IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


උමා ඔය ගැටලුව ගැන සොයන්න විදේශ විශේෂඥයන්

(දයාසිලි ලියනගේ)

ජනතාවට සිදුවන හිරිහැරය වළක්වමින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහාය ගැනීමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) නුවරඑළියේ දී පැවසීය.

ඉංජිනේරුවන්ගේ උපදෙස් නොතකමින් දේශපාලන තීන්දු මත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හේතුවෙන් මෙම අයහපත් ප්‍රතිවිපාක වලට ජනතාවට මුහුණදීමට සිදුවී ඇති බවත් අද පැන නැගී තිබෙන ජනතා විරෝධතා හමුවේ, එම වැරදි දේශපාලන තීන්දු ගනිමින් කෝටි ගණන් මුදල් වංචා කළ පිරිස නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත්, වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යාපෘතියේ මූල්‍ය වංචා සිදුකළ අය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කිරිමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

ජර්මන් රජයේ කැණීම් පිළිබඳ විශේෂඥයකු මේ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබෙන අතර වැඩිදුර අධ්‍යයනය සඳහා තවත් සති කිහිපයකින් නෝර්වේ රජයේ  විශේෂඥ කණ්ඩායමක් ද දිවයිනට පැමිණිමට නියමිත බව ද ජනපතී කීවේය.

මේ අතර  බණ්ඩාරවෙල නගර  වැසියන්ගේ ජල අර්බුදය පිළිබඳව විමර්ශනය කර  ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වාර්තාවක් ලබාදීම සඳහා මහින්ද අමරවීර, චම්පික රණවක හා විජිත් විජයමුණු සොයිසා යන ඇමැතිවරුන් ලබන සඳුදා (3) එම ප්‍රෙද්ශයේ සංචාරය කිරිමට  නියමිතය.



අදහස් (8)

උමා ඔය ගැටලුව ගැන සොයන්න විදේශ විශේෂඥයන්

kumar (galf) Thursday, 29 June 2017 11:24 AM

කොත්මලේ ජලාශය ගැනත් මේ වගේ ප්‍රශ්න ආපුවෙලාවේ දෙපාරකට විදේශ විශේෂඥයන්ගේ විමර්ශන වලට මහා විශාල මුදලක් වියදම් කළා රටේ සල්ලි... නමුත් අවසානයේ වැඩිපුරම ගෙවීම් කරපු විදේශ විශේෂඥයන්ගේ වාර්තාව වුණේ 1960 ගණන්වල අපේම රටේ විශේෂඥයෙක් වූ දොස්තර පට්ටිආරච්චි මහත්මයාගේ වාර්තාවමයි. ඒ වාර්තාවට ඒ දවස්වල ඒ මහත්මයාගේ කණ්ඩායමට හදන්න වැයවෙලා තිබුනේ රුපියල් 25,000 වගේ සුළු මුදලක්. නමුත් ඩොලර් මිලියන ගානක් වැයකලා විදේශ විශේෂඥයන්ට... ඇයි දැන් වුණත් එවැනි රටේම විශේෂඥයන් හොයාගන්න බැරි?

:       1       48

hewawitharana Thursday, 29 June 2017 11:25 AM

ඇත්තටම ලංකාවේ හරිහමන් ඉංජිනේරුවරු නැද්ද?

:       1       50

rosheen Thursday, 29 June 2017 12:11 PM

ජනපතිතුමනි, උමා ඔය කරන්නෙත් විදේශිය රටක් වන ඉරානයයි. එයාලාගෙන්ම ආයි ගෙන්වනවා නම් තවත් දිනය නොදාපු නම නොලියපු මරණ සහතිකයක් නිකුත් කලා වගේමයි...

:       0       2

athula Thursday, 29 June 2017 12:37 PM

මේ වගේ පාලකයෝ ඉන්න රටකට මොන අනාගතයක්ද? මෙතරම් විනාශයක් වෙලා තියෙන බව පෙනී පෙනීත් මේකත් ඒ වගේම එකක්... මේ වෙනකොට රටේ ප්‍රශ්නවලට පත්කරපු කමිටුවෙන් කරන දේවල් මේ කපේදී ඉවර වෙන ඒවා නම් නොවේ.

:       12       66

දිනේෂ් Thursday, 29 June 2017 12:58 PM

අපේ දේ කොහොමත් අපට වටිනාකමක් නෑනේ.... අනික අපේ අයත් පුරුදු වෙලා ඉන්නේ පිටින් කවුරු හරි ඇවිල්ලා මොකක් හරි කිව්වොත් ඒක පිළිගන්නනේ...

:       0       19

Kamal Thursday, 29 June 2017 03:00 PM

ඔය වගේ කමිටු කියක් පත්කළාද? මොකද්ද වුණ යහපත කල්මැරිම පමණයි...

:       1       119

hewawitharana Thursday, 29 June 2017 05:49 PM

ඉරානයේ කාන්තාර හාරන මිනිසුන්ට පුලුවන්ද තෙත් කලාපිය රටක් වන ලංකාවේ පොලොව හාරන්න මේ ගොල්ල කරලා තියෙන්නේ අත්හදා බැලීමක්

:       0       6

de silva berlin Sunday, 02 July 2017 01:21 PM

ඕකත් අර මහා බැංකු වංචාව හොයන්න පත්කළ කමිටුව වගේ වේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 726 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2268 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 561 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 580 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 293 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 529 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site