IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


එක්කෝටි දා හතර ලක්ෂයක් රේගුවේ හිරවේ

රුපියල් එක්කෝටි දාහතර ලක්ෂ අනූ අට දාස් දෙසිය විසි දෙකක් වටිනා විදේශ මුදල් තොගයක්  තම ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි  59 හැවිරිදි විදුලි උපකරණ ව්‍යාපාරිකයෙකි.

ඔහු ලඟ තිබී අත් අඩංගුවට ගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් අසූපන්දහසකි.

සැකකරු සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට පැමිණ සිටියදී අද අළුයම 1.20 ට පමණ අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ අධී්කෂණය යටතේ රේගු අධිකාරී ගාමිණී කරුණාතිලක,  සහකාර රේගු අධිකාරීවරුන් වන නිලාන් ලංකා, චතුර අබේසිරිවර්ධන, තිලංක සමරවීර සහ දිමුතු ධනංජනී යන නිලධාරීහු සිදු කරති.



අදහස් (0)

එක්කෝටි දා හතර ලක්ෂයක් රේගුවේ හිරවේ

ද සිල්වා බර්ලින් Wednesday, 01 July 2015 04:07 AM

ලංකාවට විදේශ ශ්‍රමිකයන් අරන් එන විදේශ විනිමය බැංකු හරහා නීත්‍යානුකූලව මාරු කරහම ලැබෙන්නේ අඩු රේට් එකක්. පුද්ගලික විදේශ මුදල් හුවමාරු ස්ථාන වලින් වැඩි රේට් එකක් ගෙවනවා. ලංකාවට එන විදේශ මුදල් වලින් විශාල කොටසක් මේ විදිහට රටින් පිට වෙනවා. විදේශ මුදල් ගෙන එන ශ්‍රමිකයන් නිතියානුකුල විදහට මුදල් මාරු කර ගැනීමට ආකර්ෂණය වන පරිදි ලකුණු දීමේ ක්‍රමයක් සකස් කර ඔවුන්ට තීරුබදු රහිත මිලට වාහන, මෝටර් බයිසිකල්, ත්‍රිරෝධ රථ ගන්න සහ රාජ්‍ය බැංකු වලින් නිවාස, ව්‍යාපාර නය ගැනීමේදී එම ලකුණුවලට ප්‍රමුකත්වය දීමේ ක්‍රමයක් සකස් කලොත් ජනතාව අඩු මිලක් ලැබුනත් මෙම මුදල් බැංකු වලින් මාරු කිරීමට පෙලඹෙනු ඇත. එවිට මෙම පිටරටවලට ඇදී යන කළු සල්ලි රටේ සංවර්ධනයට යොදා ගත හැක. මේ ප්‍රශ්නය පිලිබඳව මම ලංකාවේ බලධාරීන්ට අවරුදු 5 පමණ සිට විටින් , විට ලිපි ලිවුවද කවුරුත් මේ පිලිබඳව සැලකිලිමත් වෙන බවක් පෙනී යන්නේ නැත. මෙමගින් අපේ රටට වසරකට ඩොලර් බිලියන ගණනාවක් අහිමි වේ (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 02 July 2015 05:54 AM

බිරි අලින්ට විණා ගැහැව්වට වැඩක් නැහැ සිල්වා මහත්තයා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1588 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2088 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 474 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3130 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2523 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1852 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34737 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24024 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 489 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site