IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


උමා ඔය ඉදිකරන ෆරාබ් සමාගම ආධුනිකයි - ඇමති අමරවීර

(ඩයනා උදයංගනී)

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කරන ඉරානයේ ‘ෆරාබ්’ සමාගම මීට පෙර එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධ අත්දැකීම් නොමැති ඉදිකිරීම් සමාගමක් බව දැනට කර ඇති සොයා බැලීම් වලදී හෙළි වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති, උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ සොයාබැලීමේ අමාත්‍ය අනු කමිටුවේ සාමාජික මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම ඉදිකිරීම් සමාගම උමා ඔය ව්‍යාපෘතිය සඳහා නිර්දේශ කර ඇත්තේ ඉරාන රජය විසින් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔවුන් විසින් උමග කැණීමේ දී යොදාගෙන ඇති යන්ත‍්‍ර එම කටයුත්තට නොගැලපෙන ඒවා වීම දැනට මතු වී ඇති ගැටලූවලට හේතුවක් වී ඇතැයි කී අමාත්‍යවරයා එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පර්යේෂණ කර ඇති දේශීය හා විදේශීය විශේෂඥයින්ගේ නිර්දේශ පරිදි එම කටයුත්ත සඳහා ගැලපෙන උපකරණ ජුලි 18 වැනි දා වන විට ගෙන්වීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 



අදහස් (25)

උමා ඔය ඉදිකරන ෆරාබ් සමාගම ආධුනිකයි - ඇමති අමරවීර

sachith Friday, 07 July 2017 08:11 AM

දැන් ඔක්කොම වුණාට පස්සෙද සමාගමයි, උපකරණයි හොඳ නෑ කියන්නේ? පුදුම පාලකයෝ තමයි මෙහෙ ඉන්නේ.

:       506       569

husen-riyad Friday, 07 July 2017 08:16 AM

එදා මේ වගේ දෙයක් කරද්දී තිබුණු රජයේ ඇමතිවරයෙක් හැටියට කියන්නවත් කොන්දක් නැති ඇමතිවරුතමයි මේ. ලොකු දෙයක් දැන්වත් ටිකක් හෝ විරුද්ධත්වයක් දක්වන එක. හරියට අඟේ ඉඳන් කන කනවා වගේ. දැන් දැන් මතුවී ඇති ප්‍රශ්න බොහොමයකට ප්‍රධානම හේතුවක් තමයි ඕක. ජනාධිපතිතුමා ඉක්මනින්ම තීරණයක් අරගෙන, අදාළ අමාත්‍යාංශය වහාම පවරාගත්තේ නැත්නම් ආණ්ඩුවට තව තවත් බොහෝ ප්‍රශ්නවලට මැදිවෙන්න වේවි.!!!

:       275       313

පිටිගල මිලානෝ Friday, 07 July 2017 08:31 AM

කෝටි ගණන් කොමිස් ඉරානයෙන් ගත්තු අය කලින්ම ඒවායේ පඩිසන් විඳිනවා.

:       222       423

raawana Friday, 07 July 2017 08:34 AM

ඔය ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ පසුගිය රජයෙන්. ඔබත් ඒ රජයේ හිටපු සාමාජිකයෙක් නේද? ඒ කාලේ ඕවා ගැන හොයලා බැලුවේ නැතිද?

:       216       317

K PereraFriday, 07 July 2017 03:15 PM

ඒ කාලේ ඕවා හොයන්න ගියා නම් මෙයාලට වෙනදේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

:       27       77

hira Friday, 07 July 2017 08:57 AM

බෝල ගහන්න වගෙයි ලැහැස්ති වෙන්නේ...

:       108       120

kalum -verona Friday, 07 July 2017 09:09 AM

රට ගැන ආදරයක් ඇති අය මේවා කියද්දි මෙච්චර කල් කොහෙද හිටියේ? දැන්ද මේවා කියන්නේ.. මේවගේ තමයි අනෙක් දේවලුත්..

:       239       305

lanka Friday, 07 July 2017 09:26 AM

ඔක්කොම වැඩ ඉවරවෙලා අවසාන ගෙවීම් කළාටත් පස්සෙම සමාගම ගැන චෙක් කළා නම් නේද හොඳ?

:       165       211

Athula k Friday, 07 July 2017 09:30 AM

මෙච්චර කල් ව්‍යාපෘතියේ උපදේශක සමාගම බව කිව්වේ නැද්ද? එහෙම නැත්නම් ඇහුන්කන් දුන්නේ නැද්ද?

:       105       138

Chandana Friday, 07 July 2017 10:02 AM

ආ.. එතකොට ඔබතුමා හිටියේ මහරජාණන් ළඟ නේද?

:       205       307

channa Friday, 07 July 2017 10:04 AM

කොමිස් ගන්නකොට ඕවා හොයන්නේ නැනේ නේද? විපතක් වුණාම තමයි ඔක්කොම හොයන්නේ..අනේ මන්දා මෙහෙමත් දේශපාලකයෝ...

:       1       141

PerakumFriday, 07 July 2017 10:22 AM

වැහි නැති හෙණ වදීවිද දන්නේ නෑ... ? මේ වගේ වැඩ කරනකොට...

:       0       122

wasantha Friday, 07 July 2017 10:33 AM

බණ්ඩාරවෙල මිනිස්සු මැරුණාට පස්සෙම කම්පැනිය ගැන හොයලා බලන්න...

:       0       144

ජයන්ත Friday, 07 July 2017 12:46 PM

හරි, දැන් මේ වගේ ප්‍රකාශයක් කළාම අපි නිදහස් කියලාද කියන්නේ? වැරැදි සමාගම් ගෙනැවිත් රට විනාශ මුඛයට ඇද දැමූ පාලකයන්, නිලධාරින් ඉන්නේ කොහේද?

:       1       137

Susil Friday, 07 July 2017 02:04 PM

මේක ගමට වතුර ගෙනියන්න පටන්ගත්ත වැඩක්නේ, ඒ කාලේ ඉරානය එයාගෙ හොඳම යාලුවෙක්නේ.. ඉතින් තව මොනවද ? හැබැයි හොඳම විහිලුව අප්පච්චි දැන් කියන්නෙ මේක මෙහෙම වුනේ මේ ආණ්ඩුවේ වරදින්ලු...

:       1862       1733

හෙට්ටි Friday, 07 July 2017 04:26 PM

ආධුනිකද, නැතිද? කියලා කම්පැනියේ වෙබ්සයිට් එකට ගිහින් බලා ගන්නකෝ....

:       0       0

athula Friday, 07 July 2017 05:54 PM

ඔය මගුල් කතා වැඩක් නැහැ. මහා විනාශයක පෙර නිමිති අතලඟයි. රටේ හදවත් විනාශකරලා පාලනය කරන රට මොකක්ද?

:       0       0

sumudu Friday, 07 July 2017 09:59 PM

මේ වගේ තමාගේ නායකයන් හැටියට පත් කරගත්තු මිනිස්සුන්ට හොඳම වැඩේ තමයි. තව ඉස්සරහට හොඳ හොඳ දේවල් එළිවෙයි.

:       0       0

abaran Friday, 07 July 2017 11:10 PM

සංගක්කාරගෙන් අහනවා දේශපාලනයට එනවද කියලා., ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගන්න වෙලාවේ. එතකොට ඔහු කියනවා ක්‍රිකට් ඇරෙන්න ඔහු වෙන දෙයකට කැමති නැති බව, ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැප වෙන බව ඔහු කියන අතරම කියනවා දේශපාලනයට සුදුසු ය ඉන්නවා ඒ ය එය කරාවි කියලා. බෝලයක් එන්ට කලින් ඔහු දන්නවා බොලේ එන ආකාරය. ඒත් මේ දේශපාලකයෝ දන්නේ විකට් කඩලා ගියාම තමයි ... ඒත් විකට්ටුවේ ඉන්නවා ලජ්ජා නැතිව. ඒ නිසා මට හිතෙන්නේ ඔයාකාරයට නම් ඕනෑම කෙනෙකුට දේශපාලනය කල හැකියි කියලයි.

:       0       0

Bandara Saturday, 08 July 2017 12:31 AM

අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. එදා මහවැලිය හදද්දී දස දහස් ගණන් ගමබිම් හැර ගියා. ජ.වි.පෙ. එක කෑගැහුවා මහා දරුණු විදියට. ජේ.ආර්., ගාමිණි මහත්වරුන් බයේ පලාගියේ නැහැ. අද කෙතරම් පිරිසක් ජීවත් වෙනවාද කොතරම් විදුලියක් හැදුවාද? රටට කොතරම් යහපතක් වුනාද?

:       1       114

ajith Saturday, 08 July 2017 01:49 AM

මේ ආණ්ඩුවේ කට්ටියත් එම වරද කලේ නොදැන කියලා හිතන්න අමාරුයි. පේන්නේ නැතැයි සයිටම් එකට කතා කරන හැටි. ඔක්කොම කොමිස් ගහන එකයි කරන්නේ.

:       0       193

බණ්ඩාර -කැකිරාව Saturday, 08 July 2017 03:56 AM

මෙම ව්‍යාපෘති තම අභිමතය පරිදි පටන්ගත්තේද ඒ ඔබතුමාත් ඇමතිකමක් කල පසුගිය රජයෙනි. එම කාලයේදී ඔබතුමාලගේ වගකීම් පැහර හැරලා. ජනතාව කුපිතවීම වැළැක්වීමට මෙවැනි ප්‍රකාශයන් කර, එම පාපයෙන් මිදෙන්නට හෝ ඔබලාගේ අත සෝදාගැනීමට නොහැක. එබැවින් පටන්ගත් ව්‍යාපෘතිය නිසි පරිදි අවසාන කර, අවතැන්වූ ජනතාවට නිවාස සහන සලසන්න. ඒ වගේම අසරණ වූ ජනතාවට නල ජලය ලබාදෙන නිසි ක්‍රමවේදයක් සකසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සමහර මැති-ඇමති වරුන්ගේ ගෙවල් නඩත්තු කිරීමට සහ වාහන මිලදී ගැනීමට වෙන්කළ මුදල් බණ්ඩාරවෙල ජනතාවට නල ජලය ලබාදීමට යොදවන්න.

:       0       45

බණ්ඩාර (කැකිරාව) Saturday, 08 July 2017 04:14 AM

ඇමතිවරු අට දෙනයි... කතාවම විතරයි... ප්‍රශ්නයත් එතනමයි... උමාඔයේ අපි දැන් අනාතයි.

:       0       2

kumar (galf) Saturday, 08 July 2017 04:24 AM

මේ ව්‍යාපෘතිය පරණ ලොක්කාගේ පවුලේ අයටම හදපු ව්‍යාපෘතියක් වගේ... ඉතින් කාට කියන්නද?

:       0       59

Nandalal DE SILVA - France Saturday, 08 July 2017 08:14 AM

අපට හානිවන තරමට සමාගමේ ලාභය ඉහළයි....එච්චරද ? මෙවැනි දැවැන්ත ව්‍යාපාර කිරීමට මේ ඉරාන සමාගමට කිසිම පළපුරුද්දක් මෙන්ම හැකියාවක් තියේද කියා මේ ව්‍යාපාරයේ "අප්පච්චිලා" අවම වශයෙන් රාජ්‍ය මට්ටමේ හෝ තානාපති මට්ටමේ හෝ විමසීමක් කළාද ? මෙවැනි මහා පරිමාණයේ බහු කාර්ය ව්‍යාපෘතියක් "පිළිගත් විදේශිය සමාගමකට" භාර දුන්නා නම් ඔවුන් මෙරටට පැමිණ එය අධ්‍යයනය කර රජයට පුර්ණ වාර්තාවක් ලබා දෙනු ඇත. එහෙම වුණා නම් මෙහි භාරදුර කම මෙන්ම එමගින් සිදුවිය හැකි පශ්චාත් අනතුරු ගැන රජයට දන්වනවා නොවේද? මේ තුට්ටු දෙකේ ඉරාන සමාගම එවැනි දෙයක් කළාද? වෙන්න බැහැ, හේතුව ඔවුන්ට එවැනි අත්දැකීම් නැති නිසාය. අනික් අතට "පිළිගත් විදේශිය සමාගමක්" පශ්චාත් අනතුරු ගැන දන්නා නිසා මෙවැනි දෙයකට අත නොතබනු ඇත. එහෙම වුණා නම් ව්‍යාපෘතියේ කොමිස්වලින් මේ අයගේ මඩිය පිරෙන්නේ කොහොමද ? හැමදේකින්ම අසරණ වෙන්නේ මේ ජනතාවයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 733 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2292 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 566 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 584 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 295 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 529 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site