IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


උල්හිටිය ජල කඳට කොටු වී සිටි හතරක් බේරා ගැනෙති

(ප්‍රසාද් රුක්මල් )

උල්හිටිය රත්කිද ජලාශයේ  පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීමට ගිය පුද්ගලයකු කොටුවී සිටියදී පැය 12 මෙහෙයුමකින් පසු  බේරාගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .

ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ආසන්නයේ හොබරියාව ගොවිපල අසල පදිංචි  නැන්දම්මා සහ ලේලියක මෙසේ ජලපහරට කොටුවී දැනට පැය 12 කට ආසන්න කාලයක් පුරා අඩි 10 පමණ උස අට්ටාලයක් මතට නැග දිව්බේරාගෙන ඇත.  හොබරියාව ඩී 5 කොටසේ ජලයට කොටුවූ වනජීවි නිලධාරීයා සහ ගවයින් බැලීමට ගිය පහල රත්කිද ප්‍රදේශයේ පදිංචි අයකු  හොබරියාව ප්‍රදේශයේ ජලයෙන් යටවී ඇති උස් ස්ථානයක රැදී සිටියදී මෙසේ බේරා ගෙන ඇත.

 



අදහස් (2)

උල්හිටිය ජල කඳට කොටු වී සිටි හතරක් බේරා ගැනෙති

Laki Sunday, 19 January 2025 08:23 PM

මේවායේ මේ ගේට්ටු අරින්න කලින් අවට ගම්වාසීන්ව ඒ ගැන ශබ්ද විකාශන යොදාගෙන කිහිප වතාවක් ගම පුරා යමින් දැනුවත් කල යුතුයි නේද? මේක හරිම භයානක තත්වයක් නේද?

:       0       13

abeygunasekarasampath95 Sunday, 19 January 2025 10:52 PM

මේවට සහමුලින්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහාවැලිය වගේ කියන්න ඕන. ජලාශ වල වතුර පුරවාගෙන ඉන්නවා, එහෙත් ජලය එකතු කරගන්න බැහැ. යන්තම් වැස්සම වාන් දොරටු අරින්නේ. මහාවැලිගේ ප්‍රධාන අරමුණක් තමයි ගං වතුර පාලනය. දැන් ඒක අමතක කරලා, වතුර ටික රඳවාගන්නවා, වැස්ස ගමන් ගේට්ටු ඇරලා දානවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ පුර සබේට ස්වයංක්‍රීය ආදායම් උපයන පද්ධතියක්
2025 අප්‍රේල් මස 29 20 0

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් තන


ලංකා සිසුන්ට සිංගප්පූරු උපාධි ගන්න ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 43 0

උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්


ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 196 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 253 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 115 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 111 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1042 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 445 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site