IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘උසස් පෙළ සමතුන්ට රැකියා දෙනු‘

උසස් පෙළ සමතුන්ට රජයේ රැකියා අවස්ථා හෝ දීමනාවක්  ලබාදීම, නව රාජ්‍ය විශ්ව විද්‍යාල ඇරැඹීම ඇතුළු ඉලීම් 11ක් මුල් කර ගනිමින් ‘තරුණ්‍යයේ හඬ‘ සංවිධානය කොළඹ කොටුවේ දී උද්ඝෝෂණයක් පැවැත්වීය.

2014 අයවැය මගින් තරුණ පරපුරට ලැබිය යුතු සාධාරණ ඉල්ලීම් රජය ලබා නොදුන් බව පවසමින් ඔවුන් මෙසේ විරෝධය දැක්වූ අතර මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට කොළඹ කොටුවේ මුදල් අමාත්‍යංශය දක්වා පාගමනක් ඇරැඹූහ.

නමුත් සම්බුද්ධාලෝක විහාරය අසලදී පොලිසිය මාර්ග බාධක යොදා විරෝධතා පා ගමන නතර කළේය. ඉල්ලීම් ඇතුළත් සංදේශයක් බාර දීමට නියෝජිතයන් කිහිප දෙනකුට පමණක් මුදල් අමාත්‍යංශයට යෑමට අවසර ලැබිණි.

 

 



අදහස් (70)

‘උසස් පෙළ සමතුන්ට රැකියා දෙනු‘

තිලාන් Thursday, 12 December 2013 09:30 PM

රැකියා කියන ඒවා එහෙම බලෙන් ගන්න පුළුවන්ද? (නි)

:       0       1

ජීවන් Thursday, 12 December 2013 04:52 AM

බටහිරවිරෝදයක්... ඉනියා ජතිකවාදයත් පැත්තකින් තියල... ලෝකේ රටවල් දියුණු වෙච්ච විදිහ බලත්ව... බටහිරට ඔය තරඟ අකමැතිනම් කොරියාව,ජපානේ,සින්ගපුරුව දිහා බලත්ව... දියුවෙච්ච මෙරටවල් දනවාදේ,වෙළඳපොල ආර්ථිකේ තම පාවිච්චි කලේ.චිනෙත් ආර්ථිකේ දනවාදී.පලනක්රමේ පමණක් සමාජවාදී. ආයෝජකයෝ ගෙනල්ල මේ කොල්ලන්ට රස්සාවල් දෙන විදිහක් හිතේ පහල වේවා....(අ)

:       0       0

මාලා Thursday, 12 December 2013 05:01 AM

ඉන්දියාවේ,තායිලන්තේ වගේ රටවල ලෝකප්‍රකට සමාගම් පදුරුගානේ ඉන්නවා. මේ යන විදිය වෙනස් වෙනපටක් නැද්ද.බලන්න හොණ්ඩා, ජගුවර්, ලෑන්ඩ් රෝවර්, ට්‍රයම්ෆ් බයික්ස්, අඩිදස්, හැර්ලිදේවිද්සන්, දුකාටි, බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්, රෙකිට් ආණ්ඩ කොල්මන්ස්,ප්රාඩා,ගුචි වගේ සමාගම් බංගලිදේශයේ ඉන්නවා. පාලකයන්ට මෙයින් එකෙක් ගෙන්වාගෙන රස්සාවක් මේ කොල්ලන්ට අරන් දෙන්ට තියන බැරිකම මොකද්ද. අපට එන්නෙම අර අයිඕසී, අමානාතකාෆුල් වගේ වැලේ වැල් නැති කොම්පැනි විතරද...(අ)

:       0       0

ජීවන් Thursday, 12 December 2013 05:07 AM

බන්දුල පෙරේරලා වගේ ගොට්ට කාරයෝ මේ කොල්ලන්ට බැන්නට, මේ කොල්ලන්ට රස්සා හම්බවෙන්නේ නෑ. රජයවල් රස්සාවල් දීපු කාලේ දැන් ඉවරයි.රජයක යුතුකම තමා ආයෝජකයෝ ගෙන්වල මේ කොල්ලන්ට රැකියාවල් දීමට පහසුකන් සලසාදීම.ඉනියා බටහිරවිරෝදෙන් ඔලුව ඔද්දල් උනහම ඒ වැඩේ කරන්ට බෑ. අපි ලොකුම ඇමතිමණ්ඩලේ නඩත්තු කරමින් පඩි නදී ගෙවන්නේ අපේ ප්‍රශ්න විසදනට නොවේ නම් වෙන මොන එකකටද...(අ)

:       0       0

සුකිරි Thursday, 12 December 2013 05:10 AM

මේ උද්ගොශනේ කරන්නේ රැකියාවක් ඉල්ලලා නම් කමක් නෑ.එත් රජයේ රැකියාවක් ඉල්ලලා නම් මේ උද්ඝෝශනේ කරන්නේ... ගගහ පන්නන්ට. මොකෝ ඒ හදන්නේ අයිස්ගහන්ට, පගාව ගිලින්ට, රාජකාරියේ මැච් බලන්ට,පමණක් නොවේ ලංකාව තවත් ලෝකෙට නය කාරය කරන්ට පර හදන එක.

:       0       0

සේන Thursday, 12 December 2013 05:13 AM

මේ දරුවෝ ආණ්ඩුවේ රකියාවක්ම ඉල්ලලා පොරකන එකට ලංකාවේ සංස්කෘතියත් වග කියන්න ඕන.හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ තියන පන්තිභේදෙයි නිලදාරිවාදෙයි සංස්කෘතියේම කොටසක්.ඒ නිසාම පුද්ගලික අන්ස සේවකයාව ගණන්ගන්නේ නැහැ.එගොටට කම්මැලිකම,පගගහිල්ල,හොර හිත වගේ දේත් එකතු උනහම තම මේ තරඟ ආණ්ඩුවේ රස්සාවලට කාදර හිතෙන්නේ.(අ)

:       0       0

සේන Thursday, 12 December 2013 05:38 AM

අර අහවල් කට්ටියට ගිහින් කියන්න, රැකියාවක් ලැබෙයි (නි)

:       0       0

පද්මා Thursday, 12 December 2013 05:41 AM

මෙතන කට්ටිය විදේශ යෝජනා ගැන කිවූූ නිසා මං යමක් කියන්නම්. ලෝකේ ලොකුම කිරි සමාගම ෆොන්ටෙරා ලංකාවේ ඉන්නවා. හැම දෙයකටම බටහිර විරෝධී බෝර්ඩ් ලෑලි උස්සගන්න පුරුදු වෙලා ඉන්න නිසා පහුගිය දවස් වල ෆොන්ටෙරා එකට විරුද්ධව නටපු නාඩගම දැක්කනේ.අන්තිමට මොකද වුණේ? ආයෝජකයෝ නොඑන්නේ මෙන්න මේ දේවල් නිසා... (නි)

:       0       0

සුබසිංහ Thursday, 12 December 2013 05:48 AM

ඉන්ටර්කොන්ටිනෙන්ටල්, ෂෙල්, දර්ලි බට්ලර්, ප්‍රොක්ටර් ඇන්ඩ් ගම්බල්,සිලෝන් ටුබැකෝ,රෙකිට් ඇන්ඩ් කොල්මන්ස්,නෙස්ලේ, වගේ කොම්පැනි එලවගත්ත.අන්තිමට එලවගත්තේ එමිරේට්ස්.එතකොට කට්ටිය හුරේ දැම්ම.ගිය අවුරුද්දේ විතරක් ගුවන් සේවේ පාඩුව කොටි දාහ කිට්ටු කරලා. ඉතිරිවෙලා ඉන්නේ ෆොන්ටෙර, හිල්ටන්, නොරිටකේ, යුනිලීවර්,බවර්,වගේ කොම්පැනි ටිකක් විතරයි. ඉනියබටහිර විරෝදී හිවල්ලු මේවට වග කියන්න ඕන කියලයි මන් නම් කියන්නේ. (අ)

:       0       0

ද සිල්වා Thursday, 12 December 2013 05:57 AM

උගත්කම අපේ රටේ රැකියා ලබන්න නොසුදුසු කමක් , හේතුව අද ඉන්න අමෙතිලා වැඩි හරියක් සාමාන්‍ය පෙළවත් අසමත් එමනිසා ඒගොල්ල යටතේ වැඩකරන්න 8 පන්තිය සමත් අය හිටියම ඇති කියලි ඒගොල්ල කල්පනා කරන්නේ . ඔබ සැමට අසුභ අනගතයක් (අ)

:       0       0

චින්තා Thursday, 12 December 2013 05:59 AM

රටේ ආර්ථික බංකොලොත් භාවයට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් දූෂණය අනික රාජ්‍ය සේවය. මම හිතන්නේ ඔවුන් වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්න ඕනෑ.ඕනෑම රජයේ ආයතනයකට ගියවිට නිකරුනේ කාලය ගතකරන සේවකයන් එමටයි. (නි)

:       0       0

මිනිපෙ Thursday, 12 December 2013 06:46 AM

සුබසිංහ, නියම කතාව. ඔයා හරියට හරි. (නි)

:       0       0

කෝලිත Thursday, 12 December 2013 02:52 PM

උසස් පෙළ සමත් නම් විශ්ව විද්‍යාලයට යන්න හරි වෙන, උසස් අධ්‍යාපන කටයුත්තක් කරන්න පුළුවන්නේ ...මෙය උසස් පෙළ පාස් නැතිව රස්තියාදු ගහන කොලු රැලකගෙ ගොන් වැඩක්......දෙන්න තියෙන්න අඩු කැඩෙන්න. (ස)

:       0       0

නිරංජලා Thursday, 12 December 2013 06:49 AM

කියමනක් තිබෙනවානේ "කෝකියෝ වැඩි වුණහම හොද්ද නරක් වෙනවා" කියා.ඔක්කොම ඇමතිවරු වුනශම ආර්ථිකය කඩා වැටෙනවා.කිසිවෙකුටත් හොද කළමනාකාරිත්වයක් නැහැ.හැම තැනම නොහැකියාව.මේ දේශපාලකයන් විදේශ රටවල හොද හිත ,විශ්වාශය දිනා ගන්න අපොහොසත් වෙලා.ජී.එස්.පී.බදු සහන රටට අහිමිවෙලා.ඇගලුම් කම්හල් කඩා වැටිලා.අපනයන අඩු වෙලා.රටේ ඉන්ධන සහ විදුලි ගාස්තු වැඩි වෙලා.ස්වයං රැකියාවක්වත් කරන්න වාතාවරණයක් නැහැ.මාධ්‍ය ඉදිරියේ පුරසාරම් දෙඩුවට රටේ යථා ස්වරූපය මෙයයි.අසීමිත ණය ගෙන අවිචාරවත් ව්‍යපෘති ආරම්භ කළත් ඒවායින් රැකියා අවස්ථා හෝ ප්‍රතිලාභ ගලාඒමක් නැත.ණය බර දිනෙන් දින වැඩිවෙනවා.ජනතවගේ රැකියා ප්‍රශ්න ද එතැනමයි.විසදුමක් පෙනෙනතෙක් මානයකවත් නැත. (නි)

:       0       0

මිනිපෙ Thursday, 12 December 2013 06:50 AM

රස්සාවල් ඇති කරන්නේ පුද්ගලික සමාගම්. ඉතින් සමහරු ඒ ආයතන වලට විරුද්ධනේ. (නි)

:       0       0

බමුණු Thursday, 12 December 2013 06:53 AM

අපි ඔබලාට ඉගැන්නුවා. රැකියා ඔබලා සොයාගන්න. රැකියාවල් දීමට රජය බැදී නැත. ඔය ගොල්ලන්ට කරන්න පුළුවන් රැකියාව මොකක්ද? අන්න ඒක පළමුව කියන්න. (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 12 December 2013 06:54 AM

සුදුසුකම් නම් ප්‍රමාණවත් ඇති.ඒත් පොඩි ගැටළුවක් තිබෙනවා (නි)

:       0       0

ගුණරත්න/ඩුබායි Thursday, 12 December 2013 07:26 AM

හොද අදහස් දාලා තියෙනවා.මම ඉගෙනගත්තේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි.හොඳින් සමත් වුණා.පස්සේ කාඨමාලාවක් කළා.පත්තර වල තිබෙන හැම එකටම අයදුම් කළා.රැකියා තුනකට තේරුණා මගේ සුදුසුකම් අනුව.මම දැන් ලක්ෂ දෙකහමාරක් ගන්නවා මාසෙකට. මේ උසස්පෙළ සමතුන් කිවුවට මොනවද තියෙන අමතර සුදුසුකම්? (නි)

:       0       0

බමුණු Thursday, 12 December 2013 07:31 AM

"රස්සාවල් ඇති කරන්නේ පුද්ගලික සමාගම්. " ඒගොල්ලෝ අධ්‍යායාපන සහතිකයට වඩා දේවල් බලනවා. සමහර සමාගම් රැකියා දීමේදී සුදුස්සාට ඔහු බලාපොරොත්තු වුවාට වැඩ වැඩි වැටුප් දෙනවා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 12 December 2013 03:17 PM

මගේ කුඩා හෝටලයක් සහ සංචාරක ව්‍යාපාරයක් තිබෙනවා. ලංකාවේ ඒවාට සේවකයන් සොයා ගැනීමට යාමේදී නිතරම විශාල ප්‍රශ්නවලට මැදි වීමට සිදුවේ. ලංකාවේ හෝටල් පාසල් තිබුනට ඒවා ගෙන් පිටවන සිසුන්ගේ ප්‍රයෝගික දැනුම ඉතාම අඩු බව පෙනේ. අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට විශිෂ්ට සාමාර්ථ ඇති පුද්ගලයන්ට ඉංග්‍රීසි කතා කල නොහැක. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉලක්ක කරන්නේ දොස්තරලා, ඉංජිනේරුවෝ, ගණකාධිකාරින් බිහි කිරීමටය. එසේ වීමට නොහැකි වන අයට විකල්පයක් නැත. අවසානයේ සිසුන් මේසන් වැඩක්, වඩු විදුලි කාර්මිකයෙක්, මෝටර් මිකෑනික් වැඩක් වැනි දෑතේ කර්මාන්තයක් ඉගෙනීමට මැලි වෙති. නික්කම කාලය ගත කරති. මේසන්, වඩු වැඩ, කාර්මික වැඩ කරන පුද්ගලයන් ඉස්කෝලේ 5 පන්තියට වත් ගොස් නැත. එම නිසා එම ක්ෂේත්‍ර වල ඉහලට යාමට අධ්‍යාපනය මදකම නිසා ඔවුන්ට නොහැක. , පුහුණු ශ්‍රම බලකායක් ඇත්නම් රටේ දියුණුවක් ඇතිවේ.විදේශ වලද ඉල්ලුමක් තිබෙන්නේ පුහුණු ශ්‍රමිකයන්ටය. මෙවැනි දේවල් ගැන සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාවට යෙදවීම ඇමතිවරු සහ නිලධාරීන් හිටියට මෙවැනි ඉලක්ක ඔවුනට නැත. ඔවුන්ගේ ඔලුවේ තිබෙන්නේ තමන්ගෙ පුද්ගලික ඉලක්ක පමණි. (ස)

:       0       0

නිර්මලා Thursday, 12 December 2013 07:34 AM

සාධාරණ ඉල්ලීමක්.ඒත් විසදුම් ලබාගන්න තිබුනා හොඳ බුද්ධිමතුන් ටිකක් හිටියා නම්. කොහොම වුණත් දැන් රටේ තත්වය මට නම් පෙනෙන්නේ මෙහෙමයි. අඳුරේ අතපත ගෑමක්,වැහිබර අහසක්,අඳුරු අනාගතයක්! (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 12 December 2013 07:36 AM

ප්‍රමුඛ.ඔබ කියන දේ ලංකාවේ අයට වැටහෙයිද කියන එකයි ප්‍රශ්නේ.දැන් ඉතින් හිතන්න මොළයක් ඉතිරි වෙලා නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 12 December 2013 07:40 AM

අර කෙනෙක් කිව්වා වගේ උදේ ඉදලා රෑ වෙනකම් අයුක්තිය,යුක්තිය කරලා,අවනීතිය නීතිය කරලා,අසාධාරනය සාදාරණීකරනය කරලා,විනාශය සෞභාග්‍යය කරලා පෙන්වනකොට රටේ මිනිසුන්ගේ මොළ නිකම්ම හේදෙනවා.ඉන්පස්සේ මිනිසුන් සාධාරනය කියලා හිතන්නේ අසාධාරනයට (නි)

:       0       0

පාල Thursday, 12 December 2013 03:41 PM

ද සිල්වාගේ අදහසට මේ ටිකත් එකතු කරන්න... ලංකාවේ පන්ති බේදේ තරුණයන්ව නිකන් හිටියත් කිසියම් රැකියාවක් නොකරන තැනකට තල්ලු කරනවා.උදාහරණ ලෙස හෝටල් සේවකයෙක්ව කසාද බඳින්නට ගැහැණියක් කැමතිත් නැහැ.ඒ ඇයි... මේ ඔද්දල් මානසිකත්වේ වෙනස් වුනොත් ටිකක් හෝ තරුණයෝ තියන වැඩක් කරන්න බලයි. (ස)

:       0       0

පාලි Thursday, 12 December 2013 08:07 AM

අපේ ළමයින් පුරුදු වෙලා තියෙන්නේ හැම දෙයක්ම ඉතා පහසුවෙන් තමන් කිසිම මහන්සියක් නොවී ලබා ගන්න. දියුණු රටවල ළමයින් පාසල් යමින් පාර්ට් ටයිම් රැකියා කරමින් දුක් විදලා ඉගෙන ගන්නවා. අපේ ළමයි අම්මලා තම්බලා දෙන දෙයක් කාලා යන්තම් උසස් පෙළ සමත් කරලා කෙලින්ම බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවේ ලොකු පුටුවක්.නමුත් අමතර දක්ෂතා දියුණු කරගෙන අද නවීන ලෝකයට ගැළපෙන විදියට පොඩි තැනකින් පටන් අරගෙන ඉහළට යන්න බලපොරොත්තුවක් නැහැ. ඇමති මණ්ඩලයට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ. (නි)

:       0       0

ඩෙනම් Thursday, 12 December 2013 03:44 PM

රැකියා දෙන්නට බැහැ.උත්සාහයෙන් කුමන හෝ රැකියාවක් සොයා ගනු ! (ස)

:       0       0

සත්‍යා Friday, 13 December 2013 02:22 AM

රටකට ගිය කල ! (නි)

:       0       0

අනුර යු ඒ ඊ Thursday, 12 December 2013 08:41 AM

වැඩ කරන්න නොවෙයි මේ තරුණයන් යොමුවෙලා තියෙන්නේ. රැකියා ඕනෑ තරම් තියෙනවා වෘත්තිය පුහුණුව ඇති ඕනෑම කෙනෙකුට. නමුත් අපේ රටේ එයට ඔබට ඉඩක් නැහැ. පිටරටකටවත් යන්න බලන්න. පෙළපාලි වලට කාලය කා දමන්න එපා. මේ රටේ ඕනෑ තරම් තරුණයන් වැඩ කරනවා.අපේ ළමයින් පුරුදු වෙලා තියෙන්නේ හැම දෙයක්ම ඉතා පහසුවෙන් තමන් කිසිම මහන්සියක් නොවී ලබා ගන්න. (නි)

:       0       0

පාලි Friday, 13 December 2013 03:42 AM

දියුණු රට වල පශ්චාත් උපාධිදාරින් පවා කම්කරු රැකියා කරනවා, ඕස්ට්‍රේලියාව වගේ රට වල මිනිස්සුන්ට ආඩම්බරකම් නැහැ. සුදුසුකම් වලට සරිලන රැකියාවක් නැත්නම් වැසිකිළි හෝදලා හරි ජීවත් වෙනවා. මහන්සි වෙලා වැඩ කරනවා. එහෙම නැතුව ආණ්ඩුවට දොස් කිය කියා උද්ගෝෂණ කර කර කාලය නාස්ති කරන්නේ නැහැ. මේ ළමයින්ට එහෙම කරන්න කිව්වොත් කරයිද? ලංකාවට හරි යන්නේ රැකියා පිළිබඳ තියෙන පුහුමානය නැති වු දාටයි (නි)

:       0       0

බුවනෙක යු ඒ ඊ Thursday, 12 December 2013 08:49 AM

තිලක්-ඩුබායි, මත්පැන් කාර්යක්ෂමතාව අඩු කරනවා. බොහොමයක් දෙනා මනසික ආතතියෙන් පෙළෙනවා. දැඩි මුදල් අාසාවත් දහමට ආගම ට යොමු නොවීමත් කය පිළිබඳ අධ්‍යයනය නොකරන නිසාත් අසරණ වී ඇති බවක් ඩුබායි ශ්‍රී ලාංකිකයන් තුල ගැබ්වී ඇත. මුදලට ඇති අාශාව නිසාම නොයෙකුත් අධ්‍යාපන මට්ටම් තුළ බෙදීම තුළ තම වර්ගයාට අයත්ව තිබු රැකියා අවස්ථා වෙනත් රටවලට යොමු වන බව පෙනෙනවා. මේ තරුණයන්ට විදේශයකට යන්න හෝ නොහැකි තත්වයට මේ අයගේ වර්ගයාම වගකිවයුතු වෙනවා (නි)

:       0       0

මධුෂානි Monday, 01 September 2014 10:06 AM

ඉගන ගත්තට දැන් වැඩක් නෑ. අපිට රැකියා නෑ. ඇයි එහෙම වෙන්නේ හිතා ගන්න බෑ. මම හිතන විදියට දැන් රැකියා දෙන්නේ වත් පොහොසත් කම් අනුව. ඒකයි ඇත්ත. (ස)

:       0       0

ජගත් Wednesday, 11 December 2013 09:53 PM

කෝ මේ අපේ ඇමතිතුමා? (නි)

:       0       0

මිනිපෙ Wednesday, 11 December 2013 09:57 PM

අනෙක් අයටත් රැකියා දෙනු. (නි)

:       0       0

සමන්ති Friday, 13 December 2013 04:54 AM

සියල්ලන්ටම රැකියා දෙන්න රජයකට හැකියාවක් නොමැත.සෑම කෙනෙකුම තමාට ගැළපෙන රැකියාවක් හෝ කර්මාන්තයක් පටන්ගත යුතුය.රජය කළ යුත්තේ ඔවුන්ට අවශ්‍ය ණය පහසුකම් හෝ උපදෙස් ලබාදීමයි (නි)

:       0       0

රූපා Thursday, 12 December 2013 09:02 AM

බටහිර විරෝධියෝ බටහිර කොම්පැනි වලට ඔය තරම් බය නම්.... අකමැති නම්.... ගෙන්වන්නකෝ ජපන් කොරිං කොම්පැනි.... හොන්ඩ, කවසාකි, නිසාන්, ටොයෝට, සැම්සුන්, එල්ජී, සෝනි, නැෂනල්, වගේ කොම්පැනි ඉන්දියාවේ,පාකිස්තානේ ඉන්නවා. මෙහෙ නෑ. ඒ මොකෝ... හේතුව අසමත්කම,පාලකයන්ගේ බැරිකම,පමණක් නොවේ රටේ මිනිසුත් ඡන්දෙකදී නිකන් ලැබෙන්නේ මොනවද කියා සිතීමේ පුරුද්ද. කම්මැලිකම... ගොට්ට ඇල්ලීම... (ස)

:       0       0

ප්‍රදීප් දිසානායක Thursday, 12 December 2013 04:56 PM

දුවේ පුතේ, කරුණාකරලා අමාරුවෙන් හරි නිදහසේ, නොමිලේ කරන්න තියෙන පාඨමාලාවක් කරලා පහත වෙබ් වල තියෙන ජොබ් වලටයි, පත්තරේ ජොබ් වලටයි දාන්න.අනික උසස් පෙළ කරන්න ඉන්න දුවලා පුතාලා අලුතින් හඳුන්වා දුන්නු තාක්ෂණවේදය වගේ විෂ‍යන් කරවන්න.වෙන විකල්ප නෑ. http://www.topjobs.lk/http://www.srilankajobs.net http://www.diligent.lk (ස)

:       0       0

ජෝන් Wednesday, 11 December 2013 10:18 PM

රට ඉන්න අපටත් පිහිට වෙනු . (ස)

:       0       0

සහන් බණ්ඩාර Thursday, 12 December 2013 09:51 AM

උසස් පෙළ සමතුන්ට තියා උපාධිධාරීන්ට වත් රැකියා නැති මේ රටේ, මෙවැනි වැඩ වලින් පලක් වේ දැයි සැක සිතේ. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 11 December 2013 10:41 PM

මේ මාධ්‍ය සංදර්ශන පාන්නේ හරියට මේ රටේ රැකියා ගබඩාවක් තියාගෙන රස්සාවල් දෙන්නේ නැතුව ඉන්නවා වාගේනේ..උසස්පෙළ සමත්වීම රස්සවාකට සුදුසුකමක් නම් ඉතින් කට්ටිය ඔය විශ්ව විද්‍යාල වහල කාර්මික තාක්ෂණික විද්‍යාල වහල උසස් පෙළ සමත් උණු ගමන් කට්ටියට රස්සාවල් දෙන්න..බංකලොත් දෙසපලුවන්ගේ මැටි ගොන් වැස්සෝ ටිකක් පාරට බැහැල රටට විහිලු සපයනවා.. (ස)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 11 December 2013 11:08 PM

මී දරුවන් "උසස් පෙළ සමතුන්ට රැකියා දෙනු" කියල කියනවා මිසක් "උසස් පෙළ සමතුන්ට ලම්බෝගිනි කාර් එකක් දෙනු " කියල නෙමෙයි නේද කියන්නේ?.(ස)

:       0       0

තිලක් බණ්ඩාර Wednesday, 11 December 2013 11:09 PM

අද තරුණ අසහනය වැඩිවෙලා. (ස)

:       0       0

ඉන්දික Thursday, 12 December 2013 10:03 AM

තිලක් ඩුබායි, මේක පුදුම වැඩක්නේ. බාලංශයේ ඉඳලා උසස් පෙළ දක්වා නිකන් උගන්වලා එතනින් නැවතුනහම ඒගොල්ලන්ට රස්සාවල් දෙන්න ආණ්ඩුව සුදානම් වෙලා ඉන්න ඕනෑ. සරසවියට ගියහම ඒ අවුරුදු 4-5ත් නිකන් උගන්නලා, නවාතැන් දීලා ඔක්කොම කළාට පස්සේ ඒගොල්ලන්ටත් රස්සාවල් හොයලා දෙන්න ඕනෑ. ඒ විතරක් මදි. ඊට පස්සේ පඩි වැඩි කරනු කියලා අායෙත් උද්ගෝෂණය කරනවා. ඊට පස්සේ ළමයි හදලා ඒගොල්ලන්ට කිරිපිටි අඩුකරනු කියලා අායෙත් උද්ගෝෂණය කරනවා. මේක ඉවරයක් නැහැ. ලෝකේ වෙන කොයි රටකවත් නැතුව ඇති මේ වගේ දේවල්. (නි)

:       0       0

තිලක් බන්ඩාර Wednesday, 11 December 2013 11:13 PM

පිස්සු කෙළිනවා. මේ දරුවන් ඉල්ලන්නේ වැඩක් කරන්න රස්සාවක්නේ. (ස)

:       0       0

පෙරේරා Thursday, 12 December 2013 10:19 AM

දැන් හරි. ඉල්ලීම් ටික දෙයි මේන් කියලා. නිකන් බොරු වැඩ මේවා. (ස)

:       0       0

අල්විස් Thursday, 12 December 2013 10:31 AM

උසස් පෙළ කියන්නේ මහා ලොකු ලෙවල් එකක් නෙවෙයි. මම මේ කියන්නේ උසස් පෙළ සමතුන් බාල්දු කරන්ට නම් නෙවෙයි. උසස් පෙළ සමත් කට්ටිය රැකියා දියවූ කියල ඉල්ලුවට දෙන්නේ මොනවද..? එයාල දෙන ඕන එකක් කරනවද..? මන් හිතන්නේ ඒ ගොල්ලන් ඉල්ලන්නේ බැංකුවල රස්සාවල්. දුම්රිය දෙපර්තමෙන්තුවෙයි, මාර්ග සංවර්ධන අධිකාරියෙයි ඕන තරම් රස්සාවල් තියෙනවා. හැබැයි මහන්සි වෙන්ට නම් ඕන. මෙයාල කරයිද..? (ස)

:       0       0

තිලක් Wednesday, 11 December 2013 11:43 PM

හැම ප්‍රස්නේටම උණ්ඩයෙන් විසදුම් හොයන්න ගිය පාලකයන්ට මොකද වුනේ කියල කියන්න ඕනේ නැහැනේ.(ස)

:       0       0

තිලකරත්න Wednesday, 11 December 2013 11:45 PM

මෙයාට ඇයි තදවෙලා (ස)

:       0       0

තේෂාන් Wednesday, 11 December 2013 11:57 PM

මේ අය විතරයි අඩුවෙලා තිබ්බේ, දැන් එකත් හරි. තව ඉස්සරහට ඕ ලෙවල් අයත් පාරට බහි. (ස)

:       0       0

අල්විස් Thursday, 12 December 2013 11:17 AM

ඉන්දික මහත්මයා හරියට හරි. තිලකරත්න බැඳ මහත්තයට බලන්නේ කකුල වටේ පමණයි. ඉන් එහාට බලන්ට දැක්මක් උන්නැහේට නැහැ. හේතුව උසස් පෙළවත් සමත් නැති නිසයි මං හිතන්නෙ. (ස)

:       0       0

අසංග Thursday, 12 December 2013 06:59 PM

අද හැම දෙයකටම උද්ඝෝෂණ, රැකියා කවුරුන් හෝ ළගට ගෙනවිත් දෙන්නේ නැත. තමන්ගේ සුදුසුකම් පෙන්වා සුදුසු රැකියා අන්තර්ජාලය තුලින් හෝ අයදුම් කර ලබාගත යුතුයි. (නි)

:       0       0

නාරංගොඩ Thursday, 12 December 2013 01:08 AM

බන්දු ඕයා හරි මල්ලි ඕයා හරි , (ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 12 December 2013 11:39 AM

මෙතන තියෙන්නේ සංදර්ශනයක්..ඔය ඇවිත් ඉන්න කට්ටියත් දන්නවා උපාධිධාරීන්ටත් තරගඟක් තියෙන රටේ, නිකන් උසස් පෙළ සමත් වෙලා විතරක් හොඳ රැකියා අවස්ථා බලාපොරොත්තුවීම විහිළුවක් කියලා.මේ රටේ රැකියා අවස්ථා ඕන තරම් තියනවා..කට්ටිය කරන්න අකමැති ඒකයි වැඩේ.. එක්තරා බංකලොත් දේසපාලන පක්ෂයක් වෙනුවෙන් මේ වැය කරන කාලය ප්‍රයෝජනවත් ක්‍රියා මාර්ගයකට යෙදෙව්වා නම් කට්ටියට මේ රටේ රැකියාවක් නම් නැති වෙන්නේ නැහැ.අපේ තිලක් ඩුබයි ඔය කියන විශ්ව කර්ම තුමා බලේට ආවාම කට්ටියට පෙළපාලි යන්න ඕන වෙන එකක් නැහැ..උසස්පෙළ නෙමෙයි සාමාන්‍ය පෙළ කට්ටියටත් රැකියා දේවි..පරිප්පුයි බතුයි වෙනුවට චයිනීස් කවාවී..ඇමති මණ්ඩලේ හතට බස්සල දුෂණ වංචා නැති දේසපාලකයෝ ටිකක් බිහි කරාවී..රටේ අපරාධ නැති වෙලා රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා පාලකයෝ පලිතයෝ ඔක්කොම හතර පෝයට සිල් ගනීවි.මේ රටත් ස්විස්ටර්ලන්තයක් වේවි..අනේ ඩුබයි තිලක් ..ඩුබයි වල මොකද කරන්නේ..මී හරක් බලනවද ? (ස)

:       0       0

ධම්ම Thursday, 12 December 2013 01:17 AM

හොඳ නිර්මාණශීලී දරුවෝ ටිකක්. කොහොම හරි බා ගත්තානම් ඊළඟ ඡන්දෙට පෝස්ටර් ටික අන්දාගන්න තිබුනා.(ස)

:       0       0

අල්විස් Friday, 13 December 2013 10:48 AM

රජයෙන්ම රස්සාවල් ඉල්ලන්ට එපා මල්ලියෝ. පුද්ගලික අංශයේත් රස්සාවල් තියෙනවා නේ. මහන්සි වෙන්ට පුළුවන් නම් එන්න මමත් දෙන්නම් මේසන් වැඩ.. (ස)

:       0       0

ශාන් Thursday, 12 December 2013 01:22 AM

ආණ්ඩුව බලෙන් හැමෝටම විභාග පාස්කරන්න කියල බල කරලා නැහැ. වෙනත් රටවල ආචර්ය උපාධි කරපු අයත් රැකියා නැතුව ඉන්නවා. ආණ්ඩුව කල යුත්තේ රැකියා අවස්තා ඇති කරන ඒක. ඉල්ලුමට වැඩිය සැපයුම වැඩි උනාම මේක වෙන්නේ. අද ගොඩක් ගම්වල රබර් සහ අනෙකුත් කර්මාන්ත සඳහා රැකියා තියනවා. ගොඩක් අය බලන්නේ ආණ්ඩුවේ කර්ලයකට ගිහිල්ල පිනට පඩි ගන්න. මම දන්නවා ගොඩක් ආණ්ඩුවේ කාර්යාල වල දේසපාලන ලිපි වලින් අපු අය ගෙන් වැඩ ගන්න අමාරුයි. ලොක්ක මොනවා හරි වැරැද්දක් කිවොත් දේසපාලන හයිය ගන්න බලනවා. අද රජයේ සමහර ආයතන වල වැඩ බල වෙලා තියෙන්නේ මේ නිසා (ස)

:       0       0

යසන්ත Thursday, 12 December 2013 11:53 AM

උසස් පෙල පාස් අයටත් දෙන්න.ඊට කලින් 2012 දී උපාධිධාරී වැඩ සටහනට ඇතුලත්ව බඳවාගත් උසස් ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන්ටත් රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබා දෙන්න. (ස)

:       0       0

සුරනිමල Thursday, 12 December 2013 11:58 AM

ඇත්ත බන්දුල පෙරේරා ආයිත් ඇවිල්ල වගේ.ඔහුගේ සමහර අදහස් හොඳයි. (ස)

:       0       0

අල්විස් Thursday, 12 December 2013 07:28 PM

මට නම් රැකියා අවස්ථා කිහිපයක් ලබාදෙන්න පුළුවන් (නි)

:       0       0

සංජය Thursday, 12 December 2013 12:18 PM

තත්වය එතරම් හොඳ නැහැ වගෙයි. (නි)

:       0       0

රන්ජන් Thursday, 12 December 2013 12:21 PM

පෙළපාලිය තුලින් උනත් මේ යෞවනයෝ ටික වින්දනයක් ලබන බව පේනවා.මෙයාල පරිප්පුයි බතුයි පමණක් ආහාර වේලට ගත්ත අය නෙවියි වගේ.අනෙක සම්ප්‍රදායික ආහාර වේලකට අප රටේ පරිප්පුයි බතුයි තියෙනවමනේ. (ස)

:       0       0

ප්‍රමුඛ. Thursday, 12 December 2013 02:06 AM

ලෝකයේ වැඩිම ඇමති මණ්ඩලයක් සිටින රටක් වුවද ,තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කිසිදු වැඩපිළිවෙලක් නැත.රටේ නිෂ්පාදන ක්‍රියාවලියට තරුණ ශ්‍රමය දායක කර ගැනීමට මොවුන්ට කිසිදු වුවමනාවක් නැත.ඇමති මණ්ඩලය හත් දෙනෙකුට සීමා කර ඇති ස්විස්ට්ලන්තයේ ‍තරුණයා පාසලෙන් හෝ විශ්ව විද්‍යාලයෙන් එ්‍ළියට එන විට ඔහුගේ සුදුසුකම් මත රැකියාව හිමිවේ.රැකියා අයැදිමින් දේශපාලකයන්ගේ දෙපා මුල වැඳ වැටෙන්නට වුවමනාවක් නැත.දේශපාලනඥයෝ රට වෙනුවෙන් තම වගකීම මැනවින් ඉටු කරති.ජනතා දේපොළ,බදු මුදල්,අල්ප මාත්‍රයක්වත් නිකරුනේ නාස්ති නොකරති.කොමිස් ගහමින් තම මඩිය තර කර නොගනිති.මේ නිසා සෑම පුරවැසියෙකුටම අධ්‍යපනයත්,රැකියා අවස්ථාත් හිමිවේ.සැමටම උසස් ජීවන තත්වයක් උදාකිරීමට අවම වැටුප ලංකා මුදලින් රුපියල් ලක්ෂ 5 කි.රටේ නීතියද සියල්ලන්ට එක සමානය. (නි)

:       0       0

බණ්ඩාර Friday, 07 November 2014 04:16 AM

අද මධ්‍යම පාළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ රැකියා නැති උපාධි ධ‍ාරින් 5000 කටත් වැඩිය ඉන්නවා අවුරැදු 2 -3 පරණ උසස් පෙළ සමත් අය (දිල්)

:       0       0

ලංකා Thursday, 12 December 2013 12:53 PM

අප්පේ පෞද්ගලික ආයතනවල කොච්චර නම් ඇබෑර්තු තියනවාද හැබෑට. අනේ දරුවනේ පිනට පඩි ගන්න හදන්න එපා. කොහේ හරි රස්සාවක් හොයාගන්න. ආණ්ඩුවේ රස්සාවල් දෙනකම් බලන් ඉන්න එපා. (ස)

:       0       0

අනුර Thursday, 12 December 2013 01:05 PM

රටේ තියෙන කර්මාන්ත ශාලා වහන්න කියනවා. ලංකාවේ ඉන්න යමක් කරන්න පුළුවන් සාධාරණව හිතන මිනිස්සු රට හැරලා යන විදියට තව රැකියා අඩුවේවි (නි)

:       0       0

ඉන්දික -නාපොලි Thursday, 12 December 2013 08:40 PM

බන්දුල මහතාගේ අදහස නිවැරදිය (නි)

:       0       0

රණා Thursday, 12 December 2013 03:36 AM

ඕනෑම රැකියාවක් කර එතනින් දියුණු විය යුතුය. ඇතැම් රටවල සුළු රැකියාවක්වත් නැහැ. අප රටේ තවමත් එහෙම නැහැ. (නි)

:       0       0

ප්‍රමුඛ. Thursday, 12 December 2013 03:39 AM

මේ තරුණයන්ගේ ඉල්ලීම සාධාරණයි.රටේ සෑම පුරවැසියෙකුටම අධ්‍යාපනය,සෞඛ්‍ය,නිවාස,රැකියා අවස්ථා සලසා දීම රජයේ වගකීමක්.මේ හැමෝම ඉල්ලන්නේ රජයේ කාර්යාල වල රැකියා නොවේ.රජය මේ තරුණයන්ට ජීවත් වීමට සුදුසු යාන්ත්‍රණයක් සකස් කළයුතුය.ස්වයං රැකියාවක් කිරීමට සුදුසු වාතාවරණය ගොඩ නැගිය යුතුය.එළවලු,පලතුරු කෘෂි නිෂ්පාදන සදහා වෙළද පලක් සැකසිය යුතුය.රට වටා ඇති මුහුදේ මසුන් ඇල්ලීම වෙනත් රටකට බදු නොදී ධීවර කර්මාන්තය විධිමත්ව කරගෙන යාමට තරුණ පරපුරට පහසුකම් සැළසිය යුතුය.කිරි නිෂ්පාදය සදහා ගවයින් මෙන්ම අවශ්‍ය භුමිය බදු පදනමකින් හෝ ලබා දිය යුතුය.මෙසේ මොවුන් ආර්ථිකයට සක්‍රීයව දායක කර ගත යුතුය. (නි)

:       0       0

පාලිත Thursday, 12 December 2013 04:21 AM

ලංකාවේ සමහරු හිතන්නේ උපන් දා ඉඳලා අම්මා තාත්තා අයියලා අක්කලා හැමදේම අතට පයට කරලා දෙන්න ඕනෑ කියලා. ආණ්ඩුව තමන් ඉල්ලපු ගමන් රස්සා දෙන්න ඕනෑ. නමුත් තමන්ගේ පැත්තෙන් කිසිම දෙයක් වෙලා නැහැ. උසස් පෙළ කළා විතරයි. ඔක්කොම කිසිම මහන්සියක් නැතුව අනිත් අය කරලා දෙන්න ඕනෑ.උපාධිදාරියොත් රැකියා නැතුව ඉන්න රටේ මේ අය ඉල්ලන්නේ මොන වගේ රැකියාද කියලා අහලා බලන්න වටිනවා. (නි)

:       0       0

Devin beddage Wednesday, 12 May 2021 06:07 AM

උසස්පෙළ සමතුන්ට රැකියා ලබා දෙනවානම් මාද එයට කැමතිය.එසේ ලබා දුනහොත් මටද රැකියාවක් බලාපොරොත්තු වෙමි.

:       0       0

ජනිතා තත්සරනි Sunday, 06 June 2021 01:56 PM

උසස්පෙල සමතුන්ට රැකියා ලබා දෙනවා නම් මාගෙ සුදුසුකම් අනුව රැකියාවක් ලබා බලාපොරොත්තු වෙමි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 73 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 111 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 390 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 60 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 425 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 350 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14545 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site