ඌව නෙක්ස්ට් පිල එස්.එල්.පී.එල්. පළමු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (31) රාත‍්‍රි පැවැති අවසන් මහ තරගයේදී තිළිණ කණ්ඩම්බි මෙහෙයවූ ඌව නෙක්ස්ට් පිල ලකුණු 19 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවූ නැගෙනහිර නාගාස් පිල පරාජය කළේය. ලකුණු 137 ක (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) ඉලක්කය වෙනුවෙන් ඉනිම ඇරඹු ඌව නෙක්ස්ට් ඉනිමේ හයවැනි ඕවරයේ පළමු පන්දුව යැවීමෙන් අනතුරුව නැවතත් වර්ෂව ඇදහැළීම නිසා තරගය අත්හිටුවීය. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 5.1 කදී එක කඩුල්ලක් දැවී ජයග‍්‍රහණය ස`දහා ලබාගත යුත්තේ ලකුණු 44 ක් පමණි. මෙම ජයග‍්‍රහණයත් සමග ඌව නෙක්ස්ට් පිලට ලබන ඔක්තොම්බර් මස දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ‘චැම්පියන්ස් ලීග්’ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිවිය. ඌව පිලේ ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 23 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් අවසන් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය. නැගෙනහිර පිල නියෝජනය කළ වේග පන්දු යවන ක‍්‍රීඩක ශාමින්ද එරංග තරගාවලියේ වීරයා වෙමින් නවීණ මෝටර් රථය හිමිකර ගත්තේය. වර්ෂාව නිසා තරගය අත්හිටුවීමට සිදුවීමෙන් ඉනිමක් ඕවර 15 කට සීමා විය. නැගෙනහිර නාගාස් පිල ඕවර 15 කදී කඩුලූ 4 ට 134 (අහ්මඞ් ශෂාඞ් 18, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 73) ඌව නෙක්ස්ට් පිල ඕවර 5.1 කදී කඩුලූ 1 ට 63 (ඩිල්ෂාන් මුණවීර නොදැවී 44, සීකුගේ ප‍්‍රසන්න නොදැවී 15) ඡායාරූපය: ශාන්ත රත්නායක
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඌව නෙක්ස්ට් ක‍්‍රීඩකයෝ එස්.එල්.පී.එල්. ශූරතාව දිනති
නුවන් Monday, 03 September 2012 09:08 AM
ඌව නෙක්ස්ට්ලගේ වෙලාව හොදයි (නි)
උදාර Saturday, 01 September 2012 01:46 AM
තරගාවලියේ වීරයා තේරීම නම් මට පේන හැටියට අසාධාරණයි. (නි)
ශාන් Saturday, 01 September 2012 02:30 AM
බලමු අපේ මේ කොල්ලටවත් අවස්ථාවක් ලැබෙයිද කියලා? (නි)
කීර්ති Saturday, 01 September 2012 03:36 PM
සුභ පැතුම්! (නි)
මොහමඩ් Saturday, 01 September 2012 03:41 PM
එස්.එල්.පී.එල්. වලට පෙර ජාතික කණ්ඩායම් කොන්ත්‍රාත්තුව අත්සන් කළේ ඇයි? (නි)
අසංක Saturday, 01 September 2012 08:01 AM
සනත්ගේ නැවත ආගමනයක්වත්ද? (නි)
හෙළයා Sunday, 02 September 2012 06:52 PM
සුබ පැතුම් (දී)
හරින් මාලදිවයින Saturday, 01 September 2012 08:13 AM
නියමයි ඔහොම යං...!!(නු)
මොහොමඩ් ෂිරාස් Saturday, 01 September 2012 08:28 AM
මේ එස්.එල්.පී.එල්. තරගාවලියේ සැබෑ ජයග්‍රාහී කණ්ඩායම වන්නේ ඩක්වඩ් ලුවිස් ක්‍රමය..
ධනුෂ්ක Saturday, 01 September 2012 08:32 AM
ඔක්කොම අපේ රටේ අයට ලැබුණනේ.. ඒක හිංදා කමක් නැහැ.. කන්ඩම්බි අපේ ජාතික කණ්ඩායමේ නායකයා කරලා බලමුද?(නු)
චානක Saturday, 01 September 2012 09:49 AM
මූනවීර අනාගත දිල්ෂාන් විදිහට තියාගනිමු..!!(නු)
රුවන් Saturday, 01 September 2012 05:57 PM
ජයවේවා.අපේ කොල්ලෝ කොහොමත් දක්ෂයි (දී)
ශානිකා Saturday, 01 September 2012 06:18 PM
දිල්ෂාන් නම් මරු. සුභ අනාගතයක්. (නි)
නිරෝෂන් Saturday, 01 September 2012 06:24 PM
තරගයක් තියන්න කාලගුණය හොදට තිබුනානම් ආසයි ... එහෙම උනානම් මෙටවද තියුණු තරගයක් බලන්න තිබුන .. කොහොම උනත් අන්ජෝලෝ හොදට කණ්ඩයම මෙහෙයුව ...ජයවේවා. (දී)
රාජා Saturday, 01 September 2012 11:04 AM
හොදින් සෙල්ලන්කල අයට ජාතික කන්ඩායමේ අවස්ථාව දෙනවනන් තමයි හොද.(නු)
ජනිත් Saturday, 01 September 2012 06:57 PM
සුභපතනවා හැමෝටම (දී)
සරසි Saturday, 01 September 2012 11:44 AM
ජයවේවා. ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ. එස්. එල්. පී. එල් වගේ එකක් අපේ රටේ පටන් ගත්තට (දී)
සංජය Saturday, 01 September 2012 12:12 PM
ජාතික ක්‍රීඩාවට හොද කාලයක් වගේ (දී)
ප්‍රබත් Saturday, 01 September 2012 12:29 PM
අපේ කොල්ලෝ කොහොමත් දක්ෂයි (දී)
සනත් Saturday, 01 September 2012 09:36 PM
තරගාවලියේ ජය කාලගුණයට තමයි..!!(නු)
නිරන්ජන Monday, 03 September 2012 01:54 PM
සුභ පැතුම්! (නි)
සදරුවන් Saturday, 01 September 2012 01:23 PM
සංගා, මහේලගෙන් පස්සේ අපිට ඉන්න හොදම කෙනා තමයි කණ්ඩතම්බි (නි)
ශාෆාස් Wednesday, 05 September 2012 12:38 PM
සුභ පැතුම් (ස)