IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


උප ඇමැති සරණට ඇප: අවවාද

හොරගොල්ලේ නිවාස ඉදිකිරීමේ වැඩබිමකට පැන ඉදිකිරීම් බිමට පෙරලා රුපියල් ලක්‍ෂ හතරහමාරක අලාභයක් කළැයි සැකපිට නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන, අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ ඇතුළු 17 දෙනකුට රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප නියම කළ අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් බී.ඞී.ආර්.එස්. කුමාර මහතා පැවසුවේ මෙවැනි පුද්ගලයන් නීතිය අතට ගැනීම අනුමත නොකරන බවයි. පැමිණිලිකාර සමාගමට තර්ජනය කළහොත් ඇප අවලංගු කර රිමාන්ඞ් කරන බවද මහේස්ත‍්‍රාත් අනතුරු ඇඟවීය. නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතියෙන් මේ නිවාස ඉදිකැරගෙන යන බව අධිකරණයේදී සඳහන්විය. මේ සඳහා ප‍්‍රාදේශීය සභා අනුමැතිය ලබාගෙන නැතැයිද එහිදී සඳහන් විය.



අදහස් (0)

උප ඇමැති සරණට ඇප: අවවාද

වරුණ Wednesday, 18 July 2012 08:03 AM

මෙයාව හදන්න පුළුවන් කතානායක තුමාට විතරයි මෙයා බයත් එතුමාට විතරයි ..

:       0       0

ගොනා Tuesday, 17 July 2012 08:06 PM

ඒ ඉතිං අපේ රටේ ඇමතිලානේ අනේ

:       0       0

ලමයා Tuesday, 17 July 2012 08:18 PM

මේගොල්ල වරදට බය නැත්තෙ ඕකනෙ.. උසාවි ගිය ගමන් ඇප ලැබෙනවා.... ඉතිං ඕන දෙයක් කරයි..

:       0       0

සමිත Tuesday, 17 July 2012 08:18 PM

අල්ලපු පොලිසියෙ මහත්වරු කොහෙට මාරුකරයිද දන්නෙ නැහැ... පවුල්වල අයත් පරිස්සමින්...

:       0       0

ලොක්කයියා Tuesday, 17 July 2012 08:18 PM

ඉතින් මේවගේ මෝරුන්ව අත් අඩංගුවට ගන්න එකේ තේරුමක් තියනවද? උසාවි දාපු ගමන් ඇප ලැබෙනවා. අල්ලපු පොලිසියෙ මහත්වරුන්ටයි එ‍්ගොල්ලන්ගෙ පවුල් වලටයි ඊට පස්සෙ ඉන්න වෙන්නෙ හැඟිලා.

:       0       0

බාප්පා Tuesday, 17 July 2012 08:23 PM

හොද පුතානෙ දග කරන්නෙ එහෙම නෑ..

:       0       0

Mohamad riswan saudi arabia Tuesday, 17 July 2012 08:25 PM

ජනපති තුමනි. එක වතාවක් හරි උසාවියට යන්න වූණොත් ඒ අයව දේශපාලනයෙන් අයින් කරන්න පුළුවන් විධියේ නීතිය වෙනස් කරන්න බැරිද

:       0       0

අනුරශාන්ත . Wednesday, 18 July 2012 10:50 AM

මෙයාල හිතන් ඉන්නේ මුල්රටේම දේපල මෙයාලගේ අම්ම අප්පාගේ කියලනේ . එහෙම තිබ්බනම් තව කොහෙද .

:       0       0

එටකිච්ච Thursday, 19 July 2012 02:24 AM

සරණට සරණ !

:       0       0

ඔරංඔටං Thursday, 19 July 2012 02:28 AM

ආණ්ඩුවයි,පොලිසියයි,බලධාරීනුයි,නඩුකාර උන්නාන්සේලායි සේරම එක වල්ලේ පොල් කියලයි දැන් නම් අපිට වැටහෙන්නේ.

:       0       0

අසරණ. Tuesday, 17 July 2012 09:44 PM

අනේ පවු, අසරණ පැමිණිලිකරු

:       0       0

ජිල්බු Wednesday, 18 July 2012 10:45 AM

සරණ කියන්නේ , මුළු ගම්පහටම තියෙන පිළිලයක් .

:       0       0

සුරා Thursday, 19 July 2012 04:25 AM

අනේ අපේ සුරංග අයියාවත් හිටියානම් මේ වෙලාවේ? 

:       0       0

අමිල Tuesday, 17 July 2012 09:53 PM

අපේ වත්තේ මයියොක්කා ගහක්වත් තියා ගන්න බැහැනේ.මොකද මන්දා.

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 19 July 2012 04:07 AM

‘සිංහල පත්තර කියවන්න එපා‘ ඉංගිරිසි පත්තර කියවන්නැයි ජපුර උප කුලපති කියයි 19 July 2012 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපකුලපති එන්.එල්.ඒ. කරුණාරත්න ‍ වෙත, ඇයි මෙකත් කාගෙහරි කීමකට කියපු දෙයක්ද

:       0       0

sltk2004 Tuesday, 17 July 2012 04:56 PM

පාරේ බතල ගැලවීම වගේ දරුණු අපරාදයක් කළා නම් රිමාන්ඩ් තමා..

:       0       0

නිලන්ත Tuesday, 17 July 2012 05:03 PM

ගම්පහට ඉන්න පිළිලයක් තමයි...

:       0       0

අන්කල් Tuesday, 17 July 2012 05:03 PM

එයා ගැන කවුරුත් දන්නවනේ

:       0       0

රොෂාන් සෞදි Wednesday, 18 July 2012 11:09 AM

මේවා ජනතාවගේ වැරදි , අයි මේ වගේ අය චන්දෙ දීල පාර්ලිමේන්තුවට යවන්නේ ?

:       0       0

හනුමා Tuesday, 17 July 2012 05:12 PM

දේශපාලන දාමරිකයින් සියල්ල එක පෙළට සිටුවා ධාතුසේන රජුට දුන් දඩුවම දිය යුතුයි

:       0       0

නිමල් Tuesday, 17 July 2012 04:36 PM

වැදලා බහින ඒ අයියට සරනයි, සරණයි අයියා

:       0       0

හෙළයා Tuesday, 17 July 2012 10:53 PM

නීතිය, නීතියම විය යුතුයි. කාටත් එකම නීතිය. අද අපේ රටේ වි නාශයට ප්‍රධානතම හේතුව නීතිය බාල්දුවට පත්වීම බව පෙනේ.

:       0       0

බර්ටි Tuesday, 17 July 2012 05:18 PM

තවත් මාරයෙක්

:       0       0

අයිරාන් Tuesday, 17 July 2012 05:20 PM

එළිපිට ඔහොම නම්.........??????

:       0       0

රන්දික රත්නායක Tuesday, 17 July 2012 05:21 PM

පාරෙ ගොඩනැගිලි කඩවගන්න කියාපු මහත්තයෙක්...

:       0       0

සිලෝන් චූලා Tuesday, 17 July 2012 04:50 PM

පවු අසරණ සරණ... කවුද දන්නේ නැහැ මේ නම තිබ්බ කෙනා?

:       0       0

ජනක-Bahrain Tuesday, 17 July 2012 05:02 PM

මේ අයට නැවතත් ඡන්දය දෙනවද නැද්ද යන වග ඔබට භාරයි

:       0       0

සුරා Tuesday, 17 July 2012 05:41 PM

මෙතුමා කොහොමත් අත්තනගල්ලට හරි යන්නෙ නැහැ

:       0       0

Sarath Tuesday, 17 July 2012 05:43 PM

සරණ අසරණයිද?

:       0       0

මී හරකා Tuesday, 17 July 2012 05:47 PM

මගේ වැඩත් දැං මේගොල්ල බාර අරගෙන

:       0       0

නිහාල් Wednesday, 18 July 2012 12:27 PM

මෙවැනි අයට ඡන්දය දුන් අයට තමයි ගහන්න ඕනේ

:       0       0

අනුර Tuesday, 17 July 2012 05:50 PM

හොරගොල්ලෙන්ම හැදිච්ච මිනිස්සු හොරගොල්ලටම පහරදීම කන්න දීපු අත හපා කෑමක්..රිමාන්ඩ් කරන්න තිබුණේ මොකටද අවවාද

:       0       0

අනුර Tuesday, 17 July 2012 05:12 PM

හොරගොල්ලෙම හැදිල හොරගොල්ලටම වින කරනවා... අනේ මෙහෙමත් මිනිස්සු...

:       0       0

සුමනා මානවඩු Tuesday, 17 July 2012 05:52 PM

අනේ අසරණ සරණ උප ඇමතිතුමා සමනලයෙක් වගේ අහිංසකයිනෙ....

:       0       0

තරුෂ Tuesday, 17 July 2012 05:30 PM

ශරීර ඇප නියම කලාම අලාබෙ ඇපකාරයො ගෙවනව‍ද? මෙහෙව් අධිකරන වාසනාවන්..........

:       0       0

රුවන් Tuesday, 17 July 2012 11:39 PM

මම අතනගල්ලේ .. මේ වගේ මිනිස්සු ඉන්නකන් මම නම් ආණ්ඩුවට චන්දෙ දෙන්නේ නැ .

:       0       0

අමිල Tuesday, 17 July 2012 05:37 PM

අනේ අසරණයා

:       0       0

සමන් Tuesday, 17 July 2012 05:40 PM

අපිට පේනවා දැං ආණ්ඩුව පළලම් බහින කලාවක්.. ජනාධිපතිතුමා කාලය දික්කරගත්තට වැඩක් නැහැ වගෙයි පේන්නෙ නම්..

:       0       0

මංගල Wednesday, 18 July 2012 01:02 PM

අනේ පවු, අසරණ සභාපති අයියා

:       0       0

ශාන් Tuesday, 17 July 2012 05:45 PM

මෙයා මෙච්චර වැරදි කරලත් තාම හරිහැටි විනය ක්‍රියාමාර්ගයක් නෑ. ඒකනෙ ඔය වගේ නටන්නෙ

:       0       0

ප්‍රදීප් Wednesday, 18 July 2012 12:28 AM

පුදුම හතෙන් එකයි ! මොකද්ද අල්ලපු පොලිසිය ?? කට්ටියටම අපේ ප්‍රණාමය ගත් උත්සාහයට .

:       0       0

අමිල කටුනායක Tuesday, 17 July 2012 06:30 PM

මෙයාට අරයට වගේ ආචාර්ය කෑල්ලක් නැද්ද නමට..

:       0       0

අමිල කටුනායක Tuesday, 17 July 2012 05:53 PM

450000ක ගල් කඩලා....

:       0       0

ඔරන්හුටන් පාරිස Wednesday, 18 July 2012 02:37 AM

මේ වගේ මිනිස්සුන්ටද ප්‍රභූවරුන් කියන්නේ

:       0       0

අජිත්-france Tuesday, 17 July 2012 06:15 PM

ඇමති කෙනෙක් මොන වැරැද්ද කලත් ශරීර ඇප . අහිංසක මනුස්සයෙක් ඔය වගේ දෙයක් කලා නම් අත පය කඩල දවස් 14 ක් රිමාන්ඩ් කරනවා . ලංකාවේ නීතිය එයයි . කවුරු බලයට ආවත් මෙම නීති වෙනස් වෙන්නේ නැහැ. අහිංසක දුප්පත් මනුස්සයෙක් බඩගින්නට පාරේ බතල අලයක් ගලෝල හසුවුනොත් කිසිම සමාවක් නැහැ .මෙන්න මේ අසාධාරනය නැතිකරන්නේ කවුද ? අන්න ඒ උත්තමයව තමයි අපි කවද හරි මේ රටේ රජ කරවන්න ඕනෙ .දැනට නන් ඒ වගේ උතුමෙක් එක පක්ෂෙකවත් නැහැ .ඔය ඉන්න අය ඔක්කොම හොරු . නිකන් හොරු නෙමෙයි . කම්බ හොරු .

:       0       0

රාවණා Tuesday, 17 July 2012 07:14 PM

නමට සරණ උනාට ගමට කිසිම සරණක් නැහැ..

:       0       0

දේශප්‍රේමියා Wednesday, 18 July 2012 04:17 AM

මෙයාගෙ කප්පන් නඩුවට මොකද උනේ? මෙයාලට රටේ නීතිය බලපාන්නේ නැත්ද?

:       0       0

නිලා Tuesday, 17 July 2012 07:29 PM

හොර ගොල්ල කියන්නෙ... හොරු ගොඩක් හිටපු නිසාද? නැත්නම් හොර ගස් ගොඩක් තිබුණ නිසාද? කො‍හොම උනත් මෙයත් හොරගොල්ලෙන්ම කාල හොරගොල්ලටම විනාශකරනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 86 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1790 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 799 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1030 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 622 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site