා දඩ ගසන්න හතර දෙනෙක් විතර ගන්න පුළුවනි.

:       0       113

Rasi Wednesday, 25 July 2018 03:19 AM

රජය හෙමිහිට 2020 ඡන්දයට සුදානම් වෙනවා. හැබැයි දැනගතයුතු කාරණයක් තියෙනවා, මොකද ඔක්කොම විනාශ වැඩ කරලා කැරට් අල දීලා ඡන්ද දින්නන්න පුළුවන් නම් මහින්ද 2015 ලේසියෙන්ම දිනනවා. නමුත් එක වුණේ නැහැ. ඒක මතක තියාගෙන රජය වැඩ කලොත් හොඳයි. මොකද ලංකාවේ මිනිස්සු හරි අමුතුයි. පක්ෂ වලට ඇලිලා ඉන්න කට්ටිය හින්ද ඔක්කොම තීරණය වෙන්නේ අන්තිම මොහොතේ පාවෙන, බල්ටි ගහන සිංහල සහ සුළු ජාතික කේවල් ඡන්ද ටිකෙන්.

:       33       13

HafeelWednesday, 25 July 2018 07:09 AM

මේ දවස්වල අගමැති උතුරේ සංචාර කරනවා, සෙනසුරාදා ආයිත් නැගෙනහිර යනවා, සමෘද්ධිය දෙනවා, දේශපාලන පලගනීමට ලක්වුවන්ව සලකනවා, දැන් උපාධිධාරීන්ට පත්වීම් ලබා දෙන්න යනවා, බුද්ධික පතිරණට නියෝජ්‍ය ඇමැතිකමත් දුන්නා. නමුත් ජනතාව නිසි උත්තර දේවි

:       1       35

saliya Wednesday, 25 July 2018 06:11 AM

රැකියාවත් සමඟ ඔවුන්ට උගත් කමට සරිලන, වගකිව යුතු රාජකාරි පැවරීම ද , රාජ්‍ය සේවයේ ඉදිරියට යා හැකි පරිදි , සේවාව කළමනාකරණය කිරීමද කරන්න.

:       0       1

රිද්මි Wednesday, 25 July 2018 06:13 AM

රජයේ ඌන සේවයේ නියුතු උපාධිධාරින් ගැනත් බැලුවොත් හොඳයි නේද?

:       0       0

ranga Wednesday, 25 July 2018 06:52 AM

ඡන්දේ ළඟයි..... ඡන්දේ ළඟයි

:       1       10

vernon Wednesday, 25 July 2018 07:21 AM

බඳවා ගන්න ගාණ අඩු වැඩි වෙන්න ප්‍රධානම හේතුව වුනේ සම්මුඛ පරීක්ෂණයෙන් ගන්න ලකුණු වල ගැටළුව. ඒ වගේම මෙතන ඉන්නවා බාහිර උපාධිධාරීන් ගොඩක්. ඒ වගේම පුද්ගලික අංශයේ වැඩ කරලා හුදෙක් රාජ්‍ය සේවයට එන්න ඕන නිසා එන පිරිසකුත් ඉන්නවා. තමන්ගේ ‍රැකියා ආරම්භය ගන්න ඕන අයත් ඉන්නවා. මේ සංවර්ධන නිලධාරීන්ගේ අනාගතය මොකක්ද කියලා කිසිදු තීරණයක් නෑ. ලංකාවේ මිනිස්සුන්ට රජයේ කාර්යාල නරකයි, රජයේ පාසැල් නරකයි, රජයේ රෝහල් නරකයි. හැබැයි රජයේ ‍රැකියා හොඳා.........................යි.

:       0       0

sam Wednesday, 25 July 2018 07:24 AM

තම පළමු රැකියාව හැටියට උපාධිධාරී තරුණ තරුණියන් ඉතාමත් උනන්දුවෙන් , කාර්යශීලීව වැඩ කරන්න සුදානම් බව මම අත්දැකීමෙන් දන්නවා. නමුත් කාර්යාල වල අරටු බැස ඉන්නා, යල්පැනගිය අදහස් දරන, නවීන තාක්ෂනය ගැන මෙලෝ දැනුමක් නැති තට්ටෙයි "අර මොකක්ද එකයි " පමණක් ඉතිරි වී තියන බහිරවයෝ (ගැහැණු පිරිමි දෙකොට්ඨාසයම) වැඩ කරන්නෙත් නැහැ . අලුත් ළමයින්ට කරන්න දෙන්නෙත් නැහැ .

:       0       6

Mallika Wednesday, 25 July 2018 07:46 AM

උපාධිදාරීන් කීදෙනෙක් ඉන්නවාද? ඒත් ගන්නේ 4000 යි..... සාධාරණයක් විය යුතුයි..... නැත්නම් විදේශගත දරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා....

:       0       2

Ramitha Wednesday, 25 July 2018 08:27 AM

ජාතික අපරාදයක්...

:       0       0

Ruchi Wednesday, 25 July 2018 08:54 AM

මේ උදවියට අත්‍යාවශ්‍ය රැකියා කුසලතා තිබෙනවාද ? සේවාලාභීන් මහජනයාට බුරාගෙන පනින්න නම් දන්නවා ඇති.

:       0       0

රොෂාන් Wednesday, 25 July 2018 09:32 AM

සමහරක්ට ඇත්ත දැක්කාම භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟලනවා. දඟලලා ඵලක් නැහැ. අපේ රටේ රාජ්‍ය සේවය ඉතාම දුර්වලයි. ඒ වගේම දූෂිතයි. පිනට උගන්වලා පිනට පඩි ගෙවන්න මෝඩයෝ සූදානම් වුණාට, බුද්ධිමත් ජනතාව එයට සුදානම් නැහැ. මම හිතන්නේ රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ සේවය නිසි ලෙස ඉටු කරනවා නම් කිසිවෙක් ඔවුන්ට දොස් නගන්නේ නැහැ. රාජ්‍ය විශ්ව විද්‍යාල වල උපධිකාරයෝ ගැන නම් කතා කරන්නත් ලැජ්ජයි. කට ඇති, වැඩ බැරි, ටාසන්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 526 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 399 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 556 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 276 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 374 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 423 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 585 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site