IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘ඌව රජයට අවාසි බව රජයම දන්නවා’

ජනමත විමසීම් තුනකින්ම රජයට ඌව හොඳ නැති බව රජය දන්නේයැයි ද  දැන් විවිධ මැර කණ්ඩායම් ඌවට ගෙනවුත් ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා වියලුව මීගහකිවුල ඡන්ද රැස්වීමකදී පැවසීය.

‘ඡන්දයට රජය යාන වාහන යොදා ගන්නවා .බඩු බෙදනවා .ගොඩනැඟිලි විවෘත කරනවා. රටේ බහුතරය හම්බ කරනවා. සුළු තරය  සොරා කනවා.වසර 66 ක් තිස්සේ අලියටයි බුලත්කොලේටයි පුටුවටයි අතටයි  දීලා කර ගත්තේ ඒ ටික පමණයි.

මන්ත්‍රී ඇමැති වෙනවා. මන්ත්‍රීගේ ගේ ලොකු වෙනවා.තේ වතු ගන්නවා.දරුවන් රට අරිනවා.ලංකාවට ගේනවා .ඡන්දෙට දානවා .මන්ත්‍රීකම් දෙනවා. එක් ප්‍රභූවරයකුගේ බාල පුතා දාන්නේ ලක්ෂ එකහමාරේ සපත්තු.තව පුතෙක් ලක්ෂ නවසිය අනූපහක් වටිනා කාර් ගෙනල්ලා රේස් පදිනවා.මේ හොරකම,ඥාති සංග්‍රහය,දුෂණය නැති කළ හැක්කේ ජවිපෙට පමණයි‘

 



අදහස් (0)

‘ඌව රජයට අවාසි බව රජයම දන්නවා’

සිසිර සමරකෝන් විද්‍යා පදනම Monday, 08 September 2014 04:35 AM

මේවා ගැන ඇහෙනකොට මට හිතෙන්නේ ලංකාවේ තාමත් ඉන්නේ නුගත් ජනතාවක් කියලා මොකද අපි වසර 66 ක් තිස්සේ හරි හරි විදියට මේ පක්ෂ 2 ටම චන්දෙ දීල තියෙනවා චන්දෙට කලින් මිනිස්සු කොච්චර ආණ්ඩුවට බැන්නත් අන්තිම දවස් ටිකේ ටකරන් ටිකක් බත් පැකට් එකක් බෙදපු ගමන් ඔක්කොම අමතක වෙලා අයෙත් චන්දෙ දෙනවා. ඊට පස්සේ අවුරුදු 5 ක් මැති ඇමතිවරු පැත්ත පළාතක එන්නේ නැහැ ඉතින් ඒ අවුරුදු 5 ම මිනිස්සු කරන්නේ ආණ්ඩුවට සහ මැති ඇමතිවරුන්ට බැන බැන ඉන්න එක. ආයෙත් චන්දෙ අාවහම ඒ මිනිස්සුම අර මැති ඇමතිවරු කරේ තියාගෙන යන හැටි දැක්කම මට පුදුම දුකක් දැනෙනවා අපේ රට ගැන මේ 2014 වර්ෂය ඒ උනාට බත් පැකට් එකට චන්දෙ දෙන මිනිස්සු තාමත් ඉන්නවා (නදී)

:       0       0

දනුෂ්ක Sunday, 07 September 2014 08:45 AM

දේශපාලනය මිනිස්සුන්ට තිත්ත වෙලා (දී)

:       0       0

ප්‍රියංගිකා Sunday, 07 September 2014 08:47 AM

දේශපාලනය ගැන අපි කතා කල යුතුමද (දී)

:       0       0

කලන Sunday, 07 September 2014 08:55 AM

ප්‍රියංගිකා, මගේ දැනුම හැටියට අපි හුස්ම ගැනීමත් දේශපාලනයට බද්ද වෙලා තියෙන්නේ. අපි ඔය ගැන නොහිතන නිසා තමයි අපි වලපල්ලට ගිහින් තියෙන්නේ. මිනිස්සු දුර නොබලා වැඩ නොකරන නිසාත්, ආත්මාර්ථකාමී නිසාත් වෙන විනාසේ නවත්වන්න බැහැ.(දිල්)

:       0       0

නියමන්ත Sunday, 07 September 2014 11:56 AM

ජ වී පෙ එකට දීල උල කන්න ද නැත්නම්? කතා කරන්න පුළුවන් වුනාට දේශයක් පාලනය කරන්න පුළුවන් වේයිද? දැක්කේ නැද්ද අර එහෙ හොඳටම බිරුව කෙනා ආණ්ඩුවට ඇවිත් කරන විදිහ? මිනිස්සු මෝඩ වෙයිද? (අ)

:       0       0

කැකුලාවල Sunday, 07 September 2014 12:08 PM

එයාල දැන් එහෙම කිවුවට එයාල කලින් හිටියේ කොහෙද ? මොනවා කිවුවත් මහත්තයෝ සන්ධානේ දිනනවා. එකේ දෙකක් නැහැ. (අ)

:       0       0

බන්දුල පේරේරා Monday, 08 September 2014 07:41 AM

ජේ වී පි එක මේ රට නැති කරපු ඒවා මේ අය අවුරුදු 56 තිස්සේ නැති කරපු ඒවාට වඩා ගොඩක් වැඩයි මහත්තයෝ. ඒ වටිනා තරුණ ජිවිත වගේම විනාශ කරපු මහජන දේපල වල වටිනා කම් මුදලින් මනින්න බැහැ. අදටත් මේ රට ආපස්සට අදින්න දත කන්නේ වැඩ වර්ජන මගින් ජන ජිවිත කඩා වැටෙන්න සලස්වල මල මිනි මතින් තම අරමුණු ඉටු කර ගන්න හදන්නේ සරසවියට යන සිසුවට නිදහසේ තම කාර්යය කරගෙන එලියට එන්න ඉඩ නොදෙන්නේ එදා ඉදල තිබුණු ඔය කුහක කම (නදී)

:       0       0

වසන්ති Sunday, 07 September 2014 01:48 PM

උව තීරණාත්මකයි. පාවෙන රෙස්ටුරන්ට් එකක් වල්ලවායටත් දෙන්ඩ. හැබැයි ඡන්දෙට ඉස්සෙල්ල මුල්ගල තියන්ඩ ඕනා. එතකොට අපිට විස්වාසයි. (අ)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Monday, 08 September 2014 08:50 AM

බන්දුල පෙරේරා මහත්තයා ජ වි පෙ ට කරන විවේචනය කුහකයි කියලයි හිතෙන්නේ (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 07 September 2014 03:40 PM

ඔබට පමණයි එය කල හැක්කේ (අ)

:       0       0

කැනඩා දිසා Sunday, 07 September 2014 11:28 PM

ආණ්ඩුව දැන් මැකෝ ලව්වා ඡන්දෙ කල් දාන්න නුල් අදිනවා. (නදී)

:       0       0

ආශා Monday, 08 September 2014 12:05 AM

ජන හදවත් ගැහෙන රාවය දන්නා ජනතා විමුක්ති පෙරමුණට ජයවෙවා! මේ කියන සත්‍ය මිනිස්සුන්ට වැටහේවා! (නදී)

:       0       0

ජගත් Sunday, 07 September 2014 06:57 AM

කතාව නම් ඇත්ත. ඒ වුණත් පවතින ක්‍රමය වෙනස් කරන්න අමාරුයි නේද? (නි)

:       0       0

ලීලානන්ද Monday, 08 September 2014 02:27 AM

ඡන්දය කල්දමයිද කියලයි මට සැක (නි)

:       0       0

ගුණරත්න Sunday, 07 September 2014 07:32 AM

ජවිපෙට ජය වේවා (දිල්)

:       0       0

සමාධි Sunday, 07 September 2014 07:41 AM

අපි නම් නැහැ (දී)

:       0       0

නාලක Sunday, 07 September 2014 07:39 AM

ජනතාවගේ කැමැත්ත මත සියල්ල විසදෙනවා (දී)

:       0       0

සත්‍යයා Monday, 08 September 2014 04:02 AM

ඌව රජයට අවාසිද, රජය ඌවට අවාසිද කියන එක තෝර බේර ගන්න දැනට තියෙන එකම ක්‍රමය චන්දය. නමුත් දන්සල් ක්‍රමය හරහා රජය ඌ වට වාසිදායක වෙන කොට, ඌවත් රජයට වාසි ඇති කරනවා. මේක රුදුරු චක්‍රයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 166 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2358 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 883 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2584 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1554 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2830 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site