IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


උමාඔයෙන් අසරණ වුවන්ට සහන දෙනවා

(යොහාන් භාසුර

උමා ඔය ව්‍යාපෘතිය හෙතුවෙන් අසරණ වු ජනතාවට සහන සැලසිම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබාදීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරිමට සහ එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලයට යොමු කිරිමටත් තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතා, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ එම අමාත්‍යශයන්වල ලේකම්වරු ඇතුලු පිරිසක් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේදී  පැවති විශේෂ සාකච්ඡාවකදි මෙම තීරණය ගත් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කීය.

උමා ඔය ව්‍යාපෘතියට ඉඩ කඩම් සහ දේපළ පවරා ගත් පිරිසගෙන් තවමත් සහන නොදුන් පිරිසට සහන ලබාදීම, ව්‍යාපෘතිය ඉදිකිරිමේදි සිදුවු ගිලා බැසීම්, පුපුරා යෑම් නිසා හනි වු නිවාස සඳහා වන්දි ලබා දීම, වගා වන්දි නොලැබුනු පිරිසට වගා වන්දි ලබා දීම, ජල ව්‍යාපෘති හරහා පානිය ජලය අහිමිවු අයට පිරිසිඳු පානිය ජලය ලබා දීම, කුලී නිවැසියන්ට  නොදුන් කුලී මුදල් දීම, පූර්ණ නිවාස හානි වු අයට ඉඩම් හා වන්දි දීම, පාරිසරික හානි සඳහා විදිමත් අධ්‍යානයකින් පසු පිළියම් යෙදිම, උමා ඔය පහළනිම්නයේ ජනතාවට වාරි ජලය හා විදුලිය නිපදවීම සඳහා හල්පිටිගල ජලාශය ඉදිකිරිම, සමස්ත උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවු වංචා දූෂණ අක්‍රමිකතා නීති විරෝධි කාර්යයන් පිළිබ්ඳව පුර්ණ විමර්ශනයක් කිරිම සහ මෙම ව්‍යපෘතිය හේතුවෙන් මධ්‍යම කඳුකරයෙ සිදුවන සොදා පාළුව, පාංශූ ඛාදනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනිම යන තීරණවලට එළැඹි බවද අමාත්‍යවරයා කීය.

එම කරුණු පිළිබඳව පුළුල්ව සාකච්ඡා කල බවත් ඒ අනුව මෙම අරමුණ සාක්ශාත් කර ගැනිම සඳහා රජය වෙත  නිර්දේශ ලබාදිමට කැබිනට් අනුකමිටුවක් පත් කිරිම සුදුසු බවට අමාත්‍ය ලාල් කාන්ත මහතා යෝජන කළ බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (6)

උමාඔයෙන් අසරණ වුවන්ට සහන දෙනවා

සෙනෙවිරත්න Sunday, 09 February 2025 11:58 AM

සමච්චලයට ගත්තාට මේක තමයි උමා ඔයේ හිල්. ඇස් නිලංකාරවෙන කොන්ක්‍රීට් ඉදිකිරීම් දැක්කාම ඒවායෙන් පොඩි මිනිහාට පරිසරයට වෙන හානි ඈත අයට පේන්නෙ නැහැ. මේවා විධිමත්ව සමාජගත කළ යුතුයි... නැත්නම් මේවායින් වාසි ගනිපු පාර්ශ්වය මිනිස්සු නොමඟ යවනවා...!

:       14       9

GAMA VARESE Sunday, 09 February 2025 03:08 PM

ඕකට තමයි කියන්නේ දිඨ්ට දම්ම වේදනීය කර්මය කියලා... උමාඔයේ හිලක් තියෙනවා කියලා එය කඩා කප්පල් කිරීමට ගිය මිනිහටම සිද්ද වුණා. එහි තිබෙන ප්‍රගතිය ගැන කියන්න.

:       3       15

SanathSunday, 09 February 2025 04:55 PM

ප්‍රගතිය ගැන නෙවෙයි මේ කියන්නේ. පරිසරයට හා ජන ජීවිතයට සිදු වී ඇති හානියට විසඳුම් ලබා දීම ගැන​...

:       8       4

සෙනෙවිරත්න Sunday, 09 February 2025 07:00 PM

ගමවර්ස ඔබ , අගතිය සහ සුගතිය අතර වෙනසවත් නොපෙනෙන තරමට මොලේ අවුල් කරලා මෙයාලාගේ පළපුරුදු කට්ටිය. හොරාකෑම අංක එක, ජනතාව අංක දෙකටත් වඩා පහළ, ඒක තමයි මේ විඳවන්නේ...!

:       5       2

Asela Sunday, 09 February 2025 07:36 PM

පහුගිය පාලනය යටතේ සංවර්ධනයට සමච්චල් කරපු කටකාර මොලේ නැති මෝඩයෙක්. මේ වඳුරු හමුදාව රටට මොනවාද කරලා තියෙන්නේ? ඕනෑම NPP වහලෙකුට පසුගිය මාස 4 තුළ මොවුන් විසින් කරන ලද ප්‍රගතිශීලී යමක් නම් කළ හැකිද?

:       2       11

ගුණරත්න Sunday, 09 February 2025 08:16 PM

ට්‍රාන්ස්ෆොමර් ගිනි තියන තාක්ශනේ හඳුන්වාදුන්නේ මෙතුමන්ලා, තව ඉන්දියන් ව්‍යප්ත්වාදේ කියලා යටියන උළු කර්මාන්තශාලා පිච්චුවේ මෙතුමන්ලා. බස් පිච්චුවේ මෙතුමන්ලා, කෘෂිකර්ම මධ්‍යස්ථාන පිච්චුවේ මෙතුමන්ලා. දැන් ඒ උතුමන් වහන්සේලාම රටේ නායකයෝ වෙලා කජු කකා සුපිරි වාහන වල යන ගමන් සංවර්ධනේ ගැන බණ දෙසනවා.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 5 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 188 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 380 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 349 3

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 499 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 763 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 518 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site