IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


උසාවිය කුණු ප්‍රශ්නයට විසඳුම් ඉල්ලයි

මීතොටමුල්ල කසළ ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහ නගර සභාවට, නගර සංවර්ධන අධිකාරයට හා මධ්‍යම පරිසර අධිකාරියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

එය පෙබරවාරි 27 වැනි දින උසාවියට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළ අතර කසළ ප්‍රතිචක්‍රීකරණය කොට විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් කොළඹ නගර සභාව රුපියල් මිලියන 133 ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදී ඇත.

කොළඹ නගර සභාවේ නීති උපදේශක නාලිනී ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ විවිධ ප්‍රදේශවලින් අපද්‍රව්‍ය කොළඹ නගරයට එකතුවන බවත් ඒවා බැහැර කිරීමට කොළඹ නගරයේ නිශ්චිත ස්ථානයක් නොමැති බවත්ය. මෙය ජාතික ගැටළුවක් වන බැවින් කඩිනම් විසඳුමක් අවශ්‍ය බවද ඇය කීවාය.

පොතුවිල්කුඹුර ප්‍රදේශයේ පදිංචි පවුල් 200ක් වෙනුවෙන් වෙනත් නිවාස ලබා දෙන බවත් කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතිය නිශ්චිතව සකස් කරන තුරු හඳුනාගත් ස්ථානවලට කසල බැහැර කරන බවත් ඇය අධිකරණයට පැවසුවාය.

නගර සභාවෙන් කියා සිටියේ කරදියන හා මොරටුව ප්‍රදේශවලට කසළ බැහැර කිරීමේ තවත් ව්‍යාපෘති දෙකක් යෝජනා වී ඇති බවත් නගරාධිපති මුසම්මිල් මහතා පුත්තලම ප්‍රදේශයේ ස්ථානයකට දිනපතා දුම්රියෙන් කොළඹ සිට කසළ ටොන් 200 ක් ප්‍රවාහනය කිරීමේ අවස්ථාවක් ඇති බව හඳුනාගෙන ඇති බවයි.

උදුල් ප්‍රේමරත්න නුවන් බෝපගේ සහ කීර්ති පෙරේරා යන පිරිස පොතුවිල් කුඹුර, මීතොටමුල්ල, වැල්ලම්පිටිය ස්ථානවල කසළ බැහැර කිරීමට විරුද්ධව සිදුකළ උද්ඝෝෂණය හේතුවෙන් වැල්ලම්පිටිය පොලිසිය ගොනු කළ නඩුව විභාග කරමින් මෙම  උසාවි තීන්දුව ප්‍රකාශ කෙරිණි.

 



අදහස් (0)

උසාවිය කුණු ප්‍රශ්නයට විසඳුම් ඉල්ලයි

දිනෙල්ක‍ Monday, 16 February 2015 11:03 PM

නගර මෙහෙම අපිරිසිදු වෙන්න දෙන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 22 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 83 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 133 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 150 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 151 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 64 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site