( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
ප්‍රදේශවාසින්ගේ ලද තොරතුරු අනුව පසුගිය දින මෙම රක්ෂිත වනාන්තරය තුල සංචාරය කල අතර එහිදි කරමින් තිබෙන වන විනාශය දැක ගැනීමට හැකිවිය.
සමන්ගල රක්ෂිතය ආසන්නව වසර ගනනකට පෙර ප්‍රදේශයේ ජනතාව හේන් වගා කල අතර පසුව පත්වු විවිධ රජයන් මගින් එම හේන් ජනතාවට වගා කිරිමට අවසර දෙනු ලැබිය.පැරැණි හේන් වගා කරනලද භුමි හේන් වගාව සදහාම වෙන්කර දි තිබේ .
දැනට සති තුනක කාලයක සිට මෙම වන විනාශය සිදුවන අතර දිවා කාලයේ කැලෑවට යන ගම්වැසියන් පලමුව කැලෑවතුල ඇති යටි කැලය කපා ගිනි තබන අතර පසුව විශාල ගස් කපන බවද වාර්තාවේ.
මෙම මහා වන විනාශයට ප්‍රදේශයේ සමහර ග්‍රාම නිලධාරින් පවා මුනිවත රකිමින් සිටි. දැනට සති තුනක පමණ කාලයක් මෙම වන සංහාරය කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති රක්ෂිත වනාන්තරය තුලය.
සමහර පිරිස් රක්ෂිතයට ඇතුලුවි මුලින්ම කුඩා ගස් කපන අතර පසුව ඒවා ගිනි තබන අතර ඉන් පසුව මහා ගස් කපා ගිනි තබයි. දැනට වසර ගණනාවක සිට ගොවියන් විසින් වගාකර අත් හරින ලද ඉඩම් මහා ඝන කැළෑ බවට පත්වි තිබේ . එම වනාන්තරද මේ දිනවල කපා දමමින් සිටි.
දැනට වසර කිහිපයකට පෙර වනජීවි දෙපාර්මේන්තුවේ විරෝධය මැද බංඩාරදුව වැව ඉදිකල අතර මේ නිසා වනාන්තරයේ වර්ග සැතපුම් 575 ක් පමන ප්‍රමානයක් ජලයට යටවිය.
මේ හේතුව නිසා බංඩාරදුව, සමන්ගල වෑරුන්කැටගොඩ , රතුපස්තලාව යන ගම්මානවලට දැඩි ලෙස වන අලි කරදර ඇති බව වනජීවි දෙපාර්මේන්තුව පවසයි. දැනට සමන්ගල රක්ෂිතය වටා අලිවැටක් ඉදිකර ඇති අතර මෙම වන විනාශය කරනු ලබන්නේ අලිවැටෙන් ඇතුලුවි බවද වාර්තාවේ.
මේ පිලිබදව අම්පාර දිසාවන නිළධාරි ආර්.එම්.විජේපාල මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ මේ පිළිබදව තොරතුරු ලැබිමෙන් පසුව වන සංරක්ෂණ නිළධාරින් එම ප්‍රදේශයට යොමු කර ඇති බවයි. මෙම වන විනාශයට සම්බන්ධ පිරිස් අත් අඩංගුවට ගන්නා බවද පැවසිය.
හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.
1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි
මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග
ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උහන වන සංහාරයක්