IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


එකම ජාතික නායකයා ප්‍රභාකරන් බව උතුරු පළාත් සභාපති කියයි

ජාතික නායකයෙකු ලෙස තමන් ගරු කරන එකම නායකයා කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බව උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ ශිවඥානම් පැවසීය.

යාපනය මාටින් වීදියේ ඉලංකෙයි තමිල් අරසුකච්චි කාර්යාලයයේ පැවැති උත්සවයක දී ඔහු එලෙස කීවේය.

දෙමළ ජාතිය වෙනුවෙන් ගෙන ගිය අරගලයේ ආරම්භකයා එස් ජේ වී චෙල්වනායගම් බවත්, දැන් එම අරගලයේ ආර් සම්බන්ධන් මහතා සිටින බවත් ශිවඥානම් පැවසීය.

එනමුත් දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ එකම නායකයා ප්‍රභාකරන් බව අමතක නොකළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

එකම ජාතික නායකයා ප්‍රභාකරන් බව උතුරු පළාත් සභාපති කියයි

අසාද් Sunday, 03 January 2016 07:15 AM

ඩිල්ෂාන් අයිඑස් අයි එකටත් එහි නායකයත් වීරයෙක් කියල හිතන කොටසක් ඇති.ඒ වුනාට මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. ඕගලන් වගේ හිතන අය තමයි ඔය සංවිධාන පෝෂණය කරන්නේ.මේ රටේ ඉපදෙන හැම කෙනාටම මේ රටේ සම අයිතියක් තියෙනවා, එ්කට ආගම ගාව ගන්න පටු අදහස් තියෙන අය ඉන්නකම් මේ රටේ ඉවර වෙන්නැති යුද්දයක් තියෙනවා. අප්පච්චිව අායෙත් රජ කරන්න දගලන අයට තේරෙන් නැහැ තමන් රට අගාධයකට අදිනවා කියන එක. (බ)

:       0       0

නිල්මිණි Friday, 01 January 2016 01:51 PM

ඔහුට එහෙම දේවල් කියන්න පුළුවන් වුනත් ප්‍රභාකරන් ගේ ත්‍රස්තවාදී ක්‍රියා වලට විවේචනයක් හෝ විරුද්දත්වයක් ප්‍රකාශ කිරීමට තිබු නොහැකියාව මෙහිදී නොකියවෙන ගොඩක් දේ පෙන්වනවා. එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස අපි පෙනී සිටින්න සිංහල මෙන්ම අනික් ජාතීනුන් එක සේ සංඥමයෙන් ක්‍රියා කල යුතුයි නේ ද ? (ර)

:       0       0

මහින්ද සෞදි Friday, 01 January 2016 01:57 PM

මේ අයටයි තලන්න ඕන මඩුවලිගෙන්. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 01 January 2016 02:09 PM

ප්‍රභා කොහොමද නියම නායකයෙක් වෙන්නේ. ඔහු සිංහල ජාතිය විතරක් නෙමෙයි දෙමළ ජාතියත්, රටත් ආරාජික තත්වෙට පත්කරා. ඔහු බය ගුල්ලෙක් සේ මරණය ලං කරගත්තා. (ර)

:       0       0

ලාල් Friday, 01 January 2016 02:13 PM

ප්‍රභාකරන් අපට හතුරෙක් උනත්, ඒඅයගේ පැත්තෙන් බැලුවම ඒඅය ප්‍රභාකරන්ව ගරු කලයුතු නායකයෙක් තමයි. (ර)

:       0       0

රාජන් Saturday, 02 January 2016 11:42 AM

මම දෙමළ තමා. මේ දේශපාලකයෝ මෙහෙම අන්තවාදී වෙන්නේ කොහොමද? සින්න තම්බි කරපු දේවල් කොහොමද අනුමත කරන්නේ (කෞ)

:       0       0

අසාද් Saturday, 02 January 2016 11:38 AM

වැදගත් අදහස් ගොඩාක් තියෙනවා.රොහාන්ගේ අදහසට මාත් කැමති.ප්‍රභාකරන් ත්‍රස්තවාදීන් වෙන්නේ අපට.ඒ අයට නෙවෙයි.මම උඩින් සදහන් කළා වගෙයි.ඉල්ලපු දේ නෙවෙයි ඉල්ලපු ක්‍රමෙයි වරද.නැවත ප්‍රබාකරන් කෙනෙක් බිහිනොවිමට අප වගබලා ගත යුතුයි.ඒ යුද්ද කරලා නෙවෙයි.යුද්ධ කරලා අපි යුද්දය දිනුවට අපිට දමිල ජාතිය දිනාගන්න බැරිවෙලා තියෙනවා,අපි දිනාගන්න ඕනේ යුද්දය නෙවෙයි ජාතියයි.එදාට මේ ප්‍රසන ඔක්කොම විසදෙනවා.(කෞ)

:       0       0

රංතිලක Friday, 01 January 2016 02:37 PM

කට්ටිය කියන විදියට අපි එක ශ්‍රී ලංකික ජාතියක් සේ සිතිය යුතුයි. ඉතින් එයාල කැමති නැත්තම් ප්‍රභාකරන ත්‍රස්තවාදියෙක් විදියට පිළිගන්න, මොනවා කරන්නද (කෞ)

:       0       0

අමිල Friday, 01 January 2016 02:49 PM

කේ ශිවඥානම් තියෙන්නේ ගෙදර පොටෝ එක්කක් ගහගෙන උදේ හවස වදින්න් ප්‍රබහකරන්ට දැන් වෙන මොනවා කරන්නද ? (ර)

:       0       0

තිලක් Saturday, 02 January 2016 11:53 AM

රොහාන්, ඔබතුමා කොහොමද සුද්දා සිංහලයට සමාන කරන්නේ? සුද්දා ආවෙ ලෝකයේ වෙනම පැත්තක ඉඳලා අපිව බලෙන් අල්ලාගන්න. සිංහලයා මෙරටේ අවුරුදු දහස් ගානක් සිටයි හිටියේ. ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියෙකු මිස කිසිදා වීරයෙක් නොවෙනු ඇත. (නි)

:       0       0

තුසිත Friday, 01 January 2016 03:06 PM

කෝ අර ජාතික සමගිය ගැන පුරාජේරු කියපු කට්ටිය. ඔන්න දැන් ටිකෙන් ටික කටවල් වලින් ඇත්ත එලියට පනිනවා. මොනවා දුන්නත් මේ අය සෑහීමකට පත් වෙන් නෑ. (ර)

:       0       0

වින්සන්ට් Friday, 01 January 2016 03:20 PM

ඔය කියන ජාතික නායකයන් ගැන සිතමින් සහ පසුපස යමින් තමන්ගේ බඩගෝස්තරය නිවා ගන්න දේශපාලනයක් ශ්‍රී ලංකාව තුළ අපට දකින්නට ඇත. යුද්ධයේදී හානි වුන සියලුම ජීවිතවල වගකීම මේ අය දැරිය යුතුය. තව දුරටත් රටත්, ජනතාවත් මේ අවාසනාවන්ත තත්ත්වයට ගෙනයාමට උත්සාහ කරන සියළුම පාර්ශවවල දේශපාලකයන් ගැන අපි කණගාටු වෙමු. (ර)

:       0       0

බණ්ඩාර Saturday, 02 January 2016 12:07 PM

මම මේ දන්නේ නැති හින්ද අහන්නේ. උතුරු පළාත් සභාව කොහෙද තියෙන්නේ? එක ලංකාවේ කෑල්ලක්ද? (කෞ)

:       0       0

ජගත් Friday, 01 January 2016 03:50 PM

අපේ ජාතික වගකීම දරන අය මේවාට නිසි ප්‍රති පිළිතුරු දියයුතුය. අපි මේකේ මොනවා ලිව්වත් වැඩක් නැත. රට ගැන නොහිතා ඡන්දය දීමේ ප්‍රතිඵල වල ආනිසංස තව ඉදිරියේදී විඳීමට සුදානම් වී ඉන්න. (නි)

:       0       0

නුවන් (කොරියා) Friday, 01 January 2016 03:48 PM

කෝ මේ යහපාලනයට කඩේ ගිය අය? දැන් සන්තෝෂද.....? (නි)

:       0       0

නදීෂා Saturday, 02 January 2016 01:59 PM

මදැයි වෙච්ච දෙයක්? (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 02 January 2016 01:57 PM

අසාද් එහෙනම් ඇයි අයිඑස් නායකයට විරුද්ධ වෙන්නේ ලෝක නායකයෝ? (නි)

:       0       0

පෙරේරා Saturday, 02 January 2016 02:43 PM

සමහරුන්ගේ ඇඟේ එදා ඉඳන්ම තිබෙන බෙදුම්වාදය සහ ජාතිවාදය නැති කරනවා බොරු (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 02 January 2016 02:51 PM

ජාතිවාදය කෙදිනකවත් නැවැත්විය නොහැක. ඔවුන්ගේ එකම අභිප්‍රාය උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ විදේශිකන්ගෙන් ආධාර ලැබියහැකි, තමිල්නාඩුවට අවශ්‍ය විදිහට නැටවෙන පාලනයක් සහ මුළු රටේම ජීවත්වීමේ හැකියාවය. බලපෙරේත පුද්ගලයෝ එයට ඉඩදී බලා සිටිති. (නි)

:       0       0

ජගත් Friday, 01 January 2016 04:18 PM

ඇත්ද අහ ගත්තා.(හේ)

:       0       0

නිවන්තක Friday, 01 January 2016 05:15 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

විපුල Friday, 01 January 2016 05:23 PM

අපිට නම් අපේ ජාතික නායකයා මහින්ද මහත්තයායි. (නි)

:       0       0

විමල් Saturday, 02 January 2016 03:39 PM

ලංකාවේ ත්‍රස්තවාදීන් බිහිකළේ වැරදි පාලන ක්‍රමයයි. දේශපාලනයේ සිටි සියලුදෙනාම ඇතිවූ විනාශකාරී තත්වයන්ට වගකිවයුතුයි. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Friday, 01 January 2016 05:48 PM

තමන්ගේම සහෝදර ජනතාව සමුලඝාතනය කළ, පාසල් වලින් දරුවන් එළියට ඇදගෙන විත් සයනයිඩ් කූරු බෙල්ලේ බැඳ ගිනිඅවි අතට දී අහිංසක ජනතාව ඝාතනය කිරීම සඳහා යුද පුහුණුව දුන්, ම්ලේච්ඡ කුරිරු ත්‍රස්තවාදියෙකුට "එකම ජාතික නායකයා ප්‍රභාකරන් බව" කියන්නේ කෙසේද? (නි)

:       0       0

ලක්මාල් Friday, 01 January 2016 05:52 PM

එහෙම ත්‍රස්තවාදී නායකයන්ට ගරුනම්බු දෙන්නේ කොහොමද? කොටි නායකයා අවුරුදු 30ක් තිස්සේ මිනීමරලා යුද්ධකළේ මොකටද? සින්හලයිනි, අවදියෙන් සිට දේශපාලකයින් කරන විනාශයට පිළිතුරුදීමට සුදානම් වෙමු. අපි දකුණේ රණවිරුවන්ගේ ලේ වලට ණය නොතබමු. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 01 January 2016 08:17 PM

ප්‍රභාකරන්ට ආවඩන අය දන්නවද දන්නේ නැහැ මායිම් ගම්වල සිංහල දරුවන්ව අම්මලාව කැති වලින් පෙතිගසා මරාදමපු හැටි? ඊළමක් කියා පුංචි ලංකාව දෙකඩ කඩන්න, උතුරුමැද නැගෙනහිර පළාත්වල සිටි සිංහලයන් මරා තමිල්නාඩුවට ඒ පෙදෙස් යාකරන්න ගත් උත්සාහය අපේ යුද හමුදාවේ දස බල යෝධයන් වැළැක්වූවා. කවදාහරි අපේ රට පාවාදෙන්නේ අපේම අය තමයි (නි)

:       0       0

චන්දන Friday, 01 January 2016 09:46 PM

සැබෑ නායකයෝ මනස විකෘති අය නෙමෙයි. කිසිදා ත්‍රස්තවාදියෙක් සැබෑ නායකයෙක් නොව ඔවුන් විප්ලවකරුවන් පමණි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ පියවි ලොව ප්‍රසිද්ධියේ ඉදිරියටවිත් තම ජාතිය වෙනුවෙන් නැඟී සිටින්නාහුය. එබැවින් ප්‍රභාකරන් අපට පස්ස දොරේ නායකයෙක් පමණි. (නි)

:       0       0

කුමාර් Friday, 01 January 2016 10:28 PM

ඇස්ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්ගේ! (නි)

:       0       0

සුනිල් Friday, 01 January 2016 10:48 PM

ආයෙත් පටන් අරගෙන වගෙයි (නි)

:       0       0

වසන්ත Saturday, 02 January 2016 12:23 AM

ඔය කිවුවේ අලුත් අවුරුද්ද ලබනකොටම කතාවක්... (නි)

:       0       0

පතිරණ Saturday, 02 January 2016 12:46 AM

නියම වෙලාව පැමිණිවිට නියම නායකයාව පෙන්වන්නම් අපි ඔබට (නි)

:       0       0

මර්වින් Saturday, 02 January 2016 02:02 AM

මෙයට හරි පිළිතුරක් දෙන්න. එනපොට නම් භයානකයි (නි)

:       0       0

ඉඳුනිල් Saturday, 02 January 2016 07:23 PM

රංතිලක කියන්නේ ඇත්ත (නි)

:       0       0

සඳරුවන් Saturday, 02 January 2016 02:32 AM

හා හා මේවට මුකුත් කියන්න එපා ජාතිවාදය ඇවීස්සේයි ඒක සන්හිදියාවට හොද නෑ (කෞ)

:       0       0

ජනනාත් Saturday, 02 January 2016 03:13 AM

ජාතියක් ජන්මයක් ගැන නොසිතා,වයස් බේදයක් ගැන නොසිතා මිනිස් ගාතන කරපු මිනී මරුවෙක් ජාතික නායකයෙක් වෙන්නේ කොහොමද කියල තව ටිකක් පැහැදිලි කරලා දෙනවද? (කෞ)

:       0       0

අමල් Friday, 01 January 2016 12:34 PM

නීතියෙන් පියවරක් ගමු. (ර)

:       0       0

සමීර Saturday, 02 January 2016 04:47 AM

බය නැතුව නිදාගන්න මර්වින් මහත්තය ආයේ ප්‍රබාලට මේහේ වැඩ දාන්න ඉඩක් නැහැ අපි බොරුවට බයවෙලා හැදුවේ නැත්නම් (කෞ)

:       0       0

සෑම් Friday, 01 January 2016 12:41 PM

ප්‍රභා ත්‍රස්ත වාදියෙක්. (ර)

:       0       0

සිල්වා Friday, 01 January 2016 12:56 PM

වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්ත වාදියෙක් ඔහුට ඕනි ඉරණම ඔහු විසින් 2009 ලබා ගත්තා. බුදුන් වහන්සේ දෙශනා කරේ අවි ගත්තෝ අවියෙන් නසී ඉතින් ඔහු ලබා ගත් දෙයක් නොමැත ඉතිරිවූවේ සියලු දේ අහිමි වූ පිරිසකි. ත්‍රස්ත වාදයට ලෝකේ කොහෙවත් ඉඩක් නොමැත. (ර)

:       0       0

සුමනසිරි Saturday, 02 January 2016 06:16 AM

මහින්ද පරද කරන්න චන්දෙ දුන්නේ ඕකටනේ ! (කෞ)

:       0       0

ශානක Friday, 01 January 2016 01:08 PM

දැන් ඉතින් හරිනේ.. කෝ කෑ ගහපු කට්ටිය... (ර)

:       0       0

අරුණ Saturday, 02 January 2016 06:28 AM

ඕව මොනවද, ප්‍රභාකරන් මැතිතුමා, මිස්ට ප්‍රභාකරන් කිව්වේ යහපාලන නියමුවොමනේ! (කෞ)

:       0       0

රෝහණ සමරතුංග Friday, 01 January 2016 01:18 PM

එකේ වරදක් මම දකින්නේ නැහැ ,මොකද ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබිය යුතුයි . අනික වේලුපිල්ලේ ප්‍රභාකරන් දැන් ජීවතුන් අතර නැහැ , ලංකාවේ කොච්චර මිනිසුන් තවමත් රෝහණ විජේවීරට ගරු කරනවා ද. (ර)

:       0       0

නිමල් Friday, 01 January 2016 01:21 PM

මොකක්ද මේ සද්දේ.? (ර)

:       0       0

රොහාන් Saturday, 02 January 2016 07:19 AM

ඒ දා පුරන් අප්පු සුද්දට ත්‍රස්තවාදිය අද සිංහලයට ජාතික විරය අපිට‍ එහෙම්නමි එයාලට එහෙම බැරි ඇයි ....??? (කෞ)

:       0       0

අමල් Friday, 01 January 2016 01:35 PM

ඉස්සරහට තව මොනවා කියයිද.? (ර)

:       0       0

බණ්ඩාර රුසියාව Friday, 01 January 2016 01:40 PM

ආයෙත් වල් පැලෑටි වලට කෘමි නාශක ඉහින්න වෙයි වගේ. (ර)

:       0       0

අමා Saturday, 02 January 2016 07:48 AM

ලක්මාල්, අපේ අයටඅතිතය ඉක්මනට අමතක වෙනවා (කෞ)

:       0       0

යසස් Saturday, 02 January 2016 07:56 AM

ප්‍රභාකරන්ගේ බෝම්බයෙන් මැරුනේ සිංහල ය විතරක් නෙවෙයි. දෙමල මුස්ලිම් අයත් මැරුනා. එහෙනම් අපි හැමෝටම ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක්. මෙහෙම කතා කරන්න කාටවත් අයිතියක් නෑ. අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තිබුන කියල කටට එන හැම එකම කියන්න බෑ. (කෞ)

:       0       0

මහින්ද සෞදි Friday, 01 January 2016 01:50 PM

ඒ අයගේ ජාතික නායකයා උනාට අපේ නායකයා නෙවෙයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 685 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 250 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 713 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1963 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 243 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2154 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35494 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24083 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 503 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site