ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස අඩු කිරීමේ එකඟතාව එනතුරු මග බලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳුදා ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන දේශගුණික විපර්යාස සමුළුව අමතමින් කියා සිටියේය.
සංවර්ධනය වෙමින් පවතින රටක් හා නිවර්තන කලාපීය දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයේ බලපෑමට ඉතා විශාල ලෙස නිරාවරණය වී ඇත.
උෂ්ණත්වයේ වෙනස්වීම්, වර්ෂාපතනයේ වෙනස්කම් හා මුහුදු මට්ටම ඉහළ යාම කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පශු සම්පත, ජලය, ජෛව විවිධත්වය, සෞඛ්‍යය, මානව පදිංචි කිරීම්, සංචාරක කර්මාන්තය හා ප්‍රවාහනය ඇතුළු අපේ රටේ ආර්ථිකයේ සියලුම අංශයන්ට පාහේ සෘජුවම බලපෑම් කරයි.
නියඟය, ගංවතුර හා නායයෑම් වැනි සීමාන්තික කාලගුණික තත්ත්වයන් නිසාවෙන් හටගන්නා ස්වභාවික ව්‍යසනයන් ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත හා ජීවන වෘත්තීන් නිරන්තරයෙන් අහිමි කරවයි.
තාක්ෂණය සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙතට ගෙනයාම තුළින් එම රටවල ජනතාවට එම කාලගුණික තත්ත්වයන්ට අනුවර්තනය වීමේත්, ඒවා අවම කිරීම සඳහා ජාතික වශයෙන් යෝග්‍ය වූ ක්‍රියාකාරකම් වෙත නැඹුරු වීමේත් හැකියාව තහවුරු වනු ඇත.
ගෝලීය අර්ථයෙන් ගත් කළ අපේ ඒක පුද්ගල විමෝචනය පහත මට්ටමක පැවතිය ද දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය වශයෙන් කෙරෙන වෑයම්වලට අපි ද දායක වී ඇති අතර ඉදිරියට ද එසේ දායක වන්නෙමු. අපේ රට ගැන කතා කළහොත්, ශ්‍රී ලංකාව දේශගුණයට හිතැති වැඩසටහන් දියත් කොට ඇති බව මා සඳහන් කරන්නේ සතුටිනි.
1988 දී මෝල්ටාවේදී කාලගුණික විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය දියත් කිරීමට මඟ පෙන්වූ ඓතිහාසික මුල පිරුම අපි හඳුනාගෙන ඇත්තෙමු.
දේශගුණය පිළිබඳ එළඹීමට නියමිත එකඟතාවෙහි කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ජාතික වශයෙන් සිදු කිරීමට අදහස් කරගෙන සිටින දායකත්වයන් ශ්‍රී ලංකාව දැනටමත් සන්නිවේදනය කොට තිබේ.
මෙම ඓතිහාසික වගකීම සැලකිල්ලට ගනිමින් සංවර්ධිත රටවල් විසින් සිදු කරනු ලබන ගෝලීය හරිතාගාර වායු මෝචනය විශාල වශයෙන් අඩු කිරීම අවශ්‍ය වේ.
පොදු වගකීම් පිළිබඳ මූලධර්මයන් වැලඳගැනීම අපට අවශ්‍ය වුවද මෙම සියවස තුළ උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක දෙකට පහළින් තැබීම සඳහා අපට විවිධ වගකීම් ඇති අතර ඒ සඳහා අදාළ හැකියාවන් ද තිබිය යුතුය.
පැරිසියේ පැවැත්වෙන දේශගුණික විපර්යාස සමුළුවේ සාර්ථකත්වය අපේක්ෂා කරන ශ්‍රී ලංකාව හරිතාගාර වායු මෝචනය විශාල වශයෙන් පහත හෙළීම, ගෝලීය උෂ්ණත්වය හා පෙර නොවූ විරූ දේශගුණික විපර්යාසවල බලපෑම් අඩු කිරීමට නීතිමය වශයෙන් වූ එකඟතාවකට බැඳීමට මඟ බලා හිඳියි.
අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, වත්මන් හා අනාගත පරම්පරාවන්හි නාමයෙන් වූ ශ්‍රී ලංකාවේ හෘදයාංගම අපේක්ෂාව නම් පොදු රාජ්‍ය මණ්ඩලයීය දේශගුණික ක්‍රියාමාර්ගය මේ මොහොතේ පැවැත්වෙන මෙම සංවාදය සඳහා පාලමක් සකසනු ඇති බවයි.
මේ ලොවට පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසරවේදියාණන් වන්නේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ බව බෞද්ධයකු ලෙස මා දැඩිව විශ්වාස කරමි. තිරසර සංවර්ධන සංකල්ප පිළිබද දේශනා කළ පළමු දාර්ශනිකයා වන්නේ ද බුදුරජාණන් වහන්සේයි.
අපට ආගන්තුක සත්කාර දැක්වූ මෙන්ම මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට මහෝපකාරී වූ මෙහි සංවිධායක - සංවිධායිකාවන්ට ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙමි.
(ජනාධිපති මාධ්‍ය අංශය)
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්
ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
“එකඟතාවට අපි මග බලා සිටිනවා“
රොහාන් දයාදර Tuesday, 01 December 2015 06:19 AM
ප්‍රංශ ජනාධිපති මුණගැසුන වෙලාවේ ලංකාවේ කුණු ප්‍රශ්නය ගැන විසඳුමක් ගන්න විදියක් කතාකරගත්තා නම් මොනතරම් හොඳද? (නි)
ශානක Tuesday, 01 December 2015 09:36 AM
අනේ ඉතින් මේවා අහන්න වුනානේ්.(හේ)
ගමගේ Tuesday, 01 December 2015 09:37 AM
දේශගුණික විපර්යාස අඩු කරන්නද හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් කාර් වල ටැක්ස් එක වැඩි කරේ .(හේ)
ධනුෂ්ක Tuesday, 01 December 2015 10:25 AM
හොඳටම පිස්සු. නැගෙනහිර අරබියක් කරන්න යන්නේ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ! (ස)