මානව හිමිකම් නඩු තිහක් පමණ අන්තර්ජාලයෙන් යොමු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
නීතිවේදීන් සාමාන්‍ය ලෙස ගොනු කළ එම නඩු ශ්‍රේෂ්ඨාධිකරණය විද්‍යුත් ගොනු මඟින් අන්තර්ජාලයට එක්කර ඇත.
අන්තර්ජාලය ඔස්සේ මානව හිමිකම් නඩු ගොනු කිරීමේ පහසුකම මේ වන විට විවෘතව පවතී.
ඒ අනුව නීතිඥ මහත්වරුන්ට තම කාර්යාලයේ සිට නඩු ගොනු කිරීමට හැකියාව ඇති බවත් විද්‍යුත් ගොනු බවට පත් කළ නඩු වාර්තා ඕනෑම අවස්ථාවක පහසුවෙන් බලා ගැනීමේ හැකියාවත් මින් ලැබන බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි කියයි. එසේ නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට පැමිණ එහි එක් මහලක පවත්වාගෙන යන කවුන්ටරයට භාර දීමෙන් අන්තර්ජාලය හරහා මානව හිමිකම් නඩු ගොනු කිරීමට අවස්ථාව සලසා දී ඇත.
අග විනිසුරු මොහාන් පීරිස් මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අන්තර්ජාලය ඔස්සේ නඩු ගොනු කිරීමට හැකියාව ලබාදෙන මෘදුකාංගය නිපදවනු ලැබූවේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ මෘදුකාංග ප්‍රවර්ධන ඒකකය බව එහි ප්‍රධානී හර්ෂ විජයවර්ධන මහා පැවසීය.
මෘදුකාංගය නිපදවීමට මූල්‍ය ආධාර සැපයූවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයයි. (අයි.සී.ටී.ඒ)
විශ්ව විද්‍යාලය යටතේ ස්ථාපිත තීක්ෂණ පරිගණක අධ්‍යයනායතනය විසින් මෙම මෘදුකාංගය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබාදී ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාගේ අධීක්ෂණය යටතේ හර්ෂ විජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් තොරතුරු පද්ධති කළමනාකරු චමින්ද අත්තනායක, ජ්‍යෙෂ්ඨ පරිගණක මෘදුකාංග ඉංජිනේරු අෂාන් හනත්, දිනූෂ අමරසිංහ, සමීර කොඩිතුවක්කු , දුලන්ජන් ගුණසේකර, මෘදුකාංග ඉංජිනේරු රුක්ෂාන් ආරියරත්න, ක්‍රිෂ්ණකුමාර් බ්‍රහමන්, සුපුන් බණ්ඩාර යන මහත්වරු මෙම මෘදුකාංගය නිර්මාණය කළහ.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසාවි යන්නත් අන්තර්ජාලය
සෑම් Thursday, 04 December 2014 08:56 AM
ලෝකය දියුණු වෙනවා කියන්නේ මේකටයි. මීට වසර තුන හතරකට පෙර ඕස්ට්‍රේලියාවේ පුද්ගලයෙකුට උසාවිය මගින් සිතාසි බාරදීමට පොලිසියට නියෝග කර තිබුනා. නමුත් ඔහුගේ පදිංචියක්, ටෙලිපෝන් නොම්මරයක් කිසිවක්ම පොලිසියට හොයාගන්න බැරි උනා. පසුව ඔහුගේ ෆේස් බුක් එක මගින් ඔහුට සාර්ථකව සිතාසි නිකුත් කරලා ඔහුව උසාවියට ගෙන ආවා. (ර)
සුභාෂ් Thursday, 04 December 2014 09:23 AM
ගොඩක් හොඳ වැඩක් (නදී)
උදාරත් Thursday, 04 December 2014 10:34 AM
නීතිඥවරු කතා කරන්නෙත් අන්තර්ජාලයෙන්ද? (නදී)