IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘‘උපායමාර්ගිකව - ආරක්ෂාවේදී ඉන්දියාවට මුල්තැන දී කටයුතු කරනවා‘‘

ශ්‍රී ලංකාව ‘‘මධ්‍යස්ථ’’ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එසේ නමුත් උපායමාර්ගික සහ ආරක්ෂක කරුණුවලදී ‘‘ඉන්දියාවට මුල්තැන’’ දී කටයුතු කරන බවත් විදේශ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

‘‘උපායාමාර්ගික සහ ආරක්ෂාව සම්බන්ධ කරුණුවලදී අපි ඉන්දියාවට මුල්තැන දී කටයුතු කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කර තිබෙනවා. අපට උපායමාර්ගික ආරක්ෂාව පැත්තෙන් ඉන්දියාවට තර්ජනයක් වෙන්න බැහැ. එසේ වීමට අවශ්‍යත් නැහැ. අපි ඉන්දියාවේ ප්‍රතිලාභ ලැබිය යුතුයි. ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ප්‍රමුඛත්වය දෙන්නේ ඉන්දියාවට. ජනාධිපතිවරයා ඒ බව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් ආර්ථික සෞභාග්‍ය සම්බන්ධයෙන් ගත්විට අපට අනෙක් පාර්ශව සමඟ ගනුදෙනු කරන්න වෙනවා’’ යැයි අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවැසීය.

රූපවාහිනි නාලිකාවකට අදහස් දක්වමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.

මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතරවාරයේදීම ශ්‍රී ලංකාව ඉන්දියාවේ උපායමාර්ගික අභිලාෂ ආරක්ෂා කරන බව ද ඔහු කීවේය.

හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දක් යටතේ චීනයට ලබාදීම ‘‘වරදක්’’ යැයි ද විදේශ ලේකම්වරයා කීය.

‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’

055



අදහස් (11)

‘‘උපායමාර්ගිකව - ආරක්ෂාවේදී ඉන්දියාවට මුල්තැන දී කටයුතු කරනවා‘‘

චීන ජාතිකයෙක් Wednesday, 26 August 2020 04:30 PM

අප චීන ජාතිකයන් වුණත් ඉතා හොඳින් සිංහල ලිවීමට, කියවීමට හැකි බවත්, මේවා දිහා අප අවධානයෙන් බලා සිටින බවත් කොළඹගේ මහතාට නැවතත් මතක්කර දෙන්න කැමතියි...

:       2173       1322

Kalana Wednesday, 26 August 2020 05:25 PM

ඇමෙරිකාවට ඕනේ විදියට නටන්න ආපු කෙනෙක්, යවලා දාන්න.

:       0       0

rasika Wednesday, 26 August 2020 06:56 PM

මෙය නිවැරැදියි. අපි ඉන්දියාව සමග කිට්ටුවෙන් කටයුතු කරන්න ඕනේ ආරක්ෂාව සම්බන්ධ තීරණවලදී... ඒ වගේම ඉන්දියාවේ වගකීම තමයි ලංකාවට අනවශ්‍ය පීඩනයක් නොදී සහයෝගයෙන් කටයුතු කිරීම. මෙතුවක් කලක් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවේ අසල්වැසි කිසිම රටකට යහපතක් වෙලා නැහැ. ඉන්දියාව ඔවුන්ගේ හමුදාව ලංකාවට එවලා තියෙනවා. ත්‍රස්තයන් පුහුණුකරලා ලංකාවට එවලා තියෙනවා. පාකිස්තානයට, බංග්ලාදේශයට, චීනයට, මාලදිවයිනට මේ හැම රටක් එක්කම යුදවැදිලා නැතිනම් හමුදාව යවලා තියෙනවා. දැන්වත් ඔවුන් තේරුම් ගන්න ඕනේ අසල්වාසී මිත්‍ර රටවල් සමග සමතැන තියලා වැඩ කරන්න. අපිට ඉන්දියාව වැදගත් වගේම ඉන්දියාවටත් ලංකාවේ හොඳ හිත වැදගත්...

:       0       0

Binkunndaa Wednesday, 26 August 2020 07:33 PM

ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ බලපෑම්වලට යටවෙලා, බයවෙලා වගේ...

:       0       1

de silva Wednesday, 26 August 2020 08:58 PM

විකාර කියවනවා. දැන් මාස 5ක් වෙනවා. ගුවන් තොටුපල වහලා තවම බැරිවුණා... මැදපෙරදිග අතරමංවෙලා ඉන්න අපේ ශ්‍රමිකයෝ ටික සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා කරලා ලංකාවට ගෙන්වා ගන්න.

:       0       0

Champa Thursday, 27 August 2020 02:43 AM

උපාය මාර්ගික ආරක්ෂවට කෙසේ වෙතත් දැන් ලංකාවට හැම එකටම ඉන්දියාව ඕනේ. තනිකරම වහල් භාවයක්. ගුවන් තොටුපොළ හදන්න ඉන්දියන් ආධාර ඕනේ. වරාය හදන්න ඉන්දියන් ආධාර ඕනේ. තෙල් ටැංකියට ඉන්දියන් ආධාර ඕනේ. පාර හදන්න ඉන්දියන් ආධාර ඕනේ. ගෙවල් හදන්න ඉන්දියන් ආධාර ඕනේ. විශ්ව විද්‍යාල වල ඔඩිටෝරියම් හදන්න ඉන්දියන් ආධාර ඕනේ. දැන් අලුත්ම එක මම දැක්ක අධ්‍යාපනයට, වෘත්තීය පුහුණුවටත් ඉන්දියන් ආධාර ඕනෙලු. දැනට අවුරුදු 30 කට 40 කට ඉස්සෙල්ල මේවා අපිමනේ කර ගත්තේ. ආර් ප්‍රේමදාස ගෙවල් දශ ලක්ෂයක් හදන්න පටන් ගත්තේ ඉන්දියන් ආධාර වලින්ද? මෙච්චර කල් වෘත්තීය පුහුණු දුන්නේ ඉන්දියන් ආධාර වලින්ද? ඇත්තටම අපිට තනිවම කිසි දෙයක් කරගන්න බැරිද?

:       2       396

kamal Thursday, 27 August 2020 03:05 AM

ඕක කියන්නත් දෙයක්ද.?

:       0       79

ඉන්දීය ජාතිකයෙක් Thursday, 27 August 2020 04:40 AM

පාස්කු බෝම්බේ ගහන බවත් මුලින්ම කිව්වේ අපි. ඉතිං ඔහේලාට අපි නැතිව ගමනක් යන්න බෑ. අපේ අගමැති මෝඩි ඔහේලගේ උත්තරීතරම පාර්ලිමේන්තුවේ කතා කළා. කෝ මහලොකු නිදහස් නිවහල් බව? කොටින්ම අපේ ගීතයක තනුවක් නැතිව ගීතයක් වත් නිර්මාණය කරගන්න ඔහේලාට දැන් බෑ..

:       0       25

ශ්‍රී ලාංකිකයෙක්Thursday, 27 August 2020 06:13 AM

හින්දි ගීත කොපි කිරීම වහා නවත්වා ස්වතන්ත්‍ර නිර්මාණවලට යා යුතුයි. නිසියාකාරව හින්දි තනුවක් ගායනා කිරීමට අද සිටිනා ගායකයින්ට බැරිය. මෙය ලැජ්ජා සහගත නිවට ක්‍රියාවකි. 70 දශකයේදී හොඳ සිංහල ගීත හැදුනේ දේශීය ගීත පමණක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළ නිසායි. එකළ කොපි ගීත තහනම් කෙරිණි.

:       0       2

anaThursday, 27 August 2020 07:45 AM

ඔව්, බොලාගේ පොරක් අවුරුදු 2000 කට විතර කලින් මෙහෙ ඇවිත් අපේ කෙනෙක් අරන්.. දැන් අයගේ ඒ ජාන ලක්ෂණ පෙන්නනවා..

:       0       0

ana Thursday, 27 August 2020 07:46 AM

ඒ කියන්නේ චණ්ඩියා 2ට නැමෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 417 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 946 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1043 1

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1253 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 1989 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1138 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site