(සනත් ගමගේ)
හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට උප්පැන්න සහතිකයක් ගැනිමට පැමිණි පුද්ගලයකු එය ලබා ගැනීමට ප්‍රමාදවිම හේතුවෙන් එම කාර්යාලයේ නිළධාරීන්ට බැණ වැදී කාර්යාලයේ දේපල කිහිපකට අලාභ හානී සිදුකර ඇතැයි පොලිසිය කියයි.
හම්බන්තොට ගොන්නොරුව 5 කණුව ප්‍රදේශයෙ පදිංචි 50 හැවිරිදි මෙම පුද්ගලයා ඉකුත් 4 දා හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ඉල්ලා සිට ඇත.
එයට අදාළ ලේකන පුරවා භාරදිමෙන් පසුව එය ලබාදීමට ප්‍රමාද වුණැයි මෙම පුද්ගලයා කාර්යාලයේ කිහිප දෙනකුගෙන් විමසීම් කර ඇති අතර නිසි ප්‍රතිචාර නොදැක්වීම හා ප්‍රමාදය තවදුරටත් සිදුවන හෙයින් කාර්යාලය තුළට ගොස් පුටුවක් ගෙන මේසයට හා වීදුරු ජනෙල්වලට පහරදී ඇත. කාර්යාලයේ උපකරණවලට අලාභ හානි සිදුව තිබේ.
සිද්ධිය සම්බන්දයෙන් හම්බන්තොට පොලිසියට කළ දැනුම් දිමක් මත අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
වෙළඳපොලේ විකිණීමට ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත්වීම සහ දැනට පවතින නීති යාවත්කාලීන කිරීමේ වැදගත්කම පි
හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට උප්පැන්න සහතිකයක් ගැනිමට පැමිණි පුද්ගලයකු එය ලබා ගැනීමට ප්‍රමාදවිම හේතුවෙන් එම කාර්යාලයේ නිළධාරීන්ට බැණ වැදී
පුවත්පත් මුද්‍රණ කඩදාසි හා තීන්ත මිල අඩු කළ යුතුව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තු වෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
උප්පැන්නයක් ගන්න ඇවිත් යකා නටලා
අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Thursday, 06 March 2025 05:49 PM
මෙහෙම නොවනවා නම් තමයි පුදුමේ. මට දැන් අවුරුදු 13 වැටුප් නැහැ. ගරු අභියාචනාධිකරණ තීන්දුවකුත් දිලියි තියෙන්නේ. වසර 3 කට කලින් නඩුවේ වග අත්තර කරුවො තමයි දකුණු පළාතේ ආණ්ඩුකාරයා, අධ්‍යාපන ලේකම්, රාජ්‍ය සේවා කොමිෂමේ ලේකම්, ප්‍රධාන ලේකම්. මේ අය දැන් අවුරුදු 3 ක් තිස්සේ එකිනෙකා අතර නීති විරෝධීව ලිපි හුවමාරු කර ගන්නවා. නමුත් නඩු තීන්දුව ගානකටවත් ගණන් ගන්නේ නැහැ. ලිපියක් යැව්වාට උත්තරයක් වත් නැහැ. මම ඉතා වගකීමෙන් කියන්නේ. මේවා විසඳලා දෙන්න වර්තමාන දේශපාලන අධිකාරියටවත් තේරුමක් නැහැ. ඒක නිසා මටත් වෙලාවකට හිතිලයි තියෙන්නේ. මෙහෙම දෙයක්වත් කරන්න. එතකොට වත් ඇස් ඇරේවි කියලා. අහිංසක මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ. මම නම් නීත්‍යානුකූලව කල දේවල් ටිකක් කරලයි තියෙන්නේ... නඩු තීන්දුව ගැන විමසලා නීතිපති එකකට ලිපියක් යොමු කලේ මගේ කීමට අවුරුදු 3 ක් ගතවෙලා. එහෙමයි වැඩ. අපිට යුක්තිය ඉටු වෙන්නේ අපි මැරැණට පස්සෙ. අලුත් ජනාධිපතිතුමාත් අගමැතිතුමියත් ලිපි එවල තියෙනව. ආණ් ඩුකාරයා ඒව හංගගෙන ඉන්නව. වගකීමෙන් කියන්නේ.
රජිත Thursday, 06 March 2025 07:31 PM
ජයවීර මහත්තයාගේ සිද්ධිය මුලු දකුණු පළාතම දන්නවා. ලියන්න විගණනයට. තව ලියන්න අල්ලස් කොමිසමට. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 111 වගන්තියෙන් මේ ඕක්කෝටම වැඩේ දෙන්න පුළුවන්... ආණ්ඩුකාරයා ගැන කියන්න දෙයක් නැහැ. මිනිහා හොඳ ඩබල්ගේම් කාරයෙක්. අනික දකුණේ දේශපාලන අධිකාරියට මෙලොව දෙයක් තේරෙන්නේ නැහැ. කයිය විතරයි.
අමුඩයා Thursday, 06 March 2025 05:57 PM
මෙහෙම දේවල් වෙන්නේ නිලධාරින්ගේ වැරැදි නිසා. ඒ නිසා අපක්ෂපාතී පරීක්ෂනයක් කරන්න. එතකොට තේරෙවි නිලධාරීන්ගේ හැටි. අද පවා ගව් නැත්නම් වැඩක් කරන ගන්න බැහැ...
de silva Thursday, 06 March 2025 07:28 PM
මාලිමා නොවේ මොන ආණ්ඩුව ආවත් පගාව දුන්නේ නැතිනම් ඇඳුනුම් කමක් නැතිනම්, මොකවත් කරන්නේ නැහැ... එක එක වැල්වටාරම් කියමින් මිනිස්සු රස්තියාදු කරනවා... කොළඹ නම් ටිකක් හොඳයි. නමුත් හම්බන්තොට වැනි දුෂ්කර පළාත්වල නම් කියලා වැඩක් නැහැ.. මිනිස්සු පව්... ,
අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Thursday, 06 March 2025 07:51 PM
ජනාධිපතිතුමණි, ආණ්ඩුකාරවරු පත්කරන කොට නීතිය ගැන දන්නා අය පත්කරන්න. දකුණු පළාතේ පරිපාලන නිලධාරින්ට නඩු තීන්දුවක් කියවලා තේරුම් ගන්න බැහැ. මම වගකීමෙන් කියන්නේ. නඩුවෙන් පස්සේ මම නැවත සේවයේ පිහිටුවලා විශ්‍රාම යනකන් පඩිත් ගෙව්වා. එයලාගේ අවශ්‍යතාවයට මම ගෙදර නවත්තපු කාලයට මට හිඟ වැටුප් දෙන එක එයාලාගේ වගකීමක්. දැන් අවුරුදු 3 ක් තිස්සේ වගඋත්තර කරුවෝ ලිපි ලියලියා ඉන්නවා. ප්‍රධාන ලේකම් නීතිපති උපදෙස් පතලා ලියුමක් යවලා අදට දවස් 52 යි. නීතිපතිතුමාගේ වරද නොවෙයි. ඒවා කරන්න තිබුණේ... මෙයට වසර 3කට පෙර. ඔය මිනිස්සු කාර්යාලවලට ඇවිල්ලා බඩු පොඩිකරානේ දරා ගන්න බැරි නිසා... ඔය නිලධාරීන් කියන පිරිස සේවාදායකයින්ට දෙන වදය එසේ මෙසේ නැහැ. කවුරුවත් ඕනෑ නැහැ. මම දැන් නැවත සේවය කළ මාස 5 ක වැටුප යැර මේ වනවිට මාස 159 ක් කිසිම වැටුපක් නැතිවයි ජීවත් වෙන්නේ... මේක දැක්කොත් ජනාධිපතිතුමා හරි මෙවැනි දේවල් ගැන අවශ්‍ය කටයුතු කරන්න. මේ රට විනාශ කලේ එහෙම අය තමයි. නඩුත් දකුණේ දේශපාලන අධිකාරියත් මේවාට වග කියන්න ඕනෑ. මම ඉල්ලීමක් කළා දේශපාලන අධිකාරියෙන් විනාඩි 5 කට මට ආණ්ඩුකාරයා මුණ ගස්සවන්න කියලා. එතකොට මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මට කරන අසාරණය...
PGPTHILAK Thursday, 06 March 2025 07:55 PM
රජයේ නිලධාරීන් විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න අය මිනිස්සු රස්තියාදු කරවනවා! මේ ගැන මේ ආණ්ඩුව තවම කිසිම මැදිහත්වීමක් කලේ නෑ! වෘත්තීය සමිති මාෆියාවට ආණ්ඩුව යටවෙලා වගේ අපට තේරෙන්නේ...! පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගියාට විතරක් මදි! මිනිස්සුන්ට වෙනුවෙන් පෙනීසිටිම අත්‍යාවශ්‍යයි!!
ලාල් Thursday, 06 March 2025 08:36 PM
කියලා වැඩක් නැහැ. බහුතරයක් ගන්නේ පව්කාර පඩි.