IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


උෂ්ණත්වය නිසා මනමා මධ්‍යම වෙළෙඳපොළේ එළවළු සහ පළතුරු වෙළෙඳුන්ට පීඩා

heat

 

අධික උෂ්ණත්වය හේතුවෙන් මනමා නුවර මධ්‍යම වෙළෙඳපොලේ එළවළු සහ පළතුරු වෙළෙඳුන් දැඩි පීඩාවකට ලක්ව සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් දෛනිකව සැළකිය යුතු අලාභයක් සිදුවන බව ඇතමෙක් පෙන්වා දෙයි.


මේ වසරේ ගිම්හානය ඉතා දැඩි බව පවසන එක් වෙළෙන්දෙක් වෙළෙඳ පොළ හඳුන්වා දෙන්නේ “රත්වූ උදුනක්” ලෙසිනි.


වෙළෙඳපොළේ තහඩු සෙවිලි කළ වහළය, වායුසමීකරණ යන්ත්‍ර ප්‍රමාණවත් නොවීම සහ ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීමෙන් පැය කිහිපයක් ඇතුළත එළවළු සහ පළතුරු නරක් වන නිසා සෑම දිනකම එළවළු ටොන් කිහිපයක් වීසි කර දැමීමට සිදුවන බව වෙළෙන්දෝ පවසති.


අනෙක් අතට ගනුදෙනුකරුවන්ගෙන් බහුතරයක් දෙනා සුපිරි වෙළෙඳසැල් වෙත යාමට කැමැත්තක් දක්වන නිසා මේ දිනවල වෙළෙඳාමද පහළ වැටී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රාග්ධන භාරකාර මණ්ඩලයේ සභාපති මොහොමඞ් අල් කෝසායි පවසන්නේ මධ්‍යම වෙළෙඳපොළ වායුසමීකරණය කිරීමට අරමුදල් වෙන්කරවා ගැනීමට මණ්ඩලය මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
ප්‍රාග්ධන භාරකාර මණ්ඩලයේ යෝජනාවෙන් පසුව මධ්‍යම වෙළෙඳපොළ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය සහ එහි නඩත්තු කටයුතු වෙනුවෙන් වැඩ, නගර සභා සහ නාගරික සැළසුම් අමාත්‍යාංශය විසින් බහරේන ඩිනාර් 270,000 ක මුදලක් වෙන්කර ඇත.


“අධික උෂ්ණය නිසා මධ්‍යම වෙළෙඳපොලේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන අපි දන්නවා. විශේෂයෙන්ම මෙවර ගිම්හානයේදී වෙළෙන්දන්ට විශාල වශයෙන් පාඩු සිද්ධ වෙනවා” යැයි අල් කෝසායි ගල්ෆ් ඬේලි නිවුස් පුවත්පතට පවසා ඇත.


“ඊද්වලට කලින් අපි මුදල් ඇමැතිවරයාව මුණ ගැසුණා. ඒ වෙලාවේදී අපි වෙළෙඳපොළ හැකි ඉක්මනින් වායුසමීකරණ යන්ත්‍ර සහිතව අලුත්වැඩියා කරන්න ඕනේ කියලා ඇමැතිවරයාට දැනුම් දුන්නා” 


“අලුත් වැඩියා කටයුතු සඳහා බහරේන ඩිනාර් 270,000 ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ මුදල මුදල් අමාත්‍යාංශයෙන් ලබාදෙනකම් තමයි අපි ඉන්නේ”
“දැනට තියෙන තත්ත්වය වෙළෙන්දන්ට හිතකර එකක් නෙමෙයි කියලා අපි දන්නවා. විශේෂයෙන්ම මේ නිසා එළවළු සහ පළතුරු වෙළෙන්දන් දැඩි පීඩාවකට ලක්වෙලා. මේ තත්ත්වයට ඉක්මනින් විසඳුමක් ලබාදෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා”


දොඩම්, ලෙමන් සහ පීච් වැනි පළතුරු පැය හතරක් වැනි කෙටි කාලයකදී නරක් වන බව වෙළෙන්දෝ පෙන්වා දෙති. “මේ වගේ උෂ්ණත්වයකදී අපට ලැබෙන පළතුරු පෙට්ටිවල තියෙන පළතුරුත් අඳුරු පැහැ වෙලා තියෙන්නේ. ඒවා අපි වෙළෙඳපොලේ බෙදා හරින කොට රැළි වැටිලා ඒවායේ අලුත් ගතිය නැතිව යනවා” යනුවෙන් පවසන්නේ වෙළෙන්දෙක් වන සලාම් මම්බතුමෝලා ය.


මධ්‍යම වෙළෙඳපොලේ වෙළෙන්දන් භාණ්ඩ ලබාගන්නේ ජෝර්දානය, ලෙබනනය, සවුදි අරාබිය, ඕමානය, ඩුබායි, ඉන්දියාව සහ පාකිස්ථානය වැනි රටවලිනි.


“වෙළෙඳපොළ පාන්දර 3 ට විවෘත කරනවා. අපි හවස 4 වෙනකම් කඩ ඇරලා තියෙනවා. ඒත් දවල් 2 විතර වෙනකොට නරක් වූ බඩු අපි වීසි කරනවා”
“රතු මිරිස්, කූසා, පිපික්‍ද්ක්‍දා සහ ගෝවා වැනි එළවළු රෂ්ණය නිසා ඉක්මනින්ම නරක් වෙනවා”


“පීච්, චෙරි සහ ඒප්‍රිකට් වැනි පළතුරුවල අලුත් ගතිය පැය 4 කට වඩා තියෙන්නේ නැහැ... තක්කාලි ඊටත් වඩා කලින් නරක් වෙනවා”


“දවල් වෙන කොට අපි මිල අඩු කරනවා. එහෙම කරලත් හවසට මහ ගොඩක් වීසි කරන්න වෙනවා” යනුවෙන් පවසන්නේ අවුරුදු 13 ක් තිස්සේ මධ්‍යම වෙළෙඳපොළේ ව්‍යාපාර කරන වෙළෙන්දෙකි.


“සාමාන්‍යයෙන් මට දිනකට බහරේන ඩිනාර් 12 ක විතර පාඩුවක් වෙනවා” ඔහු වැඩි දුරටත් පවසයි.

 



අදහස් (0)

උෂ්ණත්වය නිසා මනමා මධ්‍යම වෙළෙඳපොළේ එළවළු සහ පළතුරු වෙළෙඳුන්ට පීඩා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 282 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 423 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 780 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 908 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 679 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 650 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site