IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඌවටත් ගුවන්තොටුපළක්

බණ්ඩාරවෙල නගරයට ආසන්න මහඋල්පත සහ දකුණු කැබිල්ලවෙල ග්‍රාමසේවා වසම්වලට අයතත් මහඋල්පාවත්ත නායබැද්දවත්ත අතර ඉඩමක ඌව පළාතේ සරල ගුවන්තොටුපළක් ඉදිකිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (25) බදුල්ලේ දී පැවසීය.

මීට පෙර ගුවන්තොටුපළක් ඉදිකිරීම සඳහා හපුතලේ තොටලාගලවත්ත ප්‍රදේශය නිරීක්ෂණය කළද එහි නායයාමේ අවදානම හා අධිබලැති 33000 විදුලි කණු ඉවත් කිරීමේ අපහසුතාවය සැලකිල්ලට ගෙන එම අදහස වෙනස් කළ බවද ඇමැතිවරයා කීය.

ඉදිකිරීමට යෝජිත ගුවන්තොටුපළ සඳහා ධාවන පථය මීටර් 1300ක් පමණ දිග බවත් එය බණ්ඩාරවෙල - කොස්ලන්ද මාර්ගයේ සිට කිලෝමීටර් 3.5ක දුරක පිහිටි ඉඩමක ඉදිකිරීමට යන බවත් මෙහි මගීන් 48කට යෑමට හැකි ගුවන් යානා ගොඩ බැස්සවීම හා පිටත්වීම සිදුකළ හැකි බවත් එම ගුවන්තොටේ සිට විනාඩි 30ක් ඇතුළත ලංකාවේ ඕනෑම ස්ථානයකට ගමන් කළ හැකි බවත් ඇමැතිවරයා කීවේය.

අදාළ වාර්තා හා ඇස්තමේන්තු ලබාගෙන මේ වසරේදී ගුවන්තොටුපළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද ඔහු පැවසීය.



අදහස් (0)

ඌවටත් ගුවන්තොටුපළක්

ආර්. වික්‍රම Tuesday, 26 April 2016 01:53 AM

වොක්ස්වැගන් කොම්පැනිය දාන තැන ඉඩමත් මේ වැඩේට නම් පංකාදු පහයි. (නි)

:       0       0

ඇසළ Tuesday, 26 April 2016 02:25 AM

රටේ අනෙකුත් දැවෙන ප්‍රශ්න විසඳලා මේවා කළාට කමක් නැහැ. රජයේ සේවකයන්ට පඩි ගෙවාගන්න බැහැ. ගිනි පොළියට 14.30% බැංකු බැඳුම්කර වෙන්දේසි කරනවා. බදු මිල අහස උසට. බදු ගහනවා ගහන්න තියන හැමදේටම. හෙට අනිද්දා වෙනකොට වැසිකිළි බද්ද කියලා එකකුත් දායි. (නි)

:       0       0

අශිෂ් Monday, 25 April 2016 12:55 PM

වැඩේ හොඳයි,එ්ත්ව කවදා වෙයිද කියල අපිට හිතාගන්න බැහැ (බ)

:       0       0

ධම්ම Monday, 25 April 2016 02:23 PM

දැන් ඉතින් ගොඩින් යන්න එන්න අමාරුයිනේ. ඒ නිසා ගුවනින්වත් යන්න සරල ගුවන්තොටුපොළක් හෝ ඕනෑමයි. (බ)

:       0       0

සෙනරත් Monday, 25 April 2016 03:02 PM

මහනුවර කුණ්ඩසාලේ ඉදිකිරීමට යෝජිතව තිබුණු ගුවන් තොටුපළ බණ්ඩාරවෙලට මාරු වුනේ උතුරු පළාත් සභාවෙන් අලුතෙන් වතුකර ජනතාව සඳහා ඉල්ලා ඇති ස්වාධීන පළාත් සභාවට උදව්වක් ලෙසද? (බ)

:       0       0

සුසන්ත Monday, 25 April 2016 03:35 PM

සෙනරත් - අපි අලුත් රාජ්‍ය වලට සියලු පහසුකම් ලබාදෙන්න ඕන. එක තමයි වෙනස, අපි ඒ වෙනසට ගරු කරන්න ඕන. (බ)

:       0       0

සෙනරත් Tuesday, 26 April 2016 05:16 PM

ඇසළ ඔබ හරියටම හරි (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 26 April 2016 04:59 AM

මම නම් රට සංවර්ධනය වෙනවට ගොඩාක්ම කැමති කෙනෙක් මොන ප්‍රශ්න තිබුණත්. හැබැයි ඉතින් මේවා වචනයට පමණක්ම සිමා නොවිය යුතුයි. (නි)

:       0       0

ලෙස්ලි Tuesday, 26 April 2016 05:03 AM

හරිම සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 25 April 2016 08:03 PM

අල බෝංචි වගාකරන ගොවියන්ටයි, තේ දළු නෙලන කම්කරුවන්ටයි මීටපස්සේ කොළඹ යන එන එකත් ඔන්න පහසුවුණා එහෙනම්. මොනවා වුණත් මත්තලට වඩා ප්‍රයෝජනයක් වේවි. (නි)

:       0       0

අබය Monday, 25 April 2016 09:49 PM

කවුරුත් සැළෙන්න එපා. ඔය හැම කතාවක්ම අනාගත කාලයේ අසම්භාව්‍ය ක්‍රියා ගණයට තමයි වැටෙන්නේ. අපි නොදන්නා දේශපාලනය...! (නි)

:       0       0

ලලිත් Monday, 25 April 2016 10:59 PM

අනේ! දෙවියෝ බලලා එ්කටවත් ගුවන් යානා අාවොත්? (නි)

:       0       0

සකුන්තලා Monday, 25 April 2016 10:54 AM

එච්චරයි අඩු . ඔය හරියේ ඉඳන් අම්පාරට එහෙමත් නැතිනම් මත්තලට ලොකු දුරක් නැහැනේ. (හේ)

:       0       0

අමල් Monday, 25 April 2016 11:29 AM

හොඳ අදහසක්. අපේ රට අපි හදමු. (ර)

:       0       0

ලසන්ත-ඕමාන Tuesday, 26 April 2016 01:26 AM

මේක හැදිය යුතුම දෙයක්, බණ්ඩාරවෙලට. තැන හරියට තීරණය කරන්න. කුරුළු පක්ෂීන්ට කරදරයක් නැති තැනක් විය යුතුමයි. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට ජය! තැන හරියට තීරණය කරලා, කඩිනම් ව්‍යාපෘතියක් ලෙස පටන් ගන්න. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 25 April 2016 11:48 AM

නිමල් සිරිපාල ද සිල්වා ගුවන් තොටුපල, නම තියන්න වැඩක් කරන්න ඕන නේ.(අ)

:       0       0

ලසන්ත Tuesday, 26 April 2016 01:35 AM

මේ ආණ්ඩුවට පහළ වූ හොඳම අදහස. මේකවත් යථාර්ථයක් වේවා. (නි)

:       0       0

කෞශල්‍ය Tuesday, 26 April 2016 01:48 AM

ඔව්. මුලින්ම ඕක හදලා පස්සේ බැරියෑ බස් හෝල්ට් ටික, කාණු ටික, පාරවල් ටික හදන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 4 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 219 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1081 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 290 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 172 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 377 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38291 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site