IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඌව පළාතේ සෞඛ්‍ය අංශ හෙට ලෙඩ වෙයි

(එම්.කේ.නන්දසේන)

ඌව පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය , පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය , කළමනාකරණ සහායක සංගමය , රියදුරු සංගමය ඇතුළු සෞඛ්‍යය කේෂ්ත්‍රයේ අංශ18 ක් හෙට (16) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇතැයි මොණරාගල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් වී.පී.එන්.සංජය මහතා පැවසීය.

මෙම වසරට අදාළ ගමන් වියදම් දීමනාව මේ දක්වා නොගෙවීමත් එය කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ පසු ඌව පළාත් ලේකම් විසින් පසුගිය වසර අවසානය දක්වා ගෙවමින් තිබූ ගමන් වියදම් දීමනා ප්‍රමාණය කපාහැර ඉතා අඩු මුදලක් ගෙවීමට චක්‍ර ලේඛනයක් මගින් දන්වා තිබීමට විරෝධය දක්වමින්  මෙම තීරණය ගත් බව වී.පී.එන්.සංජය මහතා  සඳහන් කරයි.

ඒ මහතා මෙසේ කීය.

     ‘‘අපට 2013 වසරේ සිට 2019 වසර දක්වා ගෙවමින් තිබූ ගමන් වියදම් දීමනාව මෙම වසරට අදාළව මේ දක්වාම අපට ලබා දී නැහැ.

මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු මෙය වහාම ගෙවන ලෙස දැනුම් දී තිබුණා නමුත් මේ දක්වා තවම අපට ලැබුණේ නැහැ.කොරෝනා වසංගත රෝගය මතුවූ ඉකුත් මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා අපි දිවා රෑ නොබලා, ආහාරයක්ද නොමැතිව කැපවීමෙන් කටයුතු කළා.

මෙසේ කටයුතු කළ නිසා රටක් වශයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. මෙම කාලය තුළ අපේ බොහෝ නිලධාරීන් තමන්ගෙ බිරිය දරුවන් බලන්න වත් නොගොස් ඉතා කැපවීමෙන් කටයුතු කළා.

අනෙකුත් පළාත්වල මෙම දීමනාව ගෙවා තිබුනත් ඌව පළාතට පමණක් මේ දක්වා ගෙවීමට අපොහොසත් වී තිබෙනවා. ඌව පළාත් ලේකම් චක්‍ර ලේඛනයක් මගින් ඉතා අඩු මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා. එම චක්‍ර ලේඛනයට අපි විරෝධය දක්වා හෙට අංශ 18 ක නිලධාරීන් , කාර්යමණ්ඩල සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාට , සෞඛ්‍ය ඇමතිනියට , අතිගරු ජනාධිපතිවරයාට, අගමැතිවරයාට දැනුම්දී තිබෙනවා.

මෙයට සාධාරණ විසඳුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් මෙම සියළුම අංශ අඛණ්ඩව  වැඩවර්ජනයකට සූදානම් බවද ප්‍රකාශ කරන්න කැමතියි" යැයි කියා සිටියේය.    

 



අදහස් (1)

ඌව පළාතේ සෞඛ්‍ය අංශ හෙට ලෙඩ වෙයි

විජේ Tuesday, 15 September 2020 01:34 PM

ඔබතුමන්ලාගේ ඉල්ලීම සාධාරණ පාටයි. ඒත් ඉතින් අසරණ ලෙඩ්ඩු කීදෙනෙක් නම් විඳවයිද මේ නිසා නේද?

:       4       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 8 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 954 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2113 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 287 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 153 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 859 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26653 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1861 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site