බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සහ කොළඹ දිස්ත‍්‍රික් වොලිබෝල් සංගමය එක්ව සංවිධානය කරන ‘උපාලි කොඩිකාර’ අභියෝග කුසලාන පාසල් වොලිබෝල් තරගාවලිය හෙට සහ අනිද්දා (5 සහ 6) නාවින්න මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට කොළඹ දිස්ත‍්‍රික්යේ අධ්‍යාපන කොට්ඨාසවල වයස 17 න් පහළ (1997 න් පසු උපන් කී‍්‍රඩකයන්ගෙන් සමන්විත) බාලක ශූරතා දිනූ කණ්ඩායම්වලට සහ වයස 15 න් පහළ (1998 න් පසු උපන් කී‍්‍රඩකාවන්ගෙන් සමන්විත) බාලිකා ශූරතා දිනූ කණ්ඩායම්වලට සහභාගි විය හැකිය. සියලූම කණ්ඩායම් හෙට (05) පෙරවරු 8.30 ට ක‍්‍රීඩාංගණයට පැමිණිය යුතු බව සංවිධායකයෝ පවසති.
මෙම තරගාවලියට සමගාමීව කොළඹ අධ්‍යාපන කළාප වොලිබෝල් සංචිතවල පුහුණුව ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ප‍්‍රදර්ශන වොලිබෝල් තරගාවලියක්ද අනිද්දා (06) පැවැත්වීමට ද නියමිතය.
තරගාවලියේ සමාප්ත උත්සවය අනිද්දා පස්වරු 6.30 ට කොළඹ දිස්ත‍්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති, තැපැල් සේවා අමාත්‍ය, ජීවන් කුමාරතුංග මහතා සහ කොළඹ දිස්ත‍්‍රික් වොලිබෝල් සංගමයේ උප සභාපති, බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වරුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උපාලි කොඩිකාර අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය හෙට - අනිද්දා