IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


"උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් නව දා මැදුර කැලණියේ"

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රජ මහා විහාරයේ අභිනව ධාතු මන්දිරය ලබන 25 වැනි දා විවෘත කරන බව කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ කියති. 

ධාතු මන්දිරයේ  ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ අතර ශෛලමය පියගැටපෙළ අනුරාධපුර, පොලොන්නරු හා දඹදෙණි රාජධානි සමයන්හි ආරාමික ගෘහ නිර්මාණ ලක්ෂණ ද, දැවමය ප‍්‍රවේශද්වාරය හා සිවුපළ වහල මහනුවර යුගයේ සම්භාවනීය විහාර නිර්මාණ ලක්ෂණ ද පිළිබිඹු කරයි. නැගෙනහිර පෙනුම ශී‍්‍ර ලංකාවේ චිරසම්භාවිත  ඕලන්ද ගොඩනැගිලි සම්ප‍්‍රදායෙන්  ද, පෞරාණික මකර තොරණකින් අලංකෘත ප‍්‍රවේශද්වාරයකින් ද සමන්විත ය.

ධාතුමන්දිරාභ්‍යන්තරයෙහි ඉදිරිපස කොටස පෞරාණික ආරාමීය ගෘහනිර්මාණ ශිල්පවිධීන්ට අනුව වටිනා දැවයෙන් කරණ ලද සාම්ප‍්‍රදායික නිර්මාණ හා අලංකාරයන්ගෙන් සමන්විත වෙයි. ධාතූන් වහන්සේලා වැඩසිටින ඇතුල් මාලිගය අත්‍යලංකාර හා පෞරාණික ලක්ෂණ සහිත දැවමය ප‍්‍රවේශද්වාරයකින් ශෝබමාන වන අතර එහි ඉහළ සිට පිළිවෙළින් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සම්මාසම්බුද්ධත්වය හා මහාපර්නිර්වාණය දැක්වෙන අලංකාර දැවමය මූර්ති මගින් වන්දනීය අර්ථයන් ඔපවත් වෙයි. උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩවෙසෙන ඇතුළු මාලිගයේ සිවිලිම ස්වර්ණ වර්ණ නෙළුම් මලින් සමලංකෘත ය. ඉන් පිළිබිඹුවන්නේ බුදුසමය උගන්වන ආධ්‍යාත්මික පාරිශුද්ධියේ නිරමල සංකේතමය අර්ථය යි.

සමස්ත අභ්‍යන්තර කොටසෙහි ඇතුල හා පිටත මාලයන්හි ඇතුල් බිත්ති භූමිශ්පර්ශ මුද්‍රාවෙන් සමන්විත බුද්ධ ප‍්‍රතිමා සිය ගණනකින් විසිතුරු ව ස්වර්ණ වර්ණයෙන් බැබළෙයි. අතීතානාගත හා ප‍්‍රත්‍යුත්පන්න සියලූ බුදුවරුන් නියෝජනය වන ලෙස ආශීර්වාද බලයෙන් අතිමහත්යැයි සැළකෙන භූමිශ්පර්ශ මුද්‍රාවෙන් නිරූපිත බුද්ධ ප‍්‍රතිමා මෙම බුදුකුටියෙහි අනුහස් ප‍්‍රබල ව ජනිතවන ලෙස ගෞරවයෙන් තැන්පත් කොට ඇත. 

 ධාතූන් වහන්සේලා වැඩවෙසෙන අත්‍යලංකාර දැවමය මණ්ඩපය සම්භාවනීය සාම්ප‍්‍රදායික ලාංකික ආරාමික කැටයම් කලාවෙන් සමුපශොභිත වන අතර මෙහි ගෞරවයෙන් වන්දනාවට පැමිණෙන දෙවියන් සහිත ශ‍්‍රද්ධාවන්ත ජනීජනයාට බුද්ධගෞරවය උසස් ම ලෙස සිත්හි උපදවා වන්දනාමාන කිරීම පිණිස සකස් වී ඇත.

මෙම පූජාව සඳහා දායකත්වය සුනිල් තිලකවර්ධන මහතා, එම පවුලේ සාමාජිකයන්ගෙනි. වාස්තු විද්‍යාඥ නන්දිකා දෙනිපිටිය මහත්මිය ගෘහ නිර්මාණ ශිල්පිණියයි 

ධාතු මන්දිරය ශාසනයට පූජාකිරීමෙන් අනතුරුව දිනපතා උදේ 6 ට තේවාව පැවැත්වීමට නියමිත ය. සාම්ප‍්‍රදායික හේවිසි ශබ්ද පූජාව සමග උදෑසන බුද්ධ පූජා දානය ඒ සමග පැවැත් වේ. එසේ ම දිනපතා දහවල් 11. 30 ට දිවා තේවාව පැවැත්වීමට නියමිත ය. හේවිසි ශබ්ද පූජාවත් බොහෝ සූපව්‍යඤ්ජන සහිත පූජා දානය ඒ සමග පැවැත් වේ. දිනපතා සවස 6. 30 ට සන්ධ්‍යා තේවාව පැවැත්වීමට නියමිතය.

3257--Finish 3265--Tree--Finish 3271--Finish



අදහස් (0)

"උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් නව දා මැදුර කැලණියේ"

සූරිය Friday, 24 June 2016 02:17 AM

හරිම අගෙයි, හරිම සතුටුයි. අපේ නාහිමිපාණන් වහන්සේට දිගාසිරි වේවා....! (නි)

:       0       0

කවී Thursday, 23 June 2016 11:14 AM

සාදු සාදු සාදු .... කැලණි විහාරයට සැමදා අලුත් අංග එකතු වෙයි (බ)

:       0       0

අසේල Thursday, 23 June 2016 11:21 AM

පින් වැඩෙන වැඩක් ස්තූතියි (බ)

:       0       0

නිමල් Thursday, 23 June 2016 11:32 AM

මෙවැනි පූජාවෝ තව තවත් කරගැනීමට ඔබට ධෛර්යය ශක්තිය නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු !!! (ර)

:       0       0

ප්‍රභාත් Friday, 24 June 2016 02:55 AM

කැළණි රජ මහා විහාරයේ අභිමානවත් බව සහ ගාම්භීරත්වය තවත් වැඩි වූ රමණීය, ඉතිහාසගතවන නිර්මාණයක් (නි)

:       0       0

නිමල් Thursday, 23 June 2016 11:34 AM

නොව පැරණිය, වන රමණිය විටින්විට. (ර)

:       0       0

අනුරාධ Thursday, 23 June 2016 04:44 PM

සාදු! සාදු!! සාදු!!! වචන වලින් කිවනොහැකි ඉතා උතුම් කටයුත්තක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 28 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2037 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1056 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 913 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 714 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2440 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site