IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


උසාවියෙන් පොලිසියට දොස්

කොල්ලුපිටියේ වෙළෙඳසලක සේවය කරමින් සිටිය දී   රුපියල් 840ක සුළු කෑම සොරකම් කළැයි කොල්ලුපිටිය පොලිසිය පැවරූ නඩුවකින් 17 හැවිරිදි තරුණයකු මුදා හළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිසියෙන් විසඳිය හැකි සිද්ධි උසාවිය දක්වා ගෙන ඒම ගැන පොලිසිය දොස් තැබීය.

අඟහිඟකම් නිසා කොල්ලුපිටියේ වෙළෙඳසලක සේවයට ගිය තරුණයා බැලීමට ඔහුගේ සහෝදරයකු ගොස් ඇති බවත්, සහෝදරයාට සංග්‍රහ කිරීමට ආහාර නැති තැන වෙළෙඳ සලේ විකිණීමට තිබූ රෝල් දෙකක්, කේක් කැබැල්ලක් සහ බීම බෝතලයක්  දී ඇති බවත්, එය තම වැටුපෙන් අඩු කර ගන්නා ලෙස තරුණයා ඉල්ලුවත් රුපියල් 840ක ආහාර සොරකම් කළා යැයි නඩු පැවරූ බවත්, සති දෙකක් වෙළෙඳ සලේ සේවය කළ දරුවාට වැටුප් නොදී සේවයෙන් නෙරපා ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.

රටේ මීට වඩා අපරාධ සිදු වෙද්දී පොලිසියෙන් විසඳිය හැකි සුළු සිද්ධියක් අධිකරණයට ගෙන ඒම ගැන පොලිසියට දොස් නැගූ මහේස්ත්‍රාත්වරයා එම තරුණයා වෙළෙඳ සලේ සේවය කළ කාලයට අදාළ වැටුප ගෙවන ලෙස ද නියෝග කළේය.



අදහස් (0)

උසාවියෙන් පොලිසියට දොස්

සෝමදාස Thursday, 26 June 2014 08:55 PM

උස් තැන් දැක හැකිලෙන්නේ- මිටි තැන් දැක පුප්පන්නේ- නිවටුන් බව දැන ගන්නේ. පොලිස් නිලධාරිනුත් ඒ වගේද? (අ)

:       0       0

මිගිද Thursday, 26 June 2014 03:11 PM

බඩ ගින්නට කෑම හොරා ගත්තට කමක් නැහැ. මහා දවල් අපේ මුදලින් කොමිස් ගහන අය අල්ල ගන්න බැහැ. වරෙන්තු කාරයෝ එළිපිටම ඉන්නවා.කෝ අල්ලනවා. අනේ මෙහෙම පොලීසිය! (ස)

:       0       0

විමල් Thursday, 26 June 2014 03:12 PM

රතී මිනිස්සුන්ට කොහෙද දුකක්. දැන් ඒක පුද්ගල ආදායම ඩොලර් 4000, එය ඉතා නුදුරේම ඩොලර්7000ක් වෙනවලු. රතී කොහෙද බඩගිනි තියෙන්නේ, බඩගිනි කාරයෝ ඉන්නේ, ඇමරිකාවේ, ජර්මනියේ, එංගලන්තේ,නොර්වේ වැනි රටවලනේ. (ස)

:       0       0

රසිත් Thursday, 26 June 2014 03:15 PM

කාලෙකින් බුද්ධිමත් මනුස්සකම අගයන නඩුකාර තුමෙක්. (ස)

:       0       0

සෑම් Thursday, 26 June 2014 09:21 PM

මම ඒ කඩය දන්නවා එක කොල්ලුපිටියේ තියෙන එකක් (අ)

:       0       0

උජිත් Thursday, 26 June 2014 03:28 PM

පොලිසිය දන්නේ මේ වගේ බාල වැඩ කරන්න විතරමද? සමහර විට කඩෙන් ජරාව කනවා ඇති. (ස)

:       0       0

තුසිත Thursday, 26 June 2014 03:44 PM

තිලිණ ගමගේ මහත්තයෝ ඔබට ජාතියේ උපහාරය. (ස)

:       0       0

මහින්ද Thursday, 26 June 2014 03:46 PM

පොලිස් නිලධාරීන්(සියල්ලම නොවේ.) විසින්ම පොලිසිය සමාජයෙන් ගැරහුමට ලක් වන තැනට ඇද දැමීම ඛේදවාචකයකි. මේ දරුවා යම් හෙයකින් දඬුවම් ලබා මානසික පීඩනයට ලක් වූවේ නම් ඔහුගේ අනාගතයද අඳුරු වන්නට ඉඩ තිබිනි. මනුස්සකම් හොඳින් දත් ගරු විනිසුරුතුමන්ගේ තීරණය පොලිසියට දුන් අවවාදයක්ද විය​.පොලිසියේ සමහර නිලධාරීන්ගේ පටු මානසිකත්වය දුරු කර ගුණ යහපත් පොලිසියක් නිර්මානය කිරීම පොලිස්පතිතුමාගේ වගකීමක් වන්නේය​.එය එසේ වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. (ස)

:       0       0

නාලක බස්නායක Thursday, 26 June 2014 03:48 PM

අපේ පොලිසිය පොඩි එකාව , නැති බැරී එකාව තලනවා. නඩු පවරනවා . පුළුවන් එකා , තියෙන උන් පොලිසියට ඇවිත් ගහල බැනල යනකම් යටහත් කමින් බලා සිටිනවා . ඔන්න අපේ ශ්‍රී ලංකාවේ පොලිසියේ තරම . මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා උතුම් සේවයක් කරනවා. ඔහුට බොහෝ තුති. (ස)

:       0       0

කුමාරසිරි Thursday, 26 June 2014 03:53 PM

පොලිස් ලොක්කෝ ටික එකතු වෙලා තරුණයාව හම ගහලද දන්නේ නැහැ උසාවි දැම්මේ. (ස)

:       0       0

තරිදු Thursday, 26 June 2014 11:50 PM

සුසන්ත,ඔබ වැරදියි. නීතිය කාටත් පොදු වුණත් , අවස්ථාව අනුව නියමයන් වෙනස් වෙනවා. (නි)

:       0       0

චානක. Friday, 27 June 2014 12:23 AM

ලංකාවේ පොලිසිය දැන් උස් තැන් දැක හැකිලෙන, මිටි තැන් දැක පුප්පන තත්ත්වයට පත්වෙලා (නි)

:       0       0

තිලක් - ඩුබායි Thursday, 26 June 2014 04:43 PM

ඉස්සර අපි කියවපු "මනුතාපය" මට මතක් වුන. (දී)

:       0       0

චාන්දනී Thursday, 26 June 2014 04:43 PM

මට නම් ඒ තරුණ ළමය ගැන අවංකව කනගාටුයි. පිට පලාතක සේවයට ගිය මගේ බාල සොහොයුරා ඔහු බලන්නට ගිය සැමියාටත් මටත් , ඒ ප්‍රදේශයේ ආපන ශාලාවකට කැඳවා ගෙන ගිහින් සංග්‍රහ කල හැටි මතක් වුනා. ඇත්තටම කදුළු ආවා. මහේස්ත්‍රාත් තුමා ගේ මිනිස් කමට මගේ ආචාරය .(දී)

:       0       0

දර්ශන Thursday, 26 June 2014 04:44 PM

තිලින ගමගේ යනු සුවිසේශිවු විනුසුරුවරයෙක් හොඳ තීරණයක් මගෙන් සුබපැතුම්

:       0       0

අසෝක Thursday, 26 June 2014 05:05 PM

තිලින ගමගේ මහත්තයට අපගේ උත්තමාචාරය (දී)

:       0       0

අබේරත්න Friday, 27 June 2014 04:30 AM

මටත් වුණානේ එහෙම දෙයක්. මගේ වත්තට අනවසරයෙන් ඇතුලු වූ පුද්ගලයෙක් වතුර බට කැඩුවා. එය මම 119 ට දැන්වූවා. ඉන්පසු ඔහුට පොලිසියට එන්න කිවුවා. පොලිසියට මම ගියාම මාව අත්අඩංගුවට ගන්න ඕනෑලු (නි)

:       0       0

මහින්ද නානායක්කාර Thursday, 26 June 2014 05:26 PM

ඔබගේ තිරණය හරි මහරගම ඔවැනි දේවල් උනා (දී)

:       0       0

මිහිඳු Thursday, 26 June 2014 05:26 PM

ඒ තීන්දුවට අපි ගරු කරනවා (දී)

:       0       0

යසිත් Friday, 27 June 2014 05:32 AM

මහ අයට තලන්න බැරි මදිපාඩුව අසරණයින්ගෙන් අල්ලන්න හදන එක වැරදියි.රථ වාහන වලදී වුණත් පොලිසිය යතුරුපැදි තමා වැඩියෙන් නවත්වන්නේ (නි)

:       0       0

දහම් Thursday, 26 June 2014 05:28 PM

නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ නමුත් ඔක්කොටම වඩා මානුෂිය පදනම යටතේ හිතන්න ඕනේ (දී)

:       0       0

චින්තක Thursday, 26 June 2014 05:30 PM

හෝටලේ නමත් දැම්ම නම් තමයි හොඳ . (දී)

:       0       0

සමන්ති Friday, 27 June 2014 06:24 AM

මේ කඩය තරු පහේ එකක්ද? (නි)

:       0       0

සුසන්ත Thursday, 26 June 2014 01:17 PM

නිතිය කාටත් පොදුයි නේද (දී)

:       0       0

කොඩිතුවක්කු Thursday, 26 June 2014 01:18 PM

මහේස්ත්‍රාත්තුමාට මගේ හිසනමා නමස්කාර කරමි. (දී)

:       0       0

ශාලිකා Thursday, 26 June 2014 01:19 PM

අහිංසක ළමයෙක් උසාවියට පින්සිද්ද වෙනවා (දී)

:       0       0

සුනිල් Thursday, 26 June 2014 01:20 PM

මේ වගේ නීති ගරුක රටක අපරාද නැති රටක මහා පරිමාණ වංචා නැති රටක ඔහොම පොඩි වරදක්වත් වෙන්න බැහැනේ. (දී)

:       0       0

සැම්සන් Thursday, 26 June 2014 01:20 PM

මීට අවුරැද්දකට විතර කලින් පොල් ගෙඩි 6 හොරකම් කල කියල කෙනෙක් උසාවියට ගෙනාවා නේද (දී)

:       0       0

අමරසිංහ Thursday, 26 June 2014 01:29 PM

හැබෑට කඩ හිමියා නිතිය කඩලා (දී)

:       0       0

ඩබ් බී එස් Thursday, 26 June 2014 01:31 PM

බොහොම අගේ ඇති නියෝගයක් (දී)

:       0       0

සමන් Thursday, 26 June 2014 01:31 PM

අවුරුදු 18 ට අඩු කෙනෙක්ව සේවයට බඳවා ගැනීමෙන් මේ වෙළඳ සල් හිමියා නීතියක් කඩල නැද්ද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. (දී)

:       0       0

ප්‍රීති Thursday, 26 June 2014 01:31 PM

වරදට දඩුවම හොදයි හැබැයි හැමෝටම එක වගේ සැලකුවොත් නේද හොද (දී)

:       0       0

සෝමතිලක Thursday, 26 June 2014 01:42 PM

පොලිසිය කල වැඩේ වැරදියි (දී)

:       0       0

චාමර Thursday, 26 June 2014 01:46 PM

උසාවියට මගේ උත්තමාචාරය (දී)

:       0       0

කපිල වසන්ත Thursday, 26 June 2014 01:48 PM

වැදගත් තීරණයක්. මේ රටේ ලොකු ලොකු මිනිස්සු කරන මහා අපරාද හොයන්නේ නැතුව මේ 2.50 දේවල් උසාවි දානවා.කාවවත් විශ්වාස කරන්න එපා (දී)

:       0       0

සේනක Thursday, 26 June 2014 01:48 PM

උසාවියට අපේ ප්‍රණාමය (දී)

:       0       0

ධනුෂ්ක Friday, 27 June 2014 03:18 PM

ඕව ඉතින් අපේ රටේ සිද්දවෙන සාමාන්‍ය දෙයක්නේ. නැති බැරි මනුස්සයට කවදාවත් සහනයක් කාගෙන්වත් නැහැනේ (නදී)

:       0       0

සුනිල් - රාජගිරිය Thursday, 26 June 2014 01:51 PM

විනිසුරු තුමාට අපේ ආචාරය. පොලිසිය මෙයින් වත් පාඩමක් උගනියි යයි සිතමු. (දී)

:       0       0

සුරාජ් Thursday, 26 June 2014 01:56 PM

මේ ඉටු කල සාධාරණය වෙනුවෙන් මගේ ප්‍රණාමය (දී)

:       0       0

මිහිරි Thursday, 26 June 2014 01:56 PM

ඔබ තුමන් වැනි රාජ්‍ය සේවකයින් අද සිටින්නේ අතලොස්සක් පමණි. ඔබට ජයෙන් ජයම වේවා (දී)

:       0       0

සරත් Thursday, 26 June 2014 01:57 PM

නඩුකර තුමනි අසරනයට සාධාරණයක් කල ඔබ උතුම් මිනිසක්

:       0       0

නෙළුම් Thursday, 26 June 2014 07:31 PM

ඔව් .පොලිසියට පුළුවන් මේ වගේ අහිංසකයන් අල්ලන්න විතරයි,මහා හොරු නිදැල්ලේ,මගේ ගේ හොරු කැඩුවා දැන් සති 2 ක් ,ලක්ෂ 8-10 මට නැතිවුනා,තාම කිසිම හෝඩුවාවක්වත් නෑ.(අ)

:       0       0

විජේරත්න Thursday, 26 June 2014 02:26 PM

තිලිණි ගමගේ මහත්තයට මගේ උණුසුම් සුභ පැතුම්. (ස)

:       0       0

අබේ Thursday, 26 June 2014 07:33 PM

තිළින ගමගේ මහතා අපට තිළිණයක් ! (අ)

:       0       0

තිස්ස Thursday, 26 June 2014 02:37 PM

මම ඔබගේ තීන්දුවට ගරු කරමි. (ස)

:       0       0

රෝහණ Thursday, 26 June 2014 02:41 PM

මහේස්ත්‍රාත් තුමනි ඔබට චිරාත් කාලයක් අපේ රටට සේවය කිරීමට ශක්තිය ලැබේවා (දී)

:       0       0

සුභා Thursday, 26 June 2014 02:41 PM

මහේස්ත්‍රාත්තුමනි ඔබට මුළු රටේම ප්‍රණාමය (දී)

:       0       0

රුවන් Thursday, 26 June 2014 02:41 PM

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්තුමා දුප්පතාගේ දුකහඳුනන නිහතමානී පුද්ගලයෙක්.රුපියල් 150 ක් පමණ වන බිලකට 840ක් දැම්මනම් මෙය තරුපන්ති හෝටලයක් වෙන්න ඇති.පොලිස්සියත් දන්නේ මෙවැනි අහිංසකයන්ට නීතියේ,පොලිස්බලේ පෙන්වීමතමා. (දී)

:       0       0

මාලි Thursday, 26 June 2014 07:50 PM

පොලිසිය ජරාව කනහැටියට ඕවා මොනවද (අ)

:       0       0

කෝකිලා Thursday, 26 June 2014 02:51 PM

මෙන්න නියම මනුස්සයෙක් (දී)

:       0       0

ලක්ෂපාන Thursday, 26 June 2014 07:56 PM

අයියෝ ප්‍රීති මෙතන වරදක් කළා කියල තියෙන්නේ පොලිසියනේ ඒ අහිංසක ළමය අයියට කන්න දීල එම මුදල තම වැටුපෙන් කපාගන්න කියලනේ තියෙන්නේ..ඔයාට තේරෙනවා මදි නේද ඔන්න මන් තවත් තේරුම් කරා. (අ)

:       0       0

පිටිගල Thursday, 26 June 2014 08:05 PM

ගරු මහේස්ත්‍රාත් තුමානන්ට අපේ උත්තමාචාරය! (අ)

:       0       0

සෙලනිකස් Thursday, 26 June 2014 02:55 PM

මේකේ අයිත් හංගන්න දෙයක නැහැනේ, අධිකරණයට ගොස් ප්‍රසිද්ද වූ දෙයක් නේ. මේ වගේ කැත වැඩ කරන ආයතනවල නමත් එක්ක දාන්න ඕනේ. (දී)

:       0       0

ජස්මි Thursday, 26 June 2014 08:34 PM

අනේ මෙහමත් පොලිසියේ වැඩක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 228 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1102 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 167 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2879 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 341 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site