IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘උපාධි දෙන්න මාලබේට බලයක් නෑ‘

මාලබේ දකුණු ආසියාවේ වෛද්‍ය තාක්ෂණ ආයතනයට (සයිටම්) උපාධි දීමට බලයක් නැති බව තම අදහස බවත් එස්.බී ගෙන ආ නීති ඔහුම කඩා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (20) පැලවත්ත පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘සයිටම් ගැටලුව වසර කිහිපයක් පුරා කතාබහ වෙමින් තිබෙනවා. මෙම ආයතනය වෛද්‍ය උපාධි ලබාදුන්නත් එය වෛද්‍ය සභාව අනුමත කැර නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්තිමය වශයෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධයි. නමුත් අද සයිටම් ආයතනයේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් නොවේ. නීතිමය ප්‍රශ්නයක්. 2013 එවකට උසස් අධ්‍යාපන ඇමැති එස්.බී.දිසානායක ගැසට් පත්‍රයක් නිකුත් කර මේ උපාධි ප්‍රදානය පිළිබඳ ක්ෂේත්‍ර 12ක් යටතේ කොන්දේසි 90ක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ නිශ්චිත කොන්දේසි අඩංගු කර තිබෙනවා‘  යැයි ද මන්ත්‍රීවරයා කීය.

web_10211752489994115_1084148805_n

 



අදහස් (0)

‘උපාධි දෙන්න මාලබේට බලයක් නෑ‘

ජයන්ත Tuesday, 20 December 2016 03:50 PM

ශ්‍රී ලාල් , ඔයා යන්න ඇත්තේ කොන්දොස්තර කෙනෙක් ගාවට වෙන්න ඇති. (බ)

:       0       0

ජයන්ත Tuesday, 20 December 2016 03:56 PM

බුදු අම්මෝ බිමල් දන්නා දේවල්. (බ)

:       0       0

සිරි Tuesday, 20 December 2016 03:58 PM

සයිටම් එකට උපාධි ප්‍රදානය කිරීමේ බලය නැත්නම් ඒකටත් ස්ලිට් එකට, එන්.අයි.බී.එම් එකට කේ.ඩී.ඒ. එකට වගේ අවශ්‍ය බලතල දීල, උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුයි. (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 09:27 AM

ඔකේ ඉගෙනගන්න ළමයිනුත් රජයේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්න ළමයිනුත් එකම විභාගයට වාඩි කළා නම් ඉවරනේ. එතකොට ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් නැහැනේ. (නි)

:       0       0

සුනිල් Tuesday, 20 December 2016 09:25 AM

අනේ මට නම් ඕවා තේරෙන්නේ නැහැ. ඔහොම ගියොත් හන්දියක් හන්දියක් ගානේ උපාධි දෙන කඩ බිහිවෙන්න පුළුවන් හරියට මාළු ලෑලි වගේ... (නි)

:       0       0

සහන් Tuesday, 20 December 2016 10:55 AM

මෙයාල විරුද්ධ නොවෙන්නේ මොනවටද , කටින් බතල හිටවන බොරු කාරයෝ (බ)

:       0       0

අශාන් Tuesday, 20 December 2016 10:55 AM

මෙයා කොහොමද උසාවියට ඉදිරිපත් වුන කාරණයක් ගැන අදහස් ප්‍රකාශ කරන්නේ . මෙයාගේ ප්‍රශ්නය මෙයාට උපාධිය කරගන්න බැරිවීමත් ගෙදර දෙමව්පියන්ගේ ප්‍රශ්නත් නිසා මුළු සමාජය එක්කම වෛරයකින් ඉන්නේ. (බ)

:       0       0

බන්දුල Wednesday, 21 December 2016 12:02 AM

සයිටම් එක නැතිකරන්න එපා. එයට ප්‍රමිතියක් දෙන්න. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 21 December 2016 12:09 AM

සයිටම් ආයතනයේ සිසු සංවිධානයේ ලොකු මහත්තයෙක් පවා කියා තිබුණාලු නේද සයිටම් ඔවුන් රැවැට්ටුවා කියලා (නි)

:       0       0

රත්නායක Tuesday, 20 December 2016 11:27 AM

ලංකාවේ හොඳම උපාධිධාරීන් බිහිකරන්නේ සයිටම් ආයතනයෙන් බව අද හැමෝම පිළිගන්නවා. බොරුවට කෑගහල වැඩක් නැහැ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 21 December 2016 12:57 AM

කවුද ඕක දැන් පිළිගෙන තියෙන්නෙ? කවුරු පිළිගත්තත් වැඩක් නැහැ වෛද්‍ය සභාව පිළිගන්න ඕනෑ. මොකද වෛද්‍ය උපාධියක තිබියයුතු ගුණාත්මක බව තීරණය කරන්න ඕනෑ වෛද්‍ය සභාව. මොකද ඕකෙන් ඉන්දියාවෙ මැදපෙරදිග දැන් වෙනවා වගේ සුදුසුකම් අඩු වෛද්‍යවරුන් බිහිවුණොත් ඒකෙන් විඳවන්නෙ ඔබ අපි මිසක් සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න උදවිය නොවන නිසා. (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 20 December 2016 11:48 AM

අපේ රටේ වගේ ජරාජීර්ණ දේශපාලනයක් තියෙන රටක නිශ්චිත කොන්දේසි කොතෙක් ඇතුළත් කර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අාරම්ඹ කළත් එය කොතරම් පහළට වැටෙනවද යන්න සයිටම් ආයතනයෙන්ම පැහැදිලි වෙනවා. මුදල් මතින් බිහිවෙන වෛද්‍යවරු කොතරම් පහළ මට්ටමක දැනුම් ඇත්තන්ද බව මැදපෙරදිග ඉන්දියාව වැනි රටවල වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්න සිදුවී ඇති අපි දන්නවා. (නි)

:       0       0

රත්නායක Tuesday, 20 December 2016 11:56 AM

එකනම් ඇත්ත.(හේ)

:       0       0

කුමාර්ෙ Tuesday, 20 December 2016 12:05 PM

සයිටම් ආයතන එකක් නොවෙයි ලංකාවේ 5 ක් වත් පිහිටුවන්න ඕනා, (හේ)

:       0       0

කුමාර් Tuesday, 20 December 2016 12:06 PM

තාම මේ අය ඉන්නේ ගල් යුගයේ. (හේ)

:       0       0

වික්‍රම Wednesday, 21 December 2016 01:42 AM

ඔබතුමාලා හැමදාම කියනවා, අපි අහනවා. වෙච්ච දේකුත් නැහැ. අන්තිමට වචන ටික විතරයි! (නි)

:       0       0

ඉන්දික Tuesday, 20 December 2016 12:32 PM

කවුරු පිලිගත්තත් වැඩක් නෑ වෛද්‍ය සභාව පිළිගන්න ඕන.මොකද වෛද්‍ය උපාධියක තිබිය යුතු ගුණාත්මක බව තීරණය කරන්න ඕන වෛද්‍ය සභාව මිසක් අපි නෙවෙයි. (හේ)

:       0       0

සෙනෙවි Tuesday, 20 December 2016 12:34 PM

හොර උපාධි කඩ වලට කඩේ යන අය විනාශ කරන්නේ තම ඉදිරි පරම්පරා වල දරුවන්ගේ අනාගතයයි (බ)

:       0       0

ඩයස් Tuesday, 20 December 2016 12:36 PM

කරුණාකර ඔබේ දරුවන් මෙම ආයතනය වෛද්‍ය උපාධි ලාබෙට ලබාගන්න යන්න එපා.. ගුණාත්මක වෛද්‍යවරයකු බිහිවන්නේනම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක වුවද කමක් නැහැ.... මේකේ වෛද්‍ය කටයුතු භාර අධ්‍යක්‍ෂවරයා වෛද්‍ය සභාව පවත්වන විභාගය අසමත් වුනු පුද්ගලයෙක්. සායනික කටයුතු භාර නිලධාරියා ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සභාවෙන් ප‍්‍රතික්ෂේප කරපු පුද්ගලයෙක්. සයිටම් ආයතනයේ සිසුන් සංවිධානයේ සභාපති බස් අයිති මහත්තයා පවා කියා තිබුණා සයිටම් ඔවුන් රැවැට්ටුවා කියලා. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 December 2016 01:10 PM

ශ්‍රීලාල්, නිකන් බයිලා ගහන්න එපා. අපේ සල්ලිවලින් උපාධි ගන්න අයට, දිසාපාමොක් අැදුරුතුමන්ගේ දැනුම තියෙනවද, මොකටද මගේ කට අපේ සමහර දොස්තරලාගේ දැනුම ගැන. මගේ දරුවාට ඉන්දියාවට ප්‍රතිකර්ම වලට ගිය වෙලාවේ ඒ දොස්තරලා අහපු ප්‍රශ්න වලට මට ලැජ්ජාවේ බැරිවුනා අපේ රටේ වෛද්‍ය සේවය ගැන (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1752 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 798 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1025 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 618 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site