IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඌවේ සැබෑ මහ ඇමැති කවුදැයි හරීන් කියයි

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌවේ මහ ඇමැති වන්නේ කොළයට පමණක් බවත්, ජනතාවගේ මහ ඇමැති තමා බවත් ඌව පළාත් මැතිවරණයේ දී වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගත් හරීන් ප්‍රනාන්දු මහතා අද (24) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

අඟහරුවාදා (23) පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ධුරයෙන් ඉවත්  වූ ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධුරය තමා බාර නොගන්නා බවත්, නැවතත් එම ධුරය සඳහා රුවන් විජයවර්ධන මහතාගේ නම යෝජනා කරන බවත්, ඊට වඩා ලොකු වගකීමක් ඌවේ ජනතාව වෙනුවෙන් තමාට පැවරී ඇති බවත් ප්‍රනාන්දු මහතා කීවේය.

‘මෙවර ඡන්දෙට ඉදිරිපත් වෙන්න මා පාර්ලිමේන්තුවෙන් එළියට එද්දි මගේ ළඟ තිබුණේ රුපියල් 19000යි. කවුරුත් මේ කියන දේ විශ්වාස කරන්නේ නැතිවෙයි. නමුත් මාගේ ළඟම ඉන්න අය දන්නවා.

මගේ ගෙදර වාහන හයක් විතර තිබුණා. ඒත් පාසල් ගියේ ආවේ බසයෙන්. රගර් සෙල්ලම් කර ,   ඒක තමයි ඇත්ත. මේ ඡන්දෙට මා ඉදිරිපත් වනවාට පියා අකමැති වෙලා හිටියේ. ඒ නිසා මේ ඡන්දෙදි පියාගෙන් උදව්වක් ලැබුණේ නෑ. මටත් ඕනෑ වෙලා තිබුණා තාත්තටත් පෙන්වන්න මට තනියම ඡන්දෙ කරග ගන්න පුළුවන් කියලා.  සම්පූර්ණ ඡන්දෙට වියදම් කළේ මා නොවෙයි. මගේ නෑයො, යාළුවන් වගේම මා නොදන්න බොහෝ දෙනෙකු මට උදව් උපකාර කළා. මට උදව් කළ වැඩි දෙනෙක් මා අඳුනන්නෙත් නෑ. ‘

මං එක බත් පාර්සලයක්, අරක්කු බෝතලයක් බෙදුවේ නෑ. එරෙහි දුන්නා කියා ඔප්පු කළොත් පළාත් සභා විපක්ෂ නායක ධුරයෙන් මා අයින් වෙනවා.‘

හාලිඇළදී තමාට එල්ලවූ ප්‍රහාරය ගැන හා ඇමැතිවරුන් වන ඩිලාන් පෙරේරාගේ හා නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ ආසන පරාද වීම සම්බන්ධයෙන් ද ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වීය.

 



අදහස් (0)

ඌවේ සැබෑ මහ ඇමැති කවුදැයි හරීන් කියයි

ශා Thursday, 25 September 2014 04:55 AM

වටිනාම දෙය චන්දය දිනීම නෙමේ දේශපාලනයේ එකාධිකාරය නැති කීරීම ය. (දී)

:       0       0

අරවින්ද Wednesday, 24 September 2014 10:47 AM

ඌවේ ඡන්ද ප්‍රථිපල අහලා දිලාන්ට ජනපති බැන්නලු නේද ? (නදී)

:       0       0

හේමන්ත Wednesday, 24 September 2014 10:44 AM

ඔබ හරි - හරිදේ හරි විදියට කරනකොට රටටම හරියනවා. හරියට කරන කෙනාට හරියට සහය දෙන හරි ගොඩක් සෙනග ඉන්නවා. (නදී)

:       0       0

මනෝජ් Thursday, 25 September 2014 05:37 AM

හරින් මහත්තයා දැන ගන්න නැතිවිගිය එක්සත් ජාතික පක්ෂ චන්ද විශාල ප්‍රමාණයක් ඔබතුමා නිසා නැවත නැවත කොළපාටට ආවා කියලා (දී)

:       0       0

රංග Wednesday, 24 September 2014 10:48 AM

දැන් කතා කරලා වැඩක් නැහැ මහත්තයෝ (දී)

:       0       0

මලින්ද සේනාධීර Wednesday, 24 September 2014 10:47 AM

පක්ෂේ පැරදිලා මෙයාග මනාප වැඩි උනාට වැඩක් තියනවද පුලුවන්නම් පක්ෂේත් දිනවල ඔයත් දිනන්න (දී)

:       0       0

ඩයස් Wednesday, 24 September 2014 08:25 PM

එක එක්කෙනාට නොයෙක් අදහස් කියන්න පුළුවන් එත් ජනතා අදහස පැහැදිලි .....හරින් ගමන පටන් අරන් ජය වේවා . (දී)

:       0       0

දිල්හානි Wednesday, 24 September 2014 10:56 AM

ආඩම්බරයි ඔය වගේ අය තමයි රටට ඕනා. ගූඩ් ලක් හරින්. සුබ පැතුම්. (නදී0

:       0       0

සුරංග මුදියන්සේ Wednesday, 24 September 2014 10:57 AM

බම්බුව තමා! තාම ටිකක් පරිනත වෙන්න කල් ගනීවි වගේ. (නදී)

:       0       0

දිමුතු Thursday, 25 September 2014 06:17 AM

හරින් ඔබ තුමාට අපි ඉත සිතින් ආශිර්වාද කරමු.. දැන් ඔය ප්‍රදේශයේ තරුණයන්ව හොඳට සංවිධානය කොට, ඒ අයට අනාගත වැඩ පිළිවෙලක් හදන්ඩ. කරමාන්තයක් දෙකක් ගෙන එන්ඩ. වතු කම්කරුවන්ට සුබසාදන වැඩ පිළිවෙලක් ගෙන එන්ඩ. ලබන පාර ඔබත් ගොඩ,රටත් ගොඩ. මොනරාගලත් එවැනිම වැඩ පිළිවෙලක් හදන්ඩ.(අ)

:       0       0

කමල් Thursday, 25 September 2014 06:20 AM

හරීන්ට ගණන් බලන්න තේරෙන්නේ නෑ වගේ. මෝඩ කතා කියන්න එපා. යූ. එන්. පී. එකට වෙලා තියෙන්නේ ඕක තමා. , පරාජය පිළි අරන් දිනන්න උත්සහ කරන්න(අ)

:       0       0

රෝහණ Wednesday, 24 September 2014 11:24 AM

කොහොමත් ඔබේ ගමන අති සාර්ථකයි. (නදී)

:       0       0

නිශාන්ත Thursday, 25 September 2014 06:44 AM

හරීන් හරියට හරී .ඔබට සැමදා ජය .(අ)

:       0       0

සිසිර සමරකෝන් Thursday, 25 September 2014 06:42 AM

බන්දුල මහත්තයට රු 200 ක් සමග බත් පැකට් එකක් ලැබිල වගේ (අ)

:       0       0

නදුන් Wednesday, 24 September 2014 11:43 AM

මිනිස්සු දන්නවා මහත්තයෝ ඇත්ත මොකද්ද කියලා (දී)

:       0       0

ප්‍රියංග Thursday, 25 September 2014 06:47 AM

සමහරක් බත් බැලයන්ට ඔබේ ජයග්‍රහණය ඉවසන්න බැහැ වගේ අතහරින්න එපා ඔහොම යන් ඔහොම යන් දිමුතු මහත්තයෝ ඔබේ කියමන හරි (දී)

:       0       0

දුමින්ද Wednesday, 24 September 2014 11:46 AM

ජනතාවගේ චන්දයෙන් පත් වන නිසා මේ චන්ද ක්‍රමය වැරදියි කියලා තමයි මට හිතෙන්නේ (දී)

:       0       0

ආනන්ද Wednesday, 24 September 2014 11:46 AM

සුභපතනවා මහත්තයෝ (දී)

:       0       0

නන්දන Wednesday, 24 September 2014 11:43 AM

හරින් ඔයාට සුබ අනාගතයක් ජනතාව අතර ඔබ ඉන්නේ ඉහලින් (දී)

:       0       0

සදුන් Thursday, 25 September 2014 10:43 AM

දැන් පරක්කු වැඩියි මහත්තයෝ (දී)

:       0       0

හේමන්ත Wednesday, 24 September 2014 11:57 AM

අවශ්‍ය දේ පමණක් කතා කරන්න. තමන් ගැන කියා ගන්න ඕන නැහැ. ලැබුණු චන්ද වලින් පෙනෙන්නේ ඔබ තුමාට විශාල පිරිසක් මනාප බවයි. එක හොදටම ඇති. (දී)

:       0       0

නුවන් දර්ශණ Thursday, 25 September 2014 02:17 AM

මම ඉන්නේ බුලත්සිංහල. අපිත් පාරම්පරික යූඑන්පී උනාට පහුගිය මැතිවරණ කීපයේම ජන්දය දුන්නේ නැහැ. දැන්නම් අනිවාර්යයෙන්ම ඊලග ජන්දයේදී ඡන්දය දෙනවා යුඑන්පී එකට. මොකද දැන් අපි දන්නවා දිනන්න පුළුවන් කියලා (නදී)

:       0       0

පිටිගල Thursday, 25 September 2014 02:23 AM

ඔබ පැරදෙන පක්ෂය ගොඩගත්තා (නදී)

:       0       0

තිවංග Thursday, 25 September 2014 02:23 AM

ඔබ තමයි පක්ෂය ගොඩගත්තේ (නි)

:       0       0

අප්පුහාමි Thursday, 25 September 2014 07:07 AM

මෙන්න බණ ජනතාවෙනි අසනු තුටින්‍. (දී)

:       0       0

සුමිත් Thursday, 25 September 2014 02:33 AM

එජාපයෙන් අලුත් නායකයෙක් ආවොත් තරගයක් තියෙයි (දී)

:       0       0

ප්‍රියංග Thursday, 25 September 2014 02:32 AM

ඔබ තමා පැරදුන පක්ෂය ගොඩගත් එකම වීරයා. ඔබට සදා ජය! (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 25 September 2014 07:11 AM

මේ අවස්ථාවාදීන් හට කිසිම ප්‍රතිපත්තියක් නැත. මොවුන් ගේ එකම අරමුණ තම පැවැත්ම තහුරු කිරීම පමණි (දී)

:       0       0

සමන් Thursday, 25 September 2014 11:26 AM

ඔබයි විශාල මනාප ප්‍රමාණයක් ගත්තේ (දී)

:       0       0

චමිල Thursday, 25 September 2014 03:01 AM

හරින් ඔබට සුභපතනවා (දී)

:       0       0

නිමලලිත Thursday, 25 September 2014 03:12 AM

ඕවා මහා ජනතාවට කියනවාට වඩා හොඳ නැද්ද එදා ඔය ව්‍යවස්ථාවට අත උස්සපු අයගේ කන්වලට කියන එක (දී)

:       0       0

ප්‍රියංග Thursday, 25 September 2014 03:26 AM

හරීන් වේවා ඔබත් නායකයෙකු ඔබට පැහැදිලි අනාගතයක් ඇති බව පෙනේ (දී)

:       0       0

ගමගේ Wednesday, 24 September 2014 01:08 PM

අනිල් රෝහණ මහත්තයෝ එතුමා කියන්නේ මහා ඇමති කියන්නේ සාමාන්‍යයෙන් පළාතෙන්ම වැඩිම මනාප ලබන තැනැත්තාට කියන එක. ඒ කියන්නේ ඌව පළාතේ 96000 දෙනා ශෂින්ද්‍ර මහත්තයට මනාපය දෙන කොට 173000 ක් දෙනෙක් හරින මහතාට මනාපය ලබා දුන්නා. ඒ කියන්නේ පළාතේ වැඩි දෙනෙක් කැමති හරින් මහතාට කියන එකයි. (නදී)

:       0       0

රත්න Thursday, 25 September 2014 12:58 PM

හා...හා... දැන් ඉරත් පායලා නිදාගත්තා ඇති හීන බල බල ඇබරෙන්න නැතුව නැගිටින්න හරින් පුතේ (දී)

:       0       0

හේවගේ Wednesday, 24 September 2014 01:15 PM

ඔබ තමයි වැඩිම චන්ද අරන් තියෙන්නේ (දී)

:       0       0

ප්‍රසන්න Wednesday, 24 September 2014 01:31 PM

හරින් මහත්තයාට සදා ජය (දී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 24 September 2014 01:29 PM

බන්දුල නිකන් දොඩවන්න එපා (දී)

:       0       0

රත්නායක Wednesday, 24 September 2014 01:31 PM

බන්දුල බැරිද මාව හම්බුවෙන්න එන්න දවසක (දී)

:       0       0

ගිහාන් Thursday, 25 September 2014 01:24 PM

හරිය පපුවේ දාගත්තාට වැරදුණා. දැන් ඉතින් ඔහොම කියමු. ඒ වුණාට පුටුවනම් ලබන්න බැහැ. රනිල්ගේ ගුලිය ගිල්ලා කිව්වේ ඕක තමයි. (අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 24 September 2014 01:29 PM

පක්ෂේ පැරදිලා පළාත් සභාවේ බහුතරය ඇතිව සන්ධානේ දිනලා තියෙද්දී මෙයා ගැලරියට බයිලා ගහනවා..පළාත් සභාවක මහ ඇමති වෙන්නේ මනාප වලින් නෙමෙයි..ඒක පක්ෂයෙන් ගන්න තීන්දුවක්..ඒ තීරණය සන්ධානයට අයත් දෙයක්.. ඔබ තුමා ඔය ගත්ත මනාප ගාන රාමු කරලා උදේ හවස දුම් අල්ලන්න.. ශෂින්ද්‍ර මහත්තය ඒ මනාප ගත්තේ පක්ෂය දිනවල දෙවන වතාවටත් පළාත් සභාවේ බහුතර අරන් බලය පිහුටුවල..ඔබ තුමා කියක් ගත්තත් මොකටද මහත්තයෝ පළාත් සභාව පැරදිලා..මනාපේ වටිනා කම එන්නේ පක්ෂය දිනෙව්වනම් විතරයි මහත්තයෝ.නැත්නම් ලිස්ට් එකේ අන්තිමයත් එකයි..මුල එකත් එකයි... (දී)

:       0       0

උදාරත් Thursday, 02 October 2014 09:37 AM

අවංක පුද්ගලයෙක්!!! (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 24 September 2014 01:41 PM

කවුරු මොනවා කීවත් මොලේ පාවිච්චි කරලා වැඩේ බැලන්ස් කරපු උෟවේ ජනතාවට මගේ ප්‍රණාමය වගේම තරුණ නායකත්වයට මගෙන් සුබ පැතුම්. තව දෙයක් ලබපු ජයග්‍රහණය ගැන උදම් අනනාවට වැඩිය ඊලඟ ඡන්දෙට ලෑස්ති උනොත් තමයි නියම ප්‍රතිපල නෙලාගන්න පුළුවන් (නදී)

:       0       0

බුද්ධි Wednesday, 24 September 2014 09:13 AM

ඔබට ජය... මේ රටේ දේශපාලනය අපට අවශ්‍ය දිශාවට ගමන් කරන බවට හොද උදාහරණයක්. (නදී)

:       0       0

ඩිලාශාන් Friday, 26 September 2014 10:25 AM

අපේ මහා ඇමති ඔබ තමයි හරීන් අයියේ (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 24 September 2014 02:17 PM

ටිකක් කල්පනා කරලා අදහස් ප්‍රකාශ කරොත් හොදයි නේද හරීන් මහත්තයෝ. දේශපාලන පරිනත භාවය එක ඡන්දෙන් ලැබෙන්නේ නැහැ. අඩුවෙන් කටත්, වැඩියෙන් ඔලුවත් පාවිච්චි කරොත් ඔබට හොද අනාගතයක් තියේවි. (නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 24 September 2014 09:28 AM

ඔබතුමා ගැන අපිට ආඩම්බරයි. ඔබට සුබ අනාගතයක් වේවා. (ස)

:       0       0

ගිහාන් Wednesday, 24 September 2014 09:29 AM

ජනාධිපතිවරණය පැරදුනු පොදු අපේක්ෂකයෙක් ඔය හා සමානම කතාවක් කිව්වා නේද..? අනේ මන්දා.! (නදී)

:       0       0

තිලංක Wednesday, 24 September 2014 09:52 AM

ලංකා 100% හරි (දී)

:       0       0

ලංකා Wednesday, 24 September 2014 09:52 AM

මේකේ වරද දයාසිරිගේ අතේ. එයා කුන්ෆු වලින් ගහපු නිසයි මෙතුමා මේ තරම් එලියට ආවේ. නැත්නම් එන්නෙත් නැහැ. දාන්නෙත් නැහැ. (දී)

:       0       0

සිරි Wednesday, 24 September 2014 03:00 PM

හරින්, මහා ඇමති වෙන්න කලින් ඔයාට තව බොහෝ දේවල් ඉගෙන ගන්න තියනවා , (දී)

:       0       0

රංග පෙරේරා Thursday, 25 September 2014 02:54 PM

ඔබ නිර්භීත පුද්ගලයෙක් (දී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජී Wednesday, 24 September 2014 09:55 AM

හරීන් මහත්තයාත් ගැලරියට කථා කියනවා වගෙයි.ඔය මනාප සියල්ලම යූඑන්පී පාක්‍ෂිකයන්ගෙ නේද? ඌව පලාත ගත්තම ඒ අයට වඩා වැඩිපුර පනස්දාහක් ඉන්නෙ සංධානයේ මිනිස්සු.ඔබ තුමාට මනාප වැඩිවෙන්න හේතුව වෙන්නෙ ඔබ තුමාගේ පිලේ අනිත් අයගෙ අඩු ජනප්‍රියත්වය. හැබැයි ඔබතුමා නොකිය කියන්නෙ පක්‍ෂයේ නියෝජ්‍ය නායක කම ගැන වගෙයි.ඒක නම් හරි හැබැයි. (ස)

:       0       0

මධු Wednesday, 24 September 2014 03:15 PM

ඔබේ චන්ද ලකුණ සිත් ගන්නා සුළුයි (දී)

:       0       0

සචී Wednesday, 24 September 2014 10:00 AM

හරීන් ඔයාට සුබ පැතුම්. (ස)

:       0       0

අනිල් රෝහණ Wednesday, 24 September 2014 10:02 AM

ඔබතුමා දිනුවානම් අපිට මර සතුටුයි මහත්තයෝ, නොදන්නා නිසයි අහන්නේ ඡන්දයක් දිනනවා කියන්නේ මහජනතාවගේ ඡන්ද ටිකෙන්ද? නැත්නම් එක මනුස්සයෙක්ට ඡන්දෙක මනාප තුනෙන් එකක් අරගැනිමෙන්ද.?එහෙනම් ඔබතුමා පලාත්සබාව පටන්ගන්න දිනේදී මහ ඇමති පුටුවේ වාඩිවෙලා පස්සේ සජිත්ගාව දිව්රුම්දෙයි නේද ?මගෙන් සුබපැතුම් ! (ස)

:       0       0

රොහාන් Thursday, 25 September 2014 08:24 AM

ඔන්න ඉතින් ලොකු කතා කියන්න පටන් අරන් දැන්මම. (දී)

:       0       0

අසංක Thursday, 25 September 2014 08:33 AM

මෙතුමා විතරක් නෙවෙයි එහෙනම් සබරගමුව පළාත් සභා මැතිවරණයේදී රන්ජන් වැඩිම මනාප ගත්තේ. දැන් කොහෙද එතුමා? ඔබතුමා නවක තරුණ දේශපාලකයෙක් නිසයි ඔය ප්‍රතිපලය ලැබුනේ. නැත්නම් අද ඌවෙන් එ.ජා.පයට ඇපත් නෑ. (දී)

:       0       0

ගුනේ Wednesday, 24 September 2014 10:06 AM

ඔබට රටම ඉන්නවා (දී)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 24 September 2014 10:06 AM

ඔබ ලැබූ ජය ඌව පළාතේ ජනතාවට පමණක් නොව රටම ලැබූ ජයකි. මක් නිසාද යත් දුෂිත දෙසපලකයන් ගොඩකට මොලේට වදීන්න හා මනසට රිදෙන්න ටොක්කක් අනින්න ඔබට හැකි වුනි (දී)

:       0       0

ක්‍රිස්ටෝෆර් ප්‍රනාන්දු Wednesday, 24 September 2014 10:13 AM

ඔබට ජයේ ජයම වේවා හරි මගපෙන්වූ නායකයාණනි. (දී)

:       0       0

ලශාන් Thursday, 25 September 2014 08:47 AM

පක්ෂය මාරු කරන්න එපා කවදාවත් (දී)

:       0       0

චමිල Wednesday, 24 September 2014 05:05 PM

මටත් චන්දය ඉල්ලන්න හිතනවා . මගේ නෑදෑයෝ අසල්වැසියෝ උදව් කරනවද බලන්න .බලන් ගියහම ඔක්කොම කියන්නේ එයාලට උදව් කලේ හිතවත්තු කියල . (දී)

:       0       0

ලසා Wednesday, 24 September 2014 10:17 AM

හරීගේ කියමනට පදනමක් තියනව. මොකද ප්‍රදේශයේ නායකයට වඩා මනාප ප්‍රතිශතයක් ගත්ත කෙනෙක් ඉන්නවනම් එම කෙනාට එම පලාතේ නායකත්වයට සුදුසු කම් කියන්න පුළුවන් කමක් තියනව.(දී)

:       0       0

නිමල් Thursday, 25 September 2014 09:01 AM

මහ ඇමති වෙන්න පක්ෂය දිනන්න එපැයි. ලොකු කතා කියන්න කලින් පක්ෂය පරදින්න හේතුව මොකක්ද කියල බලන්න. (දී)

:       0       0

සුනෙත් Wednesday, 24 September 2014 10:21 AM

හරිම දුප්පත් මනුසයෙක් නේ..කලින් කිවනම් කියක් හරි දෙනවා නේ. (දී)

:       0       0

සුසන්ත Sunday, 28 September 2014 03:21 AM

සුභපතනවා මහත්තයෝ (දී)

:       0       0

වීරවර්ධන Thursday, 25 September 2014 04:07 AM

අපිත් පාරම්පරික යූඑන්පී උනාට පහුගිය මැතිවරණ කීපයේම ජන්දය දුන්නේ නැහැ. දැන්නම් අනිවාර්යයෙන්ම ඊලග ජන්දයේදී ඡන්දය දෙනවා යුඑන්පී එකට. මොකද දැන් අපි දන්නවා දිනන්න පුළුවන් කියලා (දී)

:       0       0

සේනානායක Wednesday, 24 September 2014 10:26 AM

ඔබේ කතාව හරි මහත්තයෝ (දී)

:       0       0

අජිත් Wednesday, 24 September 2014 10:30 AM

එතකොට චන්දෙන් පත් වෙන්නේ ජනතාවගේ නායකයෝ නෙමේ ද.(දී)

:       0       0

අනිල් රෝහණ Wednesday, 24 September 2014 05:50 PM

ගමගේ මහත්තයෝ දන්නැත්නම් ඒගෙන ගන්න මනාප කියන්නේ මිනිහෙක්ට තමන්ම දෙන්න පුළුවන් චන්දෙනේවෙයි කියල මනාප කියන්නේ පක්ෂෙට වටිනා සහ පක්ෂයේ ජයග්‍රාහී පුද්ගලයා මිසක් මුළු පළාත් සබාවේම ජයග්‍රාහකයා නෙවෙයි කියල අනික දිස්ත්‍රික්කේ සියලුම ආසන දිනන්න බැරි කෙනෙක් කොහොමද මහා ඇමති කරන්නේ (දී)

:       0       0

දයාරත්න Wednesday, 24 September 2014 10:38 AM

හරීන් මහත්තයා සමග අපි ඉන්නවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 639 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 304 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 676 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2467 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 484 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 198 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site