උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද(28) උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.
විරෝධතාව හේතුවෙන් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා ඇතැයි වාර්තා වේ.
මෙහිදී හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වළක්වාගැනීම, උමගේ ඉදිරි කැණීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සඳහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සඳහා රජයේ අවධානය යොමු කිරීම උද්ඝෝෂණයේ අරමුණ වී ඇත.
ප්‍රදේශවාසීහු විශාල පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටිති.
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල උණුසුම් වෙයි
rohana Wednesday, 28 June 2017 06:16 AM
මේ උද්ඝෝෂණ දේශපාලනය විසින් කරවන ඒවා බව පෙනේ. නමුත් මේවා 2015 ට පෙර කළා නම් භයානක තත්වයක් තමයි කියන්න තියෙන්නේ...
රොමේෂ් Wednesday, 28 June 2017 06:38 AM
උමා ඔය වියාපෘතියට විරුද්ධව සමන්ත විද්‍යාරත්නලා කෑගහද්දී මිනිස්සු ඒ මනුස්සයට විරුද්ධව කෑගැහුවා. මොකද ඒ මනුස්සය කතාකලේ අනාගත දැක්මක් එක්ක වුනත්, ඒ මනුස්සය නියෝජනය කරපු දේශපාලන පක්ෂයට ඒකෙන් වාසිවෙයි කියල හිතලා. දැන් විනාශය වෙලා ඉවරයි. අපේ රටේ සාක්ෂරතාවය 99% වුනත් අනාගතය දකින්න පුළුවන් මිනිස්සු බොහොම අල්පයි. යමක් තේරුම්ගන්න තමන්ටම දැනෙන්න ඕනා. තමන්ම විඳින්න ඕනා. ඒක මේ ජඩ දේශපාලනය විසින් ඔව්න්ව පත්කර තිබෙන අසරණභාවය. පක්ෂ පාට අතහැර වැරදි දෙයට විරුද්ධවෙන්නත් හරි දේට පක්ෂ වෙන්නත් පුළුවන් මිනිසු බිහිවුන දවසට අපේ රටත් දියුණුවෙයි. එදාට අපි උන්නත් නැතත් අපේ රට ලෝකේ ඉහලින්ම තියේවි. ඒ කොඳු ඇට සහිත පරපුර බිහිකරන එකයි අද සමාජ වගකීම.
ෆෙරෝස් Wednesday, 28 June 2017 07:37 AM
බොහොම සරලව කියලා තියෙනවා. අපේ රට හැමදාම එකමතැන පල්වෙන්න හේතුව තමයි අපේ මිනිස්සු පක්ෂ දේශපාලනය බදාගෙන කටයුතු කිරීම. එ්ක වෙනස් කරන කම් මේ රට හදන්න බෑ....
supunWednesday, 28 June 2017 07:53 AM
සම්පුර්ණයෙන් ඇත්ත ...පාට, පක්ෂ බදා ගෙන සිටින තාක් අපි සැමදා දියුණු වන ජාතියක් බවට පත් වෙනු ඇත. රටේ මිනිසුන් පක්ෂ, දේශපාලනයෙන් අන්ධ වි ඇත. බණ්ඩාරවෙල උමා ඔය පිළිබඳව සමන්ත විද්‍යාරත්න මහතා ඇත්ත පවසන කළ මිනිසුන්ට පෙනුනේ විනාශය නොව... ඔහුගේ පක්ෂයේ පාට පමණි.... අද අසරණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නට දේශපාලකයන් එක් අයෙක්වත් නැත. සිටිනුයේ...ඒ අය විසින්ම පරාජයට පත් කල මනුෂ්‍යයා පමණකි....
නුමාWednesday, 28 June 2017 08:30 AM
රොමේෂ්, බොහොම ස්තුතියි ඔබේ නිවැරදි අදහසට. මිනිස්සු ඔන්න ඔය යථාර්තය තේරුම් ගන්නවා නම් රට හැදේවි. !! නැතිනම් විනාශය කරනවා හැර වෙන විකල්පයක් නැහැ....
lalith Wednesday, 28 June 2017 06:44 AM
නිසි ආකාරයට හා ප්‍රමිතියට කොන්ත්‍රාත් කරුවන් තෝරපු නැති එකේ පල විපාක තමා මේ විදින්නේ. මේවා මහා ජාතික අපරාද. රටේ සිටින දක්කෂ ඉංජිනේරුවෝ රට අතහැරලා, ගිය හා යන එකේ ප්‍රතිපල දැන් පේනවා නේද? රාජපක්ෂ පාලන කාලය තුල චීන , ඉරාන, ඉන්දියානු ....වැනි රටවලින් ගෙන්නපු මේ හරක් නිසා තමා මෙහෙම වෙන්නේ. කොමිස් කුට්ටි හා දේශපාන අහිකුන්ටිකයෝ නිසා රටට අනාගතයක් ඇතිවිය නොහැක. මේ තත්වය දැන්වත් තේරුම් ගෙන රට නිවැරදි දිශාවකට ගෙන ගියොත් තමා හොඳ. දැනට මේ රට තුල සිදුවන චීන මැදිහත් වීම වහාම නතර නොකළ හොත් , දැනට ඉතිරි වී සිටින සියලුම බුද්ධිමතුන් රට අට හැර යාම වැළැක්විය නොහැකිවනු වනු ඇත.
sachith Wednesday, 28 June 2017 07:35 AM
"අපේ රටේ සාක්ෂරතාවය 99% වුණත් අනාගතය දකින්න පුළුවන් මිනිස්සු බොහොම අල්පයි. " ඔබතුමා මේ කීව කතාව හරියටම හරි.... එ්ත් තාම අපේ මිනිස්සු මේක තේරුම් ගන්නේ නෑ... හැමදාම වහල් මානසිකත්වයෙන් ඉන්න තමා කැමති......
suran Wednesday, 28 June 2017 08:03 AM
උද්ඝෝෂණය කරන්න එපා... ඉරානයට හිත් අමාරුකම් ඇතිවේ. එක සංහිඳියාවට බාධාවක්...
susantha Wednesday, 28 June 2017 08:03 AM
දැන් මේ ජ.වි.පෙ.ම ඉස්සරහට උද්ඝෝෂණය කරයි කොළඹ කුණු පුත්තලමට එපා කියලා. වරාය හදද්දී ඒක එපා කිව්වා, පාරවල් හදද්දී ඒවා එපාලු, මොන දේ කළත් මිනිස්සු කුලප්පු කරලා දේශපාලන වැසි ගන්න ඒක තමයි කරන්නේ...
සිසිල් කුමාර Wednesday, 28 June 2017 08:11 AM
අද පැවැති උමා ඔය උද්ඝෝෂණයේ සැබෑ ජන ගඟ පෙන්වූවා නම් හොඳයි නේද?
අපාය Wednesday, 28 June 2017 08:26 AM
යකඩ යකා යනු 1900 ට පෙර දුම්රිය මග හදන විට තිබු බය වේ. එදා ජ.වි.පෙ. සිටියා නම් ? බදුල්ලට දුම්රිය මාර්ග නැත. 1977-1982 කඳුරට ජලාශ හදන විට තෙල්දෙණිය නගරය ජනයාට නිවාස නැති විය. එදා ජ.වි.පෙ. සිටියා නම්? ජලාස නැත. සංවර්දනයක් නැත. ජනපතිතුමා සිටින්නේ කුමටද? ආගමික නායකයින් අද හරි දේ කරයි ද? ආගමික නායකයින් සහජීවනයට විහිළු කිරීම හරිද?
Rambukwelle Devananda Himi - Berlin, Germany Wednesday, 28 June 2017 09:10 AM
ජලාශය ඉදිකොට වසර කිහිපයකට පසු ජලාශය සිඳී යනවිට සිය ගම් බිම්වල තිබු නිවෙස් ආදිය බලා ගැනීමට හැකි වූ බව නොරහසකි. නමුත් දැන් කිලෝමීටර 8 ක් 10 ක් පමණ දුරට රොන් මඩ පිරිම නිසා එම පෙදෙස් සම්පුර්ණයෙන්ම පස් වලින් යටවී ඇති බව පැවසේ. එමනිසා කඳුකර ප්‍රදේශවලට වර්ෂාපතනය දින දෙක තුනක් ලැබුනවිට ජලාශ පිරි ඉතිරි යන්නේ රොන් මඩ පිරි ඇති නිසාවෙනි. වර්ෂාපතනයේදී එම ප්‍රදේශවල සියලු ඇල දොළ, ගංගා ඔයවල් වල ජලය සමග පස සෝදා ගෙනවිත් ජලාශ පිරෙන්නේ නැතැයි කාට නම් කිව හැකිද? මේ රොන් මඩ ඉවත් කිරීමට ද මගක් නැත. තව අවුරුදු 50 ක් විතර යනවිට විශාල වශයෙන් රොන් මඩ පිරි යනු ඇත. සරුසාර කෙත් බිම් යට කරමින් පරිසරය නසමින් ඉදි කෙරුණු ජලාශයන්වලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබේ. වික්ටෝරියා ජලාශය ඉතා සරුසාර බිම් යට කරමින් එදා ඉදි කලේ ඉන්දියාවටත් විදුලිය දෙන බව ප්‍රකාශ කරමිනි. ලංකාවට සුර්යතාපය මගින් හා සුළං මගින් විදුලිය ලබා ගැනීමට කටයුතු කිරීමෙන් පරිසරය ද සුරැකේ. නැති ප්‍රශ්න ඇති නොවේ.
Maskeliya Wednesday, 28 June 2017 10:37 PM
එදා මහවැලියට නගර ගම්මාන පිටින් යට වෙද්දී උද්ඝෝෂණ නොතිබ්බේ එදා මේ ගොල්ලෝ හිර ගෙවල් වල හිටපු නිසයි. අද මෙයාලට රට නැති කරන්න ලැබී තිබෙන නිදහස වැඩී.