IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


උප සභාපති හිමි බලෙන් මුලසුනට

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම විනාඩි පහකට කල්තැබූ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයා එක්ව උපසභාපති උක්වත්තේ චන්දිම හිමියෝ සභාපති පුටුවේ බලෙන් වාඩි කැරවූහ. එම අවස්ථාවේ අබේසේකර මන්ත්‍රීවරයා හිමියන්‍ට නිල් පැහැති මල් මාලාවක් ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් කොල පැහැති මල් මාලා ද පැළැන්දූහ. ඔවුන් එසේ කරන ලද්දේ සභාපතිවරයාගේ පාලනය අකාර්යක්ෂම බැවින් ඔහු සභාපති ධූරයෙන් ඉවත්කොට උප සභාපති හිමියන් සභාපතිකළ යුතුයැයි පාලක පක්ෂයේ අබේසේකර මන්ත්‍රීවරයා විසින් ගෙන ආ යෝජනාවකට මන්ත්‍රීවරු හය දෙනකුගේ එකඟතාව හිමිවීමෙන් පසුවය. ප්‍රේමලාල් අබේසේකර, දිල්රුක් අබේකෝන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ද, විපක්ෂ නායක හුසේන් කියාස්, අමිල නුවන් හා ටී.එච්.කුලරත්න මන්ත්‍රීවරයා ද ජනතා විමුක්ති පෙරමුණේ හර්ෂ ලියනගේ මන්ත්‍රීවරයාද එම යෝජනාවට එකඟවූහ. යෝජනාව ගෙන ඒමෙන් පසු සභාපති චානක මාදුගොඩ මහතා සභාව විනාඩි පහකට කල්තබා සිය අසුනෙන් ඉවත්වගියේය. චන්දිම හිමියන් සභාපති අසුනෙන් ඉවත්වීමත් සමග සභාපතිවරයා පැමිණ යළි රැස්විම ආරම්භ කළේය.

 

 



අදහස් (0)

උප සභාපති හිමි බලෙන් මුලසුනට

තිසල් Wednesday, 05 June 2013 08:10 AM

බුදු බණ කිව්වාත් නිරන්තරේ බුදු බණ ඇසුවාත් නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ... බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති ගතියක් අපි හට ඇතිවද මන්දා මේ තරමට බුදු බණ අහනා රට දින දින පිරිහෙන කරුමය මන්දා... සිරිත් විරිත් යහ ගුණෙන් පිරී ගිය නැවුම් ලොවක් මත සිහසුන බන්ඳා එක ඉර හඳ යට හිනැහෙන දවසක් යලි කවදාවත් නේවිද මන්දා..... ගායනය: මාලනී බුලත්සිංහල මහත්මිය, එඩ්වඩ් ජයකොඩි මහතා පද රචනය: රඹුක්කන සිද්ධාර්ථ හිමි(නදී)

:       0       0

නසාර් Tuesday, 04 June 2013 07:30 PM

පන්සල් වහන්න වගේ වෙන්නේ. (නි)

:       0       0

තිසල් Wednesday, 05 June 2013 08:09 AM

උත්තම පා තඹරුවරු ඔක්කොම හාමුදුරුවරු දන් කෑමට ඉතා ගරු නිවන් පුරේ යාම බොරු (නි)

:       0       0

චතුරිකා Wednesday, 05 June 2013 08:16 AM

ලංකාවේ බුද්ධගම තියෙන්නේ නමට පමණයි. හාමුදුරුවෝ උපසභාපති වෙලා එකට වැඩිවෙලා මල් මාලා දමාගෙන කාට කියන්නද.(නදී)

:       0       0

අල්සාන් Wednesday, 05 June 2013 08:20 AM

පොද්දල ඉන්න ආගම ධර්මය හදුනන්නේ නැති අය අපේ රටට වැඩක් නැහැ. මෙයාලා එලවමු.(නදී)

:       0       0

අනුර Wednesday, 05 June 2013 08:21 AM

මේ මිනිසුන්ට ආගමට වඩා දේශපාලන පක්ෂය ලොකු වෙලා. සුද්දෝ අපිට කරපු තවත් එක දෙයක් තමයි මේක.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 04 June 2013 07:38 PM

"චරිත භික්කවේ (ප්‍රාදේශීය සහාවට) චාරිකන් බහුජන හිතාය බහුජන සුඛාය" (නි)

:       0       0

රාජා Wednesday, 05 June 2013 08:23 AM

කෝ මේ වට වගකියන්න ඕන ඉහල ලොක්කන්. එයාල නිශ්ශබ්දව ඉන්නකන් මේ වගේ පිස්සෝ දගලාවී. පක්ෂයේම අය වැඩක් කරන්න දෙන්නේ නැති වෙනකොට කොහොමද ප්‍රදේශයක් දියුණුවෙන්නේ. මේ වගේ තක්කඩි එලවන්න ඕනා.(නදී)

:       0       0

අමිළ Wednesday, 05 June 2013 08:24 AM

හාමුදුරු කෙනෙක්ව මෙහෙම අල්ලන එක හොදද?(නදී)

:       0       0

අනුර Wednesday, 05 June 2013 08:23 AM

මේවාට ගතයුතු පියවර ජනතා හදවත් තීරණය කරාවි (නි)

:       0       0

අජිත් Tuesday, 04 June 2013 07:47 PM

අනේ හාමුදුරුවනේ ඔය චීවරයට තියෙන ගෞරවය කෙලෙසා ගන්නේ නැතුව දේශපාලනේ පැත්තකට විසිකරලා පන්සලේ වැඩ හිටියානම් හොඳයි කියල ඔය විකාර දැක්කම මට හිතෙනවා.(නදී)

:       0       0

නිරෝෂා Wednesday, 05 June 2013 08:28 AM

අනේ අපේ හාමුදුරුවනේ, පන්සලට ගිහින් බුද්ධ සාසනය වෙනුවෙන් කැප වෙන්න. මේ වගේ දේවල් වලින් රටට විහිළු සපයන්නේ නැතිව. එසේ බැරිනම් සිවුර අතහැර ගෙදර යන්න. මට තේරෙන්නේ නැත්තේ මහා සඟ නායක වහන්සේලා මේවා නොදකින එක ගැන. බුද්ධ සාසන ඇමති කොහෙද?.(නදී)

:       0       0

රකිත් Wednesday, 05 June 2013 08:35 AM

ගිහියන් වැරදි මග යනවිට ඔවුන් යහමගට ගැනීමට පැවිද්දන් කටයුතු කරන්නා සේම පැවිද්දන් අකැප දෙයක් කරන විට ඔවුන්ට ඒ බව පෙන්වා දීම ගිහියන් විසින් කල යුතුය. නැත්නම්, කොසොල් රජතුමා දැකපු තවත් සිහිනයක් සැබෑ වනු ඇත.(නදී)

:       0       0

වල්පොල Thursday, 06 June 2013 04:44 PM

දැන් ඉතින් හාමුදුරුවෝ වඩිනකොට රතිඤ්ඤා දාන්න වෙනවා (නි)

:       0       0

අතුල Wednesday, 05 June 2013 08:48 AM

ලෝකේ හිනස්සන වැඩ මේවා (දී)

:       0       0

ජයලත් Tuesday, 04 June 2013 07:55 PM

බුද්ධාගම ප්‍රචාරය කරන හාමුදුරුවන්ට ගරු කරන්න (නි)

:       0       0

සංජීව Wednesday, 05 June 2013 08:51 AM

මේක මාධය ඉදිරියේ රඟපෑමක්, මේ අබේය්සේකර කියන කෙනා ගොඩක් සැරේ පරාද වෙලා යන්තම් මේපාර එල්ලුන කෙනෙක්. මාදුගොඩ මහතාගේ කාර්යක්ෂම තාවය ගැන මිනිස්සු දන්නවා. ඒක නිසා වැඩිම මනාපෙන් එතුමාව සභාපති කළේ පළවෙනි පාරෙන්ම. මේ අයට ඒක දරාගන්න බැහැ. ඒක නිසා සභාපති තුමාට අකුල් හෙලනවා. තව පාරක් ඡන්දය තිබ්බත් දිනන්නේ අපේ සභාපති තුමාම තමයි. ඒක ජනතා මනාපය. මේ අයගේ රඟපෑම එයාලගේ මෝඩකම. බයවෙන්න එපා බල්ලෝ බිරුවට කඳු පාහත් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

හසන්ති Tuesday, 04 June 2013 08:04 PM

ඔය වගේ වැඩ කරන්න එපා කැතයි (දී)

:       0       0

බංඩාර Wednesday, 05 June 2013 08:57 AM

කැතයි නේද?(නදී)

:       0       0

සංජීව තුෂාර Wednesday, 05 June 2013 08:54 AM

මේක මහ මෝඩ හැසිරීමක්. ජනතාවගේ කැමැත්තෙන් සභාපති පුටුවට ආපු කෙනා මෙයාලා කෝහොමද බලෙන් ඉවත් කරන්නේ. ඒකත් ජනතා කැමත්තට අනුවද සිද්ද වෙන්නේ. මේ ගැන අපේ නියෝජ්‍ය කතානායක තුමාගේ අවධානයට යොමු වේවා!. වනය විරෝධි ක්‍රියා කරන මංත්‍රීවරුන්ට නිසි දඩුවම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා ඔබ තුමාගෙන්.(නදී)

:       0       0

කුමා Tuesday, 04 June 2013 08:13 PM

බෞද්ධ රටකට ගිය කල! (නි)

:       0       0

රොහාන් පෙරේරා Wednesday, 05 June 2013 09:04 AM

සභාපති තුමනි, දේශපාලනයේ හැටි ඔහොම තමා. ඔබතුමා වැඩ කරන්නේ ඔතන ඉන්න ටික දෙනාට නෙමෙයි එළියේ ඉන්න දස දහස් ගණනක් වූ ඡන්ද දායකයන්ට. සැලෙන්න එපා. ජනතාව ඔබ සමගයි. අපිට නම් පාලනය කාර්යක්ෂමයි.(නදී)

:       0       0

කිත්සිරි Tuesday, 04 June 2013 08:19 PM

පිස්සු.(නදී)

:       0       0

ඉෂ් Tuesday, 04 June 2013 08:23 PM

ආචාර්ය අමිල නුවන් ළමියින්ට උගන්වන්නේ මේවද?. තමන් ජනප්‍රිය වෙන්න මේ වගේ පාදඩ වැඩ කරනවද?. එකෙක් කකුල උඩ තියාගෙන හිටියා, අනිකා ඊට හපන්. මේ වගේ අයට ජන්දේ දෙන අයට ගහන්න ඕනා.(නදී)

:       0       0

වත්සලා Tuesday, 04 June 2013 08:25 PM

මාදුගොඩ සභාපති තුමනි. ඔබතුමා කරපු දේවල් හා කරන දේවල් දරාගන්න බැරි කුහකයෝ කරන වැඩ මේවා. අබේසේකර කියන්නේ කුහක කමේ උල්පතක්. සබාපති වෙන්න බැරි උනාම දුක තමයි ඔය. ඔබතුමා ජන්දේ ඉල්ලුවේ නැත්නම් බෝපේ පොද්දල යු.එන්.පී බලය තමයි තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි ගොන්නු තමයි ඔය දගලන්නේ.(නදී)

:       0       0

ලක්ෂිත Tuesday, 04 June 2013 08:30 PM

පොඩි බබාල වගේනේ වැඩිහිටියෝ හැසිරෙන්නේ. මේවගේ වැඩ ගැන ඉහලින් ඉන්න ලොක්කන් බලාගන්න ඕනා. එයාල කටවහන් ඇස්පියන් හිටියොත් වැඩක් කරන මිනිස්සු හැමදාම පරාදයි. මේ වගේ අයට ඊලග පාර අවස්ථාවක් දෙන්න නරකයි. සත්තු වගේ හැසිරීම. මේවගේ හරක් ගොඩක් මද සභාපතිතුමගේ හිනාවත් වටිනවා.(නදී)

:       0       0

ඔසාමා Wednesday, 05 June 2013 09:29 AM

හාමුදුරුවනේ, ඔබේ ගෞරවය ඔබ නෙතිකරගත්තා.ගිහියන්ට මේ වගේ ඔබව අල්ලන්න පුලුවන්ද? (දී)

:       0       0

ඩිලාන් Tuesday, 04 June 2013 08:37 PM

මාදු, මේ වගේ අයට දගලන්න දීලා බලන් ඉන්න එපා. ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා. ඔයා ඊලග පාර ඉල්ලුවොත් දිනනවා. ගරු ආසන සංවිදායක තුමනි, ඇයි මේවගේ අබේසේකරලට දගලන්න දෙන්නේ. ඔබතුමාගේ කීර්තියටත් හානියක් මේ වගේ සර්පයෝ තියා ගන්න එක.(නදී)

:       0       0

විපුල Tuesday, 04 June 2013 08:42 PM

"බල්ලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා " කියල සිංහල කතාවක් තියෙන්නේ මේවට තමයි .... ගරුතර හාමුදුරුවනේ, ඔය නොගැලපෙන මිනිස්සු එක්ක දේශපාලනයට නොයා... චීවරයේ ගෞරවය රැකගෙන අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කරන්න ..."අසේවනාච බාලානං - පන්ඩිතානන්ච සේවනා .........."(නදී)

:       0       0

තබුක් සිල්වා Tuesday, 04 June 2013 08:47 PM

අයියෝ, අම්මෝ මොකක්ද මේ කරගත්තේ.(නදී)

:       0       0

සිරා Tuesday, 04 June 2013 08:54 PM

අනේ අනිච්චං.(නදී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 04 June 2013 01:59 PM

ඒකත් එහෙම හොදයි කියමුකෝ (නි)

:       0       0

සුසිල් Tuesday, 04 June 2013 09:17 PM

අනේ හාමුදුරුවනේ, බුද්ධාගමේ නාමයෙන් මේවගේ තුට්ටු දෙකේ වැඩ වලට සහභාගීවෙලා අපේ ආගමට අපහාසට සහ සැහැල්ලුවට ලක්කරන්නද ඔය හදන්නේ? සිවුර ගලවල ඔය මෝඩ රැල සමග ලගින්නද හදන්නේ.(නදී)

:       0       0

යොහාන් Tuesday, 04 June 2013 02:09 PM

ඇයි ගින්නක්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

මාක් Wednesday, 05 June 2013 05:33 PM

අපේ රටෙ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු. අනේ අපේ රටේ උගතෝ තනිකර කෙලින්නේ පිස්සු.(නදී)

:       0       0

රංජනී Tuesday, 04 June 2013 09:26 PM

හාමුදුරුවන්ට මල් මාලා දානවා දැක්ක පළමු වතාව. මේ අයට උගත්කමක් නැතිද?(නදී)

:       0       0

ලසන්ත Wednesday, 05 June 2013 09:48 AM

අනේ හොඳයි (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 June 2013 02:15 PM

ඉස්සර රට ගොඩ නගාගත්තෙ උතුම් ස්වාමින් වහන්සේලාගේ උපදෙස් වලින්. දැන් ස්වාමින් වහන්සේලා රට කනවා. මේ විහිලු තව කොච්චර කල් රටේ මිනිස්සු බලාගෙන ඉන්නද? අනේ අපේ රට දවසින් දවස විනාශයට යනවා (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 05 June 2013 09:52 AM

ජීවිතේ පළවෙනි වතාවටයි මම දැක්කේ හිමිනමකට මල්මාලා පළන්දන එක. ඒකත් ගෞරවාන්විතව නොව අවිනීතව. එනම් මේ කාලවල්වල බුදුදහමට නිගා කරන්නේ අන්‍යාගමිකයින් හෝ බෞද්ධ ගිහියන් නොව චීවරධාරීන්ම බව කිව යුතුද? (නදී)

:       0       0

සුජාන් Tuesday, 04 June 2013 02:20 PM

එයාලට පිස්සුද ? නැත්නම් අපිට පිස්සුද ? (නි)

:       0       0

ජෙෆ් Tuesday, 04 June 2013 09:46 PM

අනේ අපේ හාමුදුරුවනේ ! (නි)

:       0       0

සනත් Thursday, 06 June 2013 01:06 PM

අපේ බුදු හාමුදුරුවෝ කල්ප ගානක් පෙරුම් පුරලා. බුදු බව ලබල . සාසනයක් හැදුවේ දේශපාලනය කරන්නද ? (ස)

:       0       0

සමන්ති Wednesday, 05 June 2013 10:02 AM

සභාපතිවරයා හොරකම් වලට දූෂණයට ඉඩ නොතියන නිසා හොර දේශපාලක හොරුන්ට මල්ල තර කර ගන්න බැරිවෙන හින්දා වෙන්න ඇති මේ දේවල් කරන්නේ. මේ වගේ විහිළු වලට නොසැලී හොදින් තම තනතුරේ වැඩ කර ගෙන යාමට සභාපතිවරයට ආත්ම ශක්තිය ලැබේවා. (නි)

:       0       0

සදුනි Tuesday, 04 June 2013 02:44 PM

අපේ ත්‍රිවිධ රත්නයෙන් එක රත්නයක් මෙසේ දේශපාලන මඩගොහොරුවට බැසීම ඉතාමත් අසෝබන බව දැන්වත් නොතේරෙන්නේද? (නි)

:       0       0

කුමාරි Tuesday, 04 June 2013 02:45 PM

ඕවා ඉතින් අරුමයක්ද‍?මේ මොන කතාද? (නි)

:       0       0

ගමගේ Wednesday, 05 June 2013 02:09 PM

මොනවාද මේ කරන විකාර , සිවුර අද ගත්තු කෙනෙක්ට මල් මාලා දානවාද (දී)

:       0       0

මංචනායක Wednesday, 05 June 2013 10:06 AM

මොනවාද කියන්නේ මම මේ වෙනුවෙන් (දී)

:       0       0

ගයාන් Tuesday, 04 June 2013 02:49 PM

නැවත මෙවන් වැඩ කරන්න එපා

:       0       0

චලන Tuesday, 04 June 2013 10:22 PM

මඩු, ඔයා හොරකන් කරන්නේ නැති නිසා ඒ අයට අවුල්. ඕවා ගණන් ගන්න එපා. ජනතාව ඔබ සමගයි.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 04 June 2013 10:27 PM

සිවුර වගේද මන්ත්‍රී ලාබ.

:       0       0

කුරුවිට Tuesday, 04 June 2013 10:27 PM

මෙවැනි අයගෙන් ආගම කෙලෙසෙනවා නෙමෙයි ආගම කෙලසනවා.(නදී)

:       0       0

ශානිකා Wednesday, 05 June 2013 10:33 AM

මම මොකුත් කියන්නේ නැහැ මේ වෙනුවෙන් මොකද මම මොනවාහරි කියුවොත් මගේ නහරයක් පුපුරනවා (දී)

:       0       0

චූලා‍ Tuesday, 04 June 2013 03:23 PM

කොහොමද වැඩේ?හාමුදුරුවන්ට මල් මාල දාලා පිළිගන්න තත්වෙට වැටුන අපි... වැරැද්ද ගිහියන්ගේ නෙමෙයි. දේශපාලනයට බැහැපු හාමුදුරුවන්ගේ. ඕක තමා හාමුදුරුවනේ අපි කිවුවේ. දැන් කරන්න දෙයක් නැහැ.රෝමෙට ගියා නම් රෝමන්කාරයෙක් වගේ ඉන්න වෙනවා. (නි)

:       0       0

සුපුන් Tuesday, 04 June 2013 03:24 PM

මල් මාලා දාලා හාමුදුරුවෝ පිළිගත්තේ මොන මෝඩයද? එක අතකින් ගිහියන්ට බනින්ට බැහැ... ගිහියන්ගේ රස්සාවට පැවිද්දෝ බැස්සහම ගිහියන්ට දක්වන ආචාර ධර්ම පැවිද්දන්ටත් ලැබෙන්නේ. (නි)

:       0       0

පාල Tuesday, 04 June 2013 03:29 PM

කොහොමද හාමුදුරුවෝ දේසපාලනය කෙරිල්ලේ විපාක?මල් මාලා දාලා පිළිගන්න තත්වෙට අසරණ වෙලා.ඉරිදා ටියුෂන් පන්තියක් වත් නවත්තන්න බැරි වුන එකේ මොන ධර්ම රාජ්‍යයද අපේ හාමුදුරුවනේ? තවත් බාල්දු නොවී ඔය දේශපාලනේ නවතන්න. (නි)

:       0       0

ජනක Tuesday, 04 June 2013 03:31 PM

ලංකාවේ කතෝලික පල්ලිය පියතුමන්ලාට දේශපාලනේ කිරීම තහනම් කරලා කියලා මම පත්තරේක දැක්කා.අපිටත් එහෙම දෙයක් තමා දැන් කරන්න වෙන්නේ. (නි)

:       0       0

රානි Tuesday, 04 June 2013 03:34 PM

දේශපාලනේ කොතනද හාමුදුරුවෝ එතන.... (නි)

:       0       0

ශානක Thursday, 06 June 2013 08:29 AM

වැඩබැරි සභාපති ගෙදර යනු! (නි)

:       0       0

කෙනත් Tuesday, 04 June 2013 11:10 PM

භික්ෂුවට අනුශාසක ධුරයක් මිස වෙනත් නිල බලතල කරන්න ගියහම තමයි මේ වගේ ගැටළු වලට මුහුණ දෙන්න වෙන්නේ. බුද්ධ ශ්‍රාවකයෙකුට මෙය නොගැලපෙන්නක් වගේම, තිසරණය ගිලිහුණු, කිසිම ගරු ශ්‍රද්ධාවක් හිතේ නැති , කල යුත්ත නොකළ යුත්ත මොකක්දැයි නොහදුනන මේ වගේ දේශපාලන අවස්ථාවාදීන් මේ රටට මහා පිළිලයක් . මේ වැඩේට අපේ පිලුකුල්. ප්‍රාදේශීය සහ පළාත් සභා කියන්නේ මේ රටට කිසිම වැඩක් නැති මහජන මුදල් කාබාසිනියා කරන මැරයන් රජකරවන ව්‍යුහයක් බව දැන් රටටම තේරුම් ගිහින් තිබෙන්නේ. ඕනෑම ජඩ වැඩක් පස්සේ දැන් ප්‍රාදේශීය හෝ පළාත් සභා මන්ත්‍රී කෙනෙකුගේ නම ගෑවෙන තරමටම ඒක පිළිලයක් වෙලා. ඉස්සර තිබුන දිසාපති ක්‍රමය මීට වඩා රටේ මිනිස්සුන්ට වැඩක් කෙරුණා.(නදී)

:       0       0

සංජිව Wednesday, 05 June 2013 10:43 AM

ඔක්කොටම කලින් සිවුරට ගරු කරන්න දන ගන්න (දී)

:       0       0

ඉන්දික Thursday, 06 June 2013 08:35 AM

උන්වහන්සේගේ කැමැත්තක් නැහැ වගේ (දී)

:       0       0

ඉමන්කා Thursday, 06 June 2013 08:36 AM

සල්ලි ප්‍රශ්නයක්ද මහත්තයෝ

:       0       0

තබුක් සිල්වා Tuesday, 04 June 2013 03:39 PM

කෞද අකමැති පුටුවට බලෙන් හින්දනවා නම් (නි)

:       0       0

ශානිකා Thursday, 06 June 2013 08:36 AM

ඔය වගේ වැඩ කලාම හෑල්ලු වෙන්නේ ඔබතුමාලම තමයි

:       0       0

වරුණ Tuesday, 04 June 2013 03:40 PM

හාමුදුරුවන්ට මල් මාලා දාන්නේ කොයි රටේද ?පේනවනේ උගත්කමේ හැටි? (නි)

:       0       0

දමිත් Thursday, 06 June 2013 08:36 AM

මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නය

:       0       0

ශානිකා Thursday, 06 June 2013 08:36 AM

තනතුරකින් ඉවත් කරන විදිහක් තියෙනවා (දී)

:       0       0

අමල් Thursday, 06 June 2013 08:36 AM

මේවා විහිලු මට නම්

:       0       0

තුෂාර Thursday, 06 June 2013 08:33 AM

කාටද කියන්නේ මේ වැඩ (දී)

:       0       0

ශානිකා Thursday, 06 June 2013 08:36 AM

විකාර කරාන්න එපා

:       0       0

ෂෙරිෆ් Wednesday, 05 June 2013 10:53 AM

ඔබ වහන්සේ සිවුරක් දාගෙන ඔය පුටුවේ කොහොමද වාඩිවෙන්නේ? ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති වරු කියන්නේ වර්තමාන ලංකාවේ කාන්තා සහ ළමා අපචාර කරන්නන්, පොලිස් නිලධාරීන්ට පහර දෙන්නන්, මිනි මරන්නන්.(නදී)

:       0       0

ශෂී Wednesday, 05 June 2013 10:54 AM

කෙවින් ඔබගේ අදහස අනුව එහෙම උනොත් මුලුරටටම දෙන්න වේවි දානය.(නදී)

:       0       0

අබේරත්න Tuesday, 04 June 2013 03:58 PM

අයියෝ සල්ලි විහිලු වගේ මට නම්

:       0       0

ලුම්බිණි Tuesday, 04 June 2013 03:58 PM

මේ හාමුදුරුවන් වහන්සේට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

උපුල් Thursday, 06 June 2013 08:53 AM

හොර බොරු නැති ආදර්ශවත් සබාපති කෙනෙක් සැලෙන්න එපා මාදු අපි ඔබත් එක්ක. (ස)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 05 June 2013 11:08 AM

අනේ හාමුදුරුවනේ මොනවද මේ විකාර...සභාවේ කට්ටිය සිවුරට ගරු කරන්නවත් දන්නේ නැද්ද ...මොන්ටිසෝරියක් වගේ. ... (ත)

:       0       0

මුණසිංහ Tuesday, 04 June 2013 04:15 PM

සබාපති කොහොම වෙතත් ඔය කෑගහන මන්ත්‍රීවරු ප්‍රදේශයට කිසිම වැඩක් කරන්නේ නැහැ ඔය සබාවට අයිති පාරවල් වල පයින්වත් යන්න බැහැ. ඔය මන්ත්‍රීවරු ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නැහැ.(නදී)

:       0       0

රන්දික Thursday, 06 June 2013 09:06 AM

මේවගේ වැඩ කරන්න එපා මහත්තයෝ (දී)

:       0       0

තාරක Wednesday, 05 June 2013 11:15 AM

හොද වැඩක්.(නදී)

:       0       0

අමිල Friday, 07 June 2013 09:13 AM

මේවා විහිළුද

:       0       0

හේරත් Wednesday, 05 June 2013 12:45 AM

මම ගියා අපායේ රැස්වීමකට මල්ලියේ. මුලසුන මට දෙන්න හදනවා. මම බැරිය කියනවා...මගේ ඇඟේ ගහනවා ...මම පැනල දුවනවා...මම ගියා අපායේ ..රැස්වීමකට මල්ලියේ.// විස්තර ලංකාදීපයේ ....බලන්න එන්න මල්ලියේ....ගියා අපායේ ..රැස්වීමකට මල්ලියේ.//(නදී)

:       0       0

ලසන්ත Wednesday, 05 June 2013 11:14 AM

අපිට පිස්සුද කොහෙද (දී)

:       0       0

නිමල් Friday, 07 June 2013 09:20 AM

ආදර්ශයක් වෙන්න ඕනේ නේද

:       0       0

වසන්ත Friday, 07 June 2013 09:21 AM

මොකද්ද මෙවන් වැඩ වලට හේතුව (දී)

:       0       0

වාසනා පෙරේරා Friday, 07 June 2013 09:19 AM

පව් කියලත් හිතෙනවා

:       0       0

විශ්ව Friday, 07 June 2013 09:21 AM

මම මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

සජිත් Wednesday, 05 June 2013 08:44 PM

බෝපෙ පොද්දල සභාවෙ ඉන්නෙ 10% කොමිස් එකට කොන්ත්‍රත් කරන මංත්‍රීවරු විතරයි. ආගම ධර්මය හදුනන්නේ නැති මෙයාලා එලවමු.(නදී)

:       0       0

අජන්ත Friday, 07 June 2013 09:21 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

සුගීස්වර-ඩුබායි Wednesday, 05 June 2013 01:33 AM

මදූ අපි ඔබ සමගයි.(නදී)

:       0       0

අමිල Friday, 07 June 2013 09:21 AM

මෙහෙම කරන එක හරිද (දී)

:       0       0

මුතුකුඩ Wednesday, 05 June 2013 01:34 AM

හා හා ළමයිනේ එහෙම කතා කරන්න ඒපා. මේ වගේ අපේ හාමුදුරුවරුන් තමයි මෙවැනි ආසනවල ඈදි ගන්න ඕනේ. අර බල සේනා මේ බල සේනා වලට වඩා කොතරම් හොදද?(නදී)

:       0       0

ලාල් Thursday, 06 June 2013 08:45 PM

ඒ හාමුදුරුවෝ බැහැ කියද්දී වාඩි කරලා තියෙන්නේ

:       0       0

සංජිව Wednesday, 05 June 2013 11:32 AM

දැන්වත් ඔය සිඟිති වැඩ නවත්වන්න (දී)

:       0       0

සමධි දසනායක Tuesday, 04 June 2013 05:03 PM

අයියෝ ආගමට යන කලක් මේ දේශපාලනයක් නිසා. කාන්තාවන් හා සමතැන් අරගෙන ඉන්න හැටි.මේවා තිබුනද අපේ ආත්තම්මා මුත්තා යුගයේ? (නි)

:       0       0

ඉන්දික Tuesday, 04 June 2013 05:06 PM

නරි නාටක..... (නි)

:       0       0

අමිල Tuesday, 04 June 2013 05:12 PM

මේ අයට වෙන වැඩ නැති හින්දා හොදයි (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 05 June 2013 03:50 AM

හාමුදුරුවන්ට මල්මාලා දමන එක හොඳද?අනේ හාමුදුරුවනේ ඔය ආගම් චාරිත්‍ර නොදන්නා පුද්ගලයෝ සමග ආශ්‍රය කිරීමෙන් ඔබ වහෙන්සේට විතරක් නෙමේ සාසනයටම අගෞරවයක්.සාසනය රැක ගැනීමේ තීරණය ඔබ වහෙන්සේට භාරයි (නි)

:       0       0

සමිත් Wednesday, 05 June 2013 04:49 AM

අප්පෝ.....! අද කාලේ ස්වාමින් වහන්සේලා මේ වගේ දේවල් කරනවා දැක්කම හරිම දුකක් හිතෙනවා. (නි)

:       0       0

සිල්වා Wednesday, 05 June 2013 11:57 AM

විදුලි බිල ගැන අපි නැවත නැවත සිතිය යුතුය. මේ වැඩිකිරීම ජනතාවට කරන ලොකුම අසාධාරනයක්.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 05 June 2013 05:35 AM

අපේ රජ වරු රට පාලනය කලේ සංඝ රත්නයේ අනුග්‍රහය ඇතිවයි. ඉතින් මොකද හාමුදුරුවෝ රට පාලනයට එකතු වුනාම?සිංහල බොදුනුවන් තමාටම අවැඩක් කර ගන්නේ එතුමන්ලා ඉවත් කලොත්. (නි)

:       0       0

රියාල් Friday, 07 June 2013 02:45 PM

කෝ පුටුවට දාන සුදු රෙද්ද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 05 June 2013 05:52 AM

හාමුදුරුවන් වහන්සේලා අපි දැකල නැහැ ගැහැණු අයත් එක්ක එක ළඟ සම සමව පුටු වල වාඩිවෙලා ඉන්නවා. (නි)

:       0       0

චන්දන Tuesday, 04 June 2013 05:35 PM

මෙහෙමත් විකාර .(නදී)

:       0       0

සේනානායක Tuesday, 04 June 2013 05:45 PM

අනේ පාර්ලිමේන්තුවේත් ඔය වගේ දෙයක් සිදුවේ නම් ... (නි)

:       0       0

ආනන්ද ආර් Tuesday, 04 June 2013 05:57 PM

මොනවා වුනත් භික්ෂූන් වහන්සේ නමකට මල් මාලා පැළඳවීම නම් වැරදියි කියලයි මම හිතන්නේ. බෞද්ධ ස්වාමින් වහන්සේ නමක් අදහස් දක්වනවා නම් හොඳයි. (නි)

:       0       0

කෙලුම් Wednesday, 05 June 2013 06:41 AM

ඉස්සර පාලකයෝ හාමුදුරුවන්ට වැන්දා. දැන් හාමුදුරුවෝ දේශපාලුවන්ට දණගහලා වඳිනවා.(නදී)

:       0       0

රොෂාන් Tuesday, 04 June 2013 06:04 PM

ඉතා හොදයි (නි)

:       0       0

කුමාරි Wednesday, 05 June 2013 06:41 AM

පසුගිය කාලයේම සංඝයා විසින් බුදුදහම විනාශ කරන ප්‍රවෘත්ති අසන්නට, දකින්නට ලැබුනා. අපිට සංඝරත්නය හදාගන්න බැරිනම් මේ වගේ ප්‍රවෘත්ති පලකරන එක නතර කරලාවත් හිත හදා ගමුද? (නි)

:       0       0

කෙවින් Tuesday, 04 June 2013 06:08 PM

මට නම් මේ ගැන කිසිම පැහැදිලිතාවයක් අවශ්‍ය නැහැ. මම දෙන දානේ දෙන්නේ හිගන්නන්ට විතරම තමා. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 04 June 2013 06:10 PM

අපි නම් හිනා වේවි බලෙන් වාඩිකරවනවා මේ දැක්කමයි (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 June 2013 06:12 PM

විහිළු විහිළු විහිළු............රට වටේම විහිළු (නි)

:       0       0

සෙනෙවිරත්න Wednesday, 05 June 2013 10:06 PM

මහන වෙන්නේ නිවන් යන්න. දේශපාලනය කරන්නේ අපායේ යන්න. බුදුන්ගේ චීවරයට හානි කරන්ඩ එපා.(නදී)

:       0       0

රෝහණ Wednesday, 05 June 2013 07:14 AM

ඕක අද වෙන දේවල් එක්ක බලද්දී ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. (නි)

:       0       0

කෝලිත Tuesday, 04 June 2013 06:23 PM

කිසිම විදිහකින් බලයට එන්න වුවමනාවක් නැති අපේ විපක්ෂයේ අහවලාවත් ඔය විදිහට බලෙන්ම ලොකු පුටුවක ඉන්දවමුද ? ඔයාල කියන විදිහේ මල්මාලා අපි අරගෙන එන්නම් ඕනෑ පාටක (නි)

:       0       0

දිසා Wednesday, 05 June 2013 07:18 AM

ශාසනේ රැකගෙන ඉන්නේ නැතුව මේ ජරා දේශපාලනයට එන එක ආගමත් හෑල්ලුවට ලක් වීමක් . (නි)

:       0       0

හේමන්ත Tuesday, 04 June 2013 06:37 PM

පාසල් ශිෂ්‍ය සමිති මීට වඩා ක්‍රමවත් සහ විධිමත්. ලැජ්ජා නැති හැටියක්! (නි)

:       0       0

දර්ශන් Tuesday, 04 June 2013 06:49 PM

නියම විහිළුවක් ,සතුටුයි අපේ හාමුදුරුවනේ (නි)

:       0       0

අසංක Thursday, 06 June 2013 03:56 PM

මේ සබාපති හොර බොරු නැතිව අවංකව තම දේසපාලන කටුතු කරගෙන යන එක දරාගන්න බැරුව ඉර්සියාවේ අකුල් හෙලනවා.(ස)

:       0       0

මධූරංග Wednesday, 05 June 2013 10:42 PM

මා දන්නා තරමට නම් සබාපති (මාදුගොඩ) අවංකව වැඩකරන මැර වැඩ නැති අන් ප්‍රාදේශීය දේශපාලකයන්ට ආදර්ශමත් දේශපාලකයෙක්. (නි)

:       0       0

දම් Tuesday, 04 June 2013 07:04 PM

ඔව්. හොරකම් අඩුවේවි. නමුත් කාර්යක්ෂමතාවය ගැන දැන්ම මොකුත් කියන්න බැහැ (නි)

:       0       0

රෝහණ Wednesday, 05 June 2013 07:48 AM

රටේ බහුතරය ඉන්නෙත් බලෙන්නේ (නි)

:       0       0

අසේල Tuesday, 04 June 2013 07:20 PM

හාමුදුරුවෝ ගිහියන්ගේ රූකඩ වෙලා. මේවා බුදු දහමට අමු අමුවේ කරන ගැරහුම්.ධම්ම සංඝායනාවක් පවත්වන්න කාලයයි දීපයයි දේශයයි මේ. (නි)

:       0       0

ලාල් Wednesday, 05 June 2013 07:56 AM

මේ වගේ හමොදුරුවරුත් දේශපාලනේ ඉන්න ඕනා. හොද දේට සහය දෙන්නේ නැති මෙවැනි බික්ෂුන් ගේ අපේක්ෂාව බලය හා තණ්හාවනම් ගිහියන්ට බුදු සරණයි. මේ වගේ අසික්කිත මන්ත්‍රීලාටත් බුදු සරණයි.(නදී)

:       0       0

මංජු Tuesday, 04 June 2013 07:21 PM

විගඩන් විකාර.(නදී)

:       0       0

රජිත Wednesday, 05 June 2013 08:03 AM

ඊයේ ප්‍රවෘත්ති වලට දුන්නා විශ්වාස භංග යෝජනාවක් ඔබතුමාට ගේනවා කියලා. මනාප 10000 ගණනක් ගත්ත ඔබතුමාට එහෙම කරන්න මේ පරාජිතයන්ට පුලුවන්ද. සභාපතිතුමනි ඔබ වෙනුවෙන් බෝපේ පොද්දල ජනතාව පමණක් නොව මුළු ගාල්ලේ දිස්ත්‍රික්කයම ඉන්නවා. 'ජන ගගක් යනු එක හඩක් ' ඔබට ජය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 5 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 17 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 284 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 592 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 431 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 329 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site