IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


එකම පවුලේ අටක් කම් සැප හැර යති

ගිහි ජීවිතයේ අනිත්‍ය තේරුම් ගෙන නිවන මගට පිවිස පැවිදි දිවියට ඇතුළත්වූ එකම පුවලේ පියා,මව,දුව සහ පුතා ඇතුළු පවුලේ ඥාතීන් 8 දෙනකු නෙඵම්දෙණිය ගෝතම විහාරස්ථානයේ පැවැති උපසම්පදා උත්සවයකට පැමිණ සිටියහ.

පිළිමතලාව අස්වැද්දුම ගමේ සිටි ඔවුහු ගිහි ජීවිතයේ කම් සැප විඳිමින් සිටිම අනිත්‍ය බව තේරුම් ගෙන පැවිදි බව ලබා ඇත. එම පවුලේ පියාවූ වත්මනෙහි වලල්ගොඩ චන්දරතන හිමියෝ 2003 අගෝස්තු මස 8 වැනිදා නෙළුම්දෙණිය ගෝතම විහාරස්ථානයේ විහාරාධිපති වු ගලතර පඤ්ඤානන්ද හිමියන් හමුවේ පැවිදි දිවිට පත් වුහ. චන්දරතන හිමියෝ මේ වනවිට කළුතර උග්ගල්බඩ ඉසිපතණාරාම ආරන්‍ය සේනා‍සනාධිපති ලෙස වැඩ වාසය කරති.

සිය සහෝදරියන් දෙදෙනෙක්ද පැවිදි  දිවියට ඇතුළත් වු බව ඒ හිමියෝ කියති. මේ අතර වැඩිමහල් සහෝදරියගේ ස්වාමියාද, වැඩිමහල් සහෝදරයාගේ දියණියද පැවිදි දිවියට එළැඹුණු බවත් එකම පවුලේ සාමාජිකයන් 8 දෙනෙකුට ද තවත් 150 ට ආසන්න හිමිවරුන්ටද මෙහෙණිවරුන් 100 ට ආසන්න ප්‍රමාණයකටද ඒ හිමියෝ උපාද්‍යානන් වහන්සේ ලෙස කටයුතු කළහ.

මේ වන විට ඉසිපතණ ආරණ්‍ය සේනාසනයේ හා නෙඵුම්දෙණිය ගෝතම විහාරස්ථානයේ විහාරාධිපති අස්වැද්දුමේ කමලශිල හිමියෝද එම පවුලේ සාමාජිකයෙකි.  තම පියා සහ මලණුවන් පැවිදි ජීවිතයට ඇතුළත් වි බුදුන් දෙසු ධර්මය තුළින් ශාසනයට කළ සේවය වටහා ගත් අස්වැද්දුමේ කමලසීල හිමියන්ගේ සහෝදරියද අස්වැද්දුමේ සුදේශිකා නමින් මෙහෙණි ශාසනයට ඇතුළත් වූවාය.

vlcsnap-2016-07-18-23h08m36s484 vlcsnap-2016-07-18-23h08m36s4224 vlcsnap-2016-07-18-23h08m36s43334 vlcsnap-2016-07-18-23h09m29s093



අදහස් (0)

එකම පවුලේ අටක් කම් සැප හැර යති

කසුන් Tuesday, 19 July 2016 09:40 AM

සාදු සාදු සාදු (හේ)

:       0       0

චමීර Wednesday, 20 July 2016 03:26 AM

නිර්වාණය මාර්ගය අවබෝධ වේවා (ම)

:       0       0

තිස්ස Tuesday, 19 July 2016 10:01 AM

සාදු...සාදු...!!! (ම)

:       0       0

සුජිත සිරි කුමාර Tuesday, 19 July 2016 10:04 AM

මේක නම් හුඟක් හොඳයි මොකුත් නොතේරන පොඩි දරුවො මහණ කරලා ලිංගික හා චිත්තවේගීය අපයෝජනවලට ගොදුරු වෙන්න හරිනවාට වඩා.(ම)

:       0       0

සමන් පෙරේරා Tuesday, 19 July 2016 10:52 AM

අනිත්‍යට ඇති එකම මග....සියල්ලන්ටම සසරෙන් එතෙර වෙන්නට පින් ලැබේවා........(ම)

:       0       0

බන්දු Wednesday, 20 July 2016 03:44 AM

ලෝකය අනිත්‍ය බව වටහාගත් අය ඔවුන්ට නිවන් ලැබීමට වාසනාව ලැබේවා! (නි)

:       0       0

දනීෂ Wednesday, 20 July 2016 03:46 AM

වලල්ගොඩ චන්දරතන හිමියන්ගේ සිව්දින භාවනා වැඩසටහනකට මටත් අහම්බෙන් යන්න වාසනාව ලැබුනා. උන්වහන්සේගේ භාවනා වැඩසටහන් ඉතාම සුවිශේෂීයි. එයට යන්න ලැබීම මේ ජීවිතයේ ලැබූ වටිනාම භාග්‍යයක්. එහි විශේෂත්වය එයට සහභාගි වෙලාම දැනගන්න ඕනෑ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 20 July 2016 04:08 AM

ආදර්ශමත් පවුලක් කාලෙකට පස්සේ පොහොය දවසක බොදු පුවතක් අහන්න ලැබුණා. සාදු! සාදු! සාදු! (ම)

:       0       0

ගුණේ Tuesday, 19 July 2016 11:39 AM

කුමන අාශ්චර්යක්ද? භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අනන්තයි (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 19 July 2016 11:44 AM

නෙත් පින්කර තිබෙනවා මෙවන් දසුනක් ඡායාරූපයකින් හෝ දැකගන්න (නි)

:       0       0

දුලාන් Wednesday, 20 July 2016 04:44 AM

නිවන් දකින්නට පින් මදි වෙන් ඇති ඒකයි තවමත් සංසාරේ (ම)

:       0       0

සවින්ද Tuesday, 19 July 2016 12:41 PM

සාදු සාදු සාදු !!! (බ)

:       0       0

පතිරණ කපිල Tuesday, 19 July 2016 12:41 PM

සාදු සාදු බුදු සසුන බැබළේවා සැමට සත්‍ය අවබෝධවේවා (බ)

:       0       0

දයානි Tuesday, 19 July 2016 12:43 PM

සාදු සාදු සාදු!!! බුදුසසුන බැබලේවා මේ දසුන දැක්කම සතුට කියා නිමකරන්නබෑ. කදුළු අාවා ,අද පෝය දිනයක් ලංකාදීපයට බොහොම පින්සිදුවේවා. (බ)

:       0       0

බුද්ධික Wednesday, 20 July 2016 06:03 AM

පුදුමාකාර සතුටක් ඇතිවුණා හිතට. ඔබ සැමට යහපතක්ම වේවා! (නි)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 19 July 2016 12:45 PM

මේ යන විදිහට නම් අපිටත් ගිහි ජීවිතය අත් හරින්න තමයි හිතිලා තියෙන්නේ. (බ)

:       0       0

සරත් Wednesday, 20 July 2016 07:21 AM

ඔබ සැමට යහපතක්ම වේවා! (නි)

:       0       0

අනුරාධ Tuesday, 19 July 2016 01:50 PM

අද වැනි පුන් පොහෝ දිනෙක මෙවන් පුවතක් දකින්න ලැබීමත් ඉතා සතුටක්. (අ)

:       0       0

පෙරේරා Wednesday, 20 July 2016 07:30 AM

දම් සඳ දිදුලන සිරිලක් දෙරණේ... වසනට පින නැති බව මේ දෙරණේ... සදහම් ගඟ ගලනා මේ දෙරණේ... ආයෙත් ඇවිදින් වසනට ආසයි... මට හරි ආසයි සසුනට එන්නට... පින්බර ලංකා මේ අපේ දෙරණේ... නිවනින් නිවෙනට පාරමී පුරනවා දෙරණේ... (නි)

:       0       0

නිම්මි Tuesday, 19 July 2016 02:50 PM

අනේ සාදු. ගොඩකි පිං (අ)

:       0       0

දීපාල් නිරෝෂා Tuesday, 19 July 2016 03:02 PM

කාලෙකට පස්සේ පොහොය දවසක බොදු පුවතක් අහන්න ලැබුනා. සාදු! සාදු! සාදු! (අ)

:       0       0

මෙවන් Wednesday, 20 July 2016 08:31 AM

මෙවැනි කළෙක මෙවැනි බුද්ධ පුත්‍රයන් අහන්න දකින්න ලැබීම බොහොම විරළ දසුනක්! මොකද දැන් දැන් ගොඩාක් ස්වාමින් වහන්සේලා තමන්ට අයිති කලයුතු කරුණු හැරෙන්න, වගකීම් හැරෙන්න, අනෙකුත් හැම දෙයක්ම නොපිරිහෙළා කරමින් සාසනයට අවැඩක්ම සිදු කරමින් යන යුගයක! සාධු! සාධු!! සාධු!!! (හේ)

:       0       0

සසිදු Tuesday, 19 July 2016 04:17 PM

ඇස් වලට කඳුලුත් එනවා.(හේ)

:       0       0

විජේ Tuesday, 19 July 2016 11:40 PM

හොඳ ආදර්ශයක් (නි)

:       0       0

මංගල වේලාරත්න Tuesday, 19 July 2016 07:56 AM

සාදු සාදු (හේ)

:       0       0

රොහාන් Tuesday, 19 July 2016 08:16 AM

නිලය බලය මුදල පසුපස හඹායන ජන සමාජයක ඇති මේ කාලයේ මෙවැනි කරන අසන්න ලැබීමත් භාගයක් ඔබලා සැමදෙනාටම තෙරුවන් සරණ වේවා. (හේ)

:       0       0

කුමාර Wednesday, 20 July 2016 03:02 AM

ආදර්ශමත් පවුලක් (නි)

:       0       0

ඩඩ්ලි Tuesday, 19 July 2016 08:21 AM

මට හරිම සතුටුයි ඔබ වහන්සේලාගෙන් සමාජයට සෙතක් මිස අවැඩක් වෙන්නේ නැත මේ බුදුසසුනේම නිර්වාණය ලබත්වා ! නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! (බ)

:       0       0

දීපාල් Tuesday, 19 July 2016 08:24 AM

සසර දුකින් මිදීමට වාසනාව ලැබේවා !!! (බ)

:       0       0

බණ්ඩාර Tuesday, 19 July 2016 09:06 AM

යහපත් සඟ සමාජයක් පවත්වා ගැනීමට ශක්තිමත් ගිහි සමාජයක් අවශ‍ය්‍යවේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 3912 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 380 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1550 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3003 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2991 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39008 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25546 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1059 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site