IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


උප කුලපතිත් දිරච්ච ලණුවක් කාලා

ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු බව කියන ලිපියක් අනුව පේරාදෙණිය සරසවි සේවකයනට සහන මිලට ත්‍රීරෝද රථ ලබා දීම සඳහා රුපියල් ලක්ෂ තිහකට වැඩි මුදල් එකතු කර නාඳුනන මිනිහකුගේ පෞද්ගලික ගිණුමකට බැර කිරීමේ සිද්ධියක් ගැන පරීක්ෂණයට රහස් පොලිසිය කැඳවා ඇත.

උපකුලපතිට ලැබුණු ලිපියක් අනුව එක් සේවකයකුගෙන් රුපියල් 25000 ගණනේ එකතු කිරීම සරසවි ලේඛකාධිකාරී ආරියරත්න පුංචිහේවා මහතාට පවරා ඇත.

කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මුදල් එකතු කර ගිනුමක තැන්මපත් කර ඇති බවත් පොලිස් ආරංචි කියයි.

ජනපති කාර්යාලයෙන් බව කියන ලිපිය චමින්ද කුමාරසිංහ නම් පුද්ගලයකු විසින් උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට යවන ලදැයි දැගන්නට ඇත.

උපකුලපතිගෙන් මේ ගැන විමසීමට ගත් උත්සාහය අසාර්තක විය.

 

 



අදහස් (0)

උප කුලපතිත් දිරච්ච ලණුවක් කාලා

සදුනි Thursday, 16 October 2014 09:19 AM

අපොයි...මෙතුමා කැම්පස් ගිහින් උපාධිගත්ත කෙනෙක් බවක් පෙන්නේ නම් නැහැ.(දිල්)

:       0       0

හේමන්ත Thursday, 16 October 2014 09:38 AM

ගුරුන්ටත් අකුරු වරදී කියා කියෙන්නේ මෙහෙම දේ වුණාම තමයි.(හේ)

:       0       0

සිසිර Thursday, 16 October 2014 09:43 AM

බැංකුවක ගිණුමක් නම් මේ ගිණුම අයිති කෙනා ගේ විස්තර අනිවාර්යයෙන්ම බැංකුව ළඟ තියෙන්න ඕනේ නේ. (‍හේ)

:       0       0

උපාලි Thursday, 16 October 2014 10:13 AM

ලිපිය දැක්කම බයවෙන්න ඇති.(හේ)

:       0       0

චමිල් Thursday, 16 October 2014 12:11 PM

මෙතන ඉන්නේ බහුතර දේශපාලන පත්වීම් ගත්තු උදවිය. මොළයක් හෝ වැඩක් කරන්න සුදුසුකමක් කියල දෙයක් නැහැ. ලිපිය අතට ලැබුන ගමන් සම්මාදමේ යනවා වගේ සල්ලි එකතු කරන්න වටේ යන්න ඇති. මේ සල්ලි පුද්ගලික ගිණුමකට යවන්න කියන්නේ ඇයි කියල හිතන්න බුද්ධියක් තියේවිද ? (ස)

:       0       0

නිමාලි Friday, 17 October 2014 03:53 AM

හේමාල් වැරදියි. ඔය විශ්ව විද්‍යාලවල බොහෝවිට දැනුම තිබෙන පරිපාලන නිලධාරීන්ව පැත්තකට කරලයි තියෙන්නෙ. කීපදෙනෙක් එයාලට ඕනෑ විදිහට තීරන ගන්නවා. දේශපාලනය විශ්ව විද්‍යාලය තුළට ඒමේ ප්‍රතිඵලය තමයි ඔය. (නි)

:       0       0

රන්ජන් Thursday, 16 October 2014 01:23 PM

උගත් කමට වඩා බුද්දිමත් කම වටිනවා. සියළුම උගතුන් බුද්දිමතුන් නෙමෙයි. රටේ වැඩිහරියක් ඉන්නේ බුද්දිමතුන්. හැබැයි උගතුන් නෙමෙයි.(හේ)

:       0       0

යශෝධා Thursday, 16 October 2014 05:52 AM

ලියුමක් ආ පළියට මෙහෙම වගකීමෙන් තොරව වැඩ කරනවද? (නි)

:       0       0

ටෙනිසන් Thursday, 16 October 2014 05:56 AM

උපකුලපතිට මේ ගැන විමසා බලන්නවත් තිබුණනේ! (නි)

:       0       0

රන්දි Thursday, 16 October 2014 05:57 AM

කිසිම දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතුව නේද වැඩකරලා තියෙන්නේ? (නි)

:       0       0

හේමාල් Thursday, 16 October 2014 06:07 AM

මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේ තැන් වල ඉහලම පරිපාලකයාගේ සිට පහලටම ප්‍රායෝගික බුද්ධියක් තියන කට්ටිය නැති බව අපි දන්නවානේ. (ස)

:       0       0

රන්දි Thursday, 16 October 2014 06:26 AM

හේමාල්, ඔබ හරියටම හරි (නි)

:       0       0

ලසිත් Thursday, 16 October 2014 06:27 AM

රජයේ තැන් වල ලියුම් ගනුදෙනු වල හැටි අපි දන්නවානේ. ඇයි මේක ටිකක් සොයලා බලන්න ඕනෑ කියන දේ මෙතන කාර්ය මණ්ඩලයේ අයට වැටහුනේ නැත්තේ? (නි)

:       0       0

අනුර Thursday, 16 October 2014 06:28 AM

දැන් ඉතින් මේ බැරකළ මුදල් නැවත ගන්නත් බැහැ නේද? අපරාදේ සල්ලි! (නි)

:       0       0

සමිපත් Thursday, 16 October 2014 06:30 AM

ජනාධිපති කාර්යාලයෙන් කිව්වම ඕනෑම කෙනෙක් බයට ඉක්මනින් වැඩ කරනවා. (ස)

:       0       0

විරාජ් Thursday, 16 October 2014 06:33 AM

අධ්‍යාපනය නඟාසිටුවන සියලු කාරණා පසෙකලා එක් එක් පුද්ගලයන්ට වන්දිභට්ටකම් කරන එක තමා දැන් වැඩිපුර කෙරෙන්නේ. (නි)

:       0       0

සුනිල් Thursday, 16 October 2014 06:33 AM

ඉහළ තැනක වැඩකරන කෙනෙක්ගෙන් උපදෙසක් ආවිට සමහරුන්ට ඉන්න තැනවත් මතක නැහැ. (නි)

:       0       0

නුවන් Thursday, 16 October 2014 06:49 AM

අපේ මිනිසුන්ටත් සහන මිලට දෙනවා කිවුවොත් ආයේ මොනව දෙයක්වත් හොයලා බලන්නේ නැහැ (නි)

:       0       0

රොබින් Thursday, 16 October 2014 06:51 AM

මෙවැනි නිලධාරීන් සිටින තැනක ශිෂ්‍ය ප්‍රශ්න ඇතිවීම ගැන තවත් කවර කතාද? (නි)

:       0       0

වසන්ත Thursday, 16 October 2014 06:52 AM

මම මේ නිසයි මේ ක්‍රමයම වෙනස් කරනවට කැමති. ඔය නිලය දෙවියන්ටත් වැඩිය බල ගතු වෙලයි තියෙන්නේ. ජයවර්දන මහත්තයා අපේ රටට මෙහෙම විනයක් දෙයි කියල මම හිතුවේ ණෑ. ලොක්කෝ මේ විනය මෙහෙම පිළිගනීවි කියල හිතුවෙත් නැහැ (නදී)

:       0       0

සිරි Thursday, 16 October 2014 06:55 AM

දැන් කාලෙ උපකුලපති කම ලැබෙන්නේ හොඳම සුදුස්සාට නෙමෙයි, වැඩියෙන්ම දේශපාලන සම්බන්ධකම් තියෙන කෙනෙකුට. (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 16 October 2014 06:56 AM

උඩින් එන ලියුම් වලට විශ්ව විද්‍යාල වලට ළමයින් ගන්නවා කියන එකේ මේක මොකද්ද? (නදී)

:       0       0

සෙනරත් Thursday, 16 October 2014 06:56 AM

දැන් කොහ් බැලුවත් ලොකු තැන්වල අය රැවටෙනවා. ඉතින් කොහොමද රටක් දියණු වෙන්නේ ? (නදී)

:       0       0

රේමන්ඩ් Thursday, 16 October 2014 07:00 AM

විශ්ව විද්‍යාල උපකුලපති කර තිබෙන්නේ ගමේ නුගත් කෙනෙක්වත් නොකරන දෙයකි . මෙය පිටුපස කුමක් හෝ දුෂිත වැඩ පිළිවලක් තිබිය හැක. මෙවැනි අය පාලනය කරන ආයතන දෙවියන් වහන්සේ රැකබලා ගනිත්වා (නදී)

:       0       0

රජින්ද Thursday, 16 October 2014 07:08 AM

කොහොමත් ඔහේ ඉන්න වැඩිමනක් කට්ටිය පොලවේ පය ගහල ඉන්න උදවිය නොවන වග හුඟක් අය දන්නවා. ප්‍රායෝගික යථාර්තවාදී වින්ඥාය කියන්නේ උගත්කමට නෙමේ... බුද්ධිමත්කමටයි.! (අ)

:       0       0

චමින්ද Thursday, 16 October 2014 07:15 AM

මේ හොර මගඩියට සල්ලි දීල තියෙන්නේ ඇමතිතුමාගේ ගෝලයෝ (අ)

:       0       0

හේමන්ත Thursday, 16 October 2014 07:20 AM

මෙයාල ශිෂ්‍යයින්ට කරන අසාධාරණ කම් සහ පාවා දීම් කරන්නෙත් මෙහෙමම තමයි. මම අහල තියෙන විදියට කලින් හිටපු උපකුලපති කෙනෙක් විශ්වවිද්‍යාලයට රජයෙන් ලැබෙන අරමුදල් සම්පුර්ණ වියදම් නොකොට හොද නම ලබාගන්න අාපහු රජයටම බාර කලාලු. (අ)

:       0       0

අකිල රෝහිත Thursday, 16 October 2014 07:33 AM

හේමාල්, ඔබ කියන ඉහළ සිට පහළට ප්‍රායෝගික අත්දැකීම් නැහැ කියන එක අනුමත කරන්න අමාරුයි. මේක ලොක්කන්ගේ වැරැද්දක්. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 16 October 2014 07:33 AM

උප කුලපතිත් දිරච්ච ලණු කනවා නම් පාරවල් වල කෑහගහන ළමයි කාලා ඇත්තේ මොනවාද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 123 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 158 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 294 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 109 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1105 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2498 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site