IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උප්පැන්න දෙන්න මරණ සහතිකය පුරවන නුවරඑළිය රෝහල

 (ආර්.එෆ්.එම්.සුහෙල් )

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අයදුම්පත වෙනුවට මරණ සහතිකයක් ලබාගැනීමේ අයදුම්පත නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්කාර්යාල නිලධාරී මණ්ඩයේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවයට පත්වීමට සිදුවන බව මහජනතාව මැසිවිලි නගති.

මාසයකට අධික කාලයක් නුවරඑළිය ප්‍රාදේශ ලේකම් කාර්යාලයට උප්පැන්න සහතික ලබා ගැනීම සඳහා පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමේ අයදුම්පත් වෙනුවට මරණ සහතිකය අයදුම්පත ලබාදෙන බවත්, එහි සිංහල භාෂාවෙන් ඇති "මරණ" යන වචනය කපා එයට උඩින් ඉංග්‍රීසි භාෂාවෙන් "BIRTH" යනුවෙන් ලියා මහජනතාවට බෙදීමට ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කරනු ලබන බවත් ඔවුහු කියති.

තවද එක් භාෂාවක් පමණක් දන්නා මහජනතාව දැඩි සේ අපහසුතාවයට පත්වන බවත් උප්පැන්න සහතික පිටපතක් ලබා ගැනීමට යෑමේදී මරණ සහතික අයදුම් පතක් ලබාදීමේදී දැඩි ලෙස කම්පා වීමට සිදුවන බවත් මහජනතාව මැසිවිලි නගති ,

මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගකිවයුතු නිලධාරීන්ගෙන් අප කළ විමසුමකට ඔවුන් කියා සිටියේ උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමේ අයදුම්පත් අවසන් වී ඇති බව අදාළ පාර්ශවයන් වෙත දැනුම් දුන්නද අවශ්‍ය සැපයුම ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.

 

 



අදහස් (13)

උප්පැන්න දෙන්න මරණ සහතිකය පුරවන නුවරඑළිය රෝහල

පිටරටවැසියා Monday, 02 September 2024 03:01 PM

පුළුවන් ශ්‍රී ලංකා. මුළු රටම වැල්පාලමෙන් ගොඩ ගිහිං තියෙන හැටි ...

:       0       0

ලසන්ත Monday, 02 September 2024 03:12 PM

කිට්ටුව පිහිටි කාර්‍යාලයකින් තාවකාලිකව අවශ්‍ය අයදුම්පත් ප්‍රමාණයක් ගෙන්වාගෙන වැඩේ කරගන්න තරම් අවබෝධයක් මේ අයට නැද්ද?

:       3       60

ලසන්ත Monday, 02 September 2024 03:15 PM

රණ සහතිකත් ඉවර වුණාට පස්සේ කසාද සහතික පුරවන්න කියයි...

:       3       57

tissa Monday, 02 September 2024 03:30 PM

ආශ්චර්යමත් දේශය

:       0       0

Janindu Perera Monday, 02 September 2024 04:01 PM

අනේ අනේ! රනිල් මහත්තයා ගොඩ දැම්මා කිව්ව රට නේද මේ?

:       0       0

vernon Monday, 02 September 2024 04:23 PM

සමහර වෙලාවට බැංකු වලත් සල්ලි තැන්පත් පත්‍රිකා නැත්නම් චෙක් පත්‍රිකාවලින් ඒ වැඩේ කරනවා. දැන් මෙතැන එන මිනිස්සු හරවලා යවන්නේ නැතිව තියෙන විදිහට වැඩේ කරාම ඒකටත් බනිනවා. මොකද ලැබෙන සහතිකය වැරදි නෑනේ...!

:       0       0

Jayasingha Monday, 02 September 2024 04:39 PM

ඔය දේ බොහෝවිට සිදුවන සුලබම දෙයක් යැයි කියන්න පුළුවන්.. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට රෙජිස්ට්‍රාර් තනතුරු පැවැරීමට පෙර දිසාපති කාර්‍යාලයේ ඉඩම් රෙජිස්ට්‍රාර් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්‍යාලයේ ඔය තත්වය තිබුණා... ඒ කියන්නේ 1992ට පෙර කාලයේ එහෙම වුණා කියලා තමයි ඕක ගණන් ගතයුතු දෙයක් නොවෙයි. ඒවායේ ඔයිටත් වඩා බරපතල වැරැදි වෙනවා.. මම ඉතාමත් අත්‍යාවශ්‍යම දෙයක් සඳහා උප්පැන්න සහතිකයේ ඉංග්‍රීසි පිටපතක් ගැනීමට එක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක රෙජිස්ට්‍රාර් අංශයේ නිලධාරින්ට රුපියල් 1200/= ක් ගෙවා අයැදුම්පත් ඉදිරිපත් කලේ මීට මාස අටකට පමණ පෙර තමයි. අද දෙන්නම්, හෙට දෙන්නම් කිව්වා එය අවශ්‍ය තැනට දෙන්න බැරිවුණා... තවමත් එය මට ලැබුනේ නැහැ. ඒත් එහි ඉන්නේ දැනට ජනාධිපති තනතුර ලැබුණා කියලා හිස උදුම්මාගත් එයට කැපවූ පියුම් රාළහාමි කෙනෙක් ඉන්න තැනක තමයි... අන්තිමේ මම එය භාෂා පරිවර්තනය කරන කෙනෙක් ගෙන් ඉතාමත් සහන මිලට ගත්තා..

:       0       0

Suranga Monday, 02 September 2024 04:43 PM

උප්පැන්න සහතිකයේ ඡායාපිටපත් ඇත්නම් බොහෝමයක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලින් අයදුම්පත්‍ර පිරවීමක් නැතුව උප්පැන්න සහතිකයේ පිටපත් ගන්න පුළුවන් ඒ හැර දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට ගියත් ගන්න පුළුවන් ඒ පහසුව කරූ ජයසූරිය මැතිතුමා රාජ්‍ය පරිපාලන ඇමති හැටියට කරපු සේවයක් වෙනවා

:       0       0

saki Monday, 02 September 2024 05:41 PM

මේක පුදුම රටක්

:       0       0

අරවින්ද මොනරවිල Monday, 02 September 2024 06:05 PM

පුළුවන් ශ්‍රිලංකා කිය කියා කයිවාරු ගැහුවාට අවුරුදු 76 ක් කරලා අන්තීමට ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය විතරක් නොවෙයි උප්පැන්න සහතිකයක්වත් දී ගන්න බැරි තැනට රට පත්කරලා හමාරයි...

:       0       0

Rata Perata Monday, 02 September 2024 07:04 PM

පුළුවන් ශ්‍රී ලංකා...!

:       0       0

sugath Monday, 02 September 2024 07:04 PM

මේ ඉල්ලුම් පත්‍ර දෙකේ මාතෘකාව වෙනස් වුනත්, ඉල්ලුම් පත්‍ර අන්තර්ගතය බෙහෙවින් සමානයි. එබැවින්, ඉල්ලුම් පත්‍ර හිඟ අවස්තාවක මෙවැනි දෙයක් කිරීමේ කිසිම ගැටළුවක් නැහැ.

:       0       0

kumara Tuesday, 03 September 2024 06:45 AM

ලංකාවේ බහුතර රාජ්‍ය ආයතන, පාසල්වල ඇතැම් ගුරුවරු පවා මිනිසුන්ගේ දරුවන්ගේ හදවත කඩා දාන වැඩ කරන්න කිසිම පැකිලීමක් නෑ. අලුතෙන් පාසලකට ඇතුළු වුණ මම අදුනන දරුවෙක්ගේ හදිසියේ නැති වුණා. ඒ දරුවාගේ අලුත් පාසලේ ප්‍රගති වාර්තාවේ පියාගේ අත්සන යොදලා තිබුනේ නෑ. අර අලුත් පාසලේ අංශභාර ගුරුවරයා ඒක දැකලා පෑනක් අරන් පියාගේ විස්තර කියන කොටස ඉරකින් කැපුවා. තමුන්ගේ පියා මිය ගිය අලුත ඒ වගේ තිරශ්චීන වැඩ කරන අයත් ඉන්නවා. දරුවා බොහෝම මානසිකව වැටුනා. අන්තිමට ඉස්කෝලෙ පවා යන්න බැහැ කියලා කිව්වා. පව් එහෙම කරන්න. ඒක මට මතක් වුනේ, උපත කියන්නේ සතුටේ එක් අන්තයක්, මරණය කියන්නේ මැරෙන්න ඔහොම මෙහෙම ඉන්න කෙනෙක් පවා හිතන්නට අකමැති දෙයක්. අපි කවුරුත් මැරෙන්න අකමැතියි. ඇයි දරුවෙක් ඉපදුනාම වගේ ජීවිතේ ලස්සනම මොහොතක මේ වගේ තක්කඩි වැඩ කරලා අර අහිංසක මිනිස්සුන්ගේ හදවත කඩා දමන්නේ? වහාම විනය ක්‍රියාමාර්ග අරගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5054 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 50 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 28 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 839 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1422 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3119 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16010 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site