IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


උසාවි නියෝග කැඩීයැයි 52ක් සැකපිට

හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝග නොතකමින් හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව විරෝධතා පැවැත්වූ සහ පොදු දේපොළවලට අලාභ හානි කළ බව කියන 52කු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අධිකරණ නියෝග කඩ කළ තවත් පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ද පොලිස් පොලිසිය පවසයි.

රජයේ නිලධාරියකු කීවේ මෙතෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රභල දේශපාලනඥයන් නොමැති බවයි.

හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙර දින (06) අතුරු නියෝගයක් නිකුත් කළේය.

අද (07) සංඝරත්නයේ සහයෙන් පවත්වන බව කියන උද්ඝෝෂණ නිසා ප්‍රදේශයේ මහජන සාමය කඩවී කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වේයැයි පොලිසිය දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය. මෙම අතුරු තහනම භික්ෂුන් වහන්සේ නම නමකටද හිටපු කථානායක චමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 26 දෙනකුට නිකුත් කිරීමට ද නියම කර තිබිණි.



අදහස් (0)

උසාවි නියෝග කැඩීයැයි 52ක් සැකපිට

පද්මිණී Sunday, 08 January 2017 06:32 AM

පොලිසියේ ඉහළ ඉදල පහළටම ගල් ගහල මරන්න ඕන කියපු වැදගත් දේශපාලුවෝ තමයි හෙන්චයියල අරන් ඇවිත් තියෙන්නේ. (බ)

:       0       0

අනුර Sunday, 08 January 2017 07:13 AM

මෙතන ඉන්නේ ගොඩක් කට්ටිය පිට පළාත් වලින් ආපු අය. හම්බන්තොට දියුණු වෙනවට අකමැති අය. (බ)

:       0       0

රණතුංග Sunday, 08 January 2017 11:27 AM

විරුද්ධ වෙන තරමට උනන්දුව වැඩි වෙනවා (බ)

:       0       0

උදාර Saturday, 07 January 2017 03:00 PM

නීතිය කාටත් පොදු වියයුතුයි (නි)

:       0       0

ගමගේ Saturday, 07 January 2017 03:38 PM

නීතිය නොතකා ක්‍රියාකර ඇති දේශපාලකයන් අන් අයට සේම එකසේ නීතිය ඉටුවිය යුතුයි (නි)

:       0       0

සුරංග Saturday, 07 January 2017 03:53 PM

මෙය පිටුපස සිටින දේශපාලකයන් අත්අඩංගුවට ගතයුතුය (නි)

:       0       0

දහම් Saturday, 07 January 2017 04:11 PM

මේවා කරලා මේ කට්ටිය කොයි ලොව යන්නද දන්නේ නැහැ හිතා ඉන්නේ. (නි)

:       0       0

සෙනෙවිරත්න Saturday, 07 January 2017 04:31 PM

රට විකිණීමට නීතිය නැවීමක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

නිමල් Saturday, 07 January 2017 04:45 PM

රට සංවර්ධනය කරන්න නම් ආයෝජකයෝ රටට එන්න ඕනෑ. මෝඩ විදියට උද්ඝෝෂණ කරලා වැඩක් නැහැ. ඒ තුළින් වෙන්නේ තව තවත් රට පිරිහීම. පාඩු ලබන ඔය වරාය සංවර්ධනය කරන්න නම් චිනෙත් එක්ක ඔය ගමන යන්න වෙනවා. ඒ තුළින් ලොකු දියුණුවක් ඔය කලාපේ වෙනවා. ඔය දේ තේරුම් නොගෙන එක එක දේශපාලන කල්ලි වලට කඩේ ගිහිල්ලා කරන්නේ රටේ දියුණුව අඩපන කිරීමක්. සැවොම බුද්ධිමත් වී රට ගැන සහ අනාගතය ගැන සිතමු. (නි)

:       0       0

ඇන්ටන් Saturday, 07 January 2017 07:15 PM

විරෝධතා පැවැත්වීමේ කිසිදු වැරැද්දක් නැහැ. නමුත් පොදු දේපල වලට අලාබහානි කිරීම වරදක් (නි)

:       0       0

ගෝමස් Saturday, 07 January 2017 08:48 PM

පහුගිය කාලේ මේ මිනිසුන්ට දුන්නේ නැති දේවල් මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. (නි)

:       0       0

චන්න Saturday, 07 January 2017 11:56 PM

තනතුරු ගැන නොබලා ඇතුළට දාන්න (නි)

:       0       0

රවීන් Sunday, 08 January 2017 12:36 AM

ඔය නියෝගය කඩපු දේශපාලුවෝ ටික මුලින්ම අත්අඩංගුවට ගන්න. නිදහස ලැබුනදා ඉඳලා හැමදාමත් වුණේ සුද්දගේ කාලේ වගේ පොඩි එවුන්ව බිල්ලට අසුවුණ එක. විරයෝ නම් ඉදිරිපත් වෙන්න කියන්න. (නි)

:       0       0

පෙරේරා Sunday, 08 January 2017 02:47 AM

තමන් රටට මහජනතාවට අවංකවම සේවය කරනවා නම් මජනතාව දැනුවත් කිරීමෙන් මහජනතාව තමන් පාඩුවේ ඉඳීවී. එහෙම නම් කිසිම නියෝගයක් දමන්න ඕනෑ නැහැ නේද? රටක් දියුණු වෙනවා නම් කවුද අකමැති? (නි)

:       0       0

රෝහණ Sunday, 08 January 2017 03:03 AM

ඇයි බයද? හොඳට වීඩියෝ එක බලන්න ඉස්සරහින්ම ඉන්නේ කවුද කියලා (නි)

:       0       0

මුණසිංහ Sunday, 08 January 2017 03:16 AM

රටට සේවයක් වෙන විදියේ වැඩක් නම් මෙවැනි විරෝධතා එන්න විදියක් නැහැ. මෙතන සිදුවුණේ ආණ්ඩුව බලහත්කාරයෙන් යමක් සිදු කිරීමට උත්සාහ දැරීමක්. උත්සවයට පැමිණි පිරිස දිහා බැලුවම එය පැහැදිලියි. මේ උත්සවයට කීදෙනෙක් කැමතිද? මේ කරන්න යන වැඩේට කොතරම් විරෝධයක් තියෙනවද? අවංකව සිතා බැලියයුතුයි. ආණ්ඩුව කළේ තවත් කළු පැල්ලමක් එකතු කරගෙන ලකුණු කපාගැනීමක්. (නි)

:       0       0

උපමාලි Sunday, 08 January 2017 03:47 AM

දෙන්න පුලුවන් උපරිම දඬුවම් දෙන්නයි තියෙන්නේ (නි)

:       0       0

වික්‍රම Sunday, 08 January 2017 03:45 AM

චීන ආයෝජන අපේ රටට අහිතකරයි. ලංකාව උත්සාහ කරන්න ඕනෑ බටහිර ආයෝජන ලංකාවට ගෙනෙන්න. (නි)

:       0       0

ලංකා Sunday, 08 January 2017 04:03 AM

හම්බන්තොට පැත්තේ ඉන්නේ කාගේ කවුද කියලා හැමෝම දන්නවානේ. ආයෝජකයෝ රටට ගෙන්වා ගන්න එකනේ ලොකුම හපන්කම. එ්ක රටේ දියුණුවට හොඳ දෙයක්. හැබැයි අර ෆොක්ස්වැගන් කම්පැනි එනවා කිව්වා වගේ බොරු වැඩ නම් එපා හොඳේ. (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Sunday, 08 January 2017 04:13 AM

යහපාලන ආණ්ඩුවේ ඍජු බව පෙන්නපු අවස්ථාවක්. (නි)

:       0       0

ආර්නෝල්ඩ් Sunday, 08 January 2017 04:14 AM

අගමැතිතුමා ඉස්සර වුණා වැඩියි. චීනාගෙන් ගත් ණය ගෙවන්න ක්‍රමවේද හදන්නේ නැතුව ඉන්න තිබුනේ. එතකොට ඔය ආපු නඩේට තේරේවි අන්තර්ජාතික වශයෙන් රටට එන බලපෑම්. (නි)

:       0       0

ඩිලාන් Sunday, 08 January 2017 04:56 AM

මේකත් අර ෆොක්ස්වැගන් සිද්දිය වගේ චීන මර්චන්ට් සමාගමෙන් හා චීන තානාපති කාර්යාලයෙන් අසා දැනගන්න තිබුණනේ ආණ්ඩුව ඒගොල්ලන්ට ඉඩම් විකුණුවද බදුදුන්නද කියා. (නි)

:       0       0

පාලිත Sunday, 08 January 2017 05:20 AM

රටේ දියුණුවට හරස් කපන කිසිම කෙනෙකුට සමාවක් දිය නොහැක (නි)

:       0       0

රුවන් Sunday, 08 January 2017 05:52 AM

පෙරේරා නොදන්නවා වුනාට රට දියුණු වෙනවාට අකමැති ඔය හම්බන්තොට පෑත්තේ ඉන්නා ප්‍රසිද්ධ දේශපාලකයා නැවත එන්න බැරි නිසා රට දියුණු වුනොත් කඩාකප්පල් කරනවා හැමදේම එතුමා විතරයි රට දියුනු කරන්න ඕනේ කියන මනක්කල්පිත මතයක් තියාගෙන ඉන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1318 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2343 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1026 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9561 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3590 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site