IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උප ඇමැති ගෝලයෝ සැකපිට

ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැලියක් සඳහා වඳුරඹ නගරයේ ඉදි කළ වේදිකාවකට ගිනි තබා ශබ්ද විකාශන යන්ත්‍රවලට හානි කළැයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ අධාරකරුවන් තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ජීප් රථ දෙකකින් පැමිණි පිරිසක් ගිනි තබා විනාශ කොට සැරසිලිද කඩා එහි ශබ්ද විකාශන යන්ත්‍රවලටද හානි කර ඇති අතර ශබ්ද විකාශන යන්ත්‍ර ප්‍රවාහන කළ ලොරි රථයටද ගිනි තබා තිබිණැයි පොලිසියට පැමිණිලි කර තිබිණි.



අදහස් (0)

උප ඇමැති ගෝලයෝ සැකපිට

මහේන් Friday, 19 December 2014 02:02 AM

මේ අපේ රටේ දේශපාලනයේ ප්‍රමිතිය තමයි. වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

අබේපාල Friday, 19 December 2014 02:28 AM

මේ සියලු දුරාචාරකම් පෝෂණය කරන්නේ කවුද කියලාත් අපි දන්නවා (නි)

:       0       0

හරීන්ද්‍ර Friday, 19 December 2014 03:10 AM

අන් අයගේ නිදහසට බාධාකිරීම යහපාලනය නෙමෙයි නේද? (නි)

:       0       0

විජේසිංහ Friday, 19 December 2014 03:13 AM

මෙවැනි දේවල් වලින් හානිවෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිරූපයට‍ නොවේද? (නි)

:       0       0

ලාල් Friday, 19 December 2014 03:41 AM

ගෝලයෝ ටික ගේම් එක දීලා තියෙන්නේ නියෝජ්‍ය ඇමතිතුමාටත් හොරෙන් වගෙයි.එතුමා මොකුත් දන්නේ නැතුව ඇති. පව්,ඒ අහිංසකයාව මේවට පටළවාගන්න එපා. (නි)

:       0       0

තිලක් ඩුබායි Friday, 19 December 2014 03:52 AM

ජනවාරි 9 වෙනිදට මහජන රජයක් බලයට පත් උනහම නීතියානුකුලවම දැඩි දඩුවම් කරන්න. කිසිම බුරුලක් දෙන්න එපා. (නදී)

:       0       0

තිලක් ඩුබායි Friday, 19 December 2014 03:53 AM

වැදගත් මිනිස්සු පක්ෂය හැර ගියහම අන්තිමට ඉතිරි වෙන්නේ මෙන්න මේ වගේ අය තමයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 19 December 2014 03:57 AM

ගිනි තබා විනාශ කල වේදිකාවේ ශබ්ද විකාශන වාහන ඉදිරි පිට ඉදල මෛත්‍රී, ජෙනරල් ෆොන්සේකා විශාල ජනකායක් මැද්දේ රැලිය අමතන ෆොටෝ අන්තර්ජාලයේ තිබෙනවා. ගිනි තියපු/තියන්න උදව් කරපු "වඳුරන්ට" උන ගැනෙන්න, කරුණාකරල එම ෆොටෝ ටිකකුත් පල කරන්න. (නදී)

:       0       0

සෝබනා Friday, 19 December 2014 03:58 AM

ඇගපත තිබුනට මොලේ නැහැ කියල කතාවක් තියෙනවනේ. (නදී)

:       0       0

වෙරංග Friday, 19 December 2014 03:59 AM

කොහොමද ගෝලයන්ගේ වැඩ. කොහොමද ගෝලයන්ගේ ලොක්කගේ කතා. (නදී)

:       0       0

පිටිගල Thursday, 18 December 2014 03:11 PM

ඕවා නම් ලැජ්ජා නැති වැඩ. (නි)

:       0       0

රංග Friday, 19 December 2014 08:46 AM

වැරැදි කරානම් දඩුවම් ලැබෙයි.(හේ)

:       0       0

ලාල් Friday, 19 December 2014 04:37 AM

මහන්සිවෙලා නිදා ගත්තා කිව්වේ ? (නදී)

:       0       0

ශාන්ත Friday, 19 December 2014 04:43 AM

මෙවැනි දේ කරණ මිනිසුන්ට දඬුවම් කරන්න තරම් කෙරුම් කාරයෝ ලංකාවේ නැහැ (නදී)

:       0       0

ඇන්ටන් Thursday, 18 December 2014 06:57 PM

දැන් බලනකොට උප ඇමතිතුමාටම හරියන කට්ටියක් තමයි හොයාගෙනත් තියෙන්නේ (නි)

:       0       0

ජනිත් Thursday, 18 December 2014 10:41 PM

චෝදනා ඔප්පු වුණොත් මේ ගොල්ලන්ගේ ගෙවල් විකුණලා හරි අලාභය ගෙවන්න සළස්වන්න ඕනෑ. දේශපාලකයා පැත්තකින් තියන්න. අර අනිත් මිනිස්සු පුද්ගලිකව ව්‍යාපාර කටයුත්තක් විදියටනේ මේ පහසුකම් සපයන්න ඇත්තේ. මම බලන්නේ අන්න ඒ පැත්තෙන්. අර නිරපරාදේ ගුටිකාපු අයටත් වන්දියක් අරගෙන දෙන්න ඕනෑ. (නි)

:       0       0

වසන්ත Thursday, 18 December 2014 10:57 PM

සල්ලි නිසා මිනිසුන්ට පිස්සු හැදිලා වගෙයි (නි)

:       0       0

නිමල් Thursday, 18 December 2014 11:17 PM

මේ වැඩ වලින් අවාසි ආණ්ඩුවටමයි (නි)

:       0       0

රංජිත් සිල්වා Friday, 19 December 2014 06:48 AM

මත්තල ළඟ නිසා කටුනායක යන්න ඕනේ නැහැ.(නදී)

:       0       0

අනිල් Friday, 19 December 2014 01:21 AM

කවුරු කළත් බොහොම නරක වැඩ (නි)

:       0       0

උමේෂ් Friday, 19 December 2014 01:52 AM

ගෝලයෝ කරන්නේ කාට ඕනෑ වැඩද ? මේ මිනිසුන්ව අල්ලාගෙන වැඩක් තිබේද? (නි)

:       0       0

සරසි Friday, 19 December 2014 02:00 AM

නුසුදුස්සන් දේශපාලනයට ආවිට ඇති වෙන ප්‍රතිඵල මේවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 297 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 224 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 589 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 273 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 269 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site