IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘උසස් පෙළ දෙකට කැඩීම මැටි මෝල් වැඩක්‘

‘මහ ඡන්දයට පෙර හා පසුව අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම මැටි මෝල් වැඩක් වසර 13ක් පොත්පත් පාඩම් කර සරසවි වරම් ලැබිමට යන මේ දරුවන්ට මොන අපරාධයක්ද මේ කරන්නේ. එක එක්කෙනාගේ කේන්දර හඳහන් ආදියට ගැලපෙන විදියට මෙහෙම ඡන්ද තිබ්බොත් රට ආපස්සටයි යන්නේ.‘ යැයි හිටපු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය.

හොරණ ප්‍රාථමික පාසලක පහේ සිසුන් අමතමින් ඔහු එසේ කීවේය.

 



අදහස් (0)

‘උසස් පෙළ දෙකට කැඩීම මැටි මෝල් වැඩක්‘

නිලක Saturday, 04 July 2015 05:17 AM

තරුණයන්ගේ අනාගතය යහපත් කරන්නේ මෙහෙම තමයි. (අ)

:       0       0

රාධා Friday, 03 July 2015 05:19 PM

කාලසටහන අනුපිලිවෙල වෙනස් නොකර සතියක් විභාගේ නැවත්තුවට කිසිදෙයක් වෙන්නේ නැහැ. ළමයින්ට ටිකක් සැනසීමෙන් විභාගයට ලිවිය හැක. (ර)

:       0       0

සමන්ති Friday, 03 July 2015 05:48 PM

මෙයා පසුගිය කාලේ හිටියේ කොහෙද? (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 04 July 2015 06:33 AM

ඔබතුමාලට බලය තිබෙන නායකයෝ කුඩු එතනෝල් කාරයෝ ආරක්ෂා කරන විට, තංගල්ලේ සභාපති වගේ දේශපාලන මැරයෝ ප්‍රසිද්ධියේ මිනි මරණ කොට ඒවා මෝල් වැඩ කියන්න ඔබතුමාට බැරි උනා (නදී)

:       0       0

සිසිර Friday, 03 July 2015 11:35 AM

විභාගේ දවස් කීපයක් පමා වීම ළමයින්ට තව ටිකක් පාඩම් කරගන්න අවස්ථාවක්නේ. මේ මිනිහ කියන විදියට අවුරුදු 13 ක ඉගෙන ගත්ත ඒවා දවස් පහක් විභාගේ පමා වුණාම අමතක වෙනවද?(අ)

:       0       0

අනුරංග Friday, 03 July 2015 11:50 AM

(පුංචි)පහේ සිසුන් අමතමින් නේද මෙහෙම කියලා තියෙන්නේ? (නි)

:       0       0

හෂාන් Friday, 03 July 2015 11:53 AM

නමුත් ඉතින් කේන්දරේට රට පාලනය කරනකොට කවුරුත් කතා කළේ නැහැනේ! (නි)

:       0       0

පෙරේරා Friday, 03 July 2015 09:21 PM

අපොයි ඔව්! මේගොල්ලෝ කර තිබෙන වැඩ එක්ක බැලුවහම මේක මොකද්ද? (නි)

:       0       0

කලින් Saturday, 04 July 2015 09:06 AM

සිසිර / මහානාම / රාධා, උ/පෙළ කරලා නැතිව ඇති. නැත්නම් ඔය වගේ කියන්නේ නෑ. විභාගේ මැදදී වෙන් කරලා ඔය වගේ ඡන්දයක් හරි කලබලයක් හරි තිබුනම ඇතිවෙන මානසිකත්වය තේරෙන්නේ කරපු කෙනෙකුට විතරයි. ඇයි ඡන්දෙ සුමාන 3ක් කල් දැම්ම නම් මොකද වෙන්නේ. ලංකාවේ ඡන්දයක් කියන්නේ ලොකු කලබලයක්. කියපු කෙනාගේ හරි,වැරදි හොයන්නේ නැතිව කියපු දේ හරිද කියල බලන්න. (නදී)

:       0       0

sajith Friday, 03 July 2015 12:15 PM

සිසිර, විභාග අපේක්ෂකයින්ගෙන් 90%කගේ අදහස නම් ටයිම්ටෙබල් වෙනස් නොකළයුතු බව. ඒක විභාගයට මුහුණදීමේදී ගොඩක් බලපානවා (ර)

:       0       0

අචාර්ය රුබට් Friday, 03 July 2015 12:16 PM

මේ මන්ත්‍රීතුමටවත් තේරුණා එක ලොකු දෙයක්. AL ළමයිනුත් ඡන්දෙ දෙන්න පුළුවන් අය , ඒ අයත් ඡන්ද වැඩට සහභාගී වෙනවත් එක්ක. ඉතින් මේ විභාගේ ඉවර වෙනකම් හිටියනම් මොකද ඡන්දෙ තියන්ඩ. (ර)

:       0       0

මහින්ද Friday, 03 July 2015 12:26 PM

ඒ කතාවනම් ඇත්ත.විභාගේ බව දැන දැනත් මේ ඡන්දය ගෙනාවනේ.(හේ)

:       0       0

සුගත් Friday, 03 July 2015 12:43 PM

ළමයෙක් විභාගෙකට සුදානම් වෙනවා කියන්නේ යහපත් කායික හා මානසිකව, වගේම හොඳ සමාජ වටපිටාවක් ඇතිව කල යුතු භාවනාවක් වැනි දෙයක්. එලෙක්ෂන් පටන්ගත්තම, රැස්වීම් නිසා ශබ්ද, ගෝෂා, ගෙවල් දොරවල් වල ව්‍යාකුලයි . ඒ වගේම ළමයින්ගේ ඔළුවට දැනෙන පීඩනය වැඩ්යි. (ර)

:       0       0

මහනාම Friday, 03 July 2015 01:12 PM

මේක මහ ලොකුවට බලපාන දෙයක් නෙමේ. වතුර වීදුරුවෙත් කිඹුල්ලු දකිනව වගේ වැඩක්. (අ)

:       0       0

සමන් Saturday, 04 July 2015 01:59 AM

කේන්දර වලට ඡන්ද තිබුණේ කාටද කියලා දන්නවනේ! (නි)

:       0       0

සජීත් Friday, 03 July 2015 01:12 PM

කතාවේ ගත යුත්තක් නැතුවම නෙවෙයි. එත් ඉතින් ඕක ප්‍රාථමික පන්ති වල ළමයි අමතනකොට කිව්වා කියල මේ තීරණය ගත්ත අයට විරුද්ද ඡන්දෙ දෙන්න ඒ ළමියින්ට ඡන්දත් නැහැ. මේ තීරණය වෙනස් කරන්න ඒ ළමයින්ට බලයකුත් නැහැ නේද මන්ත්‍රී තුමෝ? ඕක අදාළ පාර්ශවයන්ට කෙලින්ම කිව්වනම් මොකද? අනේ මන්ද මෙහෙමත් දේශපාලකයෝ. තමන් කතාවක් පවත්වනකොට එක පවත්වන්නේ කාටද කියල අවබෝධ කරගෙන එයාලට ගැලපෙන කතාවක් නේද කරන්න ඕනේ! (අ)

:       0       0

මංජුල Saturday, 04 July 2015 02:14 AM

පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි පිරිසක් උ/පෙළවත් සමත් අය නෙමෙයිලුනේ.ඉතින් ඒකේ අමාරුව එයාලට දැනෙන්නේ නැහැ (නි)

:       0       0

බන්දු Friday, 03 July 2015 01:37 PM

චන්දයක් ආසන්නයේ (පෙර හෝ පසුව) මෙවැනි වැදගත් විභාගයක් පැවැත්වීම සුදුසු නැහැ. මේ අයත් කේන්දර පස්සේ යන අය බව තේරෙනවා මේ මෝඩ තීරණ වලින්. (අ)

:       0       0

ඉන්දික Friday, 03 July 2015 01:44 PM

ඒ කතාවනම් ඇත්ත. විභාගේ බව දැන දැනත් මේ ඡන්දය ගෙනාවනේ. (ර)

:       0       0

රන්ජිත් Friday, 03 July 2015 01:43 PM

දැන් ඉන්න මැටි මෝල් දේශපාලනඥයිනට ඕව හිතන්න මොලයක් නෑ ඔබ කියන දේ හරි. (ර)

:       0       0

සරත් Friday, 03 July 2015 02:09 PM

කියන කෙනා නම්... (ර)

:       0       0

අතුල බණ්ඩාර Friday, 03 July 2015 02:55 PM

මේ ගැනනම් ඇත්තටම ගොඩක් දුකයි.(හේ)

:       0       0

ඉන්දික Friday, 03 July 2015 02:57 PM

දියවන්නාවේ ඉන්න අය අධ්‍යාපනයට හෙන ගැහුවත් කමක් නැහැ. ඒ අයට ඕනේ ඡන්දෙ අරන් හම්බකරගන්න.(හේ)

:       0       0

අශෝක Friday, 03 July 2015 03:20 PM

මටනම් හිතෙන්නේ පාර්ලිමේන්තුවට යන අය ගණන ඉහලයි කියලා බයවෙලා වගේ(හේ)

:       0       0

රසික Saturday, 04 July 2015 03:56 AM

ඡන්දෙන් පස්සේ විභාග වැඩ තිබුණා කියලා එ්ක බලපෑමක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 108 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2127 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 279 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2903 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1795 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 734 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33545 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23923 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site