(සුජිත් හේවාජුලිගේ)
ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්ෂකවරුන් අමතක කර ප්‍රබල ඇමැතිවරුන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරින් ලෙස කටයුතු කරන කනිෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකු ජාතික පොලිස් කොමිසම මගින් අසාධාරණ අන්දමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇතැයි සඳහන් කරමින් එම ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
උසස්වීම් ලැබු පිරිස අතර ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශවල සේවය කරන කනිෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් පසු දෙනකු ද සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරු පිරිසක් පැවසුහ.
ඉහළ සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් එක් දහස් පන්සියයක් පමණ පොලිස් සේවයේ සිටියදී වසර පහ හයක කෙටි සේවා කාලයක් සහිත කනිෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකු දේශපාලන හිතවත්කම් අනුව යමින් මෙසේ ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරට උසස් කිරිම අන්ත අසාධාරණ තීරණයක් බවත් උසස් කෙරුණු කනිෂ්ඨ පොලිස් පරික්ෂකවරුන් බොහෝ දෙනෙකු උප සේවයෙන් පොලිස් නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කෙරුණූ අය බවත් ඔවුහු සඳහන් කරයි.
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අද (23) අලුයම 1.00 ට පමණ යළිත් අහසට වෙඩි තබා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වු බව බන්ධන
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උසස්වීම් දීමේ අසාධාරණය ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්‍ෂකවරු ජනපතිට ලියති
Saradiyel Sunday, 30 September 2018 08:44 AM
පොලිසිය වැඩ කොහොමත් එකයි..... . පොලිස්පති , කොස්තපල් , කොමිසම සියලු දේ.... මහජනයාට අබසරණයි .
රවින් Sunday, 30 September 2018 09:41 AM
මේ දේශපාලකයන් ටික ඒ අයගේ හෙන්චයියලා ටිකත් එක්ක එක්කහුවෙලා ආයේ අනාගත පරපුරට ඉතිරිවෙන්න දෙයක් නැති තරමටම උලාගෙන කනවා. පොලිස් කොමිසම කියන්නේ නිදහස් ආයතනයක්ද? නැතිනම් දේශපාලකයන්ගේ සපත්තු සෙරෙප්පු ලෙවකන ටිකක්ද?
Bamunuarachchi Sunday, 30 September 2018 10:27 AM
ලස්සන වැඩේ මේකයි පොලිස් සේවාවේ සිදුවුණු අක්‍රමිකතා නවතාගන්න තමයි මහලොකු කුංචනාදයක් පවත්වා පොලිස් කොමිසම පිහිට වූයේ. යකෝ දැන් බලනකොට පොලිස් කොමිසමත් අක්‍රමිකතා කරනවනේ... පොලිස් සේවාවේ අක්‍රමිකතා එහෙම්මමයි නේද? එහෙමනම් පොලිස්පති පොලිස් කොමිසම නොසලකා සිටීම සාධාරණයිනේ. දැන් උපභටයා කාට පැමිණිලි කරන්නද? සිරිසේන මයා අද පත්තරේ කියෙව්වොත් හොඳයි.
Raveendra Sunday, 30 September 2018 10:29 AM
අප රටේ මෙතෙක් පාලනය කරපු ගවයින්ගෙන් වැඩිදෙනෙක් ගොට්ට අල්ලන නිවටයින් තමයි. එහෙම අය අනිසි ලෙස තනතුරුවලට පත් කලේ අද, ඊයේ නොවේ. මෙය තමයි "දේශපාලකයන් නැමැති මූසලයින්ගේ හොඳම" ගතිගුණ....
erdi Sunday, 30 September 2018 10:43 AM
සුදුස්සාට සුදුසු තැන නැති බව කියමන සනාථ කිරීමක්. ලංකාවෙන් පිට සෝමාලියාවේ ඉපදුණත් සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. ඒකට ලංකාවේ අම්මෝ මේ තරම් ආගම, නීතිය, පිළිපදින රටක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ වුණාට වටින්නේ නැති දේශපාලනය සේරම තීරණය වෙයි.
සතයපාල Sunday, 30 September 2018 10:56 AM
පොලිස් කොමිසම ස්වාධීන ආයතනයක් නම් කොහොමද දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් ඉෂ්ඨ කරන්නේ. අන්තිමට වුනේ වැටයි, නියරයි දෙකම තරගයට ගොයම කනඑකද?
තිළිණ රනවක Monday, 01 October 2018 09:11 AM
උප සේවයේ ඉන්න බොහෝ දෙනෙක් දේශපාලන අතකොලු. නියමිත සුදුසුකම් නෑ. එයින් කීප දෙනෙක් පන්දමේ හයිය නිසා එක්සත් ජාතීන්ගේ සේවයටත් ගිහිල්ලා තියනවා. එතන ගියත් ඒ අයට පැවරෙන රාජකාරි කරන්න බෑ. ඉංග්‍රීසියෙන් වැඩකරන්න බෑ. රටේ නම්බුව බේරගන්න ඕනෑ නිසා අනිත් නිලධාරීන් එයාලගෙ වැඩ ආවරණය කරනවා...