IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඌව අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිසකට සිතාසි

තරිඳු ජයවර්ධන 

බදුල්ල, දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්.බවානි මහත්මිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිෂන් සභාව ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල ඇතුලු පිරිසකට සිතාසි නිකුත් කළේය.

හෙට උදේ 10ට එලෙස කැඳවා ඇත්තේ ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රණසිංහ , බදුල්ල පොලිස් ස්ථානාධිපති පළාත් සභා සේවකයින් තිදෙනෙකි.

වින්දිත පුද්ගලයා ලෙස විදුහල්පතිනියට ද, පැමිණිලි කරුවන් ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහ කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන්ද මානව හිමිකම් කොමිසමට කැඳවා ඇත.



අදහස් (5)

ඌව අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිසකට සිතාසි

abaran Wednesday, 24 January 2018 08:38 AM

අපි දන්නේ පත්තරේ පලවෙන වාර්තාව විතරයි.

:       45       12

Sanath Wednesday, 24 January 2018 09:07 AM

මේ අධම ක්‍රියාව යට ගැසීමට තවත් කාන්තාවන් තිදෙනෙක්ම හවුල් වීම මුළු කාන්තා සංහතියටම නින්දාවක්. මේ නින්ඳිත ක්‍රියාව රටට හෙළිකළ ජ.වි.පෙ. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමන්ට සමස්ත ගුරු, සිසු පරපුරේම උපහාරය හිමි විය යුතුයි. මෙහි සාක්කි දීම සඳහා එතුමා කැඳවිය යුතුයි.

:       2       221

chandra weerasinghe Thursday, 25 January 2018 01:07 AM

ජාති භේදයකින් තොරව මේවැනි නොසන්ඩාල වැඩ කරන අදමයන් ට මහා පාරේදී ගල් ගසා නිරුවතින් ඇවිද්දවිය යුතය.

:       0       0

Bamunuarachchi. Thursday, 25 January 2018 02:12 AM

කොන්ද පන ඇති රාජ්‍ය සේවකයින් ඇතිකිරීම කාලයේ අවශ්‍ය තාවයකි. හැබැයි අපට ඒ බව කියා දුන්නේ අපේ පාසල් සහ රාජ කාරී කළ දෙපාර්තමේන්තුවයි. තවමත් එම දෙපාර්තමේන්තුව සහ අපට පුහුණුව දුන් ඒ නිලදාරීන් ගැන ආඩම්බරයෙන් කතා කල හැක. අපි හරිදේ කතා කොරන්න දෙපර්රත්මෙන්තු ලොක්කාටවත් බය වුනේ නැත. නමුත් අද ඒ දෙපර්ර්තමේන්තු බල්ලට ගිහිල්ලය. නිලදාරීන් දේසපාළුවන් ළඟ දනින් වැටීම ඒ කාලේ අපි කීවේ ඔච්චමටය නමුත් අද ඇස්පනාපිටම දකින්නෙමි.

:       0       0

Nandaka Thursday, 25 January 2018 04:09 AM

සමන්ත විද්‍යාරත්න කියන්නේ සැබෑ මහත්තයෙක් ! එත් දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් හඬ නැගුවත් - මොන කැපවීම කරත් චන්දෙදි උවේ හූරන් උඩින්ම මනාප පොජ්ජ ගැහුවේ වල් අලින්ටයි - බුලත් හපයන්ටයි ! සමන්තගේම වචනයෙන් කියනවනම් ජනතා විමුක්ති පෙරමුණට වැඩිකර ඉන්නේ චන්දදායකයෝ නෙවෙයි... කතාව අහල අත්පුඩි ගහන විසිල් ගහන සෙසු පක්ෂවලට අක්මුල් බැහැල තියෙන මෝඩ ප්‍රේක්ෂකයෝ ! සැබෑ බුද්ධිමතුන් නිහඬව හිටියත් මෙවැනි උගතුන්ට මහත්වරුන්ට තමන්ගේ චන්දය දෙනවා බෙර ගහන්නේ නැතුව ! එත් වැඩි චන්ද බරක් තියෙන්නේ අපත මෝඩයන්ට !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1271 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 468 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 151 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 424 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 768 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 273 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site