IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


උප ඇමැති මාර්ග නීතියට සල්ලි කොලෙන් ගහයි

නියෝජ්‍ය ඇමැතිවරයකු දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්කළ මෝටර් රථය පැයට කිලෝමීටර් 169 වේගයෙන් පැදවී යයි දඩකොළයක් දීමට ගිය පොලිසිය හා නියෝජ්‍ය ඇමැති අතර ඇතිවූ බහින්බස්වීමෙන් පසුව ඇමැති රුපියල් 1500ක් රියෙන් එළියට විසිකළැයි අද රාත‍්‍රී වාර්තාවෙයි. කොට්ටාව පිවිසුමේදී දඩ කොළය දීමට රියැදුරාගේ බලපත‍්‍රය ඉල්ලූවිට එය නොදී තමා කව්දැයි හඳුන්වා දෙමින් පොලිසියට සැරෙන් කථා කළ නියෝජ්‍ය ඇමැති ඉන්පසු මුදල් එළියට දමා ඇතැයිද පොලිසිය එම මුදල් යළි වාහනයට දමා ඇතැයිද දැනගන්නට ඇත. නීතිය කාටත් පොදුයැයි පොලිසිය කියූවිට නියෝජ්‍ය ඇමැති පවසා ඇත්තේ තමා හදිසි ගමනක් යනබව කථානායකට දැන්වූ බවයි. අධිවේගී මාර්ගයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 100කි.



අදහස් (0)

උප ඇමැති මාර්ග නීතියට සල්ලි කොලෙන් ගහයි

සමන් Wednesday, 03 October 2012 08:13 AM

අයියෝ සල්ලී .... (ස)

:       0       0

කපිල Wednesday, 03 October 2012 08:08 AM

දන්නකෙනෙක්වත් ඇමතිගුමාගෙ නම කියන්නකෝ.. අපිටත් දැනගන්න.. මාර්ග ඇමතිතුමාම 200ට යද්දි උප ඇමතිතුමෙක් 169ට ගියාම මොකද වෙන්නේ. ඒකෙ වරදක් නැහැ බලාගෙන ගියාම..!(නු) .

:       0       0

චානක Wednesday, 03 October 2012 08:16 AM

මන්ත්‍රී හොඳයි......ඇමති හොඳායි...........මේ ගොල්ලන්ට කතිර ගහන අපි ගොඩා..........යි ! (ස)

:       0       0

මහමුදලිගේ Wednesday, 03 October 2012 01:21 PM

මෙහෙමත් ඇමතිවරු . මේ ලංකාවද ?? (ස)

:       0       0

චානක Thursday, 04 October 2012 07:30 AM

මෙයාගේ නමත් ප්‍රසිද්ධ කරන්න (ස)

:       0       0

සුසන්ත Wednesday, 03 October 2012 06:04 PM

අනුවන දේශපාලකයෝ ඔහොම්මමයි (ස)

:       0       0

චාමි Wednesday, 03 October 2012 08:21 AM

කරුණාකර මොවුන්ට විරුද්ධව නිසි පියවර ගන්න (නි)

:       0       0

ජයන්ත Wednesday, 03 October 2012 01:24 PM

බ්‍රිතාන්‍ය පොලිසිය පරාදයි! මල් තියලා වඳින්න වටිනවා පොලිසියෙ උදවිය උත්තර දීපු විදියට.... නිලදරුවනි, නීතිය අකුරට ඉටු කරන ඔබලා වෙනුවෙන් ජනතාව පෙල ගැසී සිටිනවා. බය නැතුව වැඩ දිගටම වැඩ කරන්න!! ඔබට ජය! (ස)

:       0       0

නිමල් Wednesday, 03 October 2012 08:29 AM

මෙයාලනේ රටේ ඉන්නේ (ස)

:       0       0

නුවන් Wednesday, 03 October 2012 06:39 PM

සල්ලි සහ මාර්ග නීති කියන දෙකම තියෙන්නේ එයාලා අතෙනේ (දී)

:       0       0

ලමාක් Wednesday, 03 October 2012 08:34 AM

යකෝ අදි වේගයක් කියන්නේ අඩුම ගනනේ පැ.කි. මී 225 වත් තියෙන්න ඕන, සල්ලිත් ගෙවල හයියෙන් යන්න බැරිනම් ඔයික මොකටද අපි ඩුබායි වල ඉන්නකොට රියැදුරා පැ.කි. මී 250 ට යනවා දඩ ගහන්නෙත් නෑ සල්ලි අය කරන්නෙත් නෑ (ස)

:       0       0

ලාල් Wednesday, 03 October 2012 08:41 AM

මැති ඇමතිවරුන් මේ විදියට හෑල්ලු කිරීමට ඉඩ දීම නරකයි. මේ සිද්ධිය පිටුපස ජාත්‍යන්තර බලෙව්ගයක් තිබේදැයි සොයා බැලිය යුතුයි. මෙම නිලධාරියාගේ අතීත ක්‍රියාකලාපය පිළිබදව හොදින් සොයා රජය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණය හෙළිදරවු කරන්න. (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 October 2012 01:28 PM

හොඳ වැඩේ ඇමතිට... හූ හූ..... (නි)

:       0       0

දර්ශන් Wednesday, 03 October 2012 08:41 AM

පාලකයෝ ආදර්ශවත් වීම අත්‍යවශ්‍යයි (ස)

:       0       0

නිරාන් Wednesday, 03 October 2012 08:50 AM

නීතිය කාටත් සමාන බව මේ දේශපාලකයෝ දන්නෙ නැද්ද? (නි)

:       0       0

නිරාන් Wednesday, 03 October 2012 08:44 AM

කාට දැන්නුවත් නීතිය කාටත් එකයි කියලා දේශපාලඥයින් දන්නේ නැද්ද? (නි)

:       0       0

සරත් Wednesday, 03 October 2012 08:50 AM

කතානායකට කියලනේ ,ප්‍රශ්නයක් නෑ (ස)

:       0       0

කපිල Wednesday, 03 October 2012 08:44 AM

වැරැද්ද කරන අයගේ නම දාන්න බැරිද? (නි)

:       0       0

ලලිත් Wednesday, 03 October 2012 01:42 PM

මෙහෙව් ඇමතියො ඉන්න රටේ පොලිසියත් කොහොම ඔලුව උස්සන් ඉන්නවද මන්දා? (නි)

:       0       0

දමිත් Wednesday, 03 October 2012 09:01 AM

කථානායකට දැන් වූ විට පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළ යුතුද? මෙයාලට බැණල වැඩක් නැහැ ඡන්දෙ දුන්න අයට තමයි ගහන්න ඕනේ. (ස)

:       0       0

ගයාන් සූරියආරච්චි Thursday, 04 October 2012 09:13 AM

මේක සාමාන්‍ය කෙනෙක් කළා නම් නම ගම වයස සියල්ල දාන්න තිබුණා..!(නු)

:       0       0

කේෂාන් Wednesday, 03 October 2012 07:33 PM

සල්ලි වලට මොනවද කරන්න බැරි? (දී)

:       0       0

කපිල Wednesday, 03 October 2012 09:04 AM

සමන්ත, ලයිට් බිල ගෙවන්න තමයි රු.600/-ක් නැත්තේ ඉන්ටනෙට් යන්න සල්ලි තියෙනව, ආශ්චර්යමත් දේශය (ස)

:       0       0

දිලක් Wednesday, 03 October 2012 09:07 AM

එකල බුදු දවස කොසොල් රජතුමා සිහින 16ක් දැක්කලු. ඒ සිහින 16 යෙත් ඔය කතාව තියෙනවා.. අද රටේ ලොකු පුටුවල ඉන්න ගොඩාක් මිනිසුන් දූෂිත අය.. කොහොම හරි තමන්ගේ මඩිය තර කරගන්න එකයි බලන්නේ.. රට ගැන මිනිසු ගැන ගානක් නැහැ.. හොද මිනිසුත් නැතිවා නෙමෙයි.. පොලිසියට බැනලා නැහැ කවුරුත්.. නීතිය කරන පොලිස් මහතුනුත් ඉන්නවා..හැම දෙයක්ම දිහා බලාගෙන ඉන්න මිනිසුන් විදියට හැම පැත්තකින්ම බලන්න ඕන අපි..!(නු)

:       0       0

පෙරේරා Wednesday, 03 October 2012 01:58 PM

මොනවා කරන්නද ඕක තමයි අද රටේ හැටි (ස)

:       0       0

ජගත් Thursday, 04 October 2012 09:39 AM

අයියෝ සල්ලි ....

:       0       0

නලින් Thursday, 04 October 2012 09:36 AM

නියෝජ්‍ය ඇමති වාහනේ හිටියට එක එලෙව්වේ එයාගේ රියදුරුලු. 1500 දුන්නේ අල්ලසක් විදිහට නෙවෙයි දඩේ ගෙවන්නලු. මෙහෙම කියයි හෙට අන්ද්දට (ස)

:       0       0

උපාලි Tuesday, 02 October 2012 10:02 PM

රට හදන ඇත්තොම පොලිසියට පගාව දීලා පස්සෙ කියනවා පොලිසිය දූෂිතයි කියලා.. ලොකු මිනිසුන් හරියට ගුණගරුකව වැඩ කරනවානම් පොඩි අය නිකම්ම හැදෙනවා..!(නු)

:       0       0

නිවන්ත Tuesday, 02 October 2012 10:04 PM

රටටම කියන්නකෝ නමත් එක්කම (නි)

:       0       0

සිල්වා Tuesday, 02 October 2012 10:00 PM

දෙකක් දීලා දාන්න තිබුණෙ කූඩුවට..!(නු)

:       0       0

ඉන්දික Wednesday, 03 October 2012 09:21 AM

නම දාන්න , නැත්නම් අපි කොහොමද ඔය හොරු අඳුනගන්නේ , ආයේ ඔය වගේ දේවල් දානවානම් නමත් එක්ක දාන්න (ස)

:       0       0

ආනන්ද Wednesday, 03 October 2012 09:16 AM

කථානායකට කියල නීති කඩන්න පුලුවන් බව අපි දන්නේ අදනේ. අනේ අර රත්නපුරේ මොකටද බුරැතු පිටින් අල්ලන්නේ කවුරැහරි කථානායකට දන්වන්නකෝ. (නු)

:       0       0

ජයමිත් Tuesday, 02 October 2012 10:06 PM

ආදර්ශමත් ඇමතිවරු අනේ වාසනාවන් මගේ රටට බුදු සරණයි..!(නු)

:       0       0

දුමිත් යසේන්ද්‍ර Tuesday, 02 October 2012 10:06 PM

එයාව අනිවාර්යයෙන්ම උසාවි දාන්න ඕන.. එතකොට රටේ අනිත් මිනිසුන්ටත් ආදර්ශයක්.. පොලිසියට එහෙම කරන්න පුළුවං වෙයිද දන්නේ නැහැ..(නු)

:       0       0

ප්‍රභාත් Tuesday, 02 October 2012 10:07 PM

කරුනාකරලා නම දාන්න.. නම දෑම්මයි කියල මේ අය වෑරදි නොකර ඉන්නෙ නෑහෑ. නමුත් ටික දෙනෙක් හරි මේ අය කවුද කියල දෑනගනී.(නු)

:       0       0

කේ.කේ.ජී Tuesday, 02 October 2012 10:15 PM

කොහොමද දේශපාලනය..!(නු)

:       0       0

වසන්ති Wednesday, 03 October 2012 09:27 AM

මෙයාලට කතිරෙ ගහපු අපිට පිදුරු කට්ටියකුත් පුන්නක්කු බාල්දියකුත් ලබා දෙන්න.. මේකෙන් වෙන්නෙ උප ඇමතිලා සියළු දෙනාටම මේ වරද පැටවෙන එකයි.. නම දැම්මනම් එක්කෙනයි..!(නු)

:       0       0

රෝහිත Tuesday, 02 October 2012 10:19 PM

මේ තමයි රට කරනවන අයගේ හැටි.. මොනවාද ඉතිං බලාපොරොත්තු වෙන්න පුළුවං..(නු)

:       0       0

චන්දන Wednesday, 03 October 2012 09:27 AM

ඇයි මේ අයගේ නම් හෙලි කරන්න බැරි (ස)

:       0       0

ඇරිස් Wednesday, 03 October 2012 08:52 PM

ඇයි මේ බණින්නේ? එයාට හෙලිකොප්ටර් නැතුව ඇති. (නි)

:       0       0

රෝයි Tuesday, 02 October 2012 10:28 PM

වෙන රටකනම් මෙයා මේ වෙනකොට හිරේ..!(නු)

:       0       0

එරංග Monday, 08 October 2012 12:36 PM

ඊලඟ වතාවේ ඒ විඩියෝ එක අරගෙන දාන්න අන්තර්ජාලයට (ස)

:       0       0

සෑම් Tuesday, 02 October 2012 10:23 PM

මේ අපටත් හදිසිගමන් යන්න පුලුවන්ද දන්නේ නෑ ඔය කියන මාර්ගයේ?? අනේ අපටත් දෙන්නකෝ කතානායකගේ ෆෝන් නොම්මරේ!!!(නු)

:       0       0

ගයා Wednesday, 03 October 2012 09:32 AM

නෝනා ඉක්මනට ගෙදර එන්න කියලා ඇති .1500 වගේද පමා උනොත්...? (ස)

:       0       0

නසාර් Wednesday, 03 October 2012 02:31 PM

පොලිසිය සහ ඇමතිතුමා නීතිය හරියට ක්‍රියාත්මක කරලා නැහැ.. දෙන්නටම නඩු දාන්න..!(නු)

:       0       0

ඇන්ටන් නලීන් Tuesday, 02 October 2012 10:26 PM

ඇමතිට නම් සල්ලි ගැටලුවක් නැහැනේ..!(නු)

:       0       0

කපිල Wednesday, 03 October 2012 09:32 AM

ලංකාවේ එක එක අයට එක එක නීති. (නි)

:       0       0

සෑම් Tuesday, 02 October 2012 10:27 PM

පොලිසියේ මහත්තුරුන්ටත් පස්සේ උසාවියේදී ඔය ඇමතිතුමාව හඳුනාගන්න බරිවෙවිද දන්නේ නෑ.. මේජර් මහත්තයට වගේ?? (නු)

:       0       0

සෑම් Tuesday, 02 October 2012 10:32 PM

ඔය කියන කලාපය අයිති වෙන්නේ දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට දන්නේ නැහැ? මගේ භූගෝල විද්‍යා දැනුම බොහොම අඩුයි. ඒකයි මේ ඇහුවේ ආයුබෝවන්ඩ! (නි)

:       0       0

රාජා Wednesday, 03 October 2012 02:27 PM

අපි ඉතින් බඩ බැඳගෙන ලියනවා. හෙට අනිද්දම එයාට උසස්වීමක් ලැබිල ඇමතිකෙනෙක් වෙයි. සමහරවිට මහාමාර්ග ඇමතිම වෙන්නත් බැරිනැහැ. එතකොට හිතෙයි අපරාදෙ 169ට ගියේ, 200ට ගියානන් අගමැති වෙන්න තිබුනනෙ කියල. (ස)

:       0       0

ජානක Tuesday, 02 October 2012 10:43 PM

මෙ උප ඇමති තුමාගේ නමත් එක්ක පළ කලානම් ඉතාම හොදයි.. (නු)

:       0       0

රූත් Wednesday, 03 October 2012 02:30 PM

අනේ අසරන සාදාරන පොලිස් මහතා, දැන් ඉතින් ඈත පලාතකට මාරුවෙලා යන්න ලෑස්ති වෙන්න එපැයි. ආශ්චර්‍යය දෙපිටින් දෝරෙ ගලනව. (ස)

:       0       0

රන්ජිත් Wednesday, 03 October 2012 09:03 PM

මාර මිනිස්සු

:       0       0

මෙහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 02 October 2012 10:55 PM

කවුරු වුනත් නීතිය එක හා සමාන විය යුතුයි...!(නු)

:       0       0

ජනක Tuesday, 02 October 2012 11:03 PM

ඔච්චර වේගයෙන් ගියොත් නම් වැඩිදුරක් යන්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

අමිල Wednesday, 03 October 2012 09:54 AM

වෙනකෙනෙක් උනානම් නො පොබ්ලම් (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 02 October 2012 11:08 PM

බලය තියෙද්දී මොළය නැහැ. මොළය තියෙද්දි බලය නැහැ. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 04 October 2012 10:56 AM

මේකටත් මොකක් හරි කියන්න කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකට කියන්න.

:       0       0

මහින්ද Tuesday, 02 October 2012 11:08 PM

සන්ධානයට ළගදිම පාඩමක් ඉගෙනගන්න පුලුවන් වෙයි වගේ. (නි)

:       0       0

නිමල් Wednesday, 03 October 2012 09:59 AM

සුනඛයින් ගැන සදහන් කිරීම උන්ටත් කරන නිගාවක්. (නි)

:       0       0

මිලින්ද Tuesday, 02 October 2012 11:11 PM

මේ මැති ඇමති හැසිරීම් නොදැක්ක වගේ ඉන්න අය ගැන මොනවද හිතෙන්න. එයාලා ඒවා අනුමත කරනවාද? (නි)

:       0       0

චන්දන Tuesday, 02 October 2012 11:13 PM

මේකත් ආශ්චර්යයේ කොටසක් වෙන්න ඇති . නම එක්ක දැම්මා නම් තමා හොද . (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 04 October 2012 10:52 AM

සාමාන්‍ය මිනිසුන්ටත් මෙසේ විය යුතුයි.

:       0       0

ශානක Tuesday, 02 October 2012 11:20 PM

ඔයා උප ඇමති තුමාගේ නම දාන්න.(නදී)

:       0       0

අමල් Tuesday, 02 October 2012 11:35 PM

මෙයාලා වගේ අය තමයි මේ රට කන්නේ. (නි)

:       0       0

රණා Wednesday, 03 October 2012 10:10 AM

පොලිස් රාළහාමිට දෙවි පිහිටයි (ස)

:       0       0

උදය - දෝහා Tuesday, 02 October 2012 11:36 PM

මෙහේ නම් ඔය වේගයට යන්න පුලුවන්. (නි)

:       0       0

සුරංග Tuesday, 02 October 2012 11:31 PM

මේ වගේ අය ඉන්න විට රටකට හරියයිද? (නි)

:       0       0

සේනානායක Tuesday, 02 October 2012 11:37 PM

අපේ පැත්තේ මහ මකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.(නදී)

:       0       0

සේනානායක Tuesday, 02 October 2012 11:39 PM

නියෝජ්‍ය ඇමති වෙලා මෙහෙම නම් , තව ඇමති එහෙම වුණොත් කොහොමට තියෙයිද? (නි)

:       0       0

මංජුල Wednesday, 03 October 2012 10:19 AM

මම ඉන්නේ අබුඩාබි වල. කෙනෙක් කියලා තිබුනා එයා පැයට කිලෝම්ටර් 250 වේගයෙන් වාහනේ පදවනවා කියලා.(නදී)

:       0       0

සන්ජීව Wednesday, 03 October 2012 10:22 AM

ලමාක් , බොරු කියන්න එපා . මමත් ඉන්නේ ඩුබායිවල , මෙහෙ උපරිම වේගය 160, 160 එහා ගියොත් කැමරා වලට අහුවෙනවා , දඩය 17500 (ස)

:       0       0

බුද්ධික Tuesday, 02 October 2012 11:40 PM

ඔයව‍ගේ අයට නීතියක් නැද්ද? ලැජ්ජයි හොදේ. (නි)

:       0       0

කමල් Friday, 05 October 2012 12:49 PM

සම්පත් ඔබ හරි. විනයක් නැති ඇමතිවරයෙකුට වඩා අවංක පොලිස් නිලධාරියෙකුට මිනිස්සු හැම අතින්ම ගරු කරනවා. (නි)

:       0       0

සමන් කොළඹ සිට Tuesday, 02 October 2012 11:42 PM

දැන් වේගයෙන් ගියොත් රු. 1500 ක් ගන්නවද? අනේ කොහොම වුණත් ආපහු දීපු එක හොදයි. එයාලා හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. (නි)

:       0       0

නිලංග Wednesday, 03 October 2012 09:45 PM

නියමයි හොදේ. (නි)

:       0       0

සුනිල් Tuesday, 02 October 2012 11:48 PM

ආදරණීය ලංකාදිප, ඇයි නම් ගම් නොදාන්නේ? එහෙම දැම්මා නම් තමයි වටිනාකම. (නි)

:       0       0

තාරිකා Wednesday, 03 October 2012 10:34 AM

කතානායක තුමා කිව්වද දන්නෑ 169 ට වේගයෙන් යන්න කියලා (ස)

:       0       0

ලමාක් Thursday, 04 October 2012 11:26 AM

මේක දඩ මුදලෙන් කොටසක් පමණයි ඉතිරි කොටස පසුවට මේක තේරුම් ගන්න බැරිද හා ??? (ස)

:       0       0

දයා සෞදි Wednesday, 03 October 2012 10:37 AM

නම් ගම් නොදැම්මට කමක් නැහැ.(නදී)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 03 October 2012 03:01 PM

කෙහෙල් කැනක් හොරකම් කල මිනිහෙක් සැකපිට අහු වුනානම් නමයි පදිංචියයි දාලා , මෙයාලගේ නම් ගම් තමයි දාන්න බැරි (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 October 2012 02:59 PM

පොලිස් නිලධාරීන්ට ගරුකරන ගමන්ම ප්‍රවේශම් වෙන්නත් අවවාද කරනවා. (නි)

:       0       0

ගමයා Tuesday, 02 October 2012 11:53 PM

වැරදිලා කතා නායකට කතා කරලා තියෙන්නේ.(නදී)

:       0       0

මාරි Wednesday, 03 October 2012 10:39 AM

එයාලා කළාම ප්‍රශ්නයක් නැද්ද?(නදී)

:       0       0

නියෝජා Wednesday, 03 October 2012 10:40 AM

මේක ඉතින් පොඩි දෙයක්නේ.(නදී)

:       0       0

සම්පත් Wednesday, 03 October 2012 10:45 AM

මෙයාලට ඡන්දය දෙන අයටයි ගහන්න ඕනෑ. (නි)

:       0       0

රොශාන් Wednesday, 03 October 2012 10:43 AM

අනේ වාසනාව , මේ වගේ අය ඉක්මනින් ඉවත්වේවා (ස)

:       0       0

ජෝන් Wednesday, 03 October 2012 12:10 AM

උප ඇමතිලා කී දෙනෙක් ඉන්නවද? ඇයි නම දාන්න බැරි? (නි)

:       0       0

රන්දිව් Wednesday, 03 October 2012 11:13 AM

එක මකුණෙක් කනවා කියලා ඔක්කොම මකුණෝ මරලා හරියන්නෙ නැහැ (නි)

:       0       0

කෙවින් ඉතාලිය Wednesday, 03 October 2012 12:18 AM

සමහර දේශපාලකයෝ සහ ඔවුන්ගේ ළඟ සිටින්නන් සාමාන්‍ය මිනිසුන්ව තුට්ටුවට දමයි. ඔවුන් ළඟ නීතියට ගරු කිරීමක් නැත. කණගාටුව කිසිම වගකිවයුත්තෙක් මේ ගැන කථා නොකිරීමයි. ශ්‍රී ලංකාව ගැන කණගාටුවක්මයි සිතෙන්නේ. (නි)

:       0       0

චම්පි Wednesday, 03 October 2012 03:28 PM

ඈයි නම දාන්න බෑරි.....? (ස)

:       0       0

කසුන් Wednesday, 03 October 2012 11:29 AM

අහිංසක සෝභිතගේ ගිහි නමයි, පැවිදි නමයි දෙකම දාලා තිබුණට මෙයාට නම? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 03 October 2012 12:33 AM

මම ආසම මී හරකුන්ට. උන්ට ඔලුව තිබුනට ඔලුව ඇතුළේ මුකුත්ම නැහැ. කලබල වෙන්න එපා. මම කිවුවේ මී හරක් ගැන හොදේ. (නි)

:       0       0

දර්ශන Wednesday, 03 October 2012 10:46 PM

කොටකෙතන අයත‍් කලින් දැනුම් දීලද දන්නේ නැහැ කළේ? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 09 October 2012 08:22 AM

මේ ව‍ගේ දේශපාලුවෝ නිසා තමයි අද රටට නියඟය (ස)

:       0       0

පද්මා Wednesday, 03 October 2012 12:48 AM

මේ ඇමතිගේ හැසිරීම හරිම නරකයි.. අශෝභනයි.. ඇමතිකම ලැබුණාම ඔලුව ඉදිමෙනවානේ.. මේ ළගදි මාර්ග පොලිසිය ඔබාමාට දඩ ගැහුවා රතු එලිය නිවෙන්න කලින් යන්න හැදුවා කියලා.. මෙන්න ශිෂ්ට සහ අශිෂ්ට වෙනස..!(නු)

:       0       0

ජයන්ත Wednesday, 03 October 2012 12:49 AM

මට මතකයි එන්ගලන්තයේ ඈන් කුමරිය අධික වේගයෙන් රිය පදවලා වැරදීකාරිය වෙලා ඒ දඩය ගෙවන්න නිහතමානීවූ හැටි. (නි)

:       0       0

කුමාර Wednesday, 03 October 2012 12:46 AM

මට තේරෙන්නේ නැහැ ලංකාවේ දේශපාලඥයන් හට ඇත්තේ කුමන ආකාරයේ විශේෂත්වයක්ද කියලා. (නි)

:       0       0

අනුර Wednesday, 03 October 2012 11:39 AM

ගිලී මගෙත් ඇත දත සුද්දෝ. පොලිස් රාළහාමිලාට මගේ උපහාරය! (නි)

:       0       0

හෙට්ටිආරච්චි Wednesday, 03 October 2012 01:17 AM

කවදාටද ඔය පුරුදු තුරන්වන්නේ? අන්න එදාට අපිට රටක් තියෙයි. (නි)

:       0       0

සුමනා මානවඩුව Wednesday, 03 October 2012 11:51 AM

යහපත් පාලකයන් රැක දෙන්න කියා දෙවියන්ගේන් ඉල්ලමි..!(නු)

:       0       0

මොහොමඩ් Wednesday, 03 October 2012 01:11 AM

මෙම සිද්ධිය උසාවි දැමිය යුතුයි. මාර්ග නීති කඩකිරිම හා අල්ලස්දීම යන කරුණු දෙක මත රටට ආදර්ශවත් වියයුතු මොවුන් මෙසේ කරනවා නම් අනිත් අය ගැන කුමන කථාද? (නි)

:       0       0

ෆාරු Wednesday, 03 October 2012 11:47 AM

අනේ පව් ලංකා‍ව (ස)

:       0       0

කමල් Wednesday, 03 October 2012 01:20 AM

අනේ ඉතිං, කවුද ඔය උත්තමයින්ව පාර්ලිමේන්තුවට යැවුවේ? (නි)

:       0       0

අරුණ Wednesday, 03 October 2012 11:48 AM

හැප්පිලා කුඩුපට්ටම් වුණා නම් පාඩමක් ඉගෙනගනීවි. (නි)

:       0       0

සනත් ඉන්දික Wednesday, 03 October 2012 01:41 AM

(කහවත්ත කොටකෙතන පදිංචි නාමල් චමින්ද සිල්වා ආචාරිගේ සිරිපාල, ලොකුගම්හේවගේ මිතිල, ලොකුගමහේවගේ සිසිර හෙවත් නුසාර ඔවුහුය). මේ අයගේ නම දමන්න පුලුවන්නම් ඇයි නියෝජ්‍ය ඇමතිගේ නම නොදාන්නේ? (නි)

:       0       0

එච්.එස්.රවීන්දු Wednesday, 03 October 2012 01:38 AM

අපිට තමයි මේ හැම නීතියක්ම දාන්න එන්නේ මේ රටේ ලොකු අය වැරදි කලාම එවා වැරදි ගානට වැටෙන්නේ නැහැ..(නු)

:       0       0

රත්න Wednesday, 03 October 2012 11:55 AM

මෙයාට නමක් නැද්ද ? (ස)

:       0       0

සනත් Thursday, 04 October 2012 12:43 PM

මේ අදහස් බලපුවහම හොඳට පේනවා නීතිය බල්ලට දාන්න හදන ඇමතිලා ඉන්න රටේ නීති රකින්නට වලි කන සැබෑ පොලිස් නිලධාරීන්ට කොච්චර නම් ජනතා බලයක් තියෙනවද කියන එක. පොලිස් මහත්වරු මේ අදහස් දකිත්වා! තව තවත් කෙළින් රාජකාරි කරන්නට එඩි බල, ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

කුමාර Wednesday, 03 October 2012 02:14 AM

මෙහෙම වෙන්නේ කම්පනය නිසයි. (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 03 October 2012 02:15 AM

ඒ අයට නීති නැහැනේ. (නි)

:       0       0

එරන්ද Wednesday, 03 October 2012 02:14 AM

මෙහෙමයි අපේ රටේ එඩිතර පොලිස් නිලධාරිනුත් ඉන්න බවක් පේනවා..!(නු)

:       0       0

ලලිත් Thursday, 04 October 2012 12:09 AM

නියම පොලිස් නිලධාරීන් පිරිසක්. අපේ ප්‍රණාමය! (නි)

:       0       0

අසෝක Wednesday, 03 October 2012 04:24 PM

අපිත් එතුමාට කියලා වේගෙන් යනවා (ස)

:       0       0

තිලක් Wednesday, 03 October 2012 02:34 AM

උප ඇමති මෙහෙමනම් මීට ඉහළ කට්ටිය කොහොම ඇද්ද? (නි)

:       0       0

රෑපා රත්නායක Thursday, 04 October 2012 12:31 AM

වෙන පළාතකට යන්න උනත් කමක් නැහැ මෙයාව උසාවියට ගෙනාවට පස්සේ යාපනේට යනවා කියන්න...දෙවි පිහිටයි පොලිසියට..!(නු)

:       0       0

රූපා රත්නායක Thursday, 04 October 2012 12:42 AM

චම්පි ඔයාට තේරෙන්නේ නැද්ද අනේ කොහොමද එයාලගේ නම් දාන්නේ..!(නු)

:       0       0

ගාමිණී-කුවෙයිට් Wednesday, 03 October 2012 02:36 AM

ඔය සැප වාහනවල හැටි ඔහොම තමයි. මෙහෙත් ඕනෑ තරම් තියෙනවා අධි සුඛෝපභෝගී වාහන. පැයට කි මී 250ට වුණත් පාගලා යන්න පුලුවන්. කිසි ගානක් නැහැ. යන්නම තමයි හිතෙන්නේ.ඉතින් ඇමතිතුමාත් හිතන්න ඇති මේ තරම් වටිනා මෝටර් රියක් අධික මුදලක් දීලා ගෙන්වාගෙන කි මී 100ට යන එක කිසි ගතියක් නැහැ, ඉතින් රියදුරාට කියන්න ඇති "ගාටන්නෙ නැතිව පාගනවා අයිසෙ ඔය කෙහෙම්මල ටිකක් ඇගට දැනෙන්න.. ඉතිරි හරිය මම බලා ගන්නම්" කියලා.මයි කාර්,මයි පෙට්‍රල්,මයි රෝඩ්... (නි)

:       0       0

ලලිත් Wednesday, 03 October 2012 04:39 PM

සතෙක් වුණත් පාරේ යනකොට ඉවසිල්ලෙන් යනවා. (නි)

:       0       0

සුනිල් Wednesday, 03 October 2012 03:21 AM

අලිබබා සහ හොරු 40ද? 225ද? (නි)

:       0       0

නන්දන Wednesday, 03 October 2012 12:30 PM

බයවෙන්න එපා. වැඩිදුර යන්නේ නැහැ. වේගය මාරයාට අතවනයි. (නි)

:       0       0

රුවන් Wednesday, 03 October 2012 04:17 AM

ඔයාලා කලබල වෙන්න එපා. එතුමා අනාගත ආශ්චර්යය කරා යන ගමනක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 03 October 2012 04:57 AM

ජනක හරි. දුප්පතෙක් නම් නම දානවා. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 03 October 2012 04:59 AM

රට ආගාධයට වැටිලා ඉවරයි. (නි)

:       0       0

ජයසිරි Wednesday, 03 October 2012 05:10 AM

ලොකු වාහන වලට බය නැති නිලධාරීන් තවමත් පොලිසියේ සිටීම ගැන සතුටුයි. පස්සේ වෙනස් වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

විජේබන්ඩාර Wednesday, 03 October 2012 12:29 PM

නමත් කිව්වොත් හොඳයි නේද ? (ස)

:       0       0

මානා Wednesday, 03 October 2012 04:56 PM

ඉතිං දෙවියනේ හයියෙන් ගිහිං තියෙන්නේ කතා නායක කියලනේ.. (නු)

:       0       0

විමල් Wednesday, 03 October 2012 06:09 AM

එයාව නැවත පාසල් යවන්න. (නි)

:       0       0

අමරේ Wednesday, 03 October 2012 06:14 AM

එයාව ගෙදර යවන්න. (නි)

:       0       0

ලලිත් Thursday, 04 October 2012 02:33 AM

අපරාදේ. පොලිසියේ මහත්තයට එයා යන දිහා බලන් ඉන්න තිබුණේ නොදැක්කා වගේ. එහෙම වුණා නම් 250 ටම ගිහිල්ලා මේ වගේ උඩින් යන උදවිය නොඑන්නම යන්නත් තිබුණා. එහෙම වුණා නම් අනෙක් උදවියටවත් ආදර්ශයක් වෙයි. (නි)

:       0       0

රෝහිත Wednesday, 03 October 2012 07:06 AM

ඇයි නම කියන්න බැරි උප ඇමතිගේ? (නි)

:       0       0

මධුරංග Wednesday, 03 October 2012 07:10 AM

පොලීසියේ භූමිකාව අනර්ඝයි කියා හිතෙනවා. (නි)

:       0       0

ප්‍රදීපා Wednesday, 03 October 2012 12:43 PM

නිතිය ක්‍රියාත්මක වෙන එකක් නැතිවෙයි මම හිතන්නේ. (නි)

:       0       0

ශ්‍රිරානි Wednesday, 03 October 2012 07:38 AM

ඇයි මේ ඇමතියාගෙ නම දාන්නෙ නැත්තෙ. හාමුදුරු කෙනෙක් කලා නම් පොටෝඑකත් එක්කම දානව. සාමාන්‍ය මිනිහෙක් කලොත් ගමයි නමයි ගෙදර විස්තර ඔකක්ම දානව.ඒත් මෙයාල ගැන ??????????? (ස)

:       0       0

හේරත් Wednesday, 03 October 2012 07:44 AM

පොලීසිය පස්සේ කියාවි ඇමතියා සල්ලි විසික්කරේ නෑ කියලා‍‍....දැන් වෙන්නේ එහෙම දේවල් නේ.. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 03 October 2012 07:41 AM

ඉක්මණට යන්න පුලුවන් හෙලිකොප්ටරයක් ගන්න සල්ලි විසිකරන්නකෝ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 03 October 2012 07:50 AM

එතුමාට ඉක්මනින්ම ඇමතිකමක් ලැබේවි.. (ස)

:       0       0

ඇන්ටන් Wednesday, 03 October 2012 07:47 AM

මම හිතන්නේ මේ තමයි හොදම වෙලාව නව මාර්ග නීති හදුන්වාදීමට ඉහළ දඩ පද්ධතියක් සහිතව අධිවේගී සහ අනෙකුත් මාර්ග සදහා.. (නු)

:       0       0

සමන්ත Wednesday, 03 October 2012 07:48 AM

මෙහෙම ඇමතිලා, මට රු.600 හොයාගන්න නෑ ලයිට්බිල ගෙවාගන්න (ස)

:       0       0

සරත් ආර් Wednesday, 03 October 2012 07:56 AM

ඇමරිකාවෙ එක් ආණ්ඩුකාරවරයෙක් ආසන පටි නොපැළදවීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් එක්දහස් පන්සීයක දඩය එම ප්‍ර දේශයේ පොලිසියෙන් ලබා ගත්තා.. මේකයි ක්‍රමය... ඇමරිකාව කියන්නේ හොදම රට ලෝකයේ. නීතිය නම් නීතිය. ජනාධිපතිට උනත්.. (නු)

:       0       0

යොහාන් Wednesday, 03 October 2012 07:58 AM

හදිසි ගමන් යනවා කියලා කථානායක තුමා කිව්වට පොලිසිය මොකද කරන්නේ.. ඒ අය කරන්නේ රාජකාරිය කතා නායක එක්ක තියෙන ගණුදෙණුව පාර්ලිමේන්තුවෙදි බලාගන්න.. නැත්නම් කතානායගෙන් ලියුමක් අරගෙන එන්න එතුමා හදිසි ගමනක් යන්න අවසර දුන්නා කියලා.. මම නම් හිතන්නේ නැහැ එතුමා මේවට අවසර දෙයි කියලා..!(නු)

:       0       0

ෂෙල්ටන් Wednesday, 03 October 2012 07:56 AM

අනේ මෙයාලද රට හදන්නේ ? අනේ මගේ කට.. (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 03 October 2012 01:14 PM

මේ සල්ලිකොලවලින් ගහන්න තිබුණේ මෙයාව පත්වෙන්න ඡන්දෙ දීපු අයට සහ මෙයාට නාමයෝජනා දීපු කෙනාට.. මේවාට නිසි පිළිතුරු කවදා හරි ජනතාව දේවි..!(නු)

:       0       0

ලුම්බිණි Wednesday, 03 October 2012 08:09 AM

මේ කතාවේ ලස්සනම කොටස තමයි '....තමා හදිසි ගමනක් යනබව කථානායකට දැන්වූ බවයි' කියන කොටස. මේ අනුව කථානායකට නීතිය බලපාන්නේ නැති වෙන්න ඕන. එහෙම නැත්නම් එයාට කියල ඕනෑම වැරද්දක් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙමත් නැත්නම් අපි ඕනෑම කෙනෙකුට කථානායකට කියල මාර්ග නීති කඩාගෙන යන්න පුළුවන් වෙන්න ඕන. (ස)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 03 October 2012 01:10 PM

කකුලුවෝ වගේ ලොක්කොනේ මේ රටේ ඉන්නේ . කොහොමද පොඩි අය හැදෙන්නේ ???? (ස)

:       0       0

බන්දුල Wednesday, 03 October 2012 08:12 AM

කරුණාකර උප ඇමතිගේ නම දාන්න. නැතිනම් දකුනේ උප ඇමතිවරැ ඔක්කොම නම කතා කරගන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති ජොන්ස්ටන්ට විදේශ් ගත වීම තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 10 0 0

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව


ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 852 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 1025 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 533 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 305 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 328 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 60 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site