IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


උප කුලපතිට එරෙහිව ජ‘පුර උපවාසයක්

ජයවර්ධනපුර සරසවියේ සිසු විරු ස්මාරකයට බෝම්බ ගසා හානි කළැයි එහි සිසු පිරිසක් උප කුලපති ඉවත් කරන ලෙස ඉල්ලා උපවාසයක් ආරම්භ කළ අතර ඔවුනට සහාය දක්වා රුහුණු විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ 500ක් පමණ සිසුහු පිරිසක් මාතර වැල්ලමඩමේ දී උද්ඝෝෂණය කළහ. ජයවර්ධනපුර සරසවියේ මේ ගැටුම් ඇති කරන සිසුන් ත්‍රස්තවාදීන් සේ ක්‍රියාකරන බව පෙනේ යැයි ද සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඔවුන් අරමුණ යැයි ද එහි උපකුලපති මහාචාර්ය  එන්.එල් කරුණාරත්න කියයි. කිසිම වරදක් නොකළ මා ඉල්ලා අස්වන්නේ කුමකට දැයි උප කුලපතිවරයා කියයි. මේ අතර රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුහු එහි උප කුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේනගේ නියෝග නොතකා නේවාසිකාගාරයේ රැඳී සිටිති. අද උදේ හය වන විට නේවාසිකාගාර වලින් ඉවත් වන්නැයි ඔවුනට දැනුම් දී තිබිණි. ඔවුහු ඒ නියෝග නොතකා බලෙන් එහි තැන තැන රැඳී සිටිති. උප කුලපතිවරයා  පැවැසුයේ මොවුන් කිසියම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක යෙදෙන බවයි. පේරාදෙණිය සිසුහු ද ජ‘පුර සිසුනට සහාය දක්වා උද්ඝෝෂණයක් කළහ. පේරාදෙණිය සිසුහු රුහුණු සිසුහු



අදහස් (0)

උප කුලපතිට එරෙහිව ජ‘පුර උපවාසයක්

saman Friday, 06 January 2012 09:47 PM

මෙයාලට නම් හොඳටම පිස්සු , ඉගෙන ගන් ළමයිට වත් ඉගෙන ගන්න විදියක් නෑ ජේවිපියි අන්තරයයි නිසා.

:       0       0

මෙරිල් ෆනෑන්ඩු Friday, 06 January 2012 10:09 PM

උපවාසයටත් ඉඩදීලා, ඉගෙන ගන්න අයටත් ඉඩ දෙන්න ඕනේද? විභාග අසමත් වෙනකොට තේරෙයි.

:       0       0

කාරිය Saturday, 07 January 2012 12:07 AM

උපකුලපතිවරයාට තනතුර අහිමි කළ යුතුයි

:       0       0

ක්‍රිස් Saturday, 07 January 2012 12:37 AM

මෙහෙම අයද ඉස්සරහට රට බාරගන්ඩ ඉන්නේ?

:       0       0

නිමල් Saturday, 07 January 2012 12:49 AM

සේරම ගෙදර යැව්වොත් හොදයිද?

:       0       0

මහේෂ් Saturday, 07 January 2012 03:44 AM

ආපසු හදිසි නීතිය ගෙනාවනම් හරි..

:       0       0

සුනිල් Saturday, 07 January 2012 04:07 AM

මේවයේ සාපය යන්නේ හදපු වඩපු දෙමව්පියන්ට

:       0       0

කපිල බණ්ඩාර Saturday, 07 January 2012 06:37 AM

ප්‍රශ්නය ගැන බලල කතා කරන්න.

:       0       0

දැන් ජේවීපී නෙමේ කැරළි කණ්ඩායමේ Saturday, 07 January 2012 07:37 AM

දැන් ජේ.වී.පී. නෙමෙයි කැරළිකාර කන්ඩායමේ

:       0       0

උපාලි Saturday, 07 January 2012 08:07 AM

ළමුන් අධ්‍යාපනයට යොමුවීම තමන්ගේම කාර්යයකි. විප්ලව වලට උඩගෙඩි දෙන කටයුතු නොකිරීම රජයේ කාර්යයකි.

:       0       0

නිමන්ති Saturday, 07 January 2012 10:00 AM

ලොකු අයගේ ඇස් අරෙන්න මේ වගේ දේවල් කරන්න වෙනවා.

:       0       0

nimanthi Saturday, 07 January 2012 10:08 AM

ලොකු අයගේ ඇස් අරේන මේවා කරන්න වෙනවා.

:       0       0

ආකාශ් මද්දුමබණ්ඩාර Saturday, 07 January 2012 10:09 AM

සරසවිය ඇතුලේ වෙන දේවල් නොදැන මෙතන අදහස් පළකරන අය දැනගත යුතුයි, නිදහස් අධ්‍යපනය වනසමින්, පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කරමින්,අදහස් ප්‍රකාශ කිරීමට එරෙහි වෙමින් ගෙනියන මෙම ප්‍රතිපත්තිවලට එරෙහිව ජ‘පුර ඇතුළු සමස්ත සරසවි ශිෂ්‍යයෝ හැමදාම හඬ නැගුවා. අදහස් ප්‍රකාශ කරන මහත්තුරුන් තේරුම් ගත යුතුයි මේ නිහඬ කරන්න හදන්නේ රටේම හද ගැස්ම බව. ඔබට මේ මගේ යන්න බැරි උනාට කමක් නෑ.ඒ මගේ යන අයව බාල්දු කරන්න එපා.

:       0       0

සමනලයා Saturday, 07 January 2012 10:28 AM

කැම්පස් වල ඉන්න හැමෝම ජේවීපීද?ළමයිට ප්‍රශ්න තියෙන නිසායි ඔවුන් පාරට බහින්නේ

:       0       0

සමන් Saturday, 07 January 2012 11:32 AM

ඔබ සමග මම එකඟයි අක්ෂි

:       0       0

රණපත් Saturday, 07 January 2012 11:48 AM

අක්ෂි ඔබ හරි, මෙතන අදහස් දෙන සමහර අය ඉරිෂියාවට විශ්ව විද්‍යාල ළමයිනට බනිනවා, ඒත් සත්‍ය දන්නේ නැහැ. දුප්පත් අම්මල තාත්තලගේ ළමය්නට සල්ලි ගෙවල විශ්ව විද්‍යාලයට යන්න සිදුවුණු දවසට සත්‍ය තේරෙයි.

:       0       0

UOM Saturday, 07 January 2012 12:13 PM

නිදහස් අධ්‍යපනය වනසමින්, පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කරමින්,අදහස් ප්‍රකාශ කිරීමට එරෙහි වෙමින් ගෙනියන මෙම ප්‍රතිපත්තිවලට එරෙහිව ජ‘පුර ඇතුළු සමස්ත සරසවි ශිෂ්‍යයෝ හැමදාම හඬ නැගුවා. අදහස් ප්‍රකාශ කරන මහත්තුරුන් තේරුම් ගත යුතුයි මේ නිහඬ කරන්න හදන්නේ රටේම හද ගැස්ම බව. ඔබට මේ මගේ යන්න බැරි උනාට කමක් නෑ.ඒ මගේ යන අයව බාල්දු කරන්න එපා.ප්‍රශ්නය ගැන බලල කතා කරන්න.

:       0       0

UOM Saturday, 07 January 2012 12:15 PM

ඔබ සමග මම එකඟයි අක්ෂි......

:       0       0

දිනේෂ් කුමාර Saturday, 07 January 2012 12:17 PM

අක්ෂි ඔබ හරි

:       0       0

ශ්‍රී Saturday, 07 January 2012 12:38 PM

ස්මාරකයක් කැඩුවට මෙහෙම උද්ඝෝෂණය කරන්නේ මොකටද.? ඕක නැතුව අධ්‍යපනය නැති වෙනවද.? තරුණ කමට හිතෙනවා තමා.. ඒත් රැල්ලට යන්න එපා. ටිකක් බුද්ධිමත්ව හිතන්න.

:       0       0

පෙරේරා එස්.ඒ Saturday, 07 January 2012 12:46 PM

බෝම්බ ගහල තියෙන්නෙත් උපවාස කරන්නෙත් එකම කට්ටිය තමා. මොකද ඒ ගොල්ලන්ට උපවාස කරන් පොටක් නැතිවයි හිටියේ. ඒ නිසා ඒ ගොල්ලොම බෝම්බ ගහලා වැඩේ පටන් ගත්තා. අහිංසක මව්පියන්ගේ සල්ලිවලින් ඉගෙන ගෙන අනාගත දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හදන්න එපා. ඔය තුන්වෙනි බලවේගයට රටේ පාලනය ගන්න බැරි නිසා සිසුන්ගේ පිටින් ගිහින් රට අනාගතය විනාස කරන් හදනවා.

:       0       0

කමල් Saturday, 07 January 2012 11:31 PM

ඔය සටන්වලට නායකත්වය දෙන අයගේ අනාගතය ගොඩ. අනිත් අය රැකියා නැතිව ගෙදර ඔය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - හිස්බුල්ල සටන් විරාමය බලාත්මක වේ
2024 නොවැම්බර් මස 27 24 0

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අ


උතුරු මැද පෙර පාසල් වහයි
2024 නොවැම්බර් මස 27 23 0

උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1‍,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධික


මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි
2024 නොවැම්බර් මස 27 68 0

හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නි


අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි
2024 නොවැම්බර් මස 27 203 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත


කොළඹ -බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අදත් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 26 0

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ද


අපදා දැනුම් දෙන්න විශේෂ මැදිරියක්
2024 නොවැම්බර් මස 27 28 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site