(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර ලෙස සේවය කළ නිවිතිගල, ගාල්ලගේ මණ්ඩිය පදිංචිව සිටි හංසනි භාග්‍යා ජයතිලක නැමැති (30) හැවිරිදි තරුණියයි.
මියගිය තරුණිය තවත් තරුණියන් තිදෙනකු සමග බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ දෙමහල් නිවසේ උඩුමහලේ පිටුපස කොටසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර ඉකුත් සිකුරාදා (11) ඇය රැකියාව නිමවා සවස 6.40 ට පමණ පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඇය සමග කාමරයේ වෙසෙන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ මිතුරිය ද රැකියාව නිමවා ඒ වෙනකොට පැමිණ සිට ඇති අතර මියගිය තරුණිය ඇය අමතා පවසා ඇත්තේ රාත්‍රී ආහාරය සඳහා ඇය රැගෙන එන ලද ඉස්සෝ මාළු පිළියෙල කරන බවත්ය.
ඒ අතරතුර එම මිතුරිය නාන කාමරයට ගොස් ඇඟ සෝදා පිරිසුදු කරන අතරවාරයේදී කෑ ගැසීමක් සමග ඇසුණු විශාල ශබ්දයක් ඇසී ඇය නාන කාමරයෙන් පිටතට පැමිණ සෝදිසි කිරීමේදී මිතුරිය ඉහළ මහලයෙන් වැටී සිටිනු දැක ඒ සම්බන්ධයෙන් පදිංචි නිවස හිමිකරුවන් වෙත පවසා ඇතැයි පොලිසිය කියයි
වහා ක්‍රියාත්මක වූ අසල්වාසීන් සුවසැරිය ගිලන් රථය මගින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මියගිය තරුණියක් මීට පෙර ඉඩම් රේජිස්ටර් කාර්යාලයේ සේවය කර ඇති අතර වසර දෙකකට පමණ ඉහතදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි
කොළඹ ජාතික රෝහලේ පැවති පශ්චාත් මරණ කටයුතුවලින් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීම සිදුකෙරිණි
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
ලුම්බිණි Tuesday, 15 October 2024 04:32 AM
අනාරක්ෂිත නිවාස කුලියට දීම වැරැදියි. මේ ගෙවල් අයිති කරුවන්ට විරුද්ධව නීති මගින් කටයුතු කළ යුතුයි...
සෙනෙවිරත්න Tuesday, 15 October 2024 06:14 AM
සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත වැටක්, ලිස්සා ගියොත් ඔය අත්වැට අතරින් පහලට වැටෙනව, ඒ වගේම ලණු වලින් අවෙරනය වන කොටසකුත් පේනව, නිවෙස් හිමියන් කුලිය බලා මෙවන් අනාරක්ෂිත නවාතැන් දීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතුයි.ඇයට නිවන්සුව ලැබේවා,
Bandara Tuesday, 15 October 2024 08:04 AM
වෙච්චි දේ ගැන කණගාටුයි.
Zeylanicus Tuesday, 15 October 2024 08:38 AM
කවුරු වුණත් මනුස්සයෙක් නේද? මේ වාර්තාවේ උලුප්පලා තියෙන්නේ විදිහට එච්චර උගත් නැති කෙනෙක් මෙහෙම වැටුණානම් කමක් නැහැ වගේ...!
Bunny Preena Tuesday, 15 October 2024 08:55 AM
සල්ලි වලට තියන තන්හාවට සහ කෑදරකමට නිසි ආරක්ෂාවක් නැතිව මිනිස්සුන්ට කුලියට සහ පදිංචියට දෙන එවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි....නිවසක් කුලියට දීමට සුදුසුද තහවුරු කිරිමට රජයේ වගකිව යුතු ආයතනයක් ලංකාවේ නැති නිසා ප්‍රමිතියෙන් තොර මිනිස්සුන්ට ආරක්ෂා සහිත නොවන ගෙවල් සෑහෙන ප්‍රමාණයක් නගරබදව තියෙනවා..
සමන් Tuesday, 15 October 2024 10:02 AM
වහාම මේ බිල්ඩිමේ අයිතිකාරයාට එරෙහිව දඩුවම් ලබා දෙන්න.
පියල් විරසිංහTuesday, 15 October 2024 01:27 PM
අනිවාර්යයෙන්... කිසිම් ප්‍රමිතියක් නැති ගොඩක් බෝඩින් තියනවා. මේවා නියාමනය කළ යුතුයි.
ජගත් ලියනගේ Tuesday, 15 October 2024 03:19 PM
මේවා නියාමනය සදහා නිසි ක්‍රමවේදයක් තිබුණා නම් මෙවැනි අකල් මරණ සිද්ධ වෙන්නේ නැහැ.
Dasa P Tuesday, 15 October 2024 05:30 PM
මේ ප්ලෑන් එක අනුමත කළේ කවුද?
anura Wednesday, 16 October 2024 02:03 PM
කෝකටත් කැමරා චෙක්කළානම් වඩා හොඳයි නේද?
Dasa PWednesday, 16 October 2024 05:13 PM
බැල්කනියේ වැටක් ගහලා නැති එකේ කැමරා දායි කියලා හෙතෙනවද?