මේ සිහිනය
අතැර නොයමි සසර ගමනෙ
නිම නොවූ....
යන මග දුර තනිව නොයමි
කඳුළු අතරෙ තනිනොවූ....
ගායන ශිල්පිනී උරේෂා රවිහාරිගේ හඬින් විශාරද දර්ශන වික‍්‍රමතුංගගේ සංගීතයෙන් හැඩ වී මේ දිනවල නිතර ඇහෙන මේ අපූරු ගීතයේ පද රචිකාවිය තවමත් සංගීත ක්‍ෂෙත‍්‍රයට අලූත්. ඇය නෙලූ ප‍්‍රනාන්දු.
බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකාවෙන් අධ්‍යාපනය හදාරා කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ නෙලූ පෞද්ගලික බැංකුවක රැකියාව කළත් පාසල් කාලයේ සිටම කවියට, ගීතයට දැක්වූ කැමැත්ත කොතැනකදීවත් මගනොහැරිය නව පරපුරේ ගීපද රචිකාවියක්.
‘‘පාසල් කාලයේ සිටම සිතේ තිබුණු සිහිනයක් තමයි මේ සැබෑවන්නේ. ගීතයට, කවියට පුංචි කාලයේ සිටම මම කැමැත්තක් දැක්වූවා. පද්‍ය රචනා ආදී තරගවලින් ජයග‍්‍රහණ පවා ලැබුවා. ඒවගේම පුවත්පත්වල පළවන ගීත පිළිබඳව ලියැවුණු ලිපි නොවරදවාම මම බලනවා. ඒ තුළින් ලද ආභාෂයෙන් තමයි ගීත රචනා කලාවට යොමුවන්නේ.’’
නෙලූ විසින් රචිත ප‍්‍රථම ගීතය ගායනා කරනු ලබන්නේ ප‍්‍රවීණ ගායන ශිල්පී ක‍්‍රිෂාන්ත එරන්දකයි. ‘‘නුඹ මට දුරයි’’ එම ගීතයේ සංගීත නිර්මාණය ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේය. ඉන්පසු රණවිරු චරිත් කුලතිලක ගැයූ ‘‘වස්සානයට’’ ගීතයත් දර්ශන රුවන් දිසානායකගේ සංගීතයට සුගත් ධනවර්ධන ගැයූ ‘බිඳුණු සිත හැර දමා යන්නද?’ ගීතයත් නෙලූ අතින් ලියැවෙයි.
‘‘ප‍්‍රවීණ ගායන ශිල්පිනි උරේෂා රවිහාරි ගායනා කරන ‘මේ සිහිනය’ ගීතය මට සුවිශේෂයි. මොකද මේ ගීතය ඇයගේ හඬින් ගායනා කරවා ගන්න මම අවුරුදු 8 ක් විතර පෙරුම් පිරුවා. මේ ගීතය දෙන්න ඇය සොයා ගිහින් අන්තිමේදී ඇය මට හොඳ යෙහෙළියක් වුණා. ඉන්පසුවයි ඇය මේ ගීතය ගයන්නේ. උරේෂාටත් මේ ගීතය සුවිශේෂයි.’’
සුජිත් ප‍්‍රසංග
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
උරේෂාට ගීයක් ලියූ නෙලූ ප‍්‍රනාන්දු