IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


උසස් පෙළ විශිෂ්ටයෝ වැඩි පිරිසක් කොළඹට ඈතින්

විෂය ධාරා හයක් යටතේ 2016 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්  දෙලක්ෂ හැට තුන් දහස් පන්සිය පනහක්  අතුරින් විෂය ධාරා අනුව පළමු වැනි, දෙවැනි හා තුන් වැනි ස්ථාන හිමි කර ගත් සිසුන් වැඩි පිරිසක් කොළඹින් පිට ප්‍රදේශවලින් තේරී පත්වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.

කින්නියා, කල්මුණේ, මනිපායි, චුන්නාකම්, ඔඩ්ඩමාවඩි, කෑගල්ල, හිඟුරග්ගොඩ ආදී ප්‍රදේශවල සිසුහුද ඒ අතර වෙති.

ජෛවීය විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය මාතර රාහුල විද්‍යාලයේ ආර් ඒ නිසල් පුන්සර සිසුවා හිමි කර ගත් අතර දෙවැනි තැන කින්නියා මධ්‍ය මහා විද්‍යාලයයේ එම් රොෂේන් අත්සාර් හිමි කර ගත්තේය. කල්මුණේ තාර්මේල් ෆාතිමා විද්‍යාලයයේ පී ක්ලෙරින් දිලුජාන් ජෛවීය විද්‍යා විෂය ධාරාවෙන් තුන් වැනි තැන හිමි කර ගත්තේය.

භෞතික විද්‍යා විෂය ධාරාවෙන් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයයේ කේ ඩී එම් අමායා ධර්මසිරි සිසුවිය පළමු තැන හිමි කර ගත්තාය. එම විෂ්‍ය ධාරාවෙන් දිවයියේ දෙවැනි ස්ථානය ගාල්ල රිච්මඩ් විද්‍යාලයයේ යූ ජී චතුර ජයසංඛ සිසුවා හිමි කර ගත් අතර තුන් වැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයයේ එම් බී සවිඳු දිමාල් ගානුක සිසුවා හිමි කර ගත්තේය.

වාණිජ්‍ය විෂය ධාරාවෙන් දිවයිනේ පළමු තැන හිමි කර ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයයේ මුදිත අකලංක රාජපක්ෂ සිසුවාය. එම විෂය ධාරාවේ දෙවැනි ස්ථානය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඊ එෆ් ඔනිල් වින්දුල පෙරේරා හිමි කර ගත් අතර හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ නිපුනි ධනංජනී රූපසිංහ සිසුවිය තුන් වැනි තැන හිමි කර ගත්තාය.

කලා විෂ්‍ය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි මහනුවර උසස් බාලිකා විද්‍යාලයයේ ආර් ඉන්දීවරී ගවරම්මන සිසුවිය එම විෂය ධාරාවෙන් දිවයිනේ පළමු වැනියා වීමට සමත් වූවාය. කලා විෂ්‍ය ධාරාවෙන් දිවයිනේ දෙවැනි තැන මනිපායි හින්දු විද්‍යාලයේ පද්මනාදන් කුරුපරෝෂාන් හිමි කර ගනිද්දී තුන් වැනි තැන කිරිබත්ගොඩ විහාරමහා දේවි බලිකා විද්‍යාලයයේ යූ ඩබ්ලිව් අමන්දා පාරමී හිමි කර ගත්තාය.

ඉන්ජිනේරු තාක්ෂණ විෂ්‍ය ධාරාවෙන් දිවයිනේ පළමු තැන චුන්නාකම් ස්කන්ධවාරෝදය විද්‍යාලයයේ කනකසුන්දරම් ජතුර්සජාන් හිමි කර ගැනීමට සමත් විය. එම විෂය ධාරාවෙන් දෙවැනි තැන මාතලේ විද්‍යා විද්‍යාලයයේ කේ ඩබ්ලිව් නිසල් කොබ්බෑකඩුව ද, තෙවැනි තැන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ ආර් ඒ සන්දීපා අන්ජලී රණතුංග සිසුවිය ද හිමිකරගත්හ.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ පළමු තැන කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයයේ කේ මලිනි ශෂිකලා දිල්රංගි සිසුවිය හිමි කර ගත්තාය. එහි දෙවැනි තැන හිමි වූයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයයේ ටී මයුමි තත්සරණ සිසිවියටයි. තුන් වැනි තැන ඔඩ්ඩමාවඩි මධ්‍ය මහා විද්‍යාලයයේ ඉල්යාස් ෆාතිමා අරෝස සිසුවිය දිනා ගත්තාය.

IMG_20170107_085428

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයයේ කේ ඩී එම් අමායා ධර්මසි

P.P

හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ නිපුනි ධනංජනී රූපසිංහ 

20170107_101545

මාතර රාහුල විද්‍යාලයේ ආර් ඒ නිසල් පුන්සර සිසුවා 

indiwari-gawarammana

මහනුවර උසස් බාලිකා විද්‍යාලයයේ ඉන්දීවරී ගවරම්මාන 

Nisal-Kobbakaduwa

මාතලේ විද්‍යා විද්‍යාලයයේ කේ ඩබ්ලිව් නිසල් කොබ්බෑකඩුව

webIMG_9723

කොළඹ ආනන්ද විදුහලේ මුදිත අකලංක රාජපක්ෂ 



අදහස් (0)

උසස් පෙළ විශිෂ්ටයෝ වැඩි පිරිසක් කොළඹට ඈතින්

කරුණාරත්න Saturday, 07 January 2017 06:51 AM

දුවේ පුතේ, ඔයලාට සුභ අනාගතයක් තිබේ. එය සවිමත් කරගැනීම ඔබ සතු වගකීමකි. සුභ පැතුම් එක් කරන්නේ අධිෂ්ඨානයෙන් ජීවිතය ජය අරන් සමාජයේ යහපත් පුරවැසියකු වන්නටයි (නි)

:       1       5

රිස්වාන් Saturday, 07 January 2017 06:56 AM

ඔයගොල්ලෝ තමයි අපේ රටේ අනාගතය. ඔබ සියලු දෙනාටම දෙවිපිහිට හා රැකවරණය ලැබේවා කියා පතන අතර තවත් ඉදිරියට යාමට හේතුවාසනා වේවා! (නි)

:       1       5

සිරි Saturday, 07 January 2017 08:18 AM

දරුවනේ, නුඹලාට තෙරුවන් සරණයි !!! (නි)

:       0       2

ගාමිණි Monday, 09 January 2017 12:42 AM

මේ ළමයි ලැබූ ජයග්‍රහණය පිළිබඳව අපි ඉතා සතුටුවෙමු. ඒ වගේම මේ ජයග්‍රහණ කොළඹින් පිට පළාත් වලින් ලැබීම ඊටත් වඩා ජයග්‍රහණයකි. අපි හැමෝම මේ ළමයින්ගේ දක්ෂතා පිළිබඳව කතාකළත් මේ පිටුපස ඔවුන්ට යෝධ ශක්තියක් වෙමින් ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ගුරු මහත්ම මහත්මීන්ගේ කැපවීම පිළිබඳවද අපි ඔවුන්ට අපගේ ප්‍රණාමය දැක්විය යුතුයි. මොකද ගම්බද පළාත්වල ඉස්කෝල වල ගුරුවරු ඉතාම කැපවීමෙන් කටයුතු නොකළා නම් ඔවුන්ට මේ ජයග්‍රහණ ලැබීම එතරම් පහසු නොවනු ඇත. (නි)

:       4       9

ලක්විදු Saturday, 07 January 2017 09:35 AM

අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

රණසිංහ Saturday, 07 January 2017 09:38 AM

සියලුම දරුවන්ට සුබ පතමි. ඇහේ කටු අනිනවා වගේ ඇති සමහරුන්ට. මුහුණුපොත සහ වෙනත් උත්තේජන නගරබද දරුවන් විනාශවීමට මුලයි. දෙමවුපියන් තමන්ගේ දරුවන් ගැන විමසිලිමත්වීම වෙනදාටත් වඩා අවශ්‍යයි (නි)

:       0       0

රොෂාන් Saturday, 07 January 2017 11:36 AM

මේක තමයි වෙන්න ඕනෑ. සුභ පැතුම්. (නි)

:       0       0

ලක්මාල් Saturday, 07 January 2017 11:45 AM

දෙමව්පියන් යහපත්වීම ශක්තිමත් දරුවන් බිහිවීමට හේතු වේ. මේක ධර්මනුකූලවත්, ජීව විද්‍යාත්මකවත් ඇත්තක්. මේ ප්‍රතිඵල දැක්කහම මට මතක්වුණේ ඒක. සුභ පැතුම්. (නි)

:       0       0

පසිඳු Saturday, 07 January 2017 11:53 AM

කොළඹ ළමයි බිග් මැච් ගහපුදෙන්. ඔයාලා හොඳට ඉගෙනගෙන තමන්ටත් රටටත් වැඩක් කරන්න. (නි)

:       0       0

සරත් Saturday, 07 January 2017 01:12 PM

සුභ පැතුම්! විභාග අතරතුර හොර කිරීමට ඇති මහඟු අවස්ථාවන් ලබා නොදීමට විභාග අධිකාරිය කටයුතු කළයුතුයි (නි)

:       0       1

රන්ජිත් Saturday, 07 January 2017 02:50 PM

තරඟෙට ලොකු පසෙල් හොයන දෙමව්පියන්ට හොඳ පාඩමක් (නි)

:       0       0

රස්මි Sunday, 08 January 2017 02:05 AM

ඇත්තමයි රන්ජිත්. ළමයින්ට උගන්නන්න නොවෙයි කැපිලා පෙනෙන්න හදන අයට හොඳ පාඩම් (නි)

:       0       0

අබය Sunday, 08 January 2017 03:57 AM

කොළඹ නොවුණාට මේ සමත්වී ඇති ළමුන් හැමෝම ඒ ඒ පළාත් වල තිබෙන හොඳම පාසල් වලට ගිය අය. සුබ පැතුම්...! (නි)

:       0       0

රොෂාන් Sunday, 08 January 2017 03:58 AM

ශිෂ්‍යත්වය සමත්වුණ දරුවෙක් කොළඹ පාසලකට දාන්න කලින් දෙපාරක් හිතන්න. (නි)

:       0       0

සුසිල් Sunday, 08 January 2017 04:07 AM

දුවේ, පුතේ, විශ්ව විද්‍යාලයට ගිහින්, ඉගෙනගන්න බලන්න, පාරේ රස්තියාදු නොවී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1314 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2339 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1022 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9554 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3583 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site