IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


උසස් පෙළ සිසුහු 700 ක් පැදුරේ උගනිති

(බුද්ධික කුමාරසිරි)

හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයට උසස් පෙළ හැදෑරීමට මෙම වසරේදී ඇතුළු වූ සිසුන් 700කට පමණ ඉගෙනුමට අවශ්‍ය බංකු සහ පුටු නොමැති වීමෙන් පැදුරු මත හිඳ අධ්‍යාපන කටයුතු කිරීමට සිදු වීමෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි එම සිසුන්ෙග් දෙමාපියෝ පවසති.

ඉකුත් වසරේ සාමාන්‍ය පෙළ විභාගයට එම විද්‍යාලයෙන්ම පෙනී සිටි සිසුන් 673 දෙනකුගෙන් 668 දෙනෙකුම  විශිෂ්ඨ ලෙස සමත් වූ සමත් වූ තම දරුවන්ට උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය පහසුකම් නොලැබීමෙන් තම දරුවන් දැඩි කම්පනයට පත්ව ඇතැයි දෙමාපියෝ පවසති.

2010 දී ආරම්භ කරන ලද මෙම විද්‍යාලයේ උසස් පෙළ පංති පැවැත්වුවද විද්‍යාලයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ට උසස් පෙළ පංති සදහා යොමු කෙරෙන පළමු අවස්ථාව මෙය බැවින් විශාල සිසුන් පිරිසක් එකවර විද්‍යාලයට ඇතුළත් වී ඇති බවත් ඔවුහූ පවසති.

අවශ්‍ය ඩෙස් පුටු සංඛ්‍යාව පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට වසර එකහාමාරකට පෙර දැන්වූවද මෙතෙක් ඒ අනුව අවශ්‍ය පහසුකම් ලබා දීමට අමාත්‍යාංශය කටයුතු කර නැතැයි විද්‍යාලයීය සංවර්ධන සමිතියේ නිළධාරියෙක් පැවසීය.
මේ පිළිබදව විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මහතාගෙන් කළ විමසීකදී ඔහු පැවසූවේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාතයාංශය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් මේ ගැන මාධ්‍යයට කිසිවක් පැවසීමට නොහැකි බවත්ය



අදහස් (10)

උසස් පෙළ සිසුහු 700 ක් පැදුරේ උගනිති

anura siriwardana Sunday, 18 June 2017 09:43 AM

රාජපක්ෂ පවුලට හොඳ අවස්ථාවක් උදවු කරන්න....

:       26       1

kumar (galf) Sunday, 18 June 2017 10:06 AM

උජාරුවට නම දාගත්තා නම් එයාටම තමා ඔය ප්‍රශ්නේ කියන්න ඕනේ...

:       44       1

susantha Sunday, 18 June 2017 10:18 AM

ඔය ඩෙස්ක් පුටු වගේද?... දැන් දෙනවනේ ටැබ්! ටැබ් උඩ ඉඳන් ඉගෙන ගන්න කියන්න.

:       9       22

පිටිගල මිලානෝ Sunday, 18 June 2017 12:58 PM

අවශ්‍ය බඩු දෙන්නත් ඉස්සෙල්ලා නම දාගත්තම ඔහොම තමයි. අපේ සල්ලිවලින් හදලා වෙනත් කෙනෙක් නම දාගන්න එක හොරකමක් නෙවෙයිද?

:       6       2

Appuhami Sunday, 18 June 2017 01:34 PM

දැන් ආණ්ඩුව පාසල් සිසුන්ගේත් පළිගැනීම පටන් අරන් වගේ. තව ටික කලයි නේ...

:       3       1

සිරි Sunday, 18 June 2017 02:39 PM

විදුහලේ නම තියෙන කෙනාත් රජ පුටුවෙන් ඉවත් වුණු එකේ ඕක මොකක්ද ?

:       2       1

නුමා Sunday, 18 June 2017 06:36 PM

ඕක තමා ලංකාවේ ප්‍රශ්ණේ. පාසල් දියුණු කරනවය කියලා අලුතෙන් පන්ති පටන් ගන්නවා. හැබැයි අවශ්‍ය අවම පහසුකම් වත් නැහැ. අඩුම ගානේ අපේ පාසල් පද්ධතියේ ළමුන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම් හරියට තියෙනවද? අපි ඉන්දියාවේ වැසිකිලි ගැන හිනා උනාට ලංකාවේ පාසල් වලත් වැසිකිලි කැසිකිලි මට්ටමේ තියෙන්නේ. මම දන්නා ළමුන් ඉන්නවා, පාසලේ වසිකිලිවල තිබෙන අපිරිසිදු කම නිසා පාසල් කාලය තුල වැසිකිලිය භාවිතා නොකරන. අවසානයේ ඔවුන් විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙලා තමා නවතින්නේ.

:       1       0

ajith Sunday, 18 June 2017 07:29 PM

ඉස්කෝලේ නමේ තියන කාලකන්නි කම එක වෙනස්කොරගත්තනම් ඔක්කොම හරි යනවා !

:       2       1

sisira Monday, 19 June 2017 02:48 AM

පාසලේ නම හින්ද අහිංසක දරුවෝ දුක් විදිනවා ? ලැප් ටොප් නම් දෙනවලු .

:       1       0

pubu Monday, 19 June 2017 02:51 AM

මේක අපි හැමෝග‍ෙම ඇමතිට කියලත් වැඩක් නෑ මෙලෝ රහක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site